The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අජිත් රෝහණගේ කතාවේ සැඟවුණු කතාව !

T

The Leader Desk

April 26, 2023 • 9:51 AM

අජිත් රෝහණගේ කතාවේ සැඟවුණු කතාව !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහ එම ස්ථාන මාරුව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත චෝදනා කරමින් දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජාතික පොලිස් කොමිසම වෙත ලිපියක් යවා තිබිණි.
  • එමෙන්ම මෙම ස්ථාන මාරු නියෝගය නීතිවිරෝධී බැවින් තමන් එය ක්‍රියාත්මක නොකරන බවත් අජිත් රෝහණ විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇති බවත් අද දිනයේ මාධ්‍ය වාර්තා කර ඇත.
  • සිද්ධියට අදාළ කරුණු පිළිබඳව තමන්ගේ පැත්තේ කතාව අජිත් රෝහණ ඉතා කෙටියෙන් සිය ලිපියේ සටහන් කර තිබුණු අතර සෑම කතාවකටම දෙපැත්තක් ඇති නිසා අපි මේ පිළිබඳව පොලිස් ආරංචිමාර්ග ඔස්සේ ද යම් විමසීමක් කළෙමු.
  • අප්‍රේල් 18 විශේෂ රැස්වීමක් !
අකුරු ප්‍රමාණය (Font Size):

සහ එම ස්ථාන මාරුව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත චෝදනා කරමින් දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජාතික පොලිස් කොමිසම වෙත ලිපියක් යවා තිබිණි. ඒ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට ද පිටපතක් සහිතවය.

එමෙන්ම මෙම ස්ථාන මාරු නියෝගය නීතිවිරෝධී බැවින් තමන් එය ක්‍රියාත්මක නොකරන බවත් අජිත් රෝහණ විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇති බවත් අද දිනයේ මාධ්‍ය වාර්තා කර ඇත.

සිද්ධියට අදාළ කරුණු පිළිබඳව තමන්ගේ පැත්තේ කතාව අජිත් රෝහණ ඉතා කෙටියෙන් සිය ලිපියේ සටහන් කර තිබුණු අතර සෑම කතාවකටම දෙපැත්තක් ඇති නිසා අපි මේ පිළිබඳව පොලිස් ආරංචිමාර්ග ඔස්සේ ද යම් විමසීමක් කළෙමු. එහිදී අසන්නට ලැබුණු කරුණු අනුව කතාවේ සැඟවුන කාරනා මෙසේය.


අප්‍රේල් 18 විශේෂ රැස්වීමක් !


අජිත් රෝහණ සිය ලිපියේ දක්වා ඇති අන්දමට මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජ්‍යේෂ්ඨ ම පොලිස් නිලධාරීන්ගේ රැස්වීමක් පසුගිය 18 වනදා පවත්වා ඇත. එම රැස්වීමට පොලිස්පතිවරයා මෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 13 දෙනාද සහභගී වී ඇති අතර ඔවුන්ට අමතරව අමාත්‍යංශ ලේකම්වරයාද එක්ව තිබේ.

එහිදී අමාත්‍යවරයා විසින් සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගෙන් ඔවුන් මුහුණදී සිටින පරිපාලන දුෂ්කරතා සම්බන්ධයෙන් විමසා බලා ඇති අතර අමාත්‍යංශ ලේකම්වරයාගේ හා පොලිස්පතිවරයාගේ මැදිහත්වීමෙන් එම ගැටළු වලට විසඳුම් ඉදිරිපත්ව ඇත.


අජිත් රෝහණගේ ලිපිය !


එම රැස්වීමට පෙර අජිත් රෝහණ කිසියම් ලිපියකට සියලුම SDIG වරුන්ගේ අත්සන් එකතු කිරීමට උත්සාහ දරා ඇතත් සෙසු SDIG වරුන් ඊට අත්සන් තැබීමට එකඟ නොවීම නිසා එය සාර්ථක වී නැත.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ඇතැම් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ එකිනෙකාට ඇඟිල්ල දිගුකරගනිමින් සිදුකරගෙන යන මඩ හා අවලාද ඉතාම අප්‍රසන්න එකක් බව සඳහන් කර ඇති අතර, අමාත්‍යවරයා වශයෙන් තමන්ට ද එය ලැජ්ජාවක් බව පවසා ඇත. පොලිස්පති ධුරය අපේක්ෂාවෙන් සිදුකරන මෙවැනි මඩ මෙහෙයුම් මින් ඉදිරියට සිදු නොකරන ලෙස ද ඇමතිවරයා ඉල්ලීමක් කර තිබේ.

එකී අත්සන් රහිත ලිපියේ සඳහන් පරිදි එහි සඳහන් ගැටළු පසුගිය වසරේ ඇතිවූ ගැටළු ද ? නො එසේනම් කලක් පැවති ගැටළු දැයි අමාත්‍යවරයා කළ විමසීමේදී සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් එක හඬින් පවසා ඇත්තේ එම පරිපාලන ගැටළු කාලාන්තරයක් තිස්සේ පැවති බවයි.

එවැනි තත්ත්වයක් තුළ මෙසේ ලිපිවලට අත්සන් එකතු කිරීම වැනි ක්‍රියාවන් අනවශ්‍ය දෑ බවත්, ඕනෑම නිලධාරියෙකුට සෘජුවම තමන්ව අමතා ගැටලු ගැන කතාකිරීමේ හැකියාව පවතින බවත් අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කර ඇති අතර ඊට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා ඇත්තේ තමන් එම ලිපිය සකස් කළේ පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව බවකි.

එහිදී පොලිස්පතිවරයා ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ තමන් උපදෙස් දුන්නේ පොලීසියේ දියුණුව සඳහා වන යෝජනාවලියක් සකස් කිරීමට පමණක් බවට ය.


පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පත්කිරීම


මීට අමතරව මෙම රැස්වීමේදී පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පත්කිරීම පිළිබඳව ද සාකච්ඡාවට භාජනය වී ඇති අතර එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකුම පෙන්වා දී ඇත්තේ, මීටපෙර පොලිසිය තුළ ක්‍රියාත්මක වුණේ ජ්‍යේෂ්ඨත්වය අනුව එක් එක් පළාත් සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරුන් පත්කිරීමේ ක්‍රමවේදයක් බවත් ඒ අනුව ජ්‍යේෂ්ඨත්වයෙන් අඩු නිලධාරීන් උතුරු – නැගෙනහිර වැනි පළාත්වලටත්, ජ්‍යේෂ්ඨත්වයෙන් ඉහළ නිලධාරීන් බස්නාහිර – මධ්‍යම පළාත්වලටත් පත්කෙරුණු බවත් මේ වනවිට එම ක්‍රමවේදය නැවතී ඇති බවත් ය. එම ක්‍රමවේදය නැවත ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා එහිදී එකඟ වී ඇත.


රහස් සාකච්ජාවක් !


අජිත් රෝහණ සිය ලිපියෙහි සඳහන් කර ඇති ආකාරයටම මෙම රැස්වීමෙන් අනතුරුව මහජන ආරක්ෂක අමාත්‍යවරයා, පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සහ අජිත් රෝහණ ගේ සහභාගීත්වයෙන් ඇමතිවරයාගේ කාර්යාල කාමරයේ වෙනම සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී දකුණු පළාතේ මිනීමැරුම් ඇතුළු අපරාධ ඉහළ ගොස් ඇති බවත් අජිත් රෝහණ ට එම පළාත පාලනය කරගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි පොලිස්පතිවරයා තමන්ට දැනුම් දී ඇති බවත් අමාත්‍ය ටිරාන් අලස් පෙන්වා දී ඇත.

එම සාකච්ඡාවෙන් පසු දිනක පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් 18 වනදා කතාබහට ලක්වූ ආකාරයම පොලිස්පතිවරයාගේ ද සහභාගීත්වයෙන් යුතුව ජ්‍යේෂ්ඨත්වය අනුව ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරුන්ගේ ලැයිස්තුවක් සකස් කර ඇත. ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 13 දෙනෙකු සිටින අතර ජ්‍යෙෂ්ඨත්වය අනුව අජිත් රෝහණ එම ලැයිස්තුවෙහි හිමිව ඇත්තේ 10 වන ස්ථානයයි. ඔහු වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිපතිවරයකු වශයෙන් පත්වූයේ ද 2021 ජුලි මාසයේදී ය.

PHOTO 2023 04 26 15 13 55

ඒ ආකාරයෙන්ම රාජකාරි සංකීර්ණත්වය අනුව පළාත් ලැයිස්තුවක් ද සකස් කර ඇති අතර බස්නාහිර පළාත මුලටමත් මධ්‍යම, දකුණ යනාදී වශයෙනුත් එම ලැයිස්තුව සකස්ව ඇති බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

අනතුරුව එම ලැයිස්තු දෙක අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථානමාරු ලැයිස්තුව සකස් කර ඇති අතර ජ්‍යේෂ්ඨත්වය අනුව 10 වැනි ස්ථානයෙහි පසුවූ අජිත් රෝහණ ට එහිදී නැගෙනහිර පළාත හිමිව ඇති බවත් පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

එම ලැයිස්තුව අනුව පළාත් නවයේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගෙන් 5 දෙනෙකුට ස්ථානමාරු ලැබී තිබුණු අතර පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ විෂයයන් වෙනස් වී තිබිණි.

මෙම ක්‍රමවේදය අනුව කලකට පසු පළමු වරට ජ්‍යේෂ්ඨත්වය අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට තනතුරු හිමිවීම සම්බන්ධයෙන් ඔවුන් සැලකිය යුතු පිරිසකගේ ප්‍රසාදය පළවී ඇති බවත් පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේය.

මධ්‍යම පළාත භාරව සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ද සිය ස්ථාන මාරුව සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ජාතික පොලිස් කොමිසමට ලිපියක් යොමුකර ඇති බව අද (26) දහවල් වනවිට මාධ්‍ය වාර්තා කර තිබිණි.


පොලිස් කොමිසම මාරුවීම් අනුමත කරයි. අජිත් රෝහණ පොලිස් මූලස්ථානයට !

කෙසේවුවද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසක් සඳහා ලබාදී තිබුණු ස්ථානමාරුවීම් ජාතික පොලිස් කොමිසම විසින් අද (26) දහවල් අනුමත කර තිබේ.

තමන්ට ලැබුණු ස්ථාන මාරුව යම් පළිගැනීමක් යැයි හැඟවෙන ආකාරයෙන් ඊට විරෝධය දක්වමින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජාතික පොලිස් කොමිසම වෙත යවා තිබුණු ලිපිය ද එම කොමිසම විසින් සලකා බලා ඇති අතර ඒ අනුව එම ලිපියෙන් දක්වා ඇති කරුණු පිළිබඳ විමර්ශනය කර තීරණයකට එළඹෙන තෙක් අජිත් රෝහණ ව කාර්යභාරයක් පැවරීමෙන් තොරව පොලිස් මූලස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  අජිත් රෝහණ ට මාරුවීම ලබාදී තිබුණේ නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් වන අතර එම තනතුර එසේම පුරප්පාඩුව පවතින්නට ඉඩහැර උතුරු මැද පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව නැගෙනහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරෙහි වැඩබැලීම සඳහා ජාතික පොලිස් කොමිසම විසින් පත්කර ඇති බවත් වාර්තා වේ.


(උපුටා ගැනීම් - lankanewsweb.net)



සබැඳි පුවත් :

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අජිත් රෝහණගේ කතාවේ සැඟවුණු කතාව ! | The Leader