The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විශේෂ අධ්‍යාපන අවශ්‍යතා වර්ගීකරණය - (ගීත් විනුර උබේසිංහ)

T

The Leader Desk

April 30, 2023 • 10:22 AM

විශේෂ අධ්‍යාපන අවශ්‍යතා වර්ගීකරණය - (ගීත් විනුර උබේසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තාවකට අනුව වර්තමාන ජනගහනයෙන් බිලියන එකකට ආසන්න පිරිසක් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් බවය.
  • විශේෂ අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර වාර්තාවලට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 93 සිට මිලියන 150ක් දක්වා ළමුන් පිරිසක් විශේෂ අවශ්‍යතා ළමුන් ලෙස වර්ගීකරණයට ලක් කරයි.
  • යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවකට අනුව පාසලකට ඇතුළත් කරන ළමුන් තිදෙනෙකුගෙන් එක් ළමයෙකු විශේෂ අවශ්‍යතා සහිත දරුවකු වන බවයි.
  • ලෝක බැංකුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇතැම් රාජ්‍යයන් තුළ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් බිහිවීම දෙගුණයක අගයක් ගන්නා බව පුරෝකථනය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තාවකට අනුව වර්තමාන ජනගහනයෙන් බිලියන එකකට ආසන්න පිරිසක් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් බවය. විශේෂ අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර වාර්තාවලට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 93 සිට මිලියන 150ක් දක්වා ළමුන් පිරිසක් විශේෂ අවශ්‍යතා ළමුන් ලෙස වර්ගීකරණයට ලක් කරයි. යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවකට අනුව පාසලකට ඇතුළත් කරන ළමුන් තිදෙනෙකුගෙන් එක් ළමයෙකු විශේෂ අවශ්‍යතා සහිත දරුවකු වන බවයි. ලෝක බැංකුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇතැම් රාජ්‍යයන් තුළ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් බිහිවීම දෙගුණයක අගයක් ගන්නා බව පුරෝකථනය කරයි.

newyork1990 children 1300x500

 

විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් විවිධ ආකාරයෙන් වර්ගීකරණයන්ට ලක් කර ඇත. 1990දී ඇමරිකා එක්සත් ජනපදය ජනපදයේ නිව්යෝර්ක් නුවර දී පැවැත්වූ ළමයින් සඳහා වූ ලෝක සමුළුවේදී "විශේෂ අවශ්‍යතා සහිත ළමයි" යන වර්ගය යටතේ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත ළමයින් වර්ග 11 කට වෙන්කර ඇත.

එනම්,

1. මානසික වශයෙන් අඩු ලුහුඩුකම් හා මන්ද බුද්ධික ලමයි
2. ඉගෙනීමේ අපහසුතා ඇති ළමයි
3. කතා කිරීමේ හා භාෂණයේ ඌනතා ඇති ළමයි
4. ශ්‍රවණ අපහසුතා ඇති ළමයි
5. පෙනීමේ අපහසුතා ඇති ළමයි
6. එහා මෙහා යෑමේ අපහසුතා ඇති ළමයි
7. ශරීරය විකෘතිතා නිසා ශරීර අවයව නිසියාකාරව ක්‍රියා කළ නොහැකි ළමයි
8. හැසිරීමේ ගැටලු ඇති ළමයි.
9. මීමැසිමොරය /අපස්මාරය සහිත ළමයි
10.බහුවිධ ආබාධ ඇති ළමයි
11.චිත්තවේගී ගැටලු ඇති ළමයි

ලෙස වර්ගීකරණය කළ හැකි අතර තවත් ආකාරයකින් විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත ලමයින් වර්ගීකරණය කළ හැකිය. එම වර්ගීකරණය නම්

1. සුභග සහ විශේෂ නිපුණතා සහිත
2. ඉගෙනුම් දුෂ්කරතා
3. සන්නිවේදන දුබලතා
4. සෙමින් මනස වැඩෙන
5. උග්‍ර චිත්තවේගීය ගැටලු සහිත
6. වෛද්‍යමය, කායික සහ බහුවිධ දුබලතා

AdobeStock 501936878 scaled


මෙලෙස විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් කාලයෙන් කාලයට සුදුසු පරිදි විවිධ වර්ගීකරණයන්ට ලක් කරනු ලබයි. වර්තමානයේ දී IDEA (Individuals With Disabilities Education Act) හෙවත් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අධ්‍යාපන පනතෙහි 2004 සංශෝධනයට අනුව විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් වර්ග 13 කට වෙන්කර ඇත .

1. ඔටිසම්
2. පූර්ණ බිහිරි
3. අඳ බිහිරි
4. චිත්තවේගීය කැළඹීම්
5. ශ්‍රවණ ඌනතා
6. බුද්ධිමය දුබලතා
7. බහුවිධ දුබලතා
8. වෙනත් සෞඛ්‍ය ඌනතා
9. සුවිශේෂී ඉගෙනුම් දුබලතා
10.භාෂණ හෝ භාෂා දෝෂ
11.මොළයට සිදුවූ හානි
12.කායික ඌනතා
13.දෘෂ්ඨි ඌනතා ඇතුළු අන්ධභාවය


ලෙස වර්ගීකරණයට ලක් කරයි.වර්තමානය තුළ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර රාජ්‍යයන් තුළ IDEA පනත යටතේ විශේෂ අවශ්‍යතා සහිත ළමුන් වර්ගීකරණය පිළිගනිමින් එම වර්ගීකරණයට ගැලපෙන පරිදි  විශේෂ අධ්‍යාපනයට අදාළ  ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කර විශේෂ පාසල ,විශේෂ අධ්‍යාපන ඒකක සහ සංචාරක ක්‍රමය (සංචාරක ගුරු ක්‍රමය) මගින් විශේෂ අවශ්‍යතා සහිත ළමයින්ට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම සිදුකරනු ලබයි.


කවුරුත් නොදන්න දැනගත යුතු විශේෂ අධ්‍යාපනය - (ගීත් විනුර උබේසිංහ)(ගීත් විනුර උබේසිංහ)
නිදහස් ලේඛක
vinura1996geeth@gmail.com


ලේඛකයාගේ වෙනත් ලිපි :


විශේෂ අධ්‍යාපනයේ මූලික සංකල්ප - (ගීත් උබේසිංහ)

ශ්‍රී ලංකාව තුළ විශේෂ අධ්‍යාපනය පිළිබඳ ඉතිහාසය - (ගීත් උබේසිංහ)

ජාත්‍යන්තරය තුළ විශේෂ අධ්‍යාපනයේ ඉතිහාසය - (ගීත් උබේසිංහ)

සාමාන්‍ය අධ්‍යාපනය සහ විශේෂ අධ්‍යාපනය අතර සබඳතාවය ! - (ගීත් උබේසිංහ)


JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...