The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සිව්වැනි ආණ්ඩුවේ කැණිමඬල මාධ්‍යවේදීයා - (මහිම සුජිවගමගේ)

T

The Leader Desk

May 17, 2023 • 10:56 AM

සිව්වැනි ආණ්ඩුවේ කැණිමඬල මාධ්‍යවේදීයා - (මහිම සුජිවගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලිවීමට හැකියාවක් ඇති පමණින් යම් පුද්ගලයෙකුට ලේඛකයෙකු හෝ පුවත්පත් කලාවේදීයෙකු වීමට නොහැකිය.
  • පුවත්පත් කලාව හැදෑරීමට වඩා ඒ පිළිබඳ හරයාත්මක අවබෝධයක් ලබා ගැනීම සහ ඒ පිළිබඳව ඇසූ පිරූ තැන් ඇති බව ලේඛකයකු වීමේ, පුවත්පත් කලාවේදියෙකු වීමේ ප්‍රධානතම සුදුසුකම වන්නේය.
  • ප්‍රබන්ධ සාහිත්‍යයෙහි යෙදෙන ගත් කතුවරයෙකු වන්නේ නම් 'හිතලූ රචනා' කිරිමට හැකියාවන් ඇතත් ඒ හිතලූ මතින් සමාජයට යම් හානිකර තත්ත්වයන් ඇතිවීමට හැකියාවක් ඇත්තේ නම් එයද නොකළ යුත්තේය.
  • ජාතික පුවත්පතක හෝ විකල්ප පුවත්පතක සේවය කරන්නාවු ලේඛකයකුට මාධ්‍ය සදාචාර සම්පන්න බවෙන් වියුක්ත වීමෙන් බැහැර වීමේ කිසිදු අයිතියක් නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ලිවීමට හැකියාවක් ඇති පමණින් යම් පුද්ගලයෙකුට ලේඛකයෙකු හෝ පුවත්පත් කලාවේදීයෙකු වීමට නොහැකිය. පුවත්පත් කලාව හැදෑරීමට වඩා ඒ පිළිබඳ හරයාත්මක අවබෝධයක් ලබා ගැනීම සහ ඒ පිළිබඳව ඇසූ පිරූ තැන් ඇති බව ලේඛකයකු වීමේ, පුවත්පත් කලාවේදියෙකු වීමේ ප්‍රධානතම සුදුසුකම වන්නේය.

 

එසේම 'හිතලූ රචනයෙන් බැහැර වීම' පුවත්පත් කලාවේදියෙකු සතු මූලිකම සුදුසුකමකි. ප්‍රබන්ධ සාහිත්‍යයෙහි යෙදෙන ගත් කතුවරයෙකු වන්නේ නම් 'හිතලූ රචනා' කිරිමට හැකියාවන් ඇතත් ඒ හිතලූ මතින් සමාජයට යම් හානිකර තත්ත්වයන් ඇතිවීමට හැකියාවක් ඇත්තේ නම් එයද නොකළ යුත්තේය. ජාතික පුවත්පතක හෝ විකල්ප පුවත්පතක සේවය කරන්නාවු ලේඛකයකුට මාධ්‍ය සදාචාර සම්පන්න බවෙන් වියුක්ත වීමෙන් බැහැර වීමේ කිසිදු අයිතියක් නැත.

 

පුවත්පත් කලාවේදීන් අතරේ ප්‍රචලිත 'අතේ රෝල්' ගැසීමද පුවත්පතකට අනර්ථයක්ම මිස අර්ථදායි ඵලයක් ලබා නොදෙන්නේය.

මීට දශක කිහිපයකට පෙරතුව මේ රටේ පුවත්පත් කලාව තුළ පැවැති වැදගත් සම්භවනීය බව අද වර්තමානයේ ගිලිහී ගොස් ඇතිබව කණගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුත්තේය.

A vendor displays newspapers for sale covering the results of Sri Lanka's parliamentary elections at a stall in Colombo on August 7, 2020. - Sri Lanka's ruling Rajapaksa brothers have secured a two-thirds majority in parliamentary elections, giving them powers to change the constitution and unravel democratic safeguards, final results showed on August 7. (Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

එසේම වර්තමානයේ පවතින සියළුම ජාතික පුවත්පත් වල එහි හිමිකරුවන්ගේ දේශපාලන දැක්මෙන් ස්වල්පයක් හෝ ඇතුලත් වී ඇත්තේය යන්න බැහැර කළ නොහැකි සත්‍යයකි. 

 

'ස්වාධීන' යැයි කිව හැකි පුවත්පත් කලාවක් මිහිපිට නැත. එසේම අදීන ජනතාවාදී යනුවෙන් හඳුනාගන්නා පුවත්පත් තුළද අදීන ජනතාවාදී චින්තනයක් නැත්තේය. එවැනි ගුණංග තිබුණේ කලකට ඉහතදී ප්‍රකාශයට පත්වු ඇතැම් විකල්ප පුවත්පත් තුළ පමණි.

 

පුවත්පත් කලාවේදින් බොහොමයක් යම් දේශපාලන කදවුරක් නියෝජන කරණු  ලබන්නේය. එය එසේ නොවන්නේයැයි කිසිවෙකු පවසන්නේ නම් එය සාවද්‍යය. ඒ කෙසේ වෙතත් පුවත්පත් කලාවේදියෙකු සතුව යම් ස්වාධීන අනදී බවක් තිබිය යුත්තේය. එය කිසිවකුට පැහැරගත නොහැකි ගුණාංගයකි.

අපේ රටේ පුවත්පත් කලාවේ පරමාදර්ශී චරිත ඇත්තේය. එසේම රැඩිකල් අදහස් දැරූ නිර්භීත පුවතපත් කලාවේදීන්ද වූහ. පරමාදර්ශි බව සහ රැඩිකල් බව අතර දෝලනය වෙමින් ඒ අතර මැද ගන්ධබ්බ අවදියේ පසුවන්නන්ද ඇත්තේය.

ඕනෑම රටක සිව්වැනි ආණ්ඩුව ලෙස සැලකුම් ලබන් පුවත්පත්කලාවේදීන් සතු ජනමාධ්‍ය නිදහස උදෙසා දිවි පිදූවන්සේම දූෂණ, අක්‍රමිකතා වංචා ආදී ජන විරෝධි ක්‍රියාවන්ට එරෙහිව අදීනව පන්හිඳ මෙහෙයවා දිවිපිදූවන්ද පුවත්පත්කලාව තුළ ඇත්තේය.

 

journo

 

එවන් මාධ්‍යවේදින් අතර රිචඩ් ද සොයිසා, ලසන්ත වික්‍රමතුංග ප්‍රේමකීර්ති ද අල්විස්, රෝහණ කුමාර, නිමලරාජන් වැන්නන් ද සිටියහ. දූෂිත දේශපාලනයේ අදිසි උණ්ඩයට බිලිවී දිවි පිදූ ඇතැම් මාධ්‍යවේදීන් ඇතැමුන් විසින් ගර්හාවට ලක් කරණු මා අසා ඇත්තෙමි. එහෙත් එය නිවැරදි නොවේ. කවර හේතුවක් මත හෝ අදීනව දූෂිත මැර දේශපාලනයට එරෙහිව ලියමින් පන්හිදෙන් 'සටන' දියත් කළ පුවත්පත්කලාවේදීන්ගේ දිවිපිදුම සිදු වන්නේ ජනතාවට සත්‍යයේ පණිවුඩය ගෙන යාමට හෙයින් ඔවුන්ගේ අභාවයන් කිසිවිටක අවතක්සේරු කළ නොහැක්කේය.

 

මෙහිදි මාගේ සිහියට නැගෙන්නේ 'ජූලියස් පුවින්ක්' නම්වූ අභීත මාධ්‍යවේදියාය. පුවත්පත්කලාවේදියාය. ඔහු  මිලිටරි පාලනයට එරෙහිව සිය පන්හිඳ අසිපතක් කරගත් නිසාම  දේශපාලන ගහලයින්ගේ වධ බන්ධන වලට ලක්ව මියැදුනේය.

Albert Camus gagnant de prix Nobel portrait en buste posé au bureau faisant face à gauche cigarette de tabagisme''ඔබ පුවත්පත්කලාවට ප්‍රවේශ වන්නේ නම් ඔබ තෝරාගත යුතු මග පිළිබඳව නිවැරදිම තීන්දුව ගන්න. ඔබ ඉදිරියේ මාවත් දෙකක් ඇත. ඉන් එක් මගක් සෑදී ඇත්තේ සනීපාරක‍ෂක මෘදු පාෂාණ වලිනි අනිත් මගමත අතුරා ඇත්තේ රළු කටුක ගල්මුල් වලිනි. ඇතැම් වට වළලා දමන ලද බිම් බෝම්බවලින්ද ඒ මග සැදී ඇත්තේය.''

ඉහත වැකිය ලෝ පසිඳු පුවත්පත්කලාවේදී 'ඇල්ඛෙයා කැමූ' ගෙනි. 'කොම්බැට්'(සටන) පුවත්පතේ ආරම්භකයා කැමූය.

 

combat

මා මෙම මාර්ග දෙකෙන් අයත් වන්නේ කිනම් මගටදැයි ඔබ මගෙන් නොඅසන්න. ඇතැම්විට මා එම මාර්ග දෙකෙහිම යනු ඔබට දැකගත හැකිය. මාගේ පුවත්පත්චර්යාව ගැන මා කිසිවක් නොකියමි. එහෙත් මා ඇතැම් විට නිවැරදිදැයි යන්න පිළිබඳව විමසමින් ඔබ මා දෙස බලනු ඇත.

පුවත්කලාවේදීන් විවිධාකාරය. ඔවුහුද මනුෂ්‍යයන් බැවින් ඒ විවිධත්වය ඔවුන් තුළද ඇත. ඒ ඔවුන්ද මනුෂ්‍යයන් බැවිනි. එහෙත් මනුෂ්‍යයින් අතර ලේඛකයා, පුවත්පත්කලාවේදියා, මාධ්‍යවේදීයා යනු සුවිශේෂී මිනිසෙකි.

 

සැබැවින්ම ඔහු සුවිශේෂී වන්නේ ද ඔහු ලියන දෑ සුවිශේෂී වන්නේ නම් පමණි.


Sujeewa Photo(මහිම සුජිවගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...