The Leader News
BREAKING
සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●
Top Ad
විශේෂාංග

විමලෙගෙ කොලම : ජම්බු කඩ කඩා ඉන්නවා

T

The Leader Desk

April 26, 2023 • 7:44 AM

විමලෙගෙ කොලම : ජම්බු කඩ කඩා ඉන්නවා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඌට නින්දේ මැද හරියේදී පසුගියදා මියගිය බුද්ධි ප්‍රබෝධ නමැති තරුණයා හමුවිය.
  • පූසා කීවේ එහෙම නෙමෙයි මචං, දැන් බලපං අපේ මෑන් වී ගොවියෝ පන්ලක්ෂ පනස් පන්දාහකට කෝටි 1100ක් වෙන් කළා.
  • දුප්පත්ම එවුන් බලලා ලක්ෂ හතරකට මාසෙකට පාලොස් දාහ ගානෙ දෙනවා, අවදානම් පවුල් ලක්ෂ හතරකට පන් දාහ ගානෙ, එතකොට සංක්‍රාන්තික පවුල් ලක්ෂ හතරකට 2500 ගානේ දෙනවා, ජනාධිපති කාර්යාලෙ වටලගෙන උඹලා සින්දු කිය කියා හිටියට වඩා මේක හොඳයි කියලා දැන් දැන් මිනිස්සු හිතනවා කියාය.
  • පූසා කීවේ අම්මටසිරි වෙන්න මල්ලි, මේ මොනවා කියනවද?
අකුරු ප්‍රමාණය (Font Size):

ඌට නින්දේ මැද හරියේදී පසුගියදා මියගිය බුද්ධි ප්‍රබෝධ නමැති තරුණයා හමුවිය. පූසා කොල්ලා දැක්ක ගමන් කිව්වේ උඹලට නම් මාර පයිත්තියන් බං, අරගලයක් කරලා ජනාධිපති කෙනෙකුත් පත් කරලා sueside කරගන්නවා කියාය.

ප්‍රබෝධ, ප්‍රබෝධයෙන් කීවේ ඉතින් දිවි නසාගත්තේ ඒක නිසා තමයි කියාය. පූසා කීවේ එහෙම නෙමෙයි මචං, දැන් බලපං අපේ මෑන් වී ගොවියෝ පන්ලක්ෂ පනස් පන්දාහකට කෝටි 1100ක් වෙන් කළා. දුප්පත්ම එවුන් බලලා ලක්ෂ හතරකට මාසෙකට පාලොස් දාහ ගානෙ දෙනවා, අවදානම් පවුල් ලක්ෂ හතරකට පන් දාහ ගානෙ, එතකොට සංක්‍රාන්තික පවුල් ලක්ෂ හතරකට 2500 ගානේ දෙනවා, ජනාධිපති කාර්යාලෙ වටලගෙන උඹලා සින්දු කිය කියා හිටියට වඩා මේක හොඳයි කියලා දැන් දැන් මිනිස්සු හිතනවා කියාය.

 

326229457 188686616905193 5305526643094995281 n

දැන් ඔය දිළිඳු, අවදානම්, සංක්‍රාන්තික කියන තුන හොයාගත්තේ කොහොමද කියා ඇසූ කොල්ලාට පූසා කීවේ බැසිල්, මහින්දානන්ද, සාගල වගේ අයගේ පවුල් ඒ තුනට උදාහරණ කියාය.

ප්‍රබෝධ අනතුරුව ඇසුවේ කවුරු හරි මිනිහෙක් බලයට පත් කරන අදහසක් නැත්නම් අරගලයකින් වැඩක් නෑ කියලද උඹ කියන්නේ කියාය. පූසා කීවේ යකෝ ඒක මාක්ස් කිව්වනෙ, උඹලා ප්‍රසිඩන්ට්ගෙ ගේ ඇල්ලුවා, ඊට පස්සේ වත්තේ ජම්බු කඩ කඩා හිටියා මිසක් අපි රට ඇල්ලුවා ඔක්කොම එවුන් යටත් වෙයල්ලා, නැත්නම් වෙකට පුඩි තියනවා කියලවත් නිකමට හරි කිව්වේ නැහැනේ කියාය.

ටියුනීසියාවේ බෙන් අලි කියන එකා එළවලා එහේ කොල්ලො මෑන්ගෙ ස්විමින් පූල් එකේ නනා හිටියා, අපිත් එහෙම තමා කළේ කියූ ප්‍රබෝධ ට පූසා කීවේ උඹ මගුලක් කියනවා,

PHOTO 2022 07 09 14 20 39 1

බෙන් අලි වගේ නෙවෙයි යකෝ වල් අලි, උඹලට තාමත් හිතාගන්න බැරි ගේමක් ගහලා තියෙන්නෙ කියාය.

 

ප්‍රබෝධයා ඊළඟට ඇසුවේ ගෝඨාගෝගම ඒරියා එකේ උඹලගෙ බොසා පට්ට අවුරුදු උත්සවයකුත් තිබ්බා නේද කියාය.

පූසා කීවේ අම්මටසිරි වෙන්න මල්ලි, මේ මොනවා කියනවද?  ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගයේ ඉඳලා අකෙන් පුත දා කණපිට හැරවීම දක්වා තරග ඒකෙ තිබුණා කියාය.

කොල්ලා කෙළිලොල් සිනාවක් පා ඇසුවේ කවුද ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කරලා දිනුවේ කියාය. පූසා කීවේ රාජිත, මනෝ ගනේෂන්, රාවුෆ් හකීම් තුන්දෙනාම තාම ඇට ගනිනවා සමහරවිට තුන්දෙනාටම දිනුම ලැබෙයි කියාය.

ප්‍රබෝධයා ඊළඟට ඇසුවේ අකෙන් පුත දා කණපිට හැරවීමෙන් දිනුවේ කවුද කියාය. පූසා කීවේ කාංචන විජේසේකර ඒකෙන් දිනුවා, මිනිහා එකෙන්ම ඒ වැඩේ කරගත්තා, හැබැයි ෂෙහාන් සේමසිංහත් තාම ෆයිට් එකක් දෙනවා කියාය.

මේ අතරේ පූසා ගේ සිහිනයට අවතීර්ණ වූ ජනාධිපතිතුමා ඇසුවේ who are you discussing with කියාය. පූසා කීවේ බොස්ට මතකද අර ඕනෙම දේකට deadline එකක් තියෙන්න ඕනේ කියලා ෆේස්බුක් එකේ ලියලා ළඟදි මැරිච්ච අරගලයෙ හිටපු මල්ලි කියාය.

 

ජනාධිපතිතුමා yes of course කී අතර කොල්ලා ජනාධිපතිතුමාගෙන් ඇසවේ ඔබතුමාගේ deadline එක 2048 වෙනකම්ම හුඟක් ඈතට දාලා තියෙනවා දැක්කා එතකං මොනවද අප්පේ කරන්න හිතාගෙන ඉන්නේ කියාය.

ජනාධිපතිතුමා කීවේ ඔයාලා හිටියා වගේම යාලුවොත් එක්ක පීන පීන, ජම්බු කඩ කඩා ඔහේ ඉන්නවා, වෙන මොකුත් කරන්නෙ නෑ කියාය.



Wimalanath Weerarathna(විමලනාත් වීරරත්න)
නිදහස් මාධ්‍යවේදී

wimale.ravaya@gmail.com


JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...