The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අත්තනායකගේ වැල පත්තරේ

T

The Leader Desk

April 29, 2023 • 4:17 PM

අත්තනායකගේ වැල පත්තරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කතා කරද්දි මෝහනය කරනසුලුයි.
  • මෙන්න මේ පැල්ම ඇතුලෙ තමයි වල්කම කියන එක උපදින්නෙ.
  • එතකොට අපි සරාගය ඇතුලට එය විනිශ්චය කරන සදාචාරයත් අරගෙන යනවා.
  • හැබැයි ලංකාවෙ ලිංගික මොහොත නැත්තං පරාසය පවතින්නෙ අන්න අර දෙබිඩිබව ඇතුලෙ.
අකුරු ප්‍රමාණය (Font Size):

කතා කරද්දි මෝහනය කරනසුලුයි. අත්තනායකගෙ වැඩේ තියෙන්නෙ එයා පිහිටන්නෙ අතිශය සදාචාරය රකින, සම්ප්‍රදාය වෙනුවෙන් පෙනී සිටින ආස්ථානයක. හැබැයි එයාගෙ කන්ටෙන්ට් එක කාමාතුරයි.

මෙන්න මේ පැල්ම ඇතුලෙ තමයි වල්කම කියන එක උපදින්නෙ. ඒ කියන්නෙ තමන් ආශා කරන දේට ප්‍රතිවිරුද්ධව පෙනී සිටීම. එතකොට අපි සරාගය ඇතුලට එය විනිශ්චය කරන සදාචාරයත් අරගෙන යනවා. එතකොට සරාගී ක්‍රියාව වනචර ස්වරූපයකින් පිළිඹිඹු වෙනවා. වැල කතා නොහොත් වල්කතා කියන එකේ අර්ථය ඒක.

සරාගය තුලට සෞන්දර්යය, ආශ්චර්යය, දර්ශනය අරගෙන ගියොත් එතන වල්කම නෑ. වැල නෑ.

හැබැයි ලංකාවෙ ලිංගික මොහොත නැත්තං පරාසය පවතින්නෙ අන්න අර දෙබිඩිබව ඇතුලෙ. අපි නිතර අහන, ඒක කියෙව්වම සෙක්ස් නැති වුනා වගේ කතාව එන්නෙ අර වල්බව උත්පාද නොවීම හින්ද. අපි සෙක්ස් කියල විඳින්න දන්න රසය ඒක. විවෘතබව ඇතුලෙ ලංකාවෙ සෙක්ස් වාෂ්ප වෙනවා.



අත්තනායක දක්ෂයෙක් කියන්නෙ ඒකයි. එයා හරියටම ආශාව ඉලක්ක කරනවා. ඒ රසය දෙනවා. නමුත් එය වැරදිකාර රසයක් බව කියනවා. ඒ නිසා ජීවිතේ වැනසෙන බව කියනවා. ඉරාජ් එයාගෙ සිංදුවලත් මේක කරනවා. සියලු ආශා ආස්වාදයන් පෙන්නලා ඒක ගිල්ටිකරනය කිරීම. එතකොටයි වල් වෙන්නෙ. එතකොටයි විකිනෙන්නෙ.

අත්තනායක තමන් ලියන්නෙ මොකක්ද කියල දන්නවා. ඒක කියවන විට උපදින හැගීම දන්නවා. තමන්ගේ විෂය පවතින්නේ මේ වැරදිකාර ආස්වාදය කලාපයේ බව දන්නවා.



මේ තාක්ෂණයම යොදාගත්ත තවත් පරණ අතිරේකයක් තමයි 33 කාමරය. ඇඟ රත්කරනසුලු පර්වර්ට් ෆැන්ටසියක් ලියලා ඒ නිසා වැළදුනු ලිංගික ‍රෝගයකට සම්බන්ධ කරනවා. අපි රෝගය කොටස නොකියවා මුල් කොටස විතරක් කියවනවා.

අත්තනායක එම් හේරත් විසින් ජාතක පොත කියවනකොට වුනත් මාරයි. ජාතක පොතෙත් ‍මේ වගේ දරුණු පර්වර්ට් කතා කියාගෙන ඇවිත් අවසානයේ ආශාව නිසා විනාශය ළගා වූ බව කියනවා. හැබැයි ඒ කතාව කියන මිනිහාගෙ මනස ඇතුලෙ අර විපරීත ආශාව බුබුළු දානවා.

මේ වරදකාරී බව ඇති කිරීම තුලයි වල්කම උපදින්නෙ. තහනම් ගහේ ගෙඩි කෑ නිසා නොව දෙවියන් ඉන්න බව දැනීමෙනුයි ලැජ්ජාව උපදින්නෙ. විනිශ්චය කියන තැනයි තහනම් රසය පවතින්නෙ.

ඒ හින්ද අත්තනායක දක්ෂයෙක්. අත්තනායකගේ ප්‍රේක්ෂක ප්‍රජාව අතිවිශාල එකක්. ඇත්තටම අපි අත්තනායකගෙ ලිපිය ෂෙයාර් කරමින් හිනාමූනු පළකිරීමෙන් කියන්න උත්සාහ කරන්නෙ මොකක්ද?


Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම - facultyofsex.com)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...