The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විමලෙගෙ කොලම : හෙන අප්සට් පොරක් ඇවිත්

T

The Leader Desk

May 8, 2023 • 3:05 PM

විමලෙගෙ කොලම : හෙන අප්සට් පොරක් ඇවිත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් ඉතින් ෂපාන් එකේ ඉන්න තියෙන්නෙ කියාය.
  • චාල්ස්, එරට රනිල් කියපු ජාතියේ කොල්ලෝ දෙන්නෙක් නොසිටීම ගැන තැවුලට පත් වෙද්දි රනිල් අලුත් රජා සතුටු කරන අදහසින් කීවේ ඒ උනාට king charles පට්ට වැඩ්ඩා, ඔය 70ට දෙකක්ම මැරි කරපු එකත් මාර වැඩක් කියාය.
  • king charles යමක් මතක් වී මෙන් ඇසුවේ ඇත්තටම රනිල් එකෙන්ම සෑහීමකට පත් වුණාද නැත්නම් වෙන සීන් කෝන් එකක් තියනවද කියාය.
  • රනිල් කීවේ ඇත්තම කියනවා නම් කිං චාල්ස් ලංකාවේ ගෑණුත් එක්ක ඔය වගේ වැඩ කරලා බේරුමක් නෑ, මෙහෙ වුණත් මට සැකයි princess diana හිටියනම් මෙතන කෙහෙවලු පටලවා ගන්නවාම තමයි කියාය.
අකුරු ප්‍රමාණය (Font Size):

දැන් ඉතින් ෂපාන් එකේ ඉන්න තියෙන්නෙ කියාය. රනිල් කීවේ මට ලැබුණේ නන්දසේන ගෝඨාභයගේ ආසනය, ඒක අල්ලං ඉන්න අමාරුව දන්නෙ මං විතරයි කියාය. අනතුරුව චාල්ස් කිව්වේ මෙහෙත් රජ පවුලට ආදරය කරන අය ඉන්නවා, වෛර කරන අයත් ඉන්නවා කියාය. රනිල් කිව්වේ එහෙත් එහෙමයි, වසන්ත මුදලිගේ තමයි දරුණුම වෛරක්කාරයා කියාය.රනිල් ඩබල් එකේම ඇසුවේ රජ වෙන්න අවුරුදු හැත්තෑවක් බලාගෙන ඉන්න වුණා නේද කියාය. චාල්ස් කිව්වේ ඔව් ඉතිං රැජින ස්වර්ගස්ථ වෙනකම්ම ඉන්න වුණා,

 

මෙහෙ ඉතිං එහේ වගේ අරගලයක් ආවේ නැහැනේ කියාය. රනිල් කීවේ ඉතිං අනුර දිසානායක, කුමාර් ගුනරත්නම් වගේ කොල්ලො දම්මලා මෙහෙත් struggle එකක් create කරන්න තිබුණනේ කියාය.චාල්ස් සිනා සිසී ඇසුවේ කවුද ඔය කියන youngsters ලා කියාය. රනිල් කීවේ එකෙක් ජාජබ නායකයා, අනෙකා පෙරටුගාමියා, ඔය යක්කු තමා ඉතින් මං රජ වෙනකම් අරගලයයි කියන අටමගලය කොහොමහරි අල්ලගෙන හිටියේ කියාය.

sesfdcd

චාල්ස්, එරට රනිල් කියපු ජාතියේ කොල්ලෝ දෙන්නෙක් නොසිටීම ගැන තැවුලට පත් වෙද්දි රනිල් අලුත් රජා සතුටු කරන අදහසින් කීවේ ඒ උනාට king charles පට්ට වැඩ්ඩා, ඔය 70ට දෙකක්ම මැරි කරපු එකත් මාර වැඩක් කියාය.

king charles යමක් මතක් වී මෙන් ඇසුවේ ඇත්තටම රනිල් එකෙන්ම සෑහීමකට පත් වුණාද නැත්නම් වෙන සීන් කෝන් එකක් තියනවද කියාය. ඒකට පිළිතුරක් නොදී රනිල් හිකි හිකි ගෑ අතර චාල්ස්ට ඇම්ඩන්ගේ කතා මතක් වී කීවේ වැඩිය හිකි හිකි ගාන්න එපා, වෙන නඩුවක් ඔප්පු වෙන්න පුළුවන් කියාය.

රනිල් කීවේ ඇත්තම කියනවා නම් කිං චාල්ස් ලංකාවේ ගෑණුත් එක්ක ඔය වගේ වැඩ කරලා බේරුමක් නෑ, මෙහෙ වුණත් මට සැකයි princess diana හිටියනම් මෙතන කෙහෙවලු පටලවා ගන්නවාම තමයි කියාය.

vzfsfs

මේ වෙලාවේ, රාජාභිෂේකයට ඇවිත් සිටි හැරී කුමරු කවුරු එක්කවත් වැඩි කතා බහක් නැතුව කාලා බීලා පනින්න යන වග දුටු රනිල් king චාල්ස්ගෙන් ඇසුවේ මිනිහා නම් හරි අමුතු පොරක් නේද, හරියට අපේ රටේ හිටපු සාලිය කුමාරයා වගේම තමයි කියාය. හැරීට සමාන කුමාරයෙක් ගැන කියවෙන නිසා who is සාලිය කියා ඇසූ කිං චාල්ස්ට රනිල් කීවේ මිනිහත් මාර මෑන් ගෑනිගෙ යටි පතුලෙ ඉදලා අඟලක් නෑර බාහිර අභ්‍යන්තර අවයව සේරම වර්ණනා කරලා අන්තිමට රජකමත් එපා කියලා අශෝකමාලාත් අරං පැන්නා කියා, සාලිරාජ වස්තුවේ එන කතාව විනාඩි දෙකෙන් චාල්ස්ට විස්තර කළේය.කල්පනාභරිතව මද වේලාවක් ගත කළ කිං චාල්ස් රනිල්ගෙන් ඇසුවේ ප්‍රින්ස් සාලිය ගියේ ඇත්තටම මිනිහට එතන වෙන මොකක් හරි advantage එකක් තිබුණ නිසා වෙන්න බැරිද කියාය. රනිල් කීවේ මොන පිස්සුද "ස්වර්ණ සාගරයෙන් පැන නැගි රන් බුබුළු දෙකක් හා සමාන වූ තෙල පෙනෙන පයෝධරයෝ" කිය කියා ඕක ගැන තමයි මෑන් පිස්සු වැටුණේ කියාය. ඇත්තටම අපේ එකාත් කිරුළ පවා දාලා ගියානේ කී, කිං චාල්ස් මුං දෙන්නට පයෝධරයි කිරුළයි දෙකම ටිකක් එක වගේ නිසා ලේසියෙන්ම බැලන්ස් කරගන්න තිබුණා,මෝඩ යක්කු කියා බැන වැදුනේය.


zcvsdf
ඩිෆිනීට්ලි කී රනිල්ගෙන් king charles එකපාරටම ඇසුවේ ඒක නෙමෙයි,දැන් කොහොමද මහින්ද රාජපක්ෂ කියාය. අද මිනිහා කඩල දන්සැලක් දෙනවා කී රනිල්ට චාල්ස් හක හක ගා ඔටුන්න හෙළවෙන ලෙස සිනා සිසී කීවේ කඩල නෙමෙයි, හරි නම් අද මිනිහා මුළු ලංකාවටම බුරියානි දන්සැලක් දෙන්න ඕනෑ කියාය.

රනිල් king charles ට ළංවී ඇසුවේ ඒක නෙමෙයි, මොකද මේ වැඩේට පුටින්ට ඉන්වයිට් නොකළේ කියාය.කිං චාල්ස් කීවේ අපෝ මිනිහා හෙන අප්සට් පොරක්, ඔය යක්සයා මෙතනට ඇවිත් "රාජාභිෂේකයක් නෑ, මොකද එහෙම එකක් westminster abbey එකෙන් කැඳවලා නෑ" කිව්වොත් එහෙම මාව ඒ උගුලෙන් බේරගන්න ශාන්ත එඩ්වඩ්ටවත් බැරි වෙනවා කියාය.

Wimalanath Weerarathna(විමලනාත් වීරරත්න)
නිදහස් මාධ්‍යවේදී

wimale.ravaya@gmail.com

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...