The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මානීගේ තීරුව : අපි ප්‍රජාතන්ත්‍රවාදී විතරක් නෙවෙයි !

T

The Leader Desk

April 30, 2023 • 1:13 PM

මානීගේ තීරුව : අපි ප්‍රජාතන්ත්‍රවාදී විතරක් නෙවෙයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "ඒ කතාව වැරදියි හලෝ "මම එහිදී බිරිඳට කියා සිටියෙමි ."අපේ රට විතරක් නෙවෙයිනෙ තව බංකොලොත් රටවල් කීපයක්ම තියෙනවනෙ ලෝකෙ " එවර නම් ග්‍රීන් කාඩ්කාරයාගේ කට කොණකට හිනාවක් ආවේය.
  • "ඒක නේන්නම් මාමෙ"පුංචි ඇමරිකන්කාරයා කියා සිටියේය ."පට්ට නාකි රැළකගෙන් පිටට බලේ යන්නැති රටක ඉඳගෙන මූ මොන අනාගතයක්ද දන්නෑ හොයන්නෙ?" "ඒ කතාව නම් හරි නෑ කොල්ලො"මම ඥාති පුත්‍ර කතාවට ඌණ පූරණයක් සපයමින් කීවෙමි "ඩඩ්ලි,සිරිමා ,චන්ද්‍රිකා තුන්දෙනාම රටේ නායක වුණේ වයස හතලිස් ගණන්වලදිනෙ.
  • "අන්න කතාව මාමෙ"කොල්ලා කියා සිටියේය ."කිසි අනාගතයක් නැති රටකට අපේ රට කියාගෙන තවදුරටත් රැඳිල ඉඳිල්ලෙ තේරැමක් නෑනෙ " අපේ පුතා ඒ අසා හයියෙන් හිනාවුණේය.
අකුරු ප්‍රමාණය (Font Size):

"ඕක නම් ලොකු ජයග්‍රහණයක් කොල්ලො "මම අපේ මිනිහාට සුබ පතමින් කීවෙමි ."ඔය වැඩේ දෙවැනි වෙන්නෙ ජනප්‍රිය ඉස්කෝලෙකට ළමයෙක් දාගන්නවට විතරයි "

"ඇමෙරිකාව ලෝකෙ නොම්මර එකේ රට තමයි "මගේ බිරිඳ කියා සිටියාය ."ඒ වුණාට මට නම් අපේ රට වගේ නෑ ලෝකෙ වෙන කොහේවත් "
ඒ කතාවෙන් ඇමෙරිකන් බාග පුරවැසියාගේ මුහුණ කළු වී ගියේය .

"ඒ කතාව වැරදියි හලෝ "මම එහිදී බිරිඳට කියා සිටියෙමි ."අපේ රට විතරක් නෙවෙයිනෙ තව බංකොලොත් රටවල් කීපයක්ම තියෙනවනෙ ලෝකෙ "
එවර නම් ග්‍රීන් කාඩ්කාරයාගේ කට කොණකට හිනාවක් ආවේය.

"අන්න කතාව මාමෙ"කොල්ලා කියා සිටියේය ."කිසි අනාගතයක් නැති රටකට අපේ රට කියාගෙන  තවදුරටත් රැඳිල ඉඳිල්ලෙ තේරැමක් නෑනෙ "
අපේ පුතා ඒ අසා හයියෙන් හිනාවුණේය.

 

"උඹයි,මායි දන්න රෙද්ද "ඔහු සිය ඥාති සොහොයුරාට කියා සිටියේය ."හැමෝටම ප්‍රයෝජනයක් ගන්න තේරෙන්නෙ නැති වුණාට මේකත්  හොඳ අනාගතයක් හදාගන්න පුළුවන් රටක්,දේශපාලනඥයන්ටයි උන්ගෙ සට්ටැඹියන්ටයි"

Concept of lying and deception with a politician who sees his nose lengthen while he speaks at a meeting.

"තමුසෙ මේ කොල්ලට අනන්මනන් කියන්නෙ නැතුව ඉන්නව , ඌ හරි ඇමරිකාවට යෑම කොච්චර දෙයක්ද?"මෙහිදී මම පුතාට තදින් කියා සිටියෙමි ."අපිට ලැජ්ජාවෙ බෑ අපි දන්න හැම එකාගෙම ළමයි පිටරට පදිංචියට යද්දි තමුසෙ විතරක්  කටුනායකටවත් යන්නැතිකොට"
මගේ කතාව අසා ඥාති පුත්‍රයා කඳුළු වක්කරමින් සිනාසු⁣ණේය.

"ඒක නේන්නම් මාමෙ"පුංචි ඇමරිකන්කාරයා කියා සිටියේය ."පට්ට නාකි රැළකගෙන් පිටට බලේ යන්නැති රටක ඉඳගෙන මූ මොන අනාගතයක්ද දන්නෑ හොයන්නෙ?"

 

"ඒ කතාව නම් හරි නෑ කොල්ලො"මම ඥාති පුත්‍ර කතාවට ඌණ පූරණයක් සපයමින් කීවෙමි "ඩඩ්ලි,සිරිමා ,චන්ද්‍රිකා තුන්දෙනාම රටේ නායක වුණේ වයස හතලිස් ගණන්වලදිනෙ. මෙහේ නායක වෙන්න ඕන නාකිකම නෙවෙයි සිංහලකමයි බෞද්ධකමයි ගොවිගමකමයි "

 

මෙහිදී බිරිඳ ලොකු ප්‍රේමදාස ගැන මට මතක්  කළාය.

"ප්‍රේමෙ ඇවිල්ල  අහම්බයක්නෙ නෝනා,එහෙනම් ඊට පස්සෙ ආපු ජනාධිපතිවරැ හයදෙනාම ආයෙ ආයෙත් පරණ රටාවටම ගියේ කොහොමද ?"
මා කී දේ නොතකා පුතා යළිත් වරක් කතාවට පිවිසියේය .

 

usd

" අපේ නායකයො නාකියි කිව්වට  උඹ යන්න හදන ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩේ ඉන්නෙ ඊටත් වැඩියෙ පට්ට නාකිනෙ බොල "පුතා සිය ඥාති සහෝදරයාට අභියෝග කළේය ."ලබන අවුරැද්දෙ  ජනාධිපතිවරණෙට ඉල්ලන්න හදන ජෝ බයිඩන්ට ඒ වෙනකොට 82යි.මෑන් එක්ක ඉල්ලන්න හදන ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඒ කාලෙදි 78යි"

"ඒ විතරක් නෙවෙයි.බයිඩන්ට දැනටත් නම්ගම් අමතකයිලු,පඩිපෙළවල් නගින්න ගියාම වැටෙනවලු,සභා මැද නින්ද යනවලු "මෙහිදී බිරිඳද පුතාට සහයෝගය දෙමින් කියා සිටියේය ."ඒ වුණාට කියන්නෙ නම් ලෝකෙ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී රට කියල "

 

"ඉතින් හරිනෙ"මම කියා සිටියෙමි ."කළු මිනිහෙක් ජනාධිපති වුණේ ,ඉන්දියන් සම්භවයක් තියෙන ගෑනියෙක් උප ජනාධිපති වුණේ ,පට්ට නාකියෙක් ජනාධිපති වුණේ රට ප්‍රජාතන්ත්‍රවාදී නිසානෙ .අපි ප්‍රජාතන්ත්‍රවාදී විතරක් නෙවෙයි ජාතිවාදී ,ආගම්වාදී,කුලවාදීනෙ"




sundara nihathamani de mel(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )


JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...