The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මාධ්‍යවේදීන් නිදහසක් නැහැ ! - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

May 5, 2023 • 5:11 PM

මාධ්‍යවේදීන් නිදහසක් නැහැ ! - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයේ සමහර සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටවල්වල මාධ්‍යවේදීන් නිදහස් වුණාට බොහෝ රටවල මාධ්‍යවේදීන්ට නිදහසක් නැහැ.
  • නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් නැහැ.
  • විශේෂයෙන්ම ආසියාවේ රටවල්වල මාධ්‍යවේදීන්ට ඇත්ත කතා කිරීමේ නිදහසක් නැහැ.
  • මැද පෙරදිග රටවල්වල මාධ්‍යවේදීන්ට නම් නිදහසක් ඇත්තේම නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

 



ලෝකයේ සමහර සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටවල්වල මාධ්‍යවේදීන් නිදහස් වුණාට බොහෝ රටවල මාධ්‍යවේදීන්ට නිදහසක් නැහැ. නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් නැහැ. විශේෂයෙන්ම ආසියාවේ රටවල්වල මාධ්‍යවේදීන්ට ඇත්ත කතා කිරීමේ නිදහසක් නැහැ.



 මැද පෙරදිග රටවල්වල මාධ්‍යවේදීන්ට නම් නිදහසක් ඇත්තේම නැහැ. මතකද 'කෂෝගි' ට වෙච්ච දේ. දූෂිත දේශපාලනයක් පවතින රටක කොහොමටවත් මාධ්‍ය නිදහසක් නැහැ.

ආර්ජන්ටිනාවේ 'ජූලියස් පූචික්' ට අත්වුණ ඉරණම අපි කාටත් මතකයි. ඇත්ත කතා කරන්න ගිහිං ජීවිතයෙන් වන්දි ගෙවුව 'ජුලියස් පුචික්' ඇත්ත වෙනුවෙන් ජීවිතය නැති කරගත්තු පළමුවැනි මාධ්‍යවේදියාත් නෙමෙයි. අන්තිම මාධ්‍යවේදියාත් නෙමෙයි.

දූෂිත පාලකයින් සහ මාධ්‍යවේදීන් අතර ගැටුම සර්වකාලීනයි. සර්ව්‍යාපීයි.

අපේ රටේත් ඇත්ත වෙනුවෙන් දූෂිත දේශපාලනයට එරෙහිව පෑනෙන් අරගල කරපු බොහොමයක් මාධ්‍යවේදියො ජීවිතවලින් වන්දි ගෙවලා තියෙනවා. ජීවිත අහිමිකරගෙන තියෙනවා.

dcghdfty

රිචඩ් ද සොයිසා, ලසන්ත වික්‍රමතුංග, රෝහණ කුමාර, ප්‍රේමකීර්තිද අල්විස්, සුරේන්ද්‍ර, නිමලරාජන් වැනි බොහෝදෙනෙක් තමන්ගේ ජීවිත පූජා කළේ සත්‍යවාදි මාධ්‍යකරණයේ නිරත වූ නිසා. ඒ වගේම නොමැරී මරණීය තුවාල සිද්ධ කරගෙන රට අතහැර ගිය මාධ්‍යවේදීනුත් එමටයි.



ජනතා අරගලයකින් මීට වසරකට ඉහත දී  පලවා හරින  ලද හිටපු  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේදී ඝාතන සහ පැහැරගැනීම් ඇතුළු පීඩාවලට රට තුලදී ලක්වූ මාධ්‍යවේදීන් ගණන 44 ක් බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසින් සම්පාදනය කරන ලද වාර්තාවක දැක්වේ. ඉන් වැඩි ප්‍රමාණයක් උතුරේ දෙමළ මාධ්‍යවේදීන්ය. ඔවුන් කිසිවෙකුටත් මේ තාක් යුක්තිය ඉටු වී නොමැත.

මාධ්‍යවේදින්ට යුක්තිය, සාධාරණත්වය ඉෂ්ඨවන දවසක් එකව නම් එන්නේ ජනතාවට ආදරය කරන ජනතාවාදී පාලනයක් අපේ රටේ ස්ථාපිත වුනොත් විතරයි. ඒත් ඒක හිනයක් බවට පත් කරගන්නේ අපේ රටේ ජනතාවම මිස වෙනින් කවුරුවත් නෙමෙයි.



නිවැරදි මිනිසෙකු තමන්ගේ පාලකයා කරගන්නේ නැති තාක් කල් තමන් රැවටෙන බව ජනතාව හදුනාගන්නේ නැති නිසාම ජනතාව රැවටෙමින් තෝරාගන්නෙන්ම වැරදි පාලකයින් තමයි.



දැන් මේ ගේන්න හදන ප්‍රතිත්‍රස්ත පනතින් මාධ්‍යවේදින්ට කතා කරන්න තියෙන අන්තිම ටිකත් නැති වෙන බවට නැගෙන චෝදනාවල ඇත්තක් නැතිවෙන්නත් බැහැ. මොකද ගින්නක් නැතිව දුමක් නැගෙන්නෙ නැති හින්දා.

පාලකයෝ වැරදි කළාම ඒ වැරදි පෙන්නන්න විවේචනය කරන්න ශුද්ධ වු අයිතියක් මාධ්‍යවේදීන්ට තියෙනවා භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අර්ථගැන්වෙන්නේ ව්‍යවස්ථාව ඇතුලෙ වුනාට ඒ අර්ථ ගැන්වීම මොනතරම් ඵලදායිද කියලා හොයන්න අමුතුවෙන් ගවේෂණ අවශ්‍ය නැහැ.



''සෑම දෙයකම සම්පත සහ ආරක්ෂකයා මතකයයි'' කියලා 'සිසේරෝ ˜ කියලා තිබුනට අපේ ජනතාවට නැත්තෙත් ඒ මතකයම තමයි. ඒ නිසාම ඒ සම්පත වගේම ආරක්ෂකයා ජනතාවට අහිමිවෙලා තියෙනවා පිලීපීනයෙන් පන්නලා දාපු මාකෝස්ගේ පුතාට ඊට දශක ගණනාවකට පස්සේ පිලීපීනයේ ජනතාව බලය දෙන්නෙ තාත්තා කරපු දෙය පුතා නොකෙරුවොත් ඌ නොට්ටිගෙ පුතාය කියන කියමන අමතක කරලා.



ඒ විදිහට බැලූවම ආපෙන් කවදාහරි දවසක ගෝඨාභය, රජ පුටුවේ ඉන්දවන්න ජනතාව පෙළ ගැසුනොත් ඒ ගැන පුදුමවෙන්න එපා. මෙතන 'සිසේරෝ' ගෙ කීම තඹේකට මායිම් කරන්නෙ නැති ජනතාවන් අපේ රටේ ඉන්න හින්දා.

මතකය අමතක නොකරණ සුවිශේෂීම කොටසක් තමයි මාධ්‍යවේදියා කියන්නෙ. ඒ මාධ්‍යවේදියා ජනතාවට මතක් කරලා දුන්නත් පැරණි කතා, වගේ වගක් නැතුව හරියටම නිර්වින්දනය වෙච්චි මිනිස්සු වගේ ප්‍රතික්ෂේප කරපු එවුන්ට අයෙත් බලයට ගේන්න තරම් දීන වෙලා තියෙනවා.



 ජනතාවට සාපේක්ෂව මාධ්‍යවේදීන් ප්‍රගතිශිලියි. මාධ්‍යවේදින් ඉන්නෙ ජනතාව ඉස්සරහින්. ආණ්ඩු  බලය නැති වුනාට, හමුදා බලය නැති වුනාට මාධ්‍යවේදින්ට තියෙනවා සිවිල් බලයක්. ඒත් ඒ සිවිල් බලය හරි හැටි තේරුම් නොගත්තු මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා අයත් ඉන්නවා.



මාධ්‍යවේදින් අතරේ පුවත්පත් කලාවේදියෝ සුවිශේෂයි. පුවත්පත් කලාවේදියා කියන්නෙත් මාධ්‍යවේදියක් තමයි. මාධ්‍යවේදියා කියන්නෙ මාධ්‍යය කිහිපයකම නිරතවන පුද්ගලයෙක්.

මාධ්‍ය ක්ෂේත්‍රයට එන අලූත්ම ලේඛකයෝ ගැන 'සැමුවෙල් ජොන්සන්' මෙහෙම කියනවා.



''අලූත් ලේඛකයෙක් කියන්නෙ තමන්ගේ ලාභයම පිණිස නිවසේ සුවපහසු මෙන් වැතිරි සිටින සදාචාර ගුණයෙන් තොර මිනිසෙක්''



ඒක ඇත්ත නොවෙන්නෙ ඒ අලූත් ලේඛකයා කාලයාගේ ඇවෑමෙන් පරිණත වෙලා වියපත් වෙලා බහුශ්‍රැත වෙලා සැබෑ මාධ්‍යවේදියෙක්, පුවත්පත් කලාවේදියෙක් බවට පත් වුණාමයි.

ඒ නිසා නව පරපුරේ පුවත්පත්කලාවේදියො අද වගේ නිදහස් මාධ්‍යවේදීන්ගේ දවසක හිතන්න ඕන සත්‍යය වෙනුවෙන්ම පෙනි සිටින්නට ඕනෑය කියන එක. නිදහස් මාධ්‍යවේදීන්ගේ දවසේ මතක් කරන්න ඕනෑ දෙයක් තියෙනවා. ඒ මෙයයි.

''සිදුවීම් දෙසට ඔබේ දෑස යොමුකළ යුත්තේ හෘදය සාක්ෂියේ දැක්මෙන් යුතුවය.''



mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...