The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගොඩ දාන්නේ මේ ශ්‍රී ලංකාවද? - (කුසල් පෙරේරා)

T

The Leader Desk

May 1, 2023 • 2:39 PM

ගොඩ දාන්නේ මේ ශ්‍රී ලංකාවද? - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිතන්න පුළුවන්ද එක අවුරුද්දක අවුරුදු 16 ට අඩු බාල වයස්කාර දැරිවියන් 56,783 ක් දූෂණය කරන රටක්?
  • තව තවත් කරදර ඇතිවෙයි, බාල්දුවට ලක්වෙයි කියන බයට.
  • මේ ගැන ළමා ආරක්ෂක අධිකාරය පියවර ගනු ඇතැයි සිතීමත් විහිළුවක්.
  • නමුත් කාන්තා සංවිධාන, ළමා අයිතීන් සුරැකීමේ සංවිධාන, මානව හිමිකම් සංවිධාන, ගුරු සංගම්, මාධ්‍ය හා මාධ්‍යවේදීන් නිසි අවධානයක් යොමු නොකිරීමත් බරපතල ප්‍රශ්නයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

හිතන්න පුළුවන්ද එක අවුරුද්දක අවුරුදු 16 ට අඩු බාල වයස්කාර දැරිවියන් 56,783 ක් දූෂණය කරන රටක්?

ළමා හිංසන 90,400 ක්? මේ ලැබුණු පැමිණිලි සංඛ්‍යා පමණයි. බොහෝ දූෂණ, අතවර, අපයෝජන පැමිණිළි කෙරෙන්නේ නැහැ. තව තවත් කරදර ඇතිවෙයි, බාල්දුවට ලක්වෙයි කියන බයට.

මේ සංඛ්‍යා කියන්නේ ශිෂ්ට, ශීලාචාර සමාජයක කතාවක් නෙවෙයි.

මේ ගැන ළමා ආරක්ෂක අධිකාරය පියවර ගනු ඇතැයි සිතීමත් විහිළුවක්. නමුත් කාන්තා සංවිධාන, ළමා අයිතීන් සුරැකීමේ සංවිධාන, මානව හිමිකම් සංවිධාන, ගුරු සංගම්, මාධ්‍ය හා මාධ්‍යවේදීන් නිසි අවධානයක් යොමු නොකිරීමත් බරපතල ප්‍රශ්නයක්.

එළෙස නිහැඬියා තිබුණත් මේ ශ්‍රී ලංකාව ශිෂ්ට, ශීලාචාර දේශයක් ලෙස නැවත දකින්නට කැමැත්තක් ඇත්නම්, මේවා පුළුල් සමාජ කතිකාවකට ගැනීම අනිවාර්ය කාර්යක්.

මේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කළ “බරපතල අපරාධ සංක්ෂිප්ත ප්‍රකාශනය - 2019 වසර” වාර්තාවෙන් උපුටා ගත් සංඛ්‍යාවන්ය. (එය 2021 මැයි මස දක්වා පොලිස් වෙබ් අඩවියේ තිබිණ)

වයස අවු. 16 ට වැඩි ස්ත්‍රීන් දූෂණය - 1,674

වින්දිතයාගේ කැමැත්තෙන් තොර (වයස අවු. 16 ට අඩු) නෛතිකව සැළකෙන ස්ත්‍රී දූෂණ - 56,783

වින්දිතයාගේ කැමැත්ත ඇතිව වූවත් (වයස අවු. 16 ට අඩු) නෛතිකව සැළකෙන ස්ත්‍රී දූෂණ - 10,765

(බාල වයස්කාර දැරිවියන් ලිංගිකව සේවනය කිරීමේදී ඔවුන්ගේ කැමැත්ත නෛතිකව වලංගු නැත)

ලිංගික ළමා අපචාර - 256

ළමා හිංසන - 90,400

අස්වාභාවික අපරාධ/බරපතල ලිංගික අපයෝජන - 8,921

kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com


(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...