The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : කාටූන් එපා වූ හොංකොං

T

The Leader Desk

May 21, 2023 • 8:28 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : කාටූන් එපා වූ හොංකොං

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෑතකදී ලෝක ප්‍රවෘත්තියක් බවට පත්වූයේ, තමන් දශක ගණනාවක් පුරා සේවය කළ ''මින් පාවෝ'' නමැති පුවත්පතින් නෙරපා දැමීම නිසාය.
  • ඊට හේතුව වූයේ, සුන්සි තම කාටූන් චිත්‍ර තුළින්, රජය සහ රජයේ නිලධාරීන් දැඩි ලෙස ''විවේචනයට'' (උපහාසයට විය යුතු) ලක් කරන්නේ යැයි පිටතින් ලද චෝදනාය.
  • ප්‍රනාන්දුව, තම නිවසට කැඳවූ අගමැති ජෝන් කොතලාවල ඔහුට බිත්තර ආප්පවලින් සංග්‍රහ කළ බව ප්‍රකට කාරණයකි.
  • ''ඇත්ත'' පත්‍රයේ කාටූන් ශිල්පියාව සිටි යූනුස්ගේ කට කපා දැමීම ද, මෙරට දේශපාලන ඉතිහාසයේ හා පුවත්පත් ලෝකයේ ඇඳුණු විශාල කළු පැල්ලමකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මෑතකදී ලෝක ප්‍රවෘත්තියක් බවට පත්වූයේ, තමන් දශක ගණනාවක් පුරා සේවය කළ ''මින් පාවෝ'' නමැති පුවත්පතින් නෙරපා දැමීම නිසාය. ඊට හේතුව වූයේ, සුන්සි තම කාටූන් චිත්‍ර තුළින්, රජය සහ රජයේ නිලධාරීන් දැඩි ලෙස ''විවේචනයට'' (උපහාසයට විය යුතු) ලක් කරන්නේ යැයි පිටතින් ලද චෝදනාය.

zunzi

වොන්ග් කෙයි ක්වාන් - ''සුන්සි'' (Zunzi)

මෙය ලෝකයේ සිටින පුවත්පත් කලාවේදීන්ගේත්, පාඨක ජනයාගේත් සිත් සසල කරවන සිදුවීමකි.

zus

cr 2

සුන්සි ගේ කාටූන්

 

කාටූන් ශිල්පියා යනු පුවත්පතක සිටින අහිංසකයෙකි. එසේම දැවැන්තයෙකි. ඔහු කිසිවකුට නොරිදවයි. අපහාස නොකරයි. තම තෙළිතුඩට ''ගොදුරු'' කරගන්නා, ප්‍රභූවරයා පවා කාටූනය දැක සිනාසෙයි. සමහරු, එහි මුල් පිටපත ගෙන්වා ගෙන රාමු කර ගනිති. තමා උපහාසයට ලක් කරමින් කාටූන් ඇඳි ජී.එස්. ප්‍රනාන්දුව, තම නිවසට කැඳවූ අගමැති ජෝන් කොතලාවල ඔහුට බිත්තර ආප්පවලින් සංග්‍රහ කළ බව ප්‍රකට කාරණයකි.

 පටබැඳි නම් හරි මනරම් - (කපිල කුමාර කාලිංගගේ හීසරය)

 

කාටූන් ශිල්පියකු කෙරෙහි උරණ වී ඔහුගෙන් පළිගැනිමට කිසියම් රජයක් හෝ පුද්ගලයෙක් උත්සාහ කරයි නම්, ඉන් සිදුවන්නේ තමන්ට විරුද්ධ විශාල කාටූනයක්, සමාජය ඉදිරියේ ඉදිකර ගැනීමය.

 

img''ඇත්ත'' පත්‍රයේ කාටූන් ශිල්පියාව සිටි යූනුස්ගේ කට කපා දැමීම ද, මෙරට දේශපාලන ඉතිහාසයේ හා පුවත්පත් ලෝකයේ ඇඳුණු විශාල කළු පැල්ලමකි. එය සිදුකළේ එකල සිටි ජනාධිපතිවරයාගෙන් ලකුණු දමා ගැනීමට අවශ්‍ය වූ මැර පිරිසකි. එකල ආණ්ඩු පක්ෂයේ සිටි ඇතැම් මැති ඇමතිවරු ද ඒ සිද්ධිය ගැන කණගාටු වූහ.

සමහර විට, යූනුස්ගේ කටකපන බවක් ජනාධිපති ප්‍රේමදාස නොදැන සිටින්නටද ඇත. ඔහු ''ඇත්ත'' පත්‍රයේ යාවජීව පාඨකයෙකි. පත්‍රය පමා වන හෝ පළ නොවූ දිනෙක ඔහු, 'ඇත්ත' කර්තෘට (සිරිවර්ධනට හෝ රත්නවීරට) දුරකථන ඇමතුමක් දී ''මොකද අද පත්තරේ නැත්තේ'' යැයි විමසන බවද අප අසා ඇත.

මුල් කාලයේ පත්තරකාරයන් හා දේශපාලනඥයන් අතර තිබුණේ සුහද සබඳතාවකි. මුදල් ඇමති රොනී ද මැල්ගේ ''ගී කියන කන්ද වත්ත'' එකල ඔහුගේ හිතමිත්‍ර පත්‍ර කලාවේදීන්ගේ නිවාඩු නිකේතනයක්ව තිබූ බවද අපට මතකය. එහෙත් රොනීගෙන් කා බී ආ කිසිවෙක් ඔහුව මුදුන් අත්තේ තැබීමට ගියේද නැත. රොනීට එය අවශ්‍ය වූයේද නැත. එකල පත්තර කලාවට, වැදගත් සංස්කෘතියක් තිබුණි.

 

පසුකලෙක පත්‍ර කලාවේදීන්ට පහරදීමටත්, තර්ජනය කිරීමටත්, මරා දැමීමටත් පටන් ගැනුණේ මෙරට දේශපාලනය, පාදඩකරණය වන බව කියාපාමිනි. මැරයෝ සහ චෞරයෝ සුදු හැඳගෙන දේශපාලන භූමියට පිවිසුණහ. ඔවුනට, විවේචනය දරා ගැනීමේ ශක්තිය නොපිහිටා තිබුණේ ජන්ම ගති, හීනමානය හා නූගත්කම නිසාය.

 

රජයකට එල්ලවන බොහෝ මාධ්‍ය චෝදනාවන්ට හේතුව ජනපති, අගමැති හෝ මැති ඇමැතිවරුන් පිරිවරා සිටින, ගොබ්බ උපදේශක රුළය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කරන්නේ කඩුව අතට ගත් මෝඩ වඳුරාගේ ඩියුටිය බව, පසුගිය කාලයේ සිදුවීම් තුළින් පැහැදිලි වෙයි.

සිරිලංකාවේ කන්ද උඩරට සිටි එක් රජ කෙනෙක්, ගමනක් යන අතර හුන්නස්ගිරි කන්ද දැක සිය ප්‍රධාන ඇමැතියෙකුගෙන් මෙසේ විමසීය.

''මහ නිලමේ... අර හුන්නස්ගිරි කන්ද වෙවුලනවා නේද?''

නිලමේ පිළිතුරු දුන්නේ කන්ද දෙසවත් නොබලාය.

''එහෙමයි දේවයන් වහන්ස... ඔබ වහන්සේගේ ප්‍රතාපවත්භාවය ඉදිරියේ කන්ද නොසැළී සිටීද?''

සෙසු නිලමේවරුද හිස නමමින්, එය අනුමත කළහ.

එහෙත් එතැන සිටි රජවාසල කවටයා නම් කිසිත් නොකියා ඉවත බලාගෙන සිටියේය.  එය දුටු රජු මෙසේ ඇසීය.

''කවටයා... උඹ විතරක් මොකද නිස්සද්ද?''

වටපිට බැලූ කවටයා, රජුට ළං වූයේය.

 

''තරහ අවසරයි රජතුමනි, ඔබවහන්සේ වටේ ඉඳන් ඉච්ඡා බස් දොඩන මේ බොරුකාර නිලමෙලාගේ ගතිය දකිනකොට හුන්නස්ගිරිය නෙවෙයි, සමනළ කන්දත් නොහෙල්ලී තියෙයියැ?''

 

ලජ්ජාවට පත් රජුද නිහඬව එතැනින් නික්මුණේය.

 

20 1 9

කාටූන් ශිල්පීන් ගැන කියූ නිසා යූනුස් විසින් 'ඇත්ත' පත්‍රයට ඇඳි කාටූනයකින් අද තීරුව නිමා කරමි.

කාටූනය ඉහළ, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන රුස්වීමකදී කළ ප්‍රකාශයක් උපුටා දැක්වෙයි.

''මා දේශපාලනයට ඇදී ආවේ වේදිකා නාට්‍ය නිසා.''

- ජේ.ආර්.

ඊට පහළින් යූනුස්ගේ කාටූන් චරිතය වන සරමක් හා කබායක් හැඳගත් සාමාන්‍ය පුද්ගලයා මෙසේ කියමින් යනු පෙනේ.

''වේදිකා නාට්‍ය භංගවේවා!''

ජේ.ආර්. මෙය දැක යූනුස්ගේ කට කපන්නට ගියේත් නැත. බිත්තර ආප්ප කවන්නට ගියේත් නැත!

මරුවා සමඟ යාමට සැරසුණු ගමයා මෙසේ කීවේලු. ''යමයාගෙන් පවා උගත හැකි දෑ බොහෝය.''


Kapila Kumara Kalinga(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : කාටූන් එපා වූ හොංකොං | The Leader