The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඉතිහාසය වෙනස්වීම හමුවේ අරගලය - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

April 27, 2023 • 4:15 PM

ඉතිහාසය වෙනස්වීම හමුවේ අරගලය - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අරගලයේ මුඛ්‍ය ස්වරූපය වන්නේ ගැටුමයි.
  • ලෝකයේ අරගල බොහොමයක්ම පරාජයෙන් නැසී ගියද ලෝකයේ විප්ලව ජයග්‍රහණයෙන් අවසන්වී ඇත්තාසේම පරාජයෙන්ද අවසන් වී ඇත.
  • 'විප්ලවය' සහ 'අරගල' අතර පවත්නාවූ වෙනස තුළින් ඒවාට හිමිවූ පරාජය සහ ජය තීන්දු කෙරි ඇති බවට ඉතිහාසය සාක්ෂි දරන්නේය.
  • රුසියානු විප්ලවය එකල ජයග්‍රහණයෙන් අවසානය වී වර්තමානය වනවිට එහි අරමුණු පරාජය වී ඇත්තේ එය විප්ලවයේ ස්වභාවය හෙයිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

අරගලයේ මුඛ්‍ය ස්වරූපය වන්නේ ගැටුමයි. 'හෙරක්ලියස්'ට අනුව අරගලයේ සකල විධ දෑ නැගී එන්නේ 'ගැටුම' හරහාය. අරගලය නැති තැන ගැටුමක්ද නැත. ගැටුමක් නැති තැන අරගලයක්ද නැත. බොහෝ විට අරගලයේ අන්තය වන්නේ අරගලය හා සම්බන්ධ අරමුණු වල ස්වභාවය නැසීයාමය.

ලෝකයේ අරගල බොහොමයක්ම පරාජයෙන් නැසී ගියද ලෝකයේ විප්ලව ජයග්‍රහණයෙන් අවසන්වී ඇත්තාසේම පරාජයෙන්ද අවසන් වී ඇත. 'විප්ලවය' සහ  'අරගල' අතර පවත්නාවූ වෙනස තුළින් ඒවාට හිමිවූ පරාජය සහ ජය තීන්දු කෙරි ඇති බවට ඉතිහාසය සාක්ෂි දරන්නේය.

අපේ රටේ පැවැති අරගල පිළිබඳ ඉතිහාසය අවතක්සේරවෙන් ලසුකොට තැබීම මගේ අපේක්ෂාව නොවේ.

එහෙත් ඒවා තුළ වූ අරමුණු පිළිබඳව නිර්මිතය තුළින්ම ඒවායේ අවසානය තීන්දු කර තිබීම සර්වකාලීනය, සර්ව ව්‍යාපීය.

රුසියානු විප්ලවය එකල ජයග්‍රහණයෙන් අවසානය වී වර්තමානය වනවිට එහි අරමුණු පරාජය වී ඇත්තේ එය විප්ලවයේ ස්වභාවය හෙයිනි.

xfgdfghfg

කිසිදු දෙයක් එක තැන නොරැඳෙයි.  සියළු දෑ චලිතයට හසුවන්නේය. අරගලය විප්ලවය ආදි සියළු ගැටුම්කාරි සටන්, ඉතිහාසය වෙනස්වීම හමුවේ පරාජය ලබන්නේය.



ජය පරාජය කෙසේ වෙතත් අපේ රටේ අරගල ඉතිහාසය නව මානයක් පෙන්නුම් කළ පසුගිය වසරේ පැවැති අරගලය, නිර්පාක‍ෂික අරගලයක් බවට පත්කළාවු, එහි ස්වරූපයෙන්ම එය සැබැ අරගලයක් වීමට තිබු අවකාශය එහි අරමුණු සහ අරමුණු කරුවන්ගේ ස්වභාවය තුළින්ම නිෂේධනය වී ඇත්තාසේය.

අපේ රටේ කිසිදු අරගලයක් ජයග්‍රහණයේ අවසානය දැක නැත. එය ලෝකයේ බොහෝ රටවල වගේම මේ රටේ මහ පොළොව මත අත්දකින ලද යථාර්තයයි. කිසිදු අරගලයක අරමුණු සාධනීය නොවන්නාසේම එහි අරමුණුකරුවන් අතර පවතින පරස්පරයන් තුළින් ඒවාට උරුමවන නියතයක් වු අවසානය නිගමනය කරනු ලබයි. එය අපේ රටේ අරගල වලටද ලෝකයේ බොහෝ රටවල අරගල වලටද පොදු වන්නාවූ යථාර්තයයි.

අද වන විට අපේ රටේ අරගලයක මුහුණුවර වෙනස් කළ පසුගිය වසරේ අරගලයට බොහෝ දෙනෙකු විවිධ අර්ථකතන සපයති. එහෙයින් ඒ පිළිබඳව සත්‍යය සෙවීම පඹගාලෙහි පැටලීමකී. මෙම ලිපියෙහි අරමුණ වන්නේ අරගලය අවසානය වු ආකාරය පිලිබඳ කරුණු විශ්ලේෂණය කිරීම නොවේ. අරගලයේ පොදු ස්වභාවය සහ එම ස්වභාවය තුළම පවත්නා නියතයේ ස්වභාවය පිළිබ`දව යම් ආකාරයක නිශ්චිත නිර්වචනයක් කිරීමය.



53 හර්තාලයද අරගලයකි. එහි අවසානය කම්කරු පන්තියේ ජයග්‍රහණයකින් තොරව අවසන් වුයේය. 64 වර්ජනයද අරගලයකි. එයටද අත්වුයේ 53 වර්ජනයට අත් වු ඉරණමය. 71 කැරැල්ලද අරගලයකි. එයටද ඇතිවුයේ ඒ හා සමානවු ඉරණමකි. 83 ජුලි වැඩ වර්ජනයද අරගලයකි. එයද පරාජයකින් අවසාන අත්දැකීම අත්දුටුවේය.



එබැවින් අරගලය සහ විප්ලවය අතර වු වෙනස වටහා ගැනීම අත්‍යවශ්‍යයන් කළ යුත්තකි. විප්ලවය යනු අතිදැවැන්ත වෙනසක් අරබයා සකල විධ මහජන බලවේගයන් එක මිටකට කුළු ගැන් වූ මහා නැගිටීමයි. එයට නිවැරදි නායකත්වයක් සැපයෙන්නේ නම් පමණක් එය ජයග්‍රහණයන් අවසන් වන්නේය. රුසියානු විප්ලවය එවැන්නකි. කාලයාගේ ඇවෑමෙන් එයද එහි අරමුණු සාධනය ක‍ෂය වීමත් සමග කණපිට හැරුනේය.

සියළු විප්ලවද කාලයාගේ ඇවැමෙන් 'වෙනස' හමුවේ දන නමන්නේය. ඉතින් අරගල සම්බන්ධයෙන් කවර කථාද?



නිර්පාක‍ෂික අරගලයක් යනු අයාලේ යන ගැටුමකි. නිශ්චිත නායකත්වයක් පැහැදිලි දේශපාලන දැක්මක් නැති නිසාම ඒවා හුදු ගැටුමක් බවට පත්ව 'හෙරක්ලියස්ට' අනුව මියැදෙන්නේය.

අපේ රටේ අරගලයට සිද්ධ වුයේද එයමය. වෙනත් කවර රටක වුවද සිද්ධ වන්නේද එයමය. මේ ලෝකය තුළ විප්ලව මගින් පිහිටුවන ලද සමාජවාදී ආණ්ඩු  කාලයාගේ ඇවැමෙන් පිරිහීගොස් නැවත නූතනවාදී ධනේශ්වර තාක‍ෂණයට නතුවිය.


xfgery''විප්ලවවාදි න්‍යායකින් තොරව විප්ලවවාදි ව්‍යාපාරයක් තිබිය නොහැකි බව'' වී.අයි. ලෙනින් කිවේය.

 

කෙසේ වුවද ලෙනින් ගොඩනැගු සෝවියට් සමාජවාදි ආණ්ඩුව අද 'පුටින්˜ යටතේ රුසියාවට පමණක් සීමා වී සෝවියට් සමාජවාදී ආණ්ඩුව යටතේ තිබු යුක්‍රේනයට එරෙහිව යුදවැදි සිටියි.

කාලයේ වෙනස එයයි.

ලෙනින්, මං සේතුං ආදි සමාජවාදි නායකයන් ගොඩනැගු රැසියානු සමුහාන්දුවක් චීනයවත් අද නැත. පුටින්ලා, ෂිජිංපිංලා පාලනය කරනු ලබන රුසියාව සහ චීනය යන මාවත සමාජවාදි මාවත නොවේ.

''අප පැවැත්ම සඳහාවු බොහෝ විස්තර ටිකක් දැන් සාකච්ඡා කරමු,
වඩාත් ගැලපෙන ජිවන පැවැත්ම වෙනුවෙන් '' - චාල්ස් ඩාවින්


mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...