The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආණ්ඩුවේ මැතිවරණ තේරීම - ජෙහාන් පෙරේරා

T

The Leader Desk

May 19, 2023 • 10:17 AM

ආණ්ඩුවේ මැතිවරණ තේරීම - ජෙහාන් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළාත් පාලන මැතිවරණය නියමිත කාලයේදී පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීම නිසා ආණ්ඩුවේ සදාචාරාත්මක නීත්‍යානුකූලභාවය හෑල්ලූවට ලක්ව ඇති බැවින්, යම් ආකාරයක මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයාට උනන්දුවක් පවතින බව පෙනේ.
  • ජනතාව විසින් නොව, පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කර ගන්නා ආකාරය ආමන්ත්‍රණය කළ යුතු, සදාචාරාත්මක නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්නයක් නිර්මාණයවී ඇති බවට ජනාධිපතිවරයා දැනුවත්ව සිටී.
  • වසර අවසානයේ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිත ජනාධිපතිවරණයට පෙර, පළාත් සභා මැතිවරණ පැවැත්වෙනු ඇති බවට මත පළවෙමින් පවතින අතර, ජනාධිපතිවරයා දෙමළ දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කිරීමට හේතුව මෙයයි.
  • එහිදී සාකච්ඡාවට බඳුන් වූ එක් කරුණක් ලෙස පැවසෙන්නේ, දැනට බෞද්ධයන් අඩුවෙන් ජිවත්වන ප්‍රදේශවල බෞද්ධ විහාරස්ථාන කිහිපයක් ඉදිකිරීම, එහි වෙසෙන දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ දැඩි හිත් වේදනාවට හේතු වන කරුණක් වන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පළාත් පාලන මැතිවරණය නියමිත කාලයේදී පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීම නිසා ආණ්ඩුවේ සදාචාරාත්මක නීත්‍යානුකූලභාවය හෑල්ලූවට ලක්ව ඇති බැවින්, යම් ආකාරයක මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයාට උනන්දුවක් පවතින බව පෙනේ. ජනතාව විසින් නොව, පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කර ගන්නා ආකාරය ආමන්ත්‍රණය කළ යුතු, සදාචාරාත්මක නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්නයක් නිර්මාණයවී ඇති බවට ජනාධිපතිවරයා දැනුවත්ව සිටී. ජනතාව විසින් නොව, පාර්ලිමේන්තුවෙන් තමාව තෝරා පත් කරගත් ආකාරයේ සදාචාරාත්මක නීත්‍යානුකූලභාවය පිළිබඳ ගැටලුවක් පවතින බව ජනාධිපතිවරයා දනී. පළාත් පාලන මැතිවරණය නැවත නැවත කල්දැමීමට හේතුව, මුදල් නොමැති බව හෝ වෙනත් කාරණයක් වෙනුවෙන් වඩා ප්‍රමුඛතාව ලබාදිය යුතුවීමය යන්න, ප්‍රජාතන්ත්‍රවාදයට අනුව හෝ නීතියේ ආධිපත්‍යයට අනුව හෝ පැහැදිලිවම පිළිගත නොහැක්කකි.

රාජ්‍ය ආක්‍රමණයෙන්' උතුරු නැගෙනහිර මුදාගැනීමේ ව්‍යාපාරයක් දියත් වේ

වසර අවසානයේ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිත ජනාධිපතිවරණයට පෙර, පළාත් සභා මැතිවරණ පැවැත්වෙනු ඇති බවට මත පළවෙමින් පවතින අතර, ජනාධිපතිවරයා දෙමළ දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කිරීමට හේතුව මෙයයි. එහිදී සාකච්ඡාවට බඳුන් වූ එක් කරුණක් ලෙස පැවසෙන්නේ, දැනට බෞද්ධයන් අඩුවෙන් ජිවත්වන ප්‍රදේශවල බෞද්ධ විහාරස්ථාන කිහිපයක් ඉදිකිරීම, එහි වෙසෙන දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ දැඩි හිත් වේදනාවට හේතු වන කරුණක් වන බවයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් උතුර සහ නැගෙනහිර විවිධ ප්‍රදේශවලින් පෞරාණික බෞද්ධ නටබුන් යළි සොයා ගැනේ. ඒ අතරම, පැරණි මෙන්ම මෑතකාලීනව ඉදිකළ හින්දු සිද්ධස්ථාන නාඳුනන කණ්ඩායම් විසින් විනාශ කර ඇති අතර, එම ප්‍රදේශවල ආරක්ෂක අංශ විශාල වශයෙන් සිටීම හේතුවෙන් රජයේ හස්තයක් එම ක්‍රියාවන් පිටුපස ඇති බවට සැකයක් මතුව තිබේ.

 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ මෙම කරුණු සාකච්ඡා කර ගැටලු විසඳීමට ජනාධිපති වික්‍රමසිංහ මහතා කඩිනම් පියවර ගෙන ඇත. රජයට මුදල් නොමැති බැවින්, උතුර සහ නැගෙනහිර පුරාවිද්‍යා කටයුතු සඳහා රජයෙන් නොව බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රතිපාදන ලැබෙන බව, ඔවුන්ගෙන් විමසා බැලීමේදී මේ වනවිට අනාවරණය වී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපතිවරයාට ප්‍රකාශ කරන ලද්දේ, මේ වන විට උතුරට සහ නැගෙනහිරට ප්‍රමුඛත්වය ලබාදී ඇත්තේ, වසර 30ක් තිස්සේ එම පළාත් නොසළකා හැර තිබූ නිසාත්, වැඩි වශයෙන් රජයේ මුදල් නොලැබෙන නිසාත්, විවිධ ආයතනවලින් අරමුදල් සපයන නිසාත් බවයි. ඇතැම් විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මුදල් ලබා දෙන්නේ භික්ෂූන් වහන්සේලා බව එම නිලධාරියා පැවසීය. පුරාවිද්‍යා ස්ථාන රටට අයිති බවත් ඒවා නඩත්තු කළයුත්තේ රජය විසින් බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබිණි.

 

ඒකාබද්ධ ප්‍රවේශය

ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය රටේ වාර්ගික සහ ආගමික බහුතරය තුළ ගැඹුරින් පවතින හැඟීමක් වන අතර, එය බොහෝ විට රාජ්‍යය තුළම පිළිබිඹු වේ. වෙනත් ආගම්වලට යොමුවීමට සහ පිළිපැදීමට අයිතිය ලබාදෙන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීමටද පියවර ගෙන ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනය, රටේ බෞද්ධ උරුමයේ වඩාත්ම දෘශ්‍යමාන අංගය වන ස්තූපයේ රූපයකි.

 

db80efc1 puravidya

 

ආගම හෝ ජාතිය හෝ දෙකම ඒකාකාරයෙන් අවදානමට ලක්ව ඇති බවත්, තමන් බලයට පත් කළහොත්, තමන් සහ රට ආරක්ෂා කරන බවත් පවසන දේශපාලකයෝ ශ්‍රී ලංකාවේ බුද්ධාගමට හිමි විශේෂ ස්ථානය දේශපාලන අවශ්‍යතා සඳහා අවභාවිත කරමින් සිටිති. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් තම ජාතිකවාදී දෘෂ්ටිකෝණ තහවුරු කර ගැනීම සඳහා කුමන්ත්‍රණ න්‍යායන් ප්‍රකාශ කිරීමෙන් දිවි රැකගන්නා බව පෙනේ. ජාතික මට්ටමේ දේශපාලඥයන් අතලොස්සක් පමණක් මෙම සංජානනීය ජාතිකවාදයට එරෙහිව කටයුතු කිරීමට කැමැත්තක් දක්වා ඇත. වත්මන් ජනාධිපතිවරයා ඉන් එක් අයෙකි.

 

අරගලය පැවැති කාලයේදී රටේ ආර්ථික කඩාවැටීමත් සමඟ එවකට බලයේ සිටි දේශපාලන නායකයන්ගේ තුච්ඡභාවය හෙළිදරව් විය. එවැනි ප්‍රකාශවලට තමන් තවදුරටත් රැවටෙන්නේ නැති බවත්, ජාති-ආගම් භේදයකින් තොරව සැමදෙනාම සමාන පුරවැසියන් බවත් ප්‍රකාශ කිරීමට, විශ්වවිද්‍යාලවල බොහෝ තරුණ විරෝධතාකරුවන්ට එය හේතු විය. තම පූර්වගාමියා එළවා දැමූ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස, ජනාධිපති පුටුවේ හිනිපෙත්තටම නැඟීමෙන් පසු, සමානාත්මතාවය, යුක්තිය සහ ආර්ථික අපරාධ සම්බන්ධයෙන් වගවීම ඉල්ලා සිටි තරුණ හඬ නිහඬ කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම හාස්‍යජනකය. හැකි සෑම අවස්ථාවකදීම මංකොල්ලකෑමකින් තොරව, රටත් ආර්ථිකයත් දියුණු කිරීමට එකමුතු වූ ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගීමේ මහඟු කර්තව්‍යයට, එම පිරිස්වල ජවය සහ දැක්ම යොදාගැනීමේ අභියෝගය ජනාධිපතිවරයා භාරගත්තේ නම් වඩාත් හොඳය.

 

The Leader | We Lead the Nation

ජනාධිපතිවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් ඇමතූ සරල විලාසය විසින්, රාජ්‍යය එහි වාර්ගික හා ආගමික බහුත්වයේ මධ්‍යස්ථ තීරකයා ලෙස කටයුතු කරන හර පද්ධතියක් පිළිබිඹු කරයි. විවෘතව සහ පැහැදිලිව කථා කිරීමටත්, රාජ්‍ය ආයතන සියල්ල 'ඒකාබද්ධ මාවතකට' යොමු කිරීමටත් ඔහු දක්වන කැමැත්ත, වාර්ගික හා ආගමික සුළුතරයන් විසින් බෙහෙවින් අගය කරනු ඇත. ජනාධිපතිවරයාගේ මෙම තාර්කික ගුණය, මීට මාස කිහිපයකට පෙර, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබාගත් අවස්ථාවේදීද දැකගත හැකිවිය. අවාසනාවකට මෙන්, මෙම යහපත් චේතනා වචනවලට පමණක් සීමාවී ඇති අතර, ඒවා තවමත් භූමියේ ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබී නොමැත.

 

අඳුරු අපේක්ෂාවන්

නව ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති - නවින් පසුවට

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින ප්‍රධාන ලක්ෂණය වන්නේ පළාත් සභා සඳහා බලය බෙදා හැරීමේ ක්‍රමයක් ස්ථාපිත කිරීම වන අතර, එමඟින් එක් එක් පළාතේ ජනතාවට නිශ්චිත විෂය ක්ෂේත්‍රවලදී තමන්ව පාලනය කරන නායකයන් තෝරා පත් කර ගැනීමට බලය ලබාදෙනු ලැබේ. කෙසේ වෙතත්, වසර හතරකට වැඩි කාලයක් පළාත් සභා මැතිවරණ පවත්වා නොමැති අතර, ඒවා බලය බෙදා හැර ඇති ආයතන ලෙස ක්‍රියාත්මක නොවේ. ඒ වෙනුවට එම පළාත් පාලනය කරන්නේ, බලය බෙදීම විහිළුවක් බවට පත්කළ, ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරුන් විසිනි. එමනිසා, පළාතේ ජනතාවගේ අදහස් විමසීමකින් තොරව අත්තනෝමතික ලෙස ක්‍රියා කළ හැකි, ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරයකු විසින් පාලනය කරනු ලබන පරිපාලන ආයතන බවට පළාත් සභා පත්ව ඇත. ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයන්ට වඩා වැඩි බලතල ආණ්ඩුකාරවරුන්ට ලබාදෙන පළාත් සභා නීතිය සංශෝධනය කළ යුතු වන්නේ එබැවිනි.

 

indo lanka

අවාසනාවකට මෙන්, 1987 ඉන්දු-ලංකා සාම ගිවිසුමට සමගාමීව ස්ථාපිත කෙරුණු පළාත් සභා ක්‍රමය, ශ්‍රී ලංකා රාජ්‍යය දුර්වල කරන ඉන්දියානු යෝජනාවක් ලෙස සිංහල බහුතරය විසින් යම් තරමක සැකයකින් යුතුව බලන තත්වයට පත්ව ඇත. ඉන්දු-ලංකා සාම ගිවිසුම අත්සන් කරන විට එය මතභේදයට තුඩු දුන් අතර, එය රටේ මහජනතාව අතර දිගින් දිගටම හෑල්ලූවට ලක් විය. එහි සඳහන් පරිදි ඉන්දියාව කොටි සංවිධානය නිරායුධ කිරීමට එකඟ වූ අතර, ශ්‍රී ලංකාව ඉන්දීය ආකෘතියට පළාත් සභා පිහිටුවීමට එකඟ විය. ඒ දෙකම සම්පූර්ණයෙන් සිදු වූයේ නැත. අද පළාත් සභා ක්‍රමය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා එම ආයතන 'සුදු අලි' බවට පත්ව ඇත.

 

උතුරු හා නැඟෙනහිර පළාත්වලින් පටන් ගෙන පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ ගැටලුව වන්නේ, දැනට රටේ බල කේන්ද්‍රයෙන් තරමක් ඈත්ව සිටින ජාතිකවාදී කණ්ඩායම්වලට එහිදී 'සිංහල භීතිකාවන්' ඇති කළ හැකි වීමයි. ජනාධිපතිවරයා දෙමළ ජනයාට අනුග්‍රහය දක්වන බවත්, උතුරු නැගෙනහිර ඉන්දියාවේ ආධිපත්‍යයට පාර කපන බවත්, හෝ වෙනත් බිය ගැන්වීමේ ප්‍රකාශයක් කිරීමට ඔවුන්ට කිසිදු බාධාවක් නොවනු ඇත. පළාත් සභා මැතිවරණ පවත්වන්නේ නම්, එය මුළු රටටම සහ සියලුම පළාත්වලට එකවර පැවැත්විය යුතුය. එවැනි තත්ත්වයක් තුළ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට තීරණය කිරීමේදී මුහුණ දුන් අකරතැබ්බයටම ආණ්ඩුවට මුහුණදීමට සිදුවේ. එබැවින් නුදුරු අනාගතයේ මැතිවරණ සඳහා ඇති අපේක්ෂාවන් තවදුරටත් අඳුරු ය.

 

jehan perera

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විශ්ලේෂක
ආචාර්ය ජෙහාන් පෙරේරා

jehanpc@gmail.com


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...