The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නීතිය අතට ගැනීම එකමුතු කම ද?

T

The Leader Desk

May 21, 2023 • 10:15 AM

නීතිය අතට ගැනීම එකමුතු කම ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සමඟම චෝදනා එල්ල වූ ලීසිං සමාගමට හානි කල සියලු දෙනාටම යන එන මං නොමැති වී ඇත.
  • ඇතැම් අවස්ථාවලදී මෙම යුක්තිය ඉටු කිරීමට සමාජයේ සියලු දෙනා සියලු දෙනා එකට ඒකරාශී වී සිටිය හැක.
  • මේ හා සමාන තවත් උදාහරණයක් වන්නේ පසුගිය වසරේ මැයි 09 වැනිදා ගෝල්ෆේස් අරගල භූමියේ සිට ආරම්භ වූ හිංසන ක්‍රියාදාමයයි.
  • එසේම බොහෝ පිරිසකට මහ මග ගුටි කෑමටත් සිදු වූ බව මාධ්‍ය මඟින් වාර්තා කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ සමඟම චෝදනා එල්ල වූ ලීසිං සමාගමට හානි කල සියලු දෙනාටම යන එන මං නොමැති වී ඇත.

මෙම ගැටලුව තේරුම් ගන්නේ කෙසේද? ජනතාව විසින් ජනතාව අතර ප්‍රචලිත යුක්තිය ඉටු කිරීම කෙතරම් සාධාරණ දැයි ගැටලුවක් මේ හරහා මතු වේ. ජනතාව අතර පවතින යුක්තිය යනු ජනප්‍රිය යුක්තියයි. එහි සියලු දෙනා විනිශ්චකරුවන් වන බැවින් ඕනෑම අපරාධයකට දඬුවමක් ජනතාව නැමැති අධිකරණය තුළ ඒකපාර්ශවික නඩු විභාගයකින් පසුව දඬුවම් ලබාදෙයි.

එම දඬුවම් බොහෝවිට දේපළ හානි කිරීමේ සිට මරණය දක්වා දිව යා හැක. ඇතැම් අවස්ථාවලදී මෙම යුක්තිය ඉටු කිරීමට සමාජයේ සියලු දෙනා සියලු දෙනා එකට ඒකරාශී වී සිටිය හැක.

image 2d906d9e72

මේ හා සමාන තවත් උදාහරණයක් වන්නේ පසුගිය වසරේ මැයි 09 වැනිදා ගෝල්ෆේස් අරගල භූමියේ සිට ආරම්භ වූ හිංසන ක්‍රියාදාමයයි. ඇයි ඉතින් බොහෝ පිරිසකගේ දේපල ගිනි තැබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ඔහුගේ ආරක්ෂකයෙකු ඝාතනය කොට බිම දිගේ ඇදගෙන යාම ද සිදු කළේය. එසේම බොහෝ පිරිසකට මහ මග ගුටි කෑමටත් සිදු වූ බව මාධ්‍ය මඟින් වාර්තා කරන ලදී. එසේම වර්තමාන ජනාධිපතිවරයා ගේ නිවසට ගිනි තැබීමට මාධ්‍ය මගින් මගින් ජනතාව යොමු කිරීමත් සම්බන්ධයෙන් විද්‍යුත් මාධ්‍ය නාලිකාවන් වෙත චෝදනාවන් ද එල්ල විය.

මෙමගින් උත්සාහ කරන්නේ ගෝල්ෆේස් අරගලයට පහර දීමට සාධාරණීයකරණය කිරීමට නොව කුරුණෑගල සිදුවීම හා ගෝල්පේස් සිදුවීම් අතර ඇති සමානතාවය පෙන්වා දීමටයි.

අන්තර්ගතය වශයෙන් වෙනස් වුවද ආකෘතික වශයෙන් ගත්කල මෙම සිදුවීම් දෙක අතර පවතින්නේ සමාන තාවයකි. එනම් ආකෘතිය එකක්ම වන අතර අන්තර්ගතය පමණක් වෙනස් වී ඇත. ආකෘතියේ එකයි පවසන්නේ සිදුවීම් දෙකේදී ම මහජනතාව විසින් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමයි.

 

KLAJH

 

නීතිය ක්‍රියාත්මක කිරීමට යුක්තිය පසිඳලීමට ආයතන පැවතියත් එම ආයතනයන් වලට ඉහළින් ජනතාවය තමන්ගේ නීතිය ක්‍රියාවට නැංවීමට යාම කුරුණෑගල සිටුවීමේදී මෙන්ම ඊට පෙර ගෝල්ෆේස් සිදුවීමේ දී ද දැකිය හැක්කක් විය.

 

මේ වන විට සමාජ මාධ්‍ය පුරා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය ඉතා වේගයෙන් සංසරණය වෙමින් පවතී. එහිදී මානසික රෝගයක් පවතින දරුවෙකු විසින් ප්‍රකාශ කරන ලද දෙයක් මත ජනතාව විසින් ලීසින් සමාගමට අලාබ හානි සිදු කිරීම හා එහි සේවකයන්ට පහර දීම සඳහා විශාල පිරිසක් ඒකරාශී වී සිටියේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය ඔස්සේ පෙනී යන්නේ දරුවා කිසිදු ආකාරයකට අපයෝජනයට ලක්වී ලක් වී නොමැති බවත් එහෙත් දරුවා සිය මානසික රෝගී තත්ත්වය හේතුවෙන් ගොඩනඟන ලද්දක් වන බවයි.

කිසිදු දෙයක් සොයා බලන්නේ නැතුව ලීසිං සමාගම ට පහරදීම හා එහි සාමාජිකයන්ට පහර දීම සම්බන්ධයෙන් ඊට සම්බන්ධ වූ බොහෝ පිරිස් පසුතැවීමකට ලක් වෙමින් ඇත. ඒත් තමන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාම නිසා ඇතිවූ අනීතික තත්ත්වය හේතුවෙනි.

මේ නිසා තමන්ගේ විසින් සිදුකරන ලද වරද හේතුවෙන් බොහෝ පිරිසක් මතු කරන තර්කය වන්නේ දරුවා නිසා කුරුණෑගල ජනතාව ඒකරාශී වූ බවයි.

 

ඕනෑම අයෙකුට නීතිය අතට ගෙන සමාජය සමාජය සංවිධානය කිරීමට හැකියාව ඇති අතර එහි ප්‍රතිඵල භුක්ති භුක්ති විදීමට කිසිවෙක් ඉතිරි වන්නේ ද නැත. නීතිය සමාජය විසින් නීති ක්‍රියාත්මක කරන ආයතනයන් වලට ඒ පිටින් ගොස් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමෙන් බොහෝ විට වැරදි කරුවන් මෙන්ම නිවැරදි කරුවන් ද හිංසනයට භාජනය වන බැවිනි.

 foucault

ෆූකෝ

 

ෆූකෝ නමැති ප්‍රංශ දාර්ශනිකයාට අනුව ජනප්‍රිය යුක්තිය යනු කිසිදු ආකාරයකට සාධාරණය යුක්තිය නොවේ. මන්ද ජනතාව තමන් විසින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට නැතහොත් යුක්තිය පසිඳලීමට යන්නේ තමන් තුළ පවතින අභ්‍යන්තරික වුවමනාවන් හෙවත් ආත්මීය වුවමනාවන් පදනම් කරගෙනයි. මේ නිසා නීතිය ක්‍රියාත්මක කිරීමේ මූලික ක්‍රම ක්‍රමවේදය හෝ ක්‍රියාත්මක වන්නේ නැත. මේ නිසා චෝදනාවට ලක් වන්නා හෝ ලකුණ පාර්ශ්වය හරි හෝ වැරදි වූවද දඬුවම් ලැබීමට නියම කෙරේ.

 

වැටින් සහ සමාජ මාධ්‍ය තුළ පැතිර යන සමාජය එකට එකතු වීම ය යන කරුණ හුදෙක් දෘෂ්ටිවාදීමය අදහසක් පමණක් වන අතර මේ ආකාරයෙන් මිනිසුන් ජනප්‍රිය යුක්තිය ක්‍රියාවට නැංවීමට යාමෙන් සමාජයේ නීතිය හා පර්යාය බිඳ වැටී අරාජික සමාජයක් උදා වීම වලක්වා ගත නොහැක.

 

ජනතාව විසින් තමන්ගේ ගැටළු තමන්ම තමන්ගේ ආකාරයට විසඳාගැනීමට යාමෙන් තෝමස් හොබ්ස් ප්‍රකාශ කළ ආකාරයේ ප්‍රාථමික සමාජයක් කරා ගමන් කිරීමට මාර්ගය විවර වේ. මේ නිසා කළ යුත්තේ වහාම ජනප්‍රිය යුක්තිය සම්බන්ධයෙන් ජනතාව අතර පවතින දෘෂ්ටිවාදී අදහස විවේචනය කිරීමයි. එසේ නොමැතිව දෘෂ්ටිවාදීමය වශයෙන් කටයුතු කරන්නේ නම් තෝමස් හොබ්ස් ට අනුව දිය රකුසෙකුට බිලි වූ සමාජයක් මෙන් විනාශ වී යාම ඒකාන්ත වනු ඇත.

 

(දේශපාලන සටහන - carbonnews.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...