The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

හිට්ලර් ගැන දන්නවා වුනාට ලෙනින් ගැන දන්නෙ නෑ නේද? - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

May 7, 2023 • 8:13 AM

හිට්ලර් ගැන දන්නවා වුනාට ලෙනින් ගැන දන්නෙ නෑ නේද? - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියානු විප්ලවයෙන් පස්සෙ ව්ලැද්මීර් ලෙනින්, එයා තමයි රුසියානු කොමිනිස්ට් පක්සෙ නිර්මාතෘ, රුසියාවෙ පාලනය අතට ගන්නවා.
  • ගුලාග් කියන රැඳවුම් කඳවුරු සිස්ටම් එක 1919 පටන් ගන්නෙ ලෙනින්.
  • අපරාධකරුවන් සහ දේශපාලන හිරකරුවන් එකට මේවා ඇතුලෙ ඉන්නෙ.
  • ගණනය කිරීම් හැටියට හැම අවුරුද්දකම ගුලාග් රැඳවියන්ගෙන් 10%ක් මරාදානවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

1917 රුසියානු විප්ලවයෙන් පස්සෙ ව්ලැද්මීර් ලෙනින්, එයා තමයි රුසියානු කොමිනිස්ට් පක්සෙ නිර්මාතෘ, රුසියාවෙ පාලනය අතට ගන්නවා.
ගුලාග් කියන රැඳවුම් කඳවුරු සිස්ටම් එක 1919 පටන් ගන්නෙ ලෙනින්. 1921 වෙද්දි කඳවුරු 84ක් හදනවා. ගුලාග් කියන්නෙ මේ සිරකඳවුරු පාලන අධිකාරිය.

මේ ගුලාග් කඳවුරුවලට දාන්නෙ ඉතා සරුවට තමන්ගේ ගොවිබිම් කරපු ගොවියන්. ඒ අයට කිව්ව කුලාක්වරු කියල. මේ ගොවියො රුසියාවෙ සමූහ ගොවිපොල ක්‍රමයට විරුද්ද වෙනවා. තමන්ගේ පුද්ගලික ගොවිබිම් ආන්ඩුවට දෙන්න වෙන එකට.

 

 85412049 gettyimages 170984888

 

මේ ගුලාග් කඳවුරු හොඳටම කරගෙන යන්නෙ ලෙනින්ගෙ ළගම සහචරයා ස්ටාලින්ගෙ කාලෙදි. තමන්ගේ දේශපාලන අදහසට විරුද්ධ නිසා අත්අඩංගුවට ගන්නා මේ සිරකරුවන්ව තමයි රුසියාවෙ විශාල නිෂ්පාදනයන්ට, ඉදිකිරීම් සහ පතල් කැනීම් ආදියට යොදවන්නෙ. මොස්කව්-වොල්ගා කැනල් එක ආදී විශාල රුසියානු ව්‍යාපෘති කරවන්නෙ මේ ගුලාග් රැඳවියන්ව මරවමින් වැඩ අරං.

 

මේ අය සීතලේ දවස් ගනං කිසි හව්හරණක් නැතුව වැඩ කරනවා. සමහර පතල් හාරන්න වෙන්නෙ මේ අයට අත්වලින්. මේ වැඩවලින් ගැලවෙන්න සමහර රැඳවියන් තමන්ගේ අත් උදුනට දාලා පුච්ච ගන්නවා. මේ කඳවුරුවල ප්‍රචන්ඩත්වය තමයි පාලනය කියන්නෙ. අපරාධකරුවන් සහ දේශපාලන හිරකරුවන් එකට මේවා ඇතුලෙ ඉන්නෙ. උන් උන් මරාගන්නවා. කෑම්ප් එකේ ගාර්ඩ්ලා මේ මිනිස්සුන්ට කිසි ගානක් නැතුව වෙඩි තියලා මරලා දානවා. ගණනය කිරීම් හැටියට හැම අවුරුද්දකම ගුලාග් රැඳවියන්ගෙන් 10%ක් මරාදානවා. මිලියන 14කට ආසන්න ප්‍රමාණයක් මිනිස්සු මේ කඳවුරු වල සිරගත කරනවා.

 

gulag

ලෙනින්ගේ නීතියෙ හැටියට කෙනෙක්‍ ද්‍රෝහියෙක් විදිහට නම් කලොත් එයාගෙ පවුලෙ අය අවුරුදු 5-8 දක්වා මේ රැඳවුම් කඳවුරක වැඩ කරන්න ඕන. ගුලාග් කඳවුරු අවසන් වෙන්නෙ ස්ටැලින්ගෙ මරණයෙන් පස්සෙ. ඒත් ඒවා සම්පූර්ණයෙන් නැති වෙන්නෙ නෑ. ප්‍රජාතන්ත්‍රවාදී ඇක්ටිවිස්ට්ලා, සෝවියට් ජාතිකවාදයට විරුද්ධ වෙන අයව 70-80 වෙනකල් මේ හිරගෙවල්වල දානවා. 87දි ගොර්බචොව්, එයා මේ ගුලාග් රැඳවියෙකුගේ මුනුපුරෙක්, එයා තමයි මේ කඳවුරු සම්පූර්ණයෙන් අයින් කරලා දාන්නෙ.

මේ කඳවුරු වල සිදුවුනු කිසි දෙයක් වාර්තා වෙන්නෙ නෑ. හිට්ලර්ගෙ සමූලඝාතන ගැන පිංතූර හෝ චිත්‍රපට හෝ තිබුනත් රුසියානු ගුලාග් කඳවුරු ගැන කිසිවක් ජනතාවට දැනගන්න තියන්නෙ නෑ.

345844186 1595010260983915 2922155280960933455 n

1973 ගුලාග් ආර්කිපෙලාගො කියන පොත ලිව්වෙ නැත්තං මේ දේවල් ගැන සදහටම වසන් වෙන්න ඉඩ තිබුන. මේ පොත ලියන්නෙ රුසියානු ඉතිහාසඥයෙක් සහ ගුලාග් කඳවුරක ඉඳලා ජීවිතේ බේරගත්ත ඇලෙක්සැන්ඩර් සොල්සෙනිට්සින්. මේ පොත නිකුත් වෙන්නෙ අන්ඩර්ග්‍රවුන්ඩ් පබ්ලිකේෂන් එකක් විදිහට. සොල්සෙනිට්සින් නොබෙල් සම්මානලාභියෙක්. එයාව රුසියාවෙන් පිටුවහල් කරනවා 1974දි.  අද වෙනකලුත් මේ රුසියානු කඳවුරුවල දුක් විඳපු අය සහ ඒ අයගෙ පරම්පරාවල පසුකාලීනයො පවා මේ කඳවුරු ගැන කතා කරන්නවත් බයයි.

මේ සියල්ල ආරම්භ වෙන්නෙ ලෙනින් සහ බොල්ෂෙවික් විප්ලවය විසින් කළ මර්දනය තුලින් වග සොල්සෙනිට්සින් ඉතාම පැහැදිලිව මේ පොතේ විස්තර කරනවා.
 
පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ පොත සිංහලට පරිවර්තනය කරන එක වටිනවා. මොකද අදත් ලෙනින්ලාගෙ පිංතූර ගහගෙන පෙලපාලි යන අය ගැන ජනතාව දැනගන්න ඕන නිසා. මේ අය ප්‍රාර්ථනා කරන රා‍ජ්‍යය කොයි වගේ එකක්ද කියල නිදර්ශනයක් අපිට ඉතිහාසයේ තියෙන නිසා.

මේ පොත කියවන කෙනෙක් මාක්ස් ලෙනින්වාදියෙක් ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතීන් සහ මිනිස් නිදහස ගැන කතා කරනකොට හිනාවෙන්නෙ කටින් විතරක් නෙමෙයි.



Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - faculty of sex

(උපුටා ගැනීම : Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...