The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රාජපක්ෂවාදයේ යුටිලිටිය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

May 21, 2023 • 5:46 AM

රාජපක්ෂවාදයේ යුටිලිටිය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එබැවින් එයට එරෙහිව සිංහල ජාතිවාදයක් මතු වීම නොවැළැක්විය හැකි ස්වභාවික ප්‍රතිචාරයකි.
  • මන්ද සිංහල ජාතියේ නිශ්චිත නියෝජනය බවට රාජපක්ෂවරු පත්වන්නේ එවිට නිසාය.
  • ජෙරම් ප්‍රනාන්දුගේ අමන ප්‍රකාශය පැමිණි වහාම චම්පක රණවකගේ අතවැසියා CID ය ඉදිරිපිටට ගොස් සියලු මාධ්‍යට පෙනෙන්න ජෙරම් සහ මහින්ද එකට ඉන්නා පින්තූරයක් දිගහැර පෙන්වන්නේ වහාම ජෙරම්ව රාජපක්ෂට සම්බන්ධ කර ඉහත කියන ආකාරයේ වාසියක් රාජපක්ෂවරුන්ට ලැබීම වැළැක්වීමටය.
  • කවුරු හෝ එය පිළිගත්තත් නැතත් අවසානයේ සිදු වන්නේ ක්‍රිස්තියානුවන්ගේ විරුද්ධවාදියා ලෙස රාජපක්ෂවරු සලකුණු වීමත්, ඒ ඇසුරෙන්ම බෞද්ධයන්ගේ නියෝජිතයා ලෙස රාජපක්ෂවරු තව තවත් තහවුරු වීමත්ය. පාස්කු ප්‍රහාරය රාජපක්ෂවරුන්ගේ ගිණුමට බැර කිරීම හරහා වෙන්නෙත් මෙවැනි සංසිද්ධියකි.
අකුරු ප්‍රමාණය (Font Size):

එබැවින් එයට එරෙහිව සිංහල ජාතිවාදයක් මතු වීම නොවැළැක්විය හැකි ස්වභාවික ප්‍රතිචාරයකි. එවැනි සැමරුම් වරින් වර කිරීම දේශපාලනිකව දෙජාතියටම වැදගත්ය. ඊනියා “සංහිඳියා” හරුප ඒවා වැටිය යුතු කුණු බක්කියට වැටී ඓතිහාසික ජාති ජාති පසමිතුරුතාවය දිගටම පවත්වා ගත හැක්කේ එවිටය. එම ජාතික භේදය මෙරටින් කිසිදා ඉවත් කළ නොහැකි පරිණාමීය අවශ්‍යතාවයකි.

එමෙන්ම එම සිංහල ජාතිවාදී නැගිටීම රාජපක්ෂලාට පැවැරීම ඊටත් වඩා දේශපාලනිකව වැදගත්ය. මන්ද සිංහල ජාතියේ නිශ්චිත නියෝජනය බවට රාජපක්ෂවරු පත්වන්නේ එවිට නිසාය. අනුර කුමාර කියන "මහින්ද රාජපක්ෂ සංස්කෘතිය" තව තවත් ස්ථාපිත වන්නේ එවිටය.

ජෙරම් ප්‍රනාන්දුගේ අමන ප්‍රකාශය පැමිණි වහාම චම්පක රණවකගේ අතවැසියා CID ය ඉදිරිපිටට ගොස් සියලු මාධ්‍යට පෙනෙන්න ජෙරම් සහ මහින්ද එකට ඉන්නා පින්තූරයක් දිගහැර පෙන්වන්නේ වහාම ජෙරම්ව රාජපක්ෂට සම්බන්ධ කර ඉහත කියන ආකාරයේ වාසියක් රාජපක්ෂවරුන්ට ලැබීම වැළැක්වීමටය. නමුත් එය චම්පකගේ දේශපාලන අපරිණතභාවය ප්‍රදර්ශනය කිරීමක් වන්නේ ජෙරම් ප්‍රනාන්දුගේ අනුගාමිකයන් එය තුට්ටුවකට පිළිනොගන්නා නිසාය. චම්පකට වඩා ලක්ෂ ගණනක අනුගාමිකයන් ජෙරම්ට සිටී. කවුරු හෝ එය පිළිගත්තත් නැතත් අවසානයේ සිදු වන්නේ ක්‍රිස්තියානුවන්ගේ විරුද්ධවාදියා ලෙස රාජපක්ෂවරු සලකුණු වීමත්, ඒ ඇසුරෙන්ම බෞද්ධයන්ගේ නියෝජිතයා ලෙස රාජපක්ෂවරු තව තවත් තහවුරු වීමත්ය. 

පාස්කු ප්‍රහාරය රාජපක්ෂවරුන්ගේ ගිණුමට බැර කිරීම හරහා වෙන්නෙත් මෙවැනි සංසිද්ධියකි. එයින් වෙන්නේ කතෝලිකයන්ගේ විරුද්ධවාදියා ලෙස රාජපක්ෂවරු සලකුණු වීමත්, ඒ ඇසුරෙන්ම බෞද්ධයන්ගේ නියෝජිතයා ලෙස රාජපක්ෂවරු තව තවත් තහවුරු වීමත්ය. මුස්ලිම්වරු ඇත්ත දැන සිටියත් ඔවුන්ගේ ආගමික අන්තවාදී ප්‍රහාරය රාජපක්ෂලා පිටට පවරා හොර පූසන් මෙන් සිටීම ඔවුන්ට පහසුය.නමුත් අවසානයේ වෙන්නේ මුස්ලිම් ජාතිකයන්ගේ විරුද්ධවාදියා ලෙස රාජපක්ෂවරු තව තවත් ස්ථිර වීමයි. 

සිංහල-බෞද්ධ නොවන ජාතිකාගමිකයන් කොහොමත් සිංහල-බෞද්ධ විරෝධීය. අනෙක් පැත්තටත් එහෙමය. ඉතා සුළු පිරිසක් හැරෙන්නට මෙය පොදු සත්‍යයකි. ඔවුන් කොහොමත් රාජපක්ෂවරුන්ට ඡන්දය නොදේ. එබැවින් ඔවුන් කොහොමත් වරණමය වශයෙන් අපට වැදගත් නැත. අවශ්‍ය වන්නේ එම පසමිතුරුතාවය වඩාත් හොඳින් තීව්‍ර කර සිංහල-බෞද්ධ නියෝජනය රාජපක්ෂවරුන්ට පැවරීමයි. එතරම් උපාය මාර්ගික සැලසුමක් ක්‍රියාත්මක කිරීමට අප අපොහොසත් වුවත්, අපගේ ප්‍රතිවාදීන් විසින් එය අප වෙනුවෙන් හැමදාම උපරිමයෙන් ඉටු කර දේ. 

නිර්මාල් දේවසිරි විසින් න්‍යායගත කරන ලද ඊනියා රාජපක්ෂවාදයේ දේශපාලනික උපයෝගිතාව (utility) මෙයයි. රාජපක්ෂවරු මෙයට කැමති නැත. නමුත් ඔවුන්ට පවා මෙම ලක් සමාජ යථාර්ථයෙන් මිදෙන්නට නොහැකිය. කෙතරම් දැඟලුවත් නාමල්ට අන්‍ය ජාතිකාගමිකයන්ගේ ඡන්දය නොලැබේ. ඔහුට උරුම සිංහල-බෞද්ධ ජාතික කඳවුරමය. ඔහු එම සත්‍යය කලින්ම පිළිගැනීම ඔහුට හිතකරය. 

අරගලය සාර්ථක වූවා නම් මේ සංසිද්ධිය වෙනස් විය යුතුය. නමුත් එය වෙනස් වී නැත. තවමත් කාටුන් ඇඳෙන්නේ රාජපක්ෂවරු අරබයාය. ඉදිරියටත් එහෙමය. එනම් සිංහල-බෞද්ධ ජාතිකවාදය ඒ අයුරින්ම පවතී. එහි රාජපක්ෂ නියෝජනයත් ඒ අයුරින්ම පවතී. අරගලය අසාර්ථකය. අරගලකරුවන් සිය දිවි නසා ගෙන ඇත. නිර්මාල් දේවසිරිගේ ඊනියා රාජපක්ෂවාදයට එරෙහිව අප කිසිදා වෙනත් න්‍යායක් නොලිය යුතුය. නිර්මාල් විසින් අප වෙත ලබා දුන් වටිනාම ත්‍යාගය එයයි. 

ධර්මය අපට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2023 මැයි 20



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...