The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශගෝරාත්මක මැයි දිනයක් ! - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

May 1, 2023 • 4:51 AM

ශගෝරාත්මක මැයි දිනයක් ! - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තවත් එවන් බුකියේ තැනුණු විශේෂ වදනක් වන්නේ 'සගෝ' ය.
  • එය සහෝදරයා, 'සහෝ' වී, පසුව සගෝ ද වී ඉනුත් අනතුරු ව 'සගෝර්' ලෙස ද පරිනාමය වුණු හැටි අපූරු ය.
  • මේ ගැන මනා විශ්ලේෂණයක්, මීට සති කිහිපයකරට පෙර වාග් විද්‍යාඥයෙකු ලෙස විශිෂ්ඨ ආචාර්ය උපාධියකින් පිදුම් ලද ආචාර්ය ක්‍රිශාන්ත ෆෙඩ්‍රිකයන්‍ට කළ හැක (ඔහු ඇමරිකාවේ තැන තැන සරමින් කරන පොටෝ ගැහිලි අවසන් වූ පසු).
  • මීට දින කිහිපයකට පෙර අපේ ගෙදර තෑග්ගක් ලෙස ලද විශාල කෙසෙල් ඇවරියක් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

තවත් එවන් බුකියේ තැනුණු විශේෂ වදනක් වන්නේ 'සගෝ' ය. එය සහෝදරයා, 'සහෝ' වී, පසුව සගෝ ද වී ඉනුත් අනතුරු ව 'සගෝර්' ලෙස ද පරිනාමය වුණු හැටි අපූරු ය.

 

මේ ගැන මනා විශ්ලේෂණයක්, මීට සති කිහිපයකරට පෙර වාග් විද්‍යාඥයෙකු ලෙස විශිෂ්ඨ ආචාර්ය උපාධියකින් පිදුම් ලද ආචාර්ය ක්‍රිශාන්ත ෆෙඩ්‍රිකයන්‍ට කළ හැක (ඔහු ඇමරිකාවේ තැන තැන සරමින් කරන පොටෝ ගැහිලි අවසන් වූ පසු).

මීට දින කිහිපයකට පෙර අපේ ගෙදර තෑග්ගක් ලෙස ලද විශාල කෙසෙල් ඇවරියක් විය. කුටුම්භ කඩලිකා පරිභෝජනය පහල මට්ටමක පවතින නිසා, මේ ඇවරියෙන් වැඩි කොටස කාට හෝ දිය යුතු යී මා සිතුවේ, නැතහොන් ඉතිරිය නිරපරාදේ කුණු වී යන නිසා ය. අපගේ නිවෙස් පිහිටි කොටසේ අපද්‍රවය ඉවත් කරන, අපගේ නිවෙස ඉදිරිපිට කොටස් අතු පතු ගාන, නගර සභාවේ කම්කරුවෙකුට කෙසෙල් ඇවරිය දිය යුතු යී මම සිතුවෙමි. මේ කම්කරුවෝ බංගලදේශී සංක්‍රමණිකයෝ වෙති.

 

මා සමග නිතර සිනාවෙන, ගුඩ් මෝර්නින් බ්‍රදර්, කියන ප්‍රියමනාප තරුණයෙකුට මම කෙසෙල් ඇවරිය දුන් විට. ඔහු තුටු  මුහුණෙන් 'ෂගෝර්.. ෂගෝර් .." කියා ගිගුළේ ය. මම ටියබ්-ලයිටිත ව සිටියෙමි. ඉන්පසු තරුණයා, මට ඔහුගේ පෝනයෙන් බංග්ලා-ඉංග්‍රීසි පරිවර්තනය ගෙන පෙන්වූයේ ෂගෝර් යනු බංග්ලා බසින් කෙසෙල් බව ය. ඉන් පසු ව තරුණයා, ඔහුගේ පසුම්බිය ඇද, ඉන් ඔහුගේ වර්ක්-පර්මිටය පෙන්වමින් කීවේ 'මයි නේම් ඔල්සෝ ෂගොර්, බ්‍රදර්" කියා ය. ඇත්ත, වර්ක්-පර්මිට කාඩ්පතේ ඔහුගේ නම ලෙස සඳහන් ව තිබුණේ Shagor ය.     

 

අද උදේ මට ෂගෝර් මුන ගැසුණේ මා උදේ ව්‍යායාම කර එන අතර ය. ඔහු අප නිවෙස අසල ඇති මිනී-මාර්ටය අසල සිටි අතර, ශගොර් කීවේ පොඩි රෙස්ට් එකක් ගන්න ආ බවත් කෝපි කෝප්පයක් මිනී-මාර්ටයේ මැෂිමෙන් ගන්නා බව ය. "වේට් වේට් ඩෝන්ට් බයි" , මා කටින් ද අතින් ද කියා, හනිකට ගෙදර අවුත් අප දෙදෙනාට ම කෝපි කෝප්ප දෙකක් හදා ගෙන ආවෙමි. කෝපි බොන ගමන් ෂගොර්, මට ඔහු ගැන විස්තර ටිකක් කැඩුණු ඉංග්‍රීසියෙන් නමුත් පැහැදිලි සන්නිවේදනයකින් කීවේ ය. ඔහුගේ වයස විසි එකකි. ෂගොර් ගේ පියා මට වඩා අවුරුදු හතරක් බාල ය. ඔහුගේ වැටුපත්, ඊට අමතර ව අසල්වැසියන්ගෙන් ලැබෙන ටිප් ප්‍රමාණයත්, එක්කාසු කරන කුණු අතර ඇති ඇලුමිනියම්, යකඩ හා කඩදාසි විකුණා ඔහු උපයන අමතර ආදායම ගැන විස්තර කියන විට මේ තරුණ කම්කරු තරුණයා කොතරම් දක්ෂ මුල්‍ය සැලසුම්කරුවෙකු ද කියා මට සිතිණි.

අප කතා කරමින් සිටින විට, මගේ බිරිඳත් පුතාත් කාර් පාර්කයෙන් මතු වුණේ මැක්දොනල්දයෙන් පෑන් කේක් හා හැෂ් බ්‍රවුන් උදේ කෑමට ගෙන එන ගමන් ය. නෝනා මටත් ශාගොර්ටත් හැෂ්-බ්‍රවුන් දෙකක් දී, අපගේ කතාවට ටික වෙලාවක් සම්බන්ධ ව සිට, ගෙදර යන්නට පෙර (පොඩි අය බඩගින්නේ පෑන් කේක් කන්න බලා සිටින නිසා) මේ පින්තූරය ද ගත්තා ය.

IMG 20230501 WA0003

 

Udan fernando(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com

(ෆේස්බුකයේ,  මැයි 1, දින, උදන් ප්‍රනාන්දු විසින්, පෝස්ටු ගත කළ සටහනකි.)



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...