The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සමාජ කතිකා : බුදුවන අම්මාවරුම අපායසහගත බිරින්ඳෑවරුන් ද?

T

The Leader Desk

May 15, 2023 • 12:27 PM

සමාජ කතිකා : බුදුවන අම්මාවරුම අපායසහගත බිරින්ඳෑවරුන් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ රටවල වයස 16 -,17 වෙනකොටම අම්මා තාත්තාගෙන් වෙන්වෙලා ජීවත්වෙන දරුවන්ට අම්මා මතක් කරන්න තියෙය දවස.
  • දකුණු ඉන්දියානු ආභාෂය ඇසුරෙන් හැඩ ගැහෙන අපේ සංස්කෘතිය ඇතුළේ අම්මා කියන්නෙ බුදු වෙන්න සුදුසු කෙනෙක්.
  • ගෙදරට අඟහිඟකම් ඇතිවෙන්නෙ , පරිහානියට යන්නෙ ඇගේ මූසලකමට.
  • දරුවො ඉගෙන ගන්නෙ නැත්තෙ බිරිඳගෙ වරදින්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ රටවල වයස 16 -,17 වෙනකොටම අම්මා තාත්තාගෙන් වෙන්වෙලා ජීවත්වෙන දරුවන්ට අම්මා මතක් කරන්න තියෙය දවස. එදාට අම්මට මල්ටිකක් කාඩ් එකක් යවලා ඇය ඉන්නෙ වැඩිහිටි නිවාසෙක නම් බලන්නත් ගිහිල්ලා ළඟපාතක නම් රෑ කෑමකටත් එක්නං යන දවසකි.

 

අපිට නම් “අම්මා” කියන්නෙ වෙනමම කන්සෙප්ට් එකක්. දකුණු ඉන්දියානු ආභාෂය ඇසුරෙන් හැඩ ගැහෙන අපේ සංස්කෘතිය ඇතුළේ අම්මා කියන්නෙ බුදු වෙන්න සුදුසු කෙනෙක්. නැතිතම් බුදුන්ට පමණක් දෙවැනි කෙනෙක්. ගෙදර බුදුන් අම්මා කියන්නේ ඒකට. හැම රටකම, සමාජයකම, සංස්කෘතියකම අම්මා කියන්නෙ ඉහළින්ම තියන “තත්ත්වයක්“.

mom

 

යුරෝපය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ බටහිර අච්චුවෙ රටවල්වල අම්මා කියන තනතුරට අයිති කාර්යභාරය තමයි තමන්ගෙ දරුවන්ට නිසි පෝෂණය සහ රැකවරණය එක. ඒ කියන්නෙ අම්මා කියන සංකල්පය සම්බන්ධ වෙන්නෙ ගැහැණියකට පැවරෙන භෞතික සමාජ පැවරුම මත පමණයි. ඒ කාර්යභාරය හොදටම කරන අම්මලා good mothers ලා. “හොඳ අම්මා”ලා.

 

හැබැයි එක එක රටවල අම්මා කියන කන්සෙප්ට් එක රටවල සාධාරණීකරණය කරන්නෙ එක එක මතවාද වලින්. ලංකාවේ ඒක කරන්නෙ තනිකරම ආගමික මතවාදයෙන්. දරුවන් පෝෂණය කිරීම, රැකබලා ගැනීම, සංස්කෘතික සමාජානුයෝජනය නැත්නම් හොඳනරක කියා දෙන එක ආදී සියලු කාර්යභාරයන් අයිති වෙන්නෙ අම්මට නෙවෙයි. ගෙදර බුදුන්ට. ඒ කියන්නෙ ඕනෑම මවකට පැවරෙන තත්ත්වය හා කාර්ය කොටස හුදු භෞතිකත්වයට පමණක් සීමා නොකොට ඉන් එළියට අරගෙන ලෝකෝත්තරභාවයට අරගෙන යනවා. ඒ කියන්නෙ ලංකාවේ අම්මා කියන්නෙ බුදුවෙන්න පාරමිතා පිරීමක්. නිවනට යන මඟක්.

1670664627469

 

සංකල්පය එහෙම වුණාට බටහිරත් නරක අම්මලා (bad mothers) ඉන්නවා.  අපේ රටෙත් “ගෙදර යකුන්” වෙන අම්මලාත් ඉන්නවා. ඒක ඇත්ත. ඒත් ඒ ඉතාමත් සුළු ප්‍රමාණයක් පමණයි. ඒක හැමෝම පිළි ගන්නවා.

නමුත් භාර්යාවන් එහෙම නෑ. සැමියා දඩාවතේ යන්නෙ බිරිඳගෙ වරදින්. නැන්දම්මා රණ්ඩු කරන්නෙ ඇගේ වරදින්. ගෙදරට අඟහිඟකම් ඇතිවෙන්නෙ , පරිහානියට යන්නෙ ඇගේ මූසලකමට. දරුවො ඉගෙන ගන්නෙ නැත්තෙ බිරිඳගෙ වරදින්. මේ දවස්වල අනතුරට අපචාරයට දූෂණයට ලක්වන දියණියන් වෙනුවෙන් වග කියන්නතේ ඕනේ ඇය. ඇත්තටම එහෙම භාර්යාවනුත් ඉන්නවා. නමුත් ඒ ප්‍රමාණාත්මකව 1% ටත් වඩා අඩු සංඛ්‍යාවක්. නමුත් ඒ බැනුම්, දෝෂාරෝපණ ඇඟිල්ල දිගු කරන්නේ සමස්ථ බිරින්දෑවරුන්ට. ඒකත් කාන්තාවන්,! භාර්යාවන් ඇතුළු සමාජයෙන් බහුතරය පිළිගන්නවා. ඒ වෙනුවට අම්මාලාට දෙන අර උදාර ගරුත්වය භාර්යාවන්ට නොදෙන්නෙ ඇයි?

 

sdfre

අපේ සමාජයේ තාමත් බොහෝ සැමියන් බිරිඳ හඳුන්වන්නෙ “අපේ පවුල“ කියල. ඒ කියන්නෙම අපේ රටේ  “පවුල” සම්පූර්ණයෙන්ම කේන්ද්‍රගත වෙලා තියෙන්නම බිරිඳ මත. සැමියා මැරුණත් , රට ගියත්’  දාල ගියත් පවුලක් ලේසියෙන් වැටෙන්නෑ . බිරිඳ සියල්ල දරාගෙන පවුල ඇඳගෙන යනවා. හැබැයි බිරිද පවුලෙන් ඈත් වුනොත් ඒ පවුල විනාශ වෙලා යන්න තියෙන ඉඩ බොහොමයි.

තමන්ගෙ සැමියා ගෙන් බැනුම් අහගෙන ගුටි කාගෙන සියලු දුක් දරාගෙන එළියට නොකියා ඉන්න භාර්යාවො කොපමණ ඉන්නවද? තමන්ගෙ සැමියට වෙන ගෑණු ඉන්නවා කියලා දැන දැන නොදන්නවා පවුල ආරක්ෂා කරගන්න ඕනෙකමට ඉන්න බිරින්දෑවරු කෙපමණද? තමන්ගෙ ලෙඩ දුක් දරාගෙන ඒවා කියක්නෙවත් නැතිව ගෙදර වෙනුවෙන්ම නැහෙන සැමියට ආදායමක් නැති වුණත් මොනවා හරි කරලා පවුල රකින භාර්යාවන් කොපමණ ඉන්නවද? ඒත් භාර්යාව ගැන එවන් ඇගයීමක් නෑ. කොහේ කාට වරදක් වුණත් අපට තියෙන්නෙ ඒකෙ වරද සමස්ථ භාර්යාවන් මත පැටවීමේ සම්ප්‍රදායක්.

 

මැක්සිම් ගෝර්කි “අම්මා” ලිව්වට කවුරුත් “බිරිඳ” කියලා පොතක් ලියලා තියෙනවද ? මව්වරුන්ට දිනයක් තිබුණට භාර්යාවන්ට  දිනයක් තියෙනවද? අම්මා ගෙදර බුදුන් කිව්වට බිරිඳගෙ “දෙවියො”වෙලා තියෙන්න සැමියා. මේ සියල්ලටම හේතුව පැරණි බමුණු මත. ඒවා අත්හරිමු ද? බිරිදැවරුත් අගයමු ද?

 

මේ එවැනි ඇගයුමක්






(පරචිත්ත)
 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...