The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

ඉන්දියානු ව්‍යාප්තවාදයට ; පසුපස හැරවීම

T

The Leader Desk

April 25, 2023 • 10:37 AM

ඉන්දියානු ව්‍යාප්තවාදයට ; පසුපස හැරවීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහිදී යුරෝපීය සංගමයේ රටවල් වල පවතින ප්‍රජාතන්ත්‍රවාදී “පරමාදර්ශ” කෙරෙහි වන නැමියාවත්, එය ආර්ථික ප්‍රසාරණය කෙරෙහි වන බලපෑමත් පිළිබඳව දේශපාලන-ආර්ථික විවරණයක් නැති වීම අඩුවක්.
  • කෙසේ නමුත් දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු ඇතිවූ සීතල යුධ සමයට සම්පූර්ණ වෙනස් ලෝක බලතුලනයක් කෙරෙහි දකුණු ආසියානු කලාපය එළැඹ තිබීම අපිට අතිශයින්ම වැදගත්.
  • දී සීතල යුධ යථාර්තය තුල ජේ.ආර්.ගේ ආණ්ඩුව පෙන්වන ලද ඇමෙරිකාවට බර විදේශ ප්‍රතිපත්තියෙහි ප්‍රතිඵල 87 දී අත්දකින දෙය මගින් චිත්‍රනය වීම වැදගත්.
  • මෙතනදී තේරුම් ගත යුත්තේ ජේ ආර්.ගේ ප්‍රතිපත්තියේ තිබූ හරි/වැරදි භාවය වඩා, ඉන්දියානු බලය තමන්ට එරෙහි බලයක් හෝ ඊට අදාල නියෝජිතයෙකු දකුණු ආසියානු කලාපය තුල ගොඩනැගෙනු දැකීමට ඇති අකමැත්ත යි.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙහිදී යුරෝපීය සංගමයේ රටවල් වල පවතින ප්‍රජාතන්ත්‍රවාදී “පරමාදර්ශ” කෙරෙහි වන නැමියාවත්, එය ආර්ථික ප්‍රසාරණය කෙරෙහි වන බලපෑමත් පිළිබඳව දේශපාලන-ආර්ථික විවරණයක් නැති වීම අඩුවක්.

කෙසේ නමුත් දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු ඇතිවූ සීතල යුධ සමයට සම්පූර්ණ වෙනස් ලෝක බලතුලනයක් කෙරෙහි දකුණු ආසියානු කලාපය එළැඹ තිබීම අපිට අතිශයින්ම වැදගත්.

90’දශකය අවසන් වනතුරුම පැවති රුසියානු හිතේෂීභාවය ඉන්දියාව අමතක කර ඇමෙරි-යුරෝ අක්ෂය වෙත බරවීම චීන හා පාකිස්ථානු සහයෝගය පිළිබඳව හා ලෝක මුස්ලිම් මූලධර්මවාදී මූලෝපායන්ට මුහුණ දීමට ගත් දේශපාලනික තීන්දුවක් වුවත්, එය ආර්ථිකය කෙරෙහි කල බලපෑම වැදගත්.

 

කෙසේ හෝ ලෝකයේ විශාලම තුන්වෙනි ආර්ථිකය ආසන්නයේ රැදීසිටින අපේ පුංචි දූපත මේ හා ගැට ගැහෙන අයුරු නිරීක්ෂණය කිරීම වැදගත්. ඒ සදහා ඉන්දියාව කෙරෙහි වන තරගකාරී හෝ එදිරිවාදී හෝ ප්‍රතිපත්ති තවදුරටත් විනාශකාරී වනවා විනා වලංගුතාවයක් අත්පත් කරගන්නේ නෑ.

j r jayewardene 40603b38 9d8a 4324 9c38 fb89c18c144 resize 750

1977 දී සීතල යුධ යථාර්තය තුල ජේ.ආර්.ගේ ආණ්ඩුව පෙන්වන ලද ඇමෙරිකාවට බර විදේශ ප්‍රතිපත්තියෙහි ප්‍රතිඵල 87 දී අත්දකින දෙය මගින් චිත්‍රනය වීම වැදගත්. මෙතනදී තේරුම් ගත යුත්තේ ජේ ආර්.ගේ ප්‍රතිපත්තියේ තිබූ හරි/වැරදි භාවය වඩා, ඉන්දියානු බලය තමන්ට එරෙහි බලයක් හෝ ඊට අදාල නියෝජිතයෙකු දකුණු ආසියානු කලාපය තුල ගොඩනැගෙනු දැකීමට ඇති අකමැත්ත යි.

 

චීනය ලෝක බලවතෙකු ලෙස කරලියට පැමිණීමත්, එහි දේශපාලන-ආර්ථික අභිලාශයන් තමන්ගේ අසල්වාසීන් ගොදුරු වෙනවා දැකීමට ඇති ඉන්දියානු අකමැත්තත් සාධාරණ යි. ඒ පිළිබඳව වෙනත් කෝණයකින්  බලා විග්‍රයන් කරගැනීම අපේ හිතසුව පිණිස පහසු වුවත්, ඉන්දියාව පැත්තෙන් එය වෙනස් වන්නේ නෑ. උත්සන්න වූ ආර්ථික අර්බුදය හමුවේ වුවද, අපිට ඉන්දියාවෙන් ලද සහයෝගය ප්‍රශංසනීයයි. එය ක්‍රෙඩිට් ලයින් එකක් විවෘත කර දීමේ සිට IMF හි මුල්‍යමය දායකත්වය තෙක් විහිදී තිබෙනවා.

 

තවදුරටත් පැරණි වාමාංශික හා විජේවීරවාදී නිර්වචනයන් හෝ පැහැදිලි කිරීම් ඉන්දියාව අරඹයා වැදගත් නෑ. ආර්ථිකය ජාතික රාජ්‍ය සීමාවන් පසුකර ගමන් කරමින් තිබෙන අතර එය ඉන්දියාව හරහා හමා යමින් තිබෙනවා. අපේ ආර්ථික උපාය මාර්ග මේ පිළිබඳව සංවේදී විය යුතුම යි.

(carbonnews.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉන්දියානු ව්‍යාප්තවාදයට ; පසුපස හැරවීම | The Leader