The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රාජාභිෂේකයෙන් පසු තනිව පිටව ගිය හැරී කුමරු

T

The Leader Desk

May 7, 2023 • 11:11 AM

රාජාභිෂේකයෙන් පසු තනිව පිටව ගිය හැරී කුමරු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපදයේ සිටින තම බිරිඳ මේගන් නොමැතිව හැරී කුමරු රාජාභිෂේකයට පැමිණි අතර අනතුරුව ඔහු වහාම හීත්‍රෝ ගුවන් තොටුපල බලා පිටත්ව ගියේය.
  • උත්සවයෙන් පසු බකිංහැම් මාලිගයේ සඳලුතලයේ පෙනී සිටීමට හැරී කුමරුට ආරාධනා කර නොතිබූ බව බීබීසීය අවබෝධ කර ගෙන ඇත.
  • මිනිත්තු අනූවකට පමණ පසු, රජු සහ රැජින බකිංහැම් මාලිගයේ සඳලුතලයේ, පෙනී සිටියේ වේල්ස් කුමරු සහ කුමරිය ඇතුළු රාජකීය පවුලේ අනෙකුත් ක්‍රියාකාරී සාමාජිකයින් සහ ඔවුන්ගේ දරුවන් සමඟය.
  • හැරී කුමරු "ආචීගේ උපන්දිනය සඳහා නියමිත වේලාවට ආපසු යාමට සෑම උත්සාහයක්ම" දැරීමට අදහස් කරන බව එක්සත් ජනපදයේ Page Six වෙත මූලාශ්‍රයක් මීට පෙර අනාවරණය කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

එක්සත් ජනපදයේ සිටින තම බිරිඳ මේගන් නොමැතිව හැරී කුමරු රාජාභිෂේකයට පැමිණි අතර අනතුරුව ඔහු වහාම හීත්‍රෝ ගුවන් තොටුපල බලා පිටත්ව ගියේය.

උත්සවයෙන් පසු බකිංහැම් මාලිගයේ සඳලුතලයේ පෙනී සිටීමට හැරී කුමරුට ආරාධනා කර නොතිබූ බව බීබීසීය අවබෝධ කර ගෙන ඇත.

මතභේදාත්මක සිදුවීම් වලින් පසු ඔහු තම පවුලේ සාමාජිකයින් සමඟ ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාව මෙය විය.

එක්සත් ජනපදයේ සිට සිකුරාදා පැමිණි හැරී කුමරු දේව මෙහෙය අවසන් වී ටික වේලාවකට පසු තනිවම මෝටර් රථයකට ගොඩ විය.

 

hary 82

 

මිනිත්තු අනූවකට පමණ පසු, රජු සහ රැජින බකිංහැම් මාලිගයේ සඳලුතලයේ, පෙනී සිටියේ වේල්ස් කුමරු සහ කුමරිය ඇතුළු රාජකීය පවුලේ අනෙකුත් ක්‍රියාකාරී සාමාජිකයින් සහ ඔවුන්ගේ දරුවන් සමඟය.

හැරී කුමරුගේ බිරිඳ වන සසෙක්ස් හි ආදිපාදවරිය, ඔවුන්ගේ දරුවන් සමඟ ලොස් ඇන්ජලීස් හි රැඳී සිටි අතර, යුවලගේ පුත් ආචී කුමරු සිය සිව්වන උපන්දිනය සමරනු ලැබීය.

හැරී කුමරු "ආචීගේ උපන්දිනය සඳහා නියමිත වේලාවට ආපසු යාමට සෑම උත්සාහයක්ම" දැරීමට අදහස් කරන බව එක්සත් ජනපදයේ Page Six වෙත මූලාශ්‍රයක් මීට පෙර අනාවරණය කර තිබුණි.

 

hary 1 

රාජාභිෂේක උත්සවයේදී හැරී කුමරු පදක්කම් පැළඳ සිටි අතර ඔහු තම ඥාති සොහොයුරිය වන ඉයුජීනි කුමරිය සහ ඇගේ සැමියා වන ජැක් බෲක්ස්බෑන්ක් සමඟ තුන්වන පේළියේ අසුන්ගෙන සිටියේ ඔහුගේ මාමා වන යෝර්ක් හි ආදිපාදවරයා වන ඇන්ඩෘ කුමරු ද සමඟය.

ඉදිරිපස පේළි දෙකක් හැරී කුමරුට ඉදිරියෙන් අසුන්ගෙන සිටියේ වේල්ස් කුමරු සහ කුමරිය සහ ඔවුන්ගේ දරුවන් වන චාලට් කුමරිය, ලුවී කුමරු මෙන්ම එඩින්බරෝ ආදිපාදවරයා සහ ආදිපාදවරියයි.

පසුගිය වසරේ අභාවප්‍රාප්ත එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයේදී හැරී කුමරු වෙස්මිනිස්ටර් ඇබී හිදී අසුන්ගෙන සිටියේ රජුට සෘජුවම පිටුපසින් දෙවන පේළියේ ය.

හැරී කුමරු තනිවම රාජාභිෂේක උත්සවයට සහභාගී වන බවත් ඔහු රාජකීය පවුලේ ක්‍රියාකාරී සාමාජිකයෙකු නොවන බැවින් ඔහුට විධිමත් කාර්යභාරයක් නොමැති බවත් කලින්ම අනාවරණය වී තිබුණි.

ඇන්ඩෘ කුමරුට ද මෙවැනි ත්ත්වයකට මුහුණ පෑමට සිදුවිය.

 

harry 2

ඔහුගේ මතක සටහන් ප්‍රකාශයට පත් කළ දා සිට හැරී කුමරු සහ රාජකීය පවුලේ සෙසු සාමාජිකයන් අතර සබඳතා පළුදු විය.

මෙම කෘතිය මගින් පසුබෑම් සහ ඥාතීන් සමඟ ඇති නොගැලපීම් හෙළිදරව් කළ අතර එතැන් සිට ඔහු තම පවුලේ සෙසු අයට වඩා "වෙනස්" හැඟීමක් ගැන අදහස් දක්වා තිබුණි.

harry 3

 

මෙම ආරාධනය ප්‍රතික්ෂේප කිරීමට මේගන් ගත් තීරණය අඛණ්ඩ පවතින, නොවිසඳුණු පවුල් ආතතීන්ගේ කොටසක් ලෙස පුළුල්ව දක්නට ලැබුණි.

සිය දුරකථනය හැක් කිරීම සම්බන්ධයෙන් හැරී කුමරු පුවත්පත්වලට එරෙහිව නීතිමය පියවර ගැනීම නතර කිරීම සඳහා රජු උත්සාහ කළ බව පසුගිය මාසයේදී අනාවරණය විය.

අධිකරණ වාර්තා මගින් හෙළි කරන ලද සාක්ෂි ප්‍රකාශයක හැරී කුමරු කියා තිබුණේ, තමාව "බකිංහැම් මාලිගයට කැඳවූ" බවත් පවුලට ඇති වන බලපෑම නිසා නඩුව ඉවත් කර ගන්නා ලෙසට පැවසූ බවත්ය.

 

(මැට් මර්ෆි සහ ඇන්ඩ්‍රේ රොඩන්-පෝල්)
බීබීසී පුවත්

(BBC සිංහල සේවය)

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...