The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ස්ත්‍රී කුණාටුවක ජයගීතය - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

May 27, 2023 • 7:44 AM

 ස්ත්‍රී කුණාටුවක ජයගීතය - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ තමයි එයාගේ බිඳුණු විවාහය සහ ඒ අමිහිරි බවෙන් මිදෙන්න එයා තෝරාගත්ත ආගමික/අධ්‍යත්මික බව ගැන යම් ගෝලීය කතාබහක් ඇතිවීම.
  • විශේෂයෙන් ජපන් සෙන් බුද්ධාගමේ එක්තරා නිකායක් ලෙස සැලකෙන නිචිරන් බුද්ධාගමේ (Nichiren Buddhism) විශ්වාසයන් සමඟ ටීනා පැවැත්වූ භක්තිය ගැන සෑහෙන පමණ කතාබහක් නැවත ඇතිවීම හොඳ දෙයක්.
  • විශේෂයෙන් මේ වගේ ගෝලීය චරිතයක මතභේදාත්මක පැවැත්ම, විශ්වාසයන්, පෞද්ගලික බව, අර්බුද ජයග්‍රහණය කරපු විදිය වගේ දේවල් ගැන මිනිස්සුන්ගේ කුතුහලය යොමුවෙනවා වැඩියි.
  • ඒ වගේම ඒ ලඟාකරගත් තෘප්තිමත් ආත්මය ඇතුලේ අපරාජිත වෙන විදිය ගැනත් නිචිරන් බුද්ධාගමේ උගන්වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ තමයි එයාගේ බිඳුණු විවාහය සහ ඒ අමිහිරි බවෙන් මිදෙන්න එයා තෝරාගත්ත ආගමික/අධ්‍යත්මික බව ගැන යම් ගෝලීය කතාබහක් ඇතිවීම. විශේෂයෙන් ජපන් සෙන් බුද්ධාගමේ එක්තරා නිකායක් ලෙස සැලකෙන නිචිරන් බුද්ධාගමේ (Nichiren Buddhism) විශ්වාසයන් සමඟ ටීනා පැවැත්වූ භක්තිය ගැන සෑහෙන පමණ කතාබහක් නැවත ඇතිවීම හොඳ දෙයක්.

විශේෂයෙන් මේ වගේ ගෝලීය චරිතයක මතභේදාත්මක පැවැත්ම, විශ්වාසයන්, පෞද්ගලික බව, අර්බුද ජයග්‍රහණය කරපු විදිය වගේ දේවල් ගැන මිනිස්සුන්ගේ කුතුහලය යොමුවෙනවා වැඩියි.

ඒ කුතුහලය එක්ක මෙච්චර දවසක් වැඩිය කලඑළියට ආවේ නැති ටීනාගේ අධ්‍යාත්මික විශ්වාසයන් ගැනත් යම් අවධානයක් ගෝලීය වශයෙන් යොමුවෙලා.

 නිශිරන් බුද්ධාගමේ කියවෙන්නේ තමා තුලින්ම ආත්ම සන්තුෂ්ටිය ලඟාකරගන්නා ආකාරය ගැන. ඒ වගේම ඒ ලඟාකරගත් තෘප්තිමත් ආත්මය ඇතුලේ අපරාජිත වෙන විදිය ගැනත් නිචිරන් බුද්ධාගමේ උගන්වනවා. මොනවගේ දුෂ්කර, කටුක, නීරස තත්වයක් යටතේ උනත් නොසෙල්වී, නොවෙනස්ව, නිරන්තරව ජීවිතයේ මහා චාරිකාව (meta journey of life) තුල ගමන්කරන හැටි ඒ නිකාය විසින් පුද්ගලයින්ට කියල දෙනවා.
මෙන්න මේ අතිශයින් පෙරදිග බෞද්ධ ඉගැන්වීම ඇතුලේ ටීනා සොයාගන්නවා කටුක වෙන්වීම් එක්ක උනත් ජීවිතය මහත්වූ චාරිකාවක් කරා යොමුකර ගන්නා ආකාරය. ඒ විදියටම ටීනා තමන්ගේ ජීවිත චාරිකාව අවසන් කලේ අතිවිශිෂ්ට වීරත්වයකින්. සාර්ථක බවකින්.

Fw6iJb3XgAI44XF.jpg large
මේක තමයි කියෝතෝ ගුරුකුලයේ නිශිදා කිතරෝල ඩී. ටී. සුසුකිල පෙරදිග බුද්ධාගම බටහිරට අරන් ගිහිල්ල එහෙ පැලකරලා හදපු අලුත් මනුෂ්‍යත්වය (new humanity).

ටීනාගේ සමුගැනීම ගැන නිචිරන් නිල වෙබ් අඩවිය මෙසේ පවසනවා. අපි ඇයගේ සමුගැනීම ගැන කණගාටු වෙනවා. හැබැයි අපි දන්නවා ඇය ඉතාම හොඳ උදාහරණයක් මිනිසා මිනිසා තුලම සිදුකරගන්නා පුද්ගල විප්ලවය ගැන. අපි කියන්නේ හැම මිනිසෙක්ටම පුළුවන් මේ අභ්‍යන්තර ආත්ම ගවේෂණය කරන්න. ඒක මිනිස් විප්ලවයක් (It is a human revolution).

 අපි හැමෝටම පුළුවන් අපි ඇතුලේ ඉන්න ශක්තිමත් මිනිසා සොයාගන්න. අපි ඇතුලේ තියෙන්න ඕනි පැහැදිලි බව (inner clarilty) සොයාගන්න. දෙගිඩියාවක් නැතුව ජීවිත චාරිකාව තුලට පිවිසෙන්න. මේ පැහැදිළි බව එක්ක පුළුවන් මරණයට උනත් බයනැතුව මුහුණදෙන්න. ජීවිතයේ තමන් ඇදගෙන වැටෙන තැන තමයි තමන්ගේ මහත් වූ ජීවන චාරිකාවේ මුල්ගල කරගන්න ඕනි. නිචිරන් බුද්ධාගම එහෙම උගන්වනවා. බුද්ධාගම ඇයව ශක්තිමත් කරන්නේ, ඇයට උපදේශනය (counselling) සපයන්නේ ඒ විදියට. ජීවිතට නැවත වැළඳගන්නේ කොහොමද කියන පණිවිඩය එක්ක. 

නැවත ජීවිතය සොයාගත් ටීනා, ඔබ අපට ඉතිරිකර ගියේ අතිශයින් නිර්මාණශීලි රොක් ජයගීත සමුදායක් (a collection of rock anthems) විතරක් නෙවෙයි. ඔබ අප හැරගියේ ජීවිතයේ ශක්තියත්, ජීවිතයකට කරන්න පුළුවන් අපරිමිත කාර්යයන් ගැනත් අද්විතීය පණිවිඩයක් ඉතිරිකරමින්. විශේෂයෙන් ගැහැණියක් හැටියට තිබ්බ අසහාය ශක්තිය....ඒකම ඇති.

අසහාය ටීනා....නැවතත් ඔබට නිවන් සුව...


නිචිරන් නිල වෙබ් අඩවිය

Mahesh Hapugoda
 
 
 
 
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ස්ත්‍රී කුණාටුවක ජයගීතය - (ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader