The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දකුණට නොදැනුණ මෙරට දීර්ඝතම අරගලය - (ධනුක රනංජක කහඳගමගේ)

T

The Leader Desk

May 11, 2023 • 5:06 PM

දකුණට නොදැනුණ මෙරට දීර්ඝතම අරගලය - (ධනුක රනංජක කහඳගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙසෙල් කඳක් දමා සීල් කර දකුණේ ගෙදරකට එන මරණයේ සහ ඉරණමේ තහවුරු කිරීමවත් නොලද උතුරේ මව්වරුන්ට අවසන ඉතිරිව ඇත්තේ සිය දරුවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලන අරගලයක් පමණි.
  • පෙබරවාරි 20 වන දින කිලිනොච්චි කන්දසාමි කෝවිල් පරිශ්‍රයෙන් ආරම්භ කළ මේ සෙනෙහසේ අරගලය අද වන විට දින 2270ත් පසු කර ඇති අතර එය මෙරට දීර්ඝතම අරගලයයි.
  • උතුරු නැගෙනහිර විවිධ ප්‍රදේශවල, විවිධ ස්ථානවල සිය දරුවන්ගේ ඡයාරූප ප්‍රදර්ශනය කරමින් මව්වරු සහ පියවරු එකතු වී කරන මෙම අරගලය විෂයෙහි දකුණ සංවේදී විය යුතු කාලය එලඹ ඇත.
  • පසුකාලීනව OMPයද සිංහල අධිපතවාදයට යට වූ ආයතනයක් ලෙස හංවඩු ගැසුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

කෙසෙල් කඳක් දමා සීල් කර දකුණේ ගෙදරකට එන මරණයේ සහ ඉරණමේ තහවුරු කිරීමවත් නොලද උතුරේ මව්වරුන්ට අවසන ඉතිරිව ඇත්තේ සිය දරුවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලන අරගලයක් පමණි.

fhhty

2017 පෙබරවාරි 20 වන දින කිලිනොච්චි කන්දසාමි කෝවිල් පරිශ්‍රයෙන් ආරම්භ කළ මේ සෙනෙහසේ අරගලය අද වන විට දින 2270ත් පසු කර ඇති අතර එය මෙරට දීර්ඝතම අරගලයයි. උතුරු නැගෙනහිර විවිධ ප්‍රදේශවල, විවිධ ස්ථානවල සිය දරුවන්ගේ ඡයාරූප ප්‍රදර්ශනය කරමින් මව්වරු සහ පියවරු එකතු වී කරන මෙම අරගලය විෂයෙහි දකුණ සංවේදී විය යුතු කාලය එලඹ ඇත.



උතුරේ සිදු වූ යුධ අපරාධ සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සියල්ල යුද්ධයේ ගිණුමට දමා අමතක කර අත්සෝදාගෙන නෑසූකන්ව සිටීම ශිෂ්ට සමාජයකට තරම් නොවේ.


ඔවුන් ඉල්ලන්නේ කුමක්ද?

xfgtdgh

OMP (Office on Missing Person) වැනි යාන්ත්‍රණයන් හරහා මේ සම්බන්ධයෙන් විසඳුම් සෙවීමට උත්සාහ දැරුණද එතුළින් උතුරු නැගෙනහිර මව්වරුන්ට හිමි වූ යුක්තියක් නැත. පසුකාලීනව OMPයද සිංහල අධිපතවාදයට යට වූ ආයතනයක් ලෙස හංවඩු ගැසුණි. අතුරුදන් වූ දරුවන්ගේ පවුල්වලට රු. 200,000ක වන්දිය ලබාදීමේ වැඩපිළිවෙළක් හඳුන්වාදීමට රජය කටයුතු කළ අතර ඊට එම මාපියවරුන්ගෙන් ප්‍රබල විරෝධයක් එල්ල විය. 2022 ඔක්තෝම්බර් මස මඩකලපුවේදී ඊට එරෙහිව විශාල විරෝධතා රැලියක්ද සංවිධානය කර තිබුණි.

දාරක ප්‍රේමය මුදල් වලින් මැනිය නොහැක. දකුණේ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණවලට ඔවුන්ට විසදුමක් ලබා දීමේ ශක්‍යතාවක් නොමැති බව එම දෙමාපියන්ගේ මූලික තර්කයයි. ඔවුන් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් අපේක්ෂා කරන්නේ එබැවිනි. බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් වගකිවයුත්තන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) වෙත යොමු කර යුක්තිය පසිඳලීම සිදු කළ යුතු බව ඔවුන්ගේ මූලික ඉල්ලීමයි.



මේ අරගලය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ හෝ සංවාදයක් නිර්මාණය කළ විට දකුණේ බොහෝ ජාතිවාදී, වර්ගවාදී මත දරන බහුතරයකගේ මතය වූයේ LTTEය නිසා දකුණේ දරුවන්ද විශාල වශයෙන් මියගිය බවයි. කෙසේ නමුත් ත්‍රස්තවාදී කණ්ඩායමක් සහ වගකිවයුතු රජයක් ක්‍රියා කළ යුතු ආකාරය එකක් නොව දෙකක් බව නැවත නැවතත් ඔවුන්ට තේරුම් කර දිය යුතුව ඇත. අනෙක දමිළ ජනයා යනු LTTEය නොවන බවද ඉතා ආදරයෙන් මතක් කළ යුතුව ඇත.




සය වසරක් නොදැක සිටීම!

xdfgt

අද වන විට හයවන වර්ෂයත් පසු කර හත්වන වසරටත් පා තබා ඇති මෙම අරගලය සම්බන්ධයෙන් දකුණේ මැදිහත්වීමක් සිදු නොවීම අවාසනාවකි. සිස්ටම් වෙනස් කිරීමට දකුණේ සිදු කළ ජන අරගලවලින් ඔළු ගෙඩි මාරු වූවාට රටට අවැසි වූ චින්තන විප්ලවය සිදුවූවාද යන්න බරපතළ සැකයකි. උතුරේ ගැටලු ගැන සංවේදී දකුණක් නිර්මාණය නොවන්නේ නම් සිස්ටම් චේන්ජ් උගහටය. සාම්ප්‍රදායික ස්වෝත්තමවාදී මතවාදවලින් බැහැරව අනෙක් වර්ගයා ගැන සංවේදී වන තැනකට ජාතිය නොයන්නේ නම් අප තවදුරටත් යන්නේ වළ පල්ලටමය.



සිය දරුවාට අත් වූ ඉරණම නොදැන මියැදෙන්නට සිදුවීම තරම් කටුක ඉරණමක් තවත් ඇද්ද?

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් විසින්, බලහත්කාරයෙන් අතුරුදන් කළ වින්දිතයන් වෙනුවෙන් අන්තර්ජාතික දිනය ලෙස අගෝස්තු 30 වනදා නම් කර ඇත. මෙම අන්තර්ජාතික දිනය එවකට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජය විසින්ද පිළිගෙන ඇත. එවන් පසුබිමක අඩුම තරමේ මෙදිනටවත් දකුණේ මාධ්‍ය උතුරු නැගෙනහිර මා පියවරු කරන මෙරට දීර්ඝතම අරගලය වෙනුවෙන් ගුවන් කාලයක් නොදීම විශාල ඛේදවාචකයකි.


විරෝධයේ අයිතියත් පැහැරගැනීම

දරුවන්ගේ යුක්තිය වෙනුවෙන් අවසානයේ මහපාරේ අරගලයක් තෝරාගන්නට සිදු වූ දෙමාපියන්ට මුහුණපෑමට සිදු වී ඇති ඊළඟ අභියෝගය නම් විවිධ පාර්ශ්වන්ගෙන් ඊට එල්ලවන බාධාවන්ය. විටින් විට පොලිසියෙන් එල්ලවන බාධාවන් කාලාන්තරයක් තිස්සේ ඔවුන්ට මුහුණ දීමට සිදුව ඇති විශාල ගැටලුවකි. හාස්‍යජනකම කරුණ නම් බලහත්කාරයෙන් අතුරුදන් කළ සිය ආදරණීයයන් වෙනුවෙන් කරන අරගලය "කොටි නැගිටීමක්" සහ සාමයට තර්ජනයක් ලෙස සලකා අධිකරණ නියෝග ලබාගැනීමටත් පොලිසිය කටයුතු කිරීමයි. යුක්තිය ඉල්ලා මහගමට ආ පිරිසකගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් ඒ අයුරින් කොල්ලකෑම තරම්  ලැජ්ජාසහගත ක්‍රියාවක් තවත් තිබේද?


cbfh
උතුරට යුක්තිය ඉල්ලා දකුණ මොරදෙන කාලයක් වේ නම් ඒ හැත්තෑ පස් වසරක දේශපාලන වහල්භාවයෙන් මෙරට අත්මිදුණු බවට සපථ කරන නිල සංඥාවයි. මේ උතුරේ අම්මලා සමග දකුණේ දරුවන් සිටගතයුතු කාලයයි. මෙරට දීර්ඝතම අරගලය ගැන දකුණ හඬ නැගිය යුතු කාලයයි.

 


Dhanuka Rananjakaධනුක රනංජක කහඳගමගේ
(නිදහස් ලේඛක)
rananjakadhanuka@gmail.com

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...