The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

උරගලක්වු අරගලය - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

May 11, 2023 • 5:17 PM

උරගලක්වු අරගලය - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැයි 9 ප්‍රහාරයෙන් පසුව එළැඹි ජුලි 9 ජන අරගලය 'හෙරක්ලියස්' ට අනුව මහා රළක්සේ ජනිතව මියැදී ගියේය.
  • ඒ පිළිබඳව පුනරුක්තියට බඳුන් වී කෙටිකාලයක් ඇතුලත සංවාදණට ලක් වු බැවිනි.
  • අරගලයක් ජයග්‍රහණය කිරීමට 'නිර්පාක‍ෂික' බව පමණක් ප්‍රමාණවත් නොවේ.
  • නිර්පාක‍ෂික නාමයෙන් අරගලය ආරම්භ වුවත් එය තුළ බොහෝ දේශපාලන කණ්ඩායම් අරක්ගෙන තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):



අරගලයට වසරකි. මැයි 9 ප්‍රහාරයෙන් පසුව එළැඹි ජුලි 9 ජන අරගලය 'හෙරක්ලියස්' ට අනුව මහා රළක්සේ ජනිතව මියැදී ගියේය.

නිර්පාක‍ෂික ජන අරගලයක්සේ මහ සමුදුර ගොඩ ගැලූවාසේ මතු වූ ජන ආක්‍රමණය පාලනයේ විවිධ මර්මස්ථාන අත්පත් කරගනිමින් පසුව අත්හැර දැමීමට බලපෑ හේතු මතින් වියැකී ගියේය. මෙම ජන අරගලයට හේතු වු කාරණා විමසුමට ලක් කිරීමෙන් පලක් නැත. ඒ පිළිබඳව පුනරුක්තියට බඳුන් වී කෙටිකාලයක් ඇතුලත සංවාදණට ලක් වු බැවිනි.

එසේ නම් අප කථා කළ යුත්තේ මොනවාද?



ජන අරගලයට බොහෝ ස්වරූපයන් ආරෝපණය කිරීමට බොහෝ දෙනෙකු ඉදිරිපත් වුහ. ඒවා පිළිබඳව කථා කිරීමද මෙම අවස්ථාවේදී අනුචිතය. අප සංවාදයට ලක්කළ යුත්තේ අභාවාචක අත්දැකීමක්සේ ඉතිහාසයට එකතු වු මෙම ජන අරගලය එහි උච්චතම අවස්ථාව පසුකර ඛේදනිය අයුරින් අවසන් විමය.


'නිර්පාක‍ෂික අරගලය' යන නිර්වචනයෙන් හැඳින්වූ මෙම ජන අරගලය නිසාම ජනාධිපතිවරයකුට බලය අතහැර යාමට සිදු වූ අතර අගමැතිවරයකුට සිය නිලයද අතහැර දමා යාමට සිදුවිය.

එතැනින් එහාට ''බලය'' නමැති සාධකය පාලක පක‍ෂය තුළම රඳවා ගැනීමට ඉඩ ලබා දෙමින් අරගලය දියාරු වී ගියේය.



අරගලයක් ජයග්‍රහණය කිරීමට 'නිර්පාක‍ෂික' බව පමණක් ප්‍රමාණවත් නොවේ. අරගලයක් ජයග්‍රහණය කිරීමට නම් ඊට නිර්ව්‍යාජ, අවංක දේශපාලන නායකත්වයක් තිබිය යුතුය. මෙම අරගලය ආරම්භයේ සිටම ඊට එවන් අවංක දේශපාලන නායකත්වයක් නොතිබුණේය. නිර්පාක‍ෂික නාමයෙන් අරගලය ආරම්භ වුවත් එය තුළ බොහෝ දේශපාලන කණ්ඩායම් අරක්ගෙන තිබුණි. ඒකීය තනි මතවාදීමය අරගලයක් වෙනුවට එම අරගලයේ සංයුතිය තුළම එය දියාරුවීම සඳහා බලපාන්නාවු සාධක සක්‍රිය වෙමින් තිබුණි. නිශ්චිත දේශපාලන අරමුණු සහිත නිශ්චිත දේශපාලන පක‍ෂයක දේශපාලන නායකත්වයකින් තොරවූ මෙම අරගලය තුළ ප්‍රතිරෝධයන් බහුල විවිධ දේශපාලන කණ්ඩායම් වල එකිනෙකා ගැටෙන බහුවිධ දේශපාලනික ප්‍රතිවිරෝධතාවයන් තිබුණු බවක් පෙනෙන්නට තිබුණි.



ඇතැම් කණ්ඩායම් අරගලය තුළ ක්‍රියාකාරිවූයේ විදේශීය මැදිහත්වීම් වල බළල් අත් වලින් බවට චෝදනා නැගුණි.එය එක්තරා දුරකට සත්‍යයකි. ඇමරිකානු - ඉන්දියානු - චීන බල අරගලයේ දේශීය ඒජන්තයින් මෙම අරගලය තුළ ක්‍රියාත්මක වන බවක් දක්නට නොහැකි වුවද එය වක්‍රාකාරයකින් සැමවිටම සක්‍රියව පැවතුණේයැයි නිගමනය කිරීම අපහසු නැත.

මෙම අරගලය තුළ සාධනීයම පැත්ත ලෙස දැක්විය හැක්කේ ජාති - ආගම් - කුල ගෝත්‍රවාදි කුමන්ත්‍රණ හරහා බලයට පත්වන්නාවු දේශපාලන බලවේගයන්ගේ නිරුවත හෙළි වීමය. සිංහල - දමිළ - මුස්ලිම් - බෞද්ධ - කිතුනු - හින්දු - ඉස්ලාම් සියළුම ජන ප්‍රජාවන්ට අයත් වුවෝ මෙම අරගලය තුළ විදහා පෑ පරමාදර්ශී බව ජාතිවාදී - ආගම්වාදී දේශපාලන බලවේගයන්ට එල්ල කළ අතුල් පහරක් බඳු ය.



මෙම අරගලය පිටුපස අපේ රටේ ඇතැම් දේශපාලන නායකයින්ගේ නම් ගම් ඇඳ ගැනීම පිළිබඳව කථා කිරීම හුදු 'ගොසිප් ' ආකල්පයක් සේ දැක්වීම පිලිබඳ  නිරවද්‍යතාවය හුදු මහෝරාජික ස්වරූපයක් ගනු ලබයි.



පීඩනයේ බර කොතරම් වැඩි වන්නේ ද ඒහා සමාන බරකින් ජනතාව දක්වන ලද ප්‍රතිචාරයේ මුහුණුවර මෙම අරගලය තුළින් විද්‍යාමාන වු අතර වත්මන් ජනපති එවකට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහයන් ගෝඨා ගෝ ගමට පහසුකම් සැපයීම පිළිබඳ ප්‍රහගාත්මක ප්‍රකාශ කෙරෙහි. බොහෝ දෙනෙකු මුළා වුවද ඒ මුළාව බිඳ වැටීමේ ක්‍රමෝපායන් රනිල් වික්‍රමසිංහ අනුගමනය කරණු ලැබුවේ ගෝඨා ගෝ ගමට පහසුකම් සැපයීම කෙසේ වෙතත් මර්දනකාරි පිළිවෙතකින් ජන අරගලකරුවන් අරගල බිමෙන් පළවා හැරිමෙනි.

අරගලයක් විප්ලයන් බවට පත්ව පාලන ක්‍රමයක් වෙනස් වන්නට හේතුවන කාරණා අතර පාලක පංතිය අතිශයින්ම දුර්වල වීම ජනතාවට පාලක පංතිය කෙරෙහි දැඩි විරෝධයක් ඇති වී ජනතාව නැගිටීමට සුදානම් වන තත්ත්වයක් ඇති වීම මෙරට එම ජන නැගිටීමට නිසි දේශපාලන නායකත්වයක් දීම සඳහා පක්ෂයක් හෝ පක්ෂ එකමුතුවක් තිබීම අනිවාර්ය වූ අතර පෙර කී කාරණා දෙකම අරගලයේ ස්වරූපය තුළ තිබුණත් තුන්වැනි කාරණය සපුරා ගැනීමට නොහැකිවීමේ කාරණාව මත එම අරගලය අවසානයේ දියාරු වී ගියේය.

පොදු පෙරමුණු ආණ්ඩුවේ නායක ජනාධිපතිවරයාගේ පළායාම, අගමැති ඉල්ලා අස්වීම දක්වාම ජන අරගලය සාර්ථකව ඉදිරියට ගමන් කළත් ප්‍රබල නිවැරදි දේශපාලන එකමුතුවක් හෝ ප්‍රබල දේශපාලන පක්ෂ එහි නායකත්වය නොගැනීම මත එම අරගලය ඉතිහාසයට සින්න කරණ ලද්දේ පරාජයකින් අවසන් වු ජන අරගලයක් ලෙසිනි.



අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය, ගොවි සංවිධාන වෘත්තිය සමිති, ආගමික නායකයින්, විවිධ වාමාංශික දේශපාලන පක්ෂ පමණක් නොව සමගි ජන බලවේගය නම් වු පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය පවා සෘජුව හෝ වක්‍රාකාරයෙන් මෙම ජන අරගලයට සම්බන්ධ වු නමුදු ඒ සියළුම බලවේග යෝධ මිටකට ඒකරාශී කර ගැනීමට එරෙහි ප්‍රතිවිරෝධතාවන් මතුවීම ඔස්සේ අරගලය අවසන් වු ආකාරය තුළින් පාඩමක් ඉගෙන ගැනීමට සිදු වී ඇත්තේය.



'පංගුපේරුව' මත පදනම් ව තම තමන්ගේ පක්ෂවල ශක්තිය අධිතක්සේරුවට ලක් කිරීමෙන් එක්සත් විය යුතු තැන එක්සත් නොවීමේ හේතුව තුළ ඒකරාශි වීමෙන් තොරව කිසිදු අරගලයක් කිසිදා ජයගෙන නැත්තේය. වර්තමානයේ දී දිනාගත යුතු මහමැතිවරණය පළාත් පාලන මැතිවරණය සඳහා වු අවස්ථාව මගහැර ගිය ඒ මහඟු අවස්ථාව යළි උදා නොවන්නට වත්මන් පාලන තන්ත්‍රය කටයුතු කිරීම සඳහා කටයුතු කිරීමෙන් ජන අරගලයේ අපේක්ෂාවන්ගේ ජයග්‍රහණය ඈතට පාවී යන බවක් පෙනෙන්නට තිබේ.

mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...