The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මනස් දිවිසැරිය - කේ. කේ. සමන් කුමාර

T

The Leader Desk

May 6, 2023 • 3:40 PM

මනස් දිවිසැරිය  - කේ. කේ. සමන් කුමාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රෙඩ්රික් එංගල්ස් සොබාදහමේ දයලෙක්තිකය අදින් සියවසකටත් පෙරාතුව අපරදිග දාර්ශනික තාරකාවක් විසින් කරන ලද මේ සඳහන විද්‍යාව තව දුරටත් නව ඉසව් සොයමින් ඉදිරියට යද්දී අපරාජිත, අකාලික වූවක් බවට දිනෙන් දිනම පත් වෙමින් තිබේ.
  • එහෙත් ඒවා ඇතැම්විට ගැඹුරු යථාර්ථයන් ගැබ් කොට ගත් කතාන්දරයන්ය.
  • මිනිස් මනස පිළිබඳ බුදුදහමේ අභිධර්ම පිඨකයේ එන විග්‍රහයන් නූතන බටහිර මනෝ විද්‍යාව මෙන්ම මනෝවිශ්ලේෂණය ඉක්මවා යන පෘථුල බවකින් යුතුය.
  • නූතන ප්‍රතිසංස්කෘතික චින්තකයකු වන භගවාන් ශ්‍රී රාජිනීෂ් ‘බුදුවරුන්ගේ මනෝ විද්‍යාව’ පිළිබඳ සිය විග්‍රහයන් තුළ අපරදිග මනෝ විද්‍යාව ස්ථර තුනේ මනෝ විද්‍යාවක් බවත්, පෙරදිග මනෝ විද්‍යා සම්ප්‍රදානනයන් ස්ථර හතක් දක්වා විහිදෙන බවත් දක්වයි.
අකුරු ප්‍රමාණය (Font Size):
-ප්‍රෙඩ්රික් එංගල්ස්
සොබාදහමේ දයලෙක්තිකය

අදින් සියවසකටත් පෙරාතුව අපරදිග දාර්ශනික තාරකාවක් විසින් කරන ලද මේ සඳහන විද්‍යාව තව දුරටත් නව ඉසව් සොයමින් ඉදිරියට යද්දී අපරාජිත, අකාලික වූවක් බවට දිනෙන් දිනම පත් වෙමින් තිබේ.
සියළු මානව සමාජ තම සම්භවය පිළිබඳව සම්භව මිත්‍යා ගොඩ නගා තිබේ. තමා වටා වන ලෝකය, සොබාදහම මෙන්ම තමාගේ ස්වභාවය, පැවැත්ම වටහා ගන්නට විවිධ කතාන්දර ගොඩ නගා තිබේ. ඒ බොහෝ ඒවා කතාන්දරවලින් එහාට ගමන් නොකරයි. එහෙත් ඒවා ඇතැම්විට ගැඹුරු යථාර්ථයන් ගැබ් කොට ගත් කතාන්දරයන්ය.
 
 
විශ්වයේ බිහිවීම පිළිබඳව වන නූතන විද්‍යාත්මක සොයා ගැනීම්, කාලයේ හා අවකාශයේ ස්වභාවය පිළිබඳව සාපේක්ෂතාවාදී විග්‍රහයන්, පදාර්ථයේ ස්වභාවය පිළිබඳව ක්වොන්ටම් භෞතික විද්‍යාවේ විග්‍රහයන්, මහා වියවුල් න්‍යාය, ද්විත්ව සිදුරු පරීක්ෂණය, අවිනිශ්චිතතා මූලධර්මය, අඳුරු- ප්‍රති පදාර්ථ ආදී න්‍යායික භෞතික විද්‍යා විවරණයන් මෙන්ම සොයා ගැනීම් විශ්වය පිළිබඳ බුදුදහමේ පැහැදිළි කිරීම් සමග සමපාත වනු දකිත හැකිය. ජීවයේ සම්භවය පිළිබඳව පරිණාමවාදයේ, ජාන විද්‍යාවන්ගේ නව සොයා ගැනීම් පවා එසේය.
 
මිනිස් මනස පිළිබඳ බුදුදහමේ අභිධර්ම පිඨකයේ එන විග්‍රහයන් නූතන බටහිර මනෝ විද්‍යාව මෙන්ම මනෝවිශ්ලේෂණය ඉක්මවා යන පෘථුල බවකින් යුතුය. නූතන ප්‍රතිසංස්කෘතික චින්තකයකු වන භගවාන් ශ්‍රී රාජිනීෂ් ‘බුදුවරුන්ගේ මනෝ විද්‍යාව’ පිළිබඳ සිය විග්‍රහයන් තුළ අපරදිග මනෝ විද්‍යාව ස්ථර තුනේ මනෝ විද්‍යාවක් බවත්, පෙරදිග මනෝ විද්‍යා සම්ප්‍රදානනයන් ස්ථර හතක් දක්වා විහිදෙන බවත් දක්වයි. සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ, උපරි පණ්ණාසකයෙහි ‘ධාතු විභංග සූත්‍රයෙ’හි හෝ සූත්‍ර පිටකයේම දීඝ නිකායේ, පාඨික වග්ගයේ, ‘අග්ගඤ්ඤ සූත්‍රයෙ’හි එන විග්‍රහයන් පවා අප වෙත අභිධර්ම පිඨකයේ එන ගැඹුරු විග්‍රහයන් සමග සුසංගත මානයක් විවර කරයි.

මේ අතරින් අග්ගඤ්ඤ සූත්‍රය මිනිස් මනස, ආශාවන් පිළිබඳව පමණක් නොව මේ මගුල් සක්වළෙහි ආරම්භය, ලෝකෝත්පත්තිය, සත්වයාගේ හා මිනිසාගේ බිහිවීම, ස්ත්‍රීපුරුෂ බව ඇතිවීම මෙන්ම ශිෂ්ටාචාරයේ හා රාජ්‍යයේ- මනුසම්මත රජුගේ බිහිවීම ද විටෙක දෘෂ්ඨාන්තමයවත්, ඒ ඉක්මවා යන පෙරදිග විශ්වවේදයක් හා පුරාකෘතික සම්භවවේදයක් තුළිනුත් දක්වයි.
344832755 706236471254353 7786485816637478972 n
 
‘මනස් දිවිසැරිය’ 2023 තුළ අග්ගඤ්ඤ සූත්‍රයේ එම විග්‍රහය අපරදිග පසු නූතන විශ්වවේදය හරහා, නවමු විද්‍යාත්මක ඥාණය හරහා යාවත්කාලීනව ඔබ හමුවට එයි.

ප්‍රාදේශීය සංස්කෘතික ක්‍රියාධරයන් ලෙස දශකයකටත් පෙර මහල්වරාවේ වෙසක් පහන් කූඩුවක් නිර්මාණය කරන්නට එකතු වූ තරුණ තරුණියින් පොකුරක් විවිධ සමාජ කළබැගෑනි, ජීවිතවල විවිධ සළාවැටුම්, ආර්ථික, සංස්කෘතික හා චින්තනමය වශයෙන් සිදුවූ මහා පෙරළි මැද දිගු ගමනක් ගියහ.
ඔවුහු ප්‍රාදේශීය බිත්තර කටු බිඳ දමා, ජාතික, ආගමික, සංස්කෘතික සීමාවන් ඉක්මවා යමින් ජාතික තලයේ බහුත්වවාදී, විකල්ප මෙන්ම පර්යේෂණාත්මක සංස්කෘතික සම්ප්‍රදායයක් රටට හඳුන්වා දුන්නෝය.
 
ඒ සඳහා තෝතැන්නක් වන විෂම කතිකාමය සංස්කෘතික අවකාශයක ආදර්ශනයක් මේ මහපොළව මත ස්ථාපිත කළහ. ලාංකීය සංස්කෘතික ඉතිහාසය තුළ දිනෙන් දින යාවත්කාලීන වන නිර්ප්‍රභූ, සංස්කෘතික ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය බවට පසුගිය දශකය පුරාවටම එය පත් විණි.
344764326 1169972177021483 4689946075232157994 n
මින් පෙර ‘මනස් දිවි සැරිය’ නමින් මිනිසාගේ අක්මුල් සොයා, මිනිස් මනසේ මානයන් අතරින් ඇවිද යාමට මුල් පියවර තැබූ ඔවුන් නිහඬවම යළිදු ඒ ගමන අරඹා ඇත. 2022 වසරේ ඔවුනගේ සංස්කෘතික පැනොරාමාව වූ ‘ගැබක’ තුළද මෙම ජීවිතය, එහි සත්තාව මෙන්ම එහි සාරය පිළිබඳ අවලෝකනයන් දකිත හැකි විය.
 
බුදුදහම දිට්ටියක් බවට පත් කොට, භක්තිවාදයක් බවට පත් කොට තිබෙන ජනප්‍රිය බුදුදහම තවදුරටත් අපගේ කාලීන හෝ සර්වකාලීන ජීවන, සමාජ සංස්කෘතික අවශ්‍යතා ස්පර්ශ නොකරන අතර අපට ජීවිතාවබෝධය හෝ අධ්‍යාත්මික විමුක්තිය ගෙන එන්නේ නොවේ. බමුණන්ට එරෙහිව බුදුන් වදාළ දහම තවත් බමුණු දහමක් බවට පත් කොට ඇති මෙම වාතාවරණය තුළ මෙවන් උත්සාහයන් හරහා සාධනීය සාමාජීය කාර්යභාරයක් පැහැදිළිවම ඉටු කෙරේ.
මානව ඉතිහාසය, පරිණාමය හා පැවැත්ම පිළිබඳ මේ වන විට සම්භාවනාවට පත් චින්තකයකු වන යුවාල් නොආ හරාරි මෙසේ සඳහන් කරයි:
 
B3 BU806 harari M 20180918161911

‘...අද දවසේ අධිපති ආගම නම් පාරිභෝගිකවාදයයි. මානව ඉතිහාසයේ පළමු වතාවට අධිපති ආගමක ක්‍රියාකාරිකයන්ගෙන් බහුතරය තම ආගම නිවැරදිව පුහුණු කරනු අප අද අත්දකින්නෙමු. ඉතිහාසයෙන් වැඩි කලක් ක්‍රිස්තියානුවන් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් පිළි පැද්දේ නැත. ඉතිහාසයෙන් වැඩි කලක් බොදුනුවන් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පිළි පැද්දේ නැත. අනෙකුත් ආගම් සම්බන්ධයෙන්ද මෙය එසේමය. නමුත් දැන්,... අද අපට පාරිභෝගිකවාදයේ ආගම එහි ක්‍රියාකාරිකයන්ගෙන් බහුතරයක් නිවැරදිව භාවිතාවේ යොදනු දකිත හැක. දිගින් දිගටම පරිභෝජනය කරමින්, සතුට ලබා ගැනීම උදෙසා භාණ්ඩ හා සේවාවන් යළි යළිදු පරිභෝජනය කරමින්ද ඔවුන් නියත වශයෙන්ම තමන්ගෙන් ඉල්ලන දෙය කරන්නට සැදී පැහැදී සිටිති’ - යුවාල් නොආ හරාරි
 
KK
 
 
 
 
 
 
 

කේ. කේ. සමන් කුමාර
ලේඛක
 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...