The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කුලයේ බලය සහ බලයේ කුලය - (මහීම සුජීව ගමගේ)

T

The Leader Desk

May 21, 2023 • 4:36 PM

කුලයේ බලය සහ බලයේ කුලය - (මහීම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙරදිග ලෝකයේ රටවල් අතරින් 'කුලවාදය' ව්‍යාප්ත වෙලා තියෙන්නේ ඉන්දියාව, ලංකාව වගේ රටවල්වල.
  • කුලධුරාවලිය ඇතුලේ මානුෂිය සබඳතා බොහෝ සෙයින් අවමයි.
  • ලෝකයේ බොහෝ ආකාරයෙන් දියුණුවෙලා ඇති මේ වර්තමානයේදී තවමත් 'කුලවාදය' ක්‍රියාත්මක වෙලා තිඛෙන්නෙ මිනිස්කමට පිටුපාන ආකල්පයක් විදියට.
  • විශේෂයෙන්ම දේශපාලනය, ආගම, වෙළඳාම, විවාහ සම්බන්ධතා ආදී විෂයයන් එක්ක බද්ධ වෙලා තිඛෙන්නේ මනුෂ්‍යත්වයේ ගුණාංග වලට දැඩි බලපෑමක් ඇති කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

පෙරදිග ලෝකයේ රටවල් අතරින් 'කුලවාදය' ව්‍යාප්ත වෙලා තියෙන්නේ ඉන්දියාව, ලංකාව වගේ රටවල්වල. කුලධුරාවලිය ඇතුලේ මානුෂිය සබඳතා බොහෝ සෙයින් අවමයි.

ලෝකයේ බොහෝ ආකාරයෙන් දියුණුවෙලා ඇති මේ වර්තමානයේදී තවමත් 'කුලවාදය' ක්‍රියාත්මක වෙලා තිඛෙන්නෙ මිනිස්කමට පිටුපාන ආකල්පයක් විදියට. 'කුලවාදය' අපේ රටේ සියළුම අංශ ආක්‍රමණය කරලා.

විශේෂයෙන්ම දේශපාලනය, ආගම, වෙළඳාම, විවාහ සම්බන්ධතා ආදී විෂයයන් එක්ක බද්ධ වෙලා තිඛෙන්නේ මනුෂ්‍යත්වයේ ගුණාංග වලට දැඩි බලපෑමක් ඇති කරමින්.

xzdgsd

'කුලය' බොහෝ විට නිර්මාණ වූයේ මිනිසුන් අතර බද්ධ වී ඇති වෘත්තිය ක්‍රියාකාරකම් හරහා අපේ රටේ රදළ වැඩවසම් යුගය නියෝජනය කරපු රාජ යුගයන් තුළ සිටම මේ දක්වාම කුල ධූරාවලිය ක්‍රියාත්මක වෙනවා. උසස් කුල සහ පහත් කුල විදියට මිනිසුන් වර්ගීකරණය කර ගැනීමේ භාවිතාව තුළ උසස් කුල වල අය සතුව පවත්නා බලපුළුවන්කාරකම් වලින් හෙම්බත්ව පීඩිතව සිටින පහත් කුල යැයි සම්මත මිනිසුන් තුළ නියත වශයෙන්ම ජනිතවන 'නිගමනය' නමැති සාධකය තුළින් ඇති වන්නා වූ දුර්ගුණ නිසාම උසස් කුල වල ඇත්තන් විසින් පහත් කුලවල ඇත්තන්ට පහත් මිනිසුන් ලෙස ලේබල් ඇලවීම ආගමික ශාස්තෘවරුන් දේශනා කරන ලද දර්ශනයන්ට පටහැනියි.

යුරෝපීය ජාතීන් තුළ මෙම වර්ගීකරණය කොහෙත්ම භාවිතාවන්නේ නැහැ. වර්ගවාදය ආගමික නිකායවාදය යුරෝපීය සමාජය තුළ ක්‍රියාත්මක වුවත් කුලවාදය එහෙම පිටින්ම එම සමාජයට නුහුරු අත්දැකීමක්.

සිංහල බෞද්ධ චින්තනය තුළ කුලවාදයට ඉඩක් නැතත් සිංහල බෞද්ධයින්ගෙන් බොහෝ දෙනෙකු 'කුලවාදය' දොහොත් මුදුන් දී පිළිගන්නා බව සත්‍යයකි.

dsfe34

බුදුන් වහන්සේ සෝපාකලා මහණ කළත් වර්තමානයේ ඇතැම් බෞද්ධ ආගමික නායකයින් පැවිදි උතුමන් අතර කුලවාදය දැඩිසේ ක්‍රියාත්මක වන බව රහසක් නොවෙයි. ඒ තරමටම මෙම උසස් යැයි සම්මත බෞද්ධ නායකයින් සහ පැවිදි උතුමන්ලා කුලවාදයට අනුගතයි.

මේ කුල ධූරාවලියේ පැවැත්මට ඉතාමත් දැඩිව බලපාන දෙයක් තමයි 'නිකාය භේදය' බුදුන් වහන්සේ දේශනා කළ දහමට දර්ශනයට පටහැනි දෙයක් ලෙසින් ක්‍රියාත්මක වන 'නිකාය භේදය', 'කුලවාදය' පෝෂණ කිරීමේ ගර්භාෂයක් බවට පත්ව තිඛෙනවා.

අපේ රටේ දේශපාලන නායකයින් අතර විශේෂයෙන්ම දක්ෂිණාශේක දේශපාලනඥයින් අතර තදින්ම කුලවාදය ක්‍රියාත්මක වෙනවා. ඒ දේශපාලනඥයින්ට මැතිවරණවලදි ඡන්දය දෙන ඇතැම් ජන කොටස් සිය ඡන්දය පාවිච්චි කරන්නෙත් 'අපේ එකා' කියන ආකල්පය මතයි.

එහෙත් වාමාංශික නායකයින් අතර කුල ධුරාවලිය පිලිබඳ ආකල්ප ක්‍රියාත්මක වන්නේ නැත්තේ ඔවුන් සතු මාක්ස්වාදී, සමාජවාදි චින්තනය නිසාමයි. මාක්ස්වාදය තුළත් සමාජවාදි දර්ශනය තුළවත් ජාතිවාදය, ආගම්වාදය කුලවාදය කියන පසුගාමී චින්තනයන්ට කිසිසේත්ම ඉඩක් නැහැ.

අපේ රටේ දකුණු පළාතේ, මෙන්ම මධ්‍යම පළාතේද 'කුලවාදය' පුජනීය තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒ වගේම උතුරු පළාතේ හින්දුවාදි සමාජය තුළත් කුලවාදය නිසාම කොන්වු තරුණ පිරිස් දිර්ඝකාලීන යුද්ධයකට අවතීර්ණ වුණා. 1971, 1988 කැරළි වලදිත් කුල ධූරාවලියෙන් උද්ගත වූ කුල පීඩනය ඉතා තදින්ම බලපෑවා.

xcxfdtg

'කුලවාදය' අද වගේ දියුණු ලෝකයකට කිසිසේත්ම ගැලපෙන්නේ නැති චින්තනයක්. විද්‍යාත්මකව දියුණුවු තාක්ෂණික අතින් ඉහළම තැනකට පත්වී ඇති ලෝකයක වර්තමානයේ ජීවත්වෙන අප කුලවාදය කර පින්නාගෙන යාමෙන් ඇති ඵලය කුමක්ද?

'පහතරට' මිනිසුන් උඩරැටියන් විසින් හඳුන්වනු ලබන්නේ 'පාතයින්' ලෙස යැයි සමහර අවස්ථාවල අසන්නට ලැඛෙනවා.

අද සති අන්ත ජාතික පුවත්පතක මංගල දැන්වීම් තීරය ගෙන බැලූවහොත් 'කුලය' ට මිනිසුන් තුළ ඇති ගෞරවය කොතෙක්දැයි දකින්නට පුළුවනි.
බොහෝ විට මංගල දැන්වීම් තීරයේ පළවෙන දැන්වීම්වල දෙමාපියන් ඉල්ලා සිටින්නේ තම දරුවාට තමන්ගේම කුලයේ සහකරුවෙකු හෝ සහකාරියකි. එම දැන්වීම් තීරය මුළුමනින්ම කුලවාදි ආකල්පයන් පිරීගොස් ඇති බව පෙනෙන්නට ඇත.

xfgbdfg

විවාහය වැනි මානුෂිය සම්බන්ධතාවක් තුළදී පවා 'කුලය' ප්‍රමුඛ කාරණයක් ලෙස සලකනු ලබන සමාජයක් කිසිදාක සමාජ ප්‍රගමනයට දායක නොවේ. රදළ වැඩවසම් යුගවලදි අතිශයින්ම දරුණු ඛේදවාචකයන්ට මුල පිරීමක් ලෙස කුලවාදය හඳුන්වා දෙන්නට පුළුවනි.

වත්මන් තරුණ පරම්පරාව සමාජ ප්‍රගමනය සම්බන්ධයෙන් දරන ආකල්ප බොහෝ විට ප්‍රගතිශිලි වන්නේ ඔවුන් සිය වැඩිහිටි පරපුර සතු සමාජ දැක්මෙන් වියුක්ව සිටින හෙයිනි.

මිහිඳු මහරහතන් වහන්සේ මේ රටට වැඩම කරණ ලද්දේ විවිධ වෘත්තීන් වලට අයත් කුල ගණනාවකින් සමන්විත පිරිවරක් සමගිනි. අශෝක අධිරාජයා එම පිරිස මේ රටට එවන ලද්දේ   'කුලවාදය'මෙහි ව්‍යාප්ත කිරීමට නොවේ. රටකට අවශ්‍ය ආර්ථීක, දේශපාලන, සමාජීය කරුණු සැලකිල්ලට ගෙන එවූ ඒ පිරිස අතර ගෘහනිර්මාණ ශිලපීන් වූහ. වෘත්තියමය කාරණා මත එවන ලද එම පිරිස වෙතින් පැවැතෙන්නන්ගේ පරම්පරාවන් අවුරුදු දහස් ගණකට පසුව කුල ධූරාවලිය මතින් ඛෙදා වෙන් කරන ලද්දේ කිනම් සාධක මත වුවත් එහිලා ප්‍රධාන වශයෙන් බලපෑවේ 'දේශපාලන බලය' නමැති කාරණාවය.

එබැවින් 'කුලය' සහ බලය අතර පවත්නා සම්බන්ධතාවය සහ ප්‍රතිවිරෝධතාවය අතර 'ගැටුම' වත්මන් සමාජය තුළ රදළ වැඩවසම් නායකයින්ගේ චින්තනය හරහා ඉදිරියටම ඇදීයන සෙයක් දකින්නට තිබේ.


mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...