The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පොහොට්ටුවේ මිනිස්සු ආයෙත් කොළඹ එනවා - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

April 29, 2023 • 3:02 PM

පොහොට්ටුවේ මිනිස්සු ආයෙත් කොළඹ එනවා - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ ධනවතුන් එදා වටකරලා ගැහුවා.
  • කොළඹ නගරයේ උස බිල්ඩින් ඇතුළේ AC කාමරවල රස්සා කරන ඉංග්‍රීසි කතා කරන ටයි දාන මහත්තුරු එදා මහපොළොව එක්ක සටන් කරන ගමේ ඉඳලා බස් එකේ කොළඹ ආව අපේ මිනිස්සුන්ගේ ඇඳුම් ඉරලා ගිනි මද්දහනේ පාර දිගේ ඇවිද්දෙව්වා.
  • නමුත් කොළඹ සාහසිකයන් එදා ඒ ගමේ මිනිස්සුන්ට අමානුෂික ලෙස ගැහුවා.
  • ජනතා පරමාධිපත්‍යය ගැන පොර ටෝක් දුන්න ප්‍රභූ පැලැන්තියේ හුරතලා පීටර් ඩී.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ ධනවතුන් එදා වටකරලා ගැහුවා. ශැන්ග්‍රිල්ලා හෝටලයේ රෑට නිදාගෙන දවල්ට ගෝල්ෆේස් එකේ අරගල කරපු කොළඹ සල්ලිකාරයන්ගේ පුත්තු එදා අපේ ගම්වල ඉඳලා බස් එකේ ආව දුප්පත් ගැහැණු මිනිස්සුන්ට ගහලා උන්ගේ සැපට හැදුන අතේ පයේ හිරි ඇරගත්තා.



කොළඹ නගරයේ උස බිල්ඩින් ඇතුළේ AC කාමරවල රස්සා කරන ඉංග්‍රීසි කතා කරන ටයි දාන මහත්තුරු එදා මහපොළොව එක්ක සටන් කරන ගමේ ඉඳලා බස් එකේ කොළඹ ආව අපේ මිනිස්සුන්ගේ ඇඳුම් ඉරලා ගිනි මද්දහනේ පාර දිගේ ඇවිද්දෙව්වා. ඩොලර්වලට ආත්මය විකුනපු රැට්ටලා දමිතලා එදා ඒ සාහසිකත්වය ඩොලර්වලට ලයිව් වික්කා. ඒවා අයිෆෝන් එකෙන් බලලා කොළඹ ධනවත් ප්‍රභූන් කොක් හඬලා හිනා වුණා.



ඒ මිනිස්සු ආවේ හිතේ වේදනාවට. ඒ මිනිස්සුන්ට දැනෙන කෙළෙහිගුණයට. ඒ මිනිස්සු ආවේ ඒ මිනිස්සු සාධාරණව ඡන්දයෙන් තෝරාගත් තමන්ගේ ආණ්ඩුව කොළඹ ධනපතියන්ගේ ඊනියා අරගලයෙන් බේරගන්න. නමුත් කොළඹ සාහසිකයන් එදා ඒ ගමේ මිනිස්සුන්ට අමානුෂික ලෙස ගැහුවා. ඔවුන්ට පලා යන්නවත් ඉඩක් නොතබා කොළඹ ධනපති ව්‍යාපාරිකයන්ට කඩේ යන දාමරික මහත්තුරු එදා ගමේ ඉඳලා ආව දුප්පත් ගැහැණු පිරිමි බේරේ වැවේ ගිල්ලෙව්වා. කොළඹ හතේ උන්ගේ කක්කුස්සි වතුර බහින බේරේ වැවට ගමේ දුප්පත් ගැහැණුන්ව තල්ලු කරලා හිනා වුණා, ඒ කොළඹ සල්ලිකාරයෝ.

ඒක සාධාරණ සටනක් නොවෙයි. නිර්ලජ්ජිත පොලීසිය බලාගෙන ඉන්දෙද්දී ගමෙන් පැමිණි සුළු පිරිසකට ගහන්න එදා කොළඹ නාගරිකයන් දසදහස් ගණනක් උන්ගේ සැප කන්තෝරු වෙළඳසැල් නිවාසවලින් එළියට ආවා. පොලු මුගුරු කඩු කිණිසි උස්සගෙන ආවා.



කොළඹ කොම්පියුටර රස්සා කරන උගත් බුද්ධිමත් තරුණයන් එදා ෆේස්බුක් එකෙන් වෛරය පැතිරෙව්වා. ජනතා පරමාධිපත්‍යය ගැන පොර ටෝක් දුන්න ප්‍රභූ පැලැන්තියේ හුරතලා පීටර් ඩී. අල්මේදා එදා මේ රටේ ගමේ ජනතාවගේ පරමාධිපත්‍යය ම්ලේච්ඡ ලෙස උදුරා ගන්නකොට අප්පුඩි ගැහුවා. නයිට්ක්ලබ්වල ධනපතියන් වෙනුවෙන් සිංදු කියන භාතිය-සන්තුෂ්ලා ඒවට තාල ඇල්ලුවා. මිනිස්සුන්ගේ රීරි මාංශය උලා කන කළු ලෝගුකාරයන් එදා ගමේ මිනිහගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළා.



සමානාත්මය ගැන අපිට බන කියන පැලවත්තේ ආලකමන්දාවේ අනුර එදා ගත්තේ කොළඹ ප්‍රභූ ධනවතුන්ගේ පැත්ත. කොමියුනිස්ට් ලෝකයක් ගැන අපිට පන්ති තියන පෙරටුගාමීන් එදා ගැහුවේ ගමේ දුප්පත්ම මිනිහට. දේශපාලකයන්ගෙන් රස්සාවක් ගත්තා නම් ගත්තේ ඒ මිනිස්සුන්ගේ නැතිබැරි කමට සහෝදරයා. කොළඹ සුපිරි ධනවතුන් එක්ක එකතු වෙලා ඒ දුප්පත් ගමේ මිනිහට ගහනකොට උඹලට සතුටක් දැනුණද!



කමක් නැහැ. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත සඟ වෙද ගුරු ගොවි කම්කරු සාමාන්‍ය සාධාරණ මිනිස්සුන්ට කොළඹ ධනපතීන් සහ උන්ගේ දාමරික හෙංචයියෝ හැමදාම ගැහුවා. නමුත් මේ රට රකින්න ජීවිත දුන්නේ ඒ ගම්වල අහිංසක මව්වරුන්ගේ පියවරුන්ගේ දූලා පුත්තු. මේ රටේ සැබෑ හිමිකරුවන් වන ඒ මිනිස්සු නියෝජනය කරන්න තියෙන එකම තැන පොහොට්ටුව. පොදුජන පෙරමුණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ඒ නිසා කොච්චර ගැහුවත් අපි නැගිටිනවා, ධනපතියිනි! ඉතිහාසයේ හැමදාම වගේ ගහන්න ගහන්න අපි නැගිටිනවා! අපි මැයි පළමුවැනිදා කොළඹ එනවා!



ධර්මය අපට මග වේවා!


eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2023 අප්‍රේල් 29

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...