The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දේශප්‍රේමී හෙළුව හෙවත් සැඟවුණු කතාවේ සැඟවුණු කතාව -(මහිම සුජිව ගමගේ)

T

The Leader Desk

May 10, 2023 • 4:44 AM

දේශප්‍රේමී හෙළුව හෙවත් සැඟවුණු කතාවේ සැඟවුණු කතාව -(මහිම සුජිව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයේ ඇති වූ ආර්ථීක අර්බුදයෙන් අපේ රටේ මිනිස්සු හාමතේ තෙල් පෝලිම්වල මැරෙද්දි ඇමරිකන් විරෝධි දේශප්‍රේමියො හිටියෙ කොහේද?
  • පසුගිය අවුරුද්ද ජූලි 9 වැනිදා මිනිස්සු පාරට බැස්සෙ, ගොවියො, කම්කරුවො පාරට බැස්සෙ ජීවත්වෙන්න විදියක් නැතුව උහුලගන්න බැරි සාගින්දර එක්ක ඇවිලූනු කෝපයෙන් මෝඩ පාලකයින්ට එරෙහිව විරෝධය පාන්න.
  • එදා 9 සැඟවුණ කතාව පොත දොරට වැඩිය දවසෙ චීන තනාපති කාර්යාලයෙ අයටත් ආරාධනා කරලා තිබුණා.
  • උත්තර ලංකා සභාගය ආයෙමත් රාජපක්ෂ කඳවුරට හේත්තූ වුනොත් පුදුම වෙන්න එපා.
අකුරු ප්‍රමාණය (Font Size):


ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයේ ඇති වූ ආර්ථීක අර්බුදයෙන් අපේ රටේ මිනිස්සු හාමතේ තෙල් පෝලිම්වල මැරෙද්දි ඇමරිකන් විරෝධි දේශප්‍රේමියො හිටියෙ කොහේද? ගෑස් සිලින්ඩර් පිපිරිලා මිනිස්සු මැරෙද්දි මේ දේශප්‍රේමියො හිටියෙ කොහේද?

කිරි සප්පයින්ට කිරි කඳුලක් නැතුව අම්මලා හූල්ලද්දි මේ දේශප්‍රේමියො හිටියෙ කොහේද?

තෙල්, කිරිපිටි, ගෑස් විතරක් නෙමෙයි හාල්, පිටි, සීනි ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල නහුතයටම නගිද්දි මේ ඇමරිකන් විරෝධි දේශප්‍රේමියො හිටිය කොහේද?

gdsgdfg

අමන මෝඩ තීන්දු තීරණ නිසා ගොවියන්ට පොහොර ටික නැතුව වහ බොන තත්ත්වයට වැටෙද්දි, අම්මලා දරු පැටවු එක්ක ගංගාවලට පැනලා සියදිවි නසාගනිත්දි මේ දේශප්‍රේමියො හිටියෙ කොහේද?

ජාතිවාදය, ආගම්වාදය අවුස්සලා තමන්ට ඕන උන්ව සිංහාසනාරූඪ කරවන්න වේදිකාවල ඛෙරිහන්දීපු ඊනියා දේශප්‍රේමියො මන්න ආයිමත් රඟන්න පටන් අරගෙන.



පසුගිය අවුරුද්ද ජූලි 9 වැනිදා මිනිස්සු පාරට බැස්සෙ, ගොවියො, කම්කරුවො පාරට බැස්සෙ ජීවත්වෙන්න විදියක් නැතුව උහුලගන්න බැරි සාගින්දර එක්ක ඇවිලූනු කෝපයෙන් මෝඩ පාලකයින්ට එරෙහිව විරෝධය පාන්න. ඒ ජන විරෝධය පාලනය කරගන්න බැරි තරමට මහා ජන ගංගාවක් වුණේ කුමන්ත්‍රණයකින්ද? එදා සද්දෙ වහලා හිටපු දේශප්‍රේමියො අද පශ්චාත් මරණ පරීක්ෂණ කියලා පොත් ලියන්න පටන් අරන්. ඒක ඇමරිකානු ගිණුමට බැර කරන්න හදනකොටම ගොඩක් සන්තෝෂ වෙන්නෙ වෙනින් කවුරුවත් නෙමෙයි, චීනය.



විමල් වීරවංශ අවුරුද්දකට පස්සේ අරගලය ගැන ලියපු පොත කියවන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සතුටින් හිටිය හන්දා විමල් අත්සන් කරලම ජනපතිට ඒ පොත තිළිණ කරලා.

dfw

ඒ දවස්වල විමල් රනිල්ව දැක්කෙ 'දොන් ජුවන් ධර්මපාල'විදියට 'ලන්සි පැපොල්' විදියට,  'බුල් ක්ලින්ටන්' විදියට. විමල්ගෙ කඳවුර ඒ කාලේ රනිලව දැක්කෙ මිස්ට බීන් විදියට.

ඉතින් ඒ විමල්ම දැන් රනිල්ට ඇමරිකානු කුමන්ත්‍රණය ගැන ලියපු තෑගි කරලා. රාජපක්ෂ කඳවුරෙන් තාවකාලිකව විතැන් වුණු විමල් - වාසු - ගම්මන්පිල ත්‍රීශුලය  උත්තර ලංකා සභාගය හදාගෙන ආයිමත් සැරයක් රාජපක‍ෂ කඳවුරට වාසි විදියට දේශප්‍රේමි බයිලා ගහන්න පටන් අරගෙන.

එදා 9 සැඟවුණ කතාව පොත දොරට වැඩිය දවසෙ චීන තනාපති කාර්යාලයෙ අයටත් ආරාධනා කරලා තිබුණා. හැමදාමත් ඔය දේශප්‍රේමි කඳවුරේ හිටිය උන්නාන්සේලා ටිකත් එදා ඇවිත් හිටියා.

උත්තර ලංකා සභාගය ආයෙමත් රාජපක්ෂ කඳවුරට හේත්තූ වුනොත් පුදුම වෙන්න එපා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ අවුරුද්දේ කොහොමහරි ගේනවලූ ජනවාර්ශීක අර්බුදයට විසඳුම. ඒක තමයි ඔය විමල්ලගේ දේශප්‍රේමි කඳවුරට හපහප ඉන්න පුළුවන් නියම බයිට් එක.

රනිල් ඒක ගෙනාවම මේ දේශප්‍රේමි ඇත්තො ආයිමත් ගෝඨාභය වගේ විරුවෙක් ඉස්සරහට දාගෙන මහා දේශප්‍රේමි අරගලයක් පටන් ගනීද දන්නෙ නැහැ.
දේශප්‍රේමි නඩය බලාගෙන ඉන්නෙ රනිල් උස්සලා දුන්නම 'ඩෑෂ්' කරන්න.



ඔන්න ඇමරිකන්කාරයො කුමන්ත්‍රණ කරලා ගෝඨාභය එලවලා තමන්ට ඕන විදියට රූකඩ පාලකයෙක් ගේන්න හදනවයි කියාගෙන ආයිමත් සැරයක් හදන්නෙ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කතාවක් කරළියට ගෙනැල්ලා අලූත් විරුවා සිංහාසනාරූඪ කරවලා, ආයිමත් දේශප්‍රේමි ආණ්ඩුවක ඇමැති කටුසූප්පු කරන්නයි. මේ හදන්නේ අනාගතයේදී රට බේරා ගන්න එන දියසේන කුමාරයා - නාමල් රාජපක්ෂ උනොත් ඒ නාමල් රාජපක්ෂ රජ පුටුවේ ඉන්දවන්න මේ සේරම දේශප්‍රේමියො ටික එකට එකතු වුනොත් පුදුමයක් නෙමෙයි.



පුදුමය කියන්නෙ එදා 'දොන් ජුවන් ධර්මපාල' නැතිනම් ඇමරිකන් ගැත්තෙක් විදියට මේ දේශප්‍රේමින්ට හංවඩුගැසුව රනිල් වික්‍රමසිංහ මහත්තයටම පොතේ කර්තෘතුමා අස්සන් කරලා පොතක් තිළිණ කරපු එකයි.

sdfer

ඇමරිකන් විරෝධය කියන්නෙ බොහොම සිල්ලර මට්ටමේ වාමාංශික යල්පැනගිය මතවාදයක්.

ඇමරිකාව ප්‍රතිගාමියි, චීනය රුසියාව ප්‍රගතිශිලියි කියන මතවාදය හැමදාම කරපින්න ගත්තේ විමල් වගේ ඊනියා දේශප්‍රේමින්. චීනය අපේ රටට ණයදීලා ණයදීලා හිරකරපු එක ප්‍රගතිශිලියි මේ දේශප්‍රේමින්ගේ මතවාදයට අනුව.

අරගලය සිද්ධ වෙලා අවුරුද්දක් ගියාට පස්සෙ තමයි මේ පොත එළි දකින්නෙ. මේක ගොඩක් වටින්නෙ රටේ ආර්ථීක අර්බුදය තීව්‍ර වෙච්ච වෙලාවෙම ලිවුවා නම් තමයි, මොකද මිනිස්සු ආර්ථීක ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්න වෙලාවෙ මේ අරගලයට දායක වු කුමන්ත්‍රණකරුවො ගැන හෙළිදරව් කළා නම් අරගලය ලත් තැනම ලොප් කරන්න තිබුණා.

ඉතිං මේ ඇමරිකන්කාරයො ආයෙමත් සැරයක් හදන්නෙ අපේ රට අමාරුවෙ දමන්න නම් ඇමරිකන් හිතවාදි ජනාධිපතිවරයා ඒ කුමන්ත්‍රණයේ හවුල්කාරයෙක් කියලද මේ විමල් කියන්න හදන්නෙ. ඒ එක්කම විපක්ෂය නියෝජනය කරන ජනතාව හිතනවා ජනාධිපතිවරයා රාජපක්ෂලා රකිනවා කියලා එතකොට අනිත් පැත්තෙන් ජනාධිපතිවරයා දේශප්‍රේමි කඳවුරේ ද? මොකද කලක් විමල්ලාත් නියෝජනය කළ රාජපක්ෂ කඳවුර ඒ කාලේ ඉඳලම විමල්ලත් පිළිගත්තේ දේශප්‍රේමි කඳවුර කියලා. අද එතකොට රනිල් රාජපක්ෂලා රකිනවා නම් රනිලූත් දේශප්‍රේමියෙක්. අනික් පැත්තෙන් ගත්තම රනිල්ව රකිනවාය කියන ඇමරිකාවත් දේශප්‍රේමිද?

mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දේශප්‍රේමී හෙළුව හෙවත් සැඟවුණු කතාවේ සැඟවුණු කතාව -(මහිම සුජිව ගමගේ) | The Leader