The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : දේශපාලනයේ ගේම්කාරයෝ

T

The Leader Desk

May 28, 2023 • 8:54 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : දේශපාලනයේ ගේම්කාරයෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊට හේතුව ඒවා මගේ මානසික හා ශාරීරික සෞඛ්‍යයට අහිතකර බැවිනි.
  • මෙම දේශපාලන සංවාදයන්හි ඇති එක් වැදගත්කමක් වන්නේ ඒවාට සහභාගි වන දේශපාලන චරිත තුළින් ඔවුනට රටේ ප්‍රශ්න ගැන, ජනතාව ගැන ඇති අවබෝධය මෙන්ම ඔවුන්ගේ බුද්ධි මට්ටම් පිළිබඳවද නරඹන්නන්ට වටහා ගැනීමට හැකිවීමය.
  • දෙවැන්න, බැලූ බැල්මට මෙම දේශපාලන සංවාද බරසාර යැයි පෙනී ගියත් ඇතැම් කෙනකුට ඒවායින් හාස්‍ය රසයක්ද ලබාගත හැකිවීමය.
  • එහෙයින් මේවා දේශපාලන වැඩසටහන් සේම ප්‍රහසන නොහොත් විකට වැඩසටහන් ලෙසද සැලකිව හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊට හේතුව ඒවා මගේ මානසික හා ශාරීරික සෞඛ්‍යයට අහිතකර බැවිනි. එය වෛද්‍ය උපදේශයක් නොව මගේ ස්වාධීන තීරණයක් හා නිගමනයකි.

එහෙත්, මෙම වැඩසටහන් වෙනත් අය නරඹනවාට මගේ කිසිදු විරුද්ධත්වයක්ද නැතුවා සේම ඒවායේ කිසිදු වැදගත්කමක් නැතැයිද නොකියමි.

මෙම දේශපාලන සංවාදයන්හි ඇති එක් වැදගත්කමක් වන්නේ ඒවාට සහභාගි වන දේශපාලන චරිත තුළින් ඔවුනට රටේ ප්‍රශ්න ගැන, ජනතාව ගැන ඇති අවබෝධය මෙන්ම ඔවුන්ගේ බුද්ධි මට්ටම් පිළිබඳවද නරඹන්නන්ට වටහා ගැනීමට හැකිවීමය.

දෙවැන්න, බැලූ බැල්මට මෙම දේශපාලන සංවාද බරසාර යැයි පෙනී ගියත් ඇතැම් කෙනකුට ඒවායින් හාස්‍ය රසයක්ද ලබාගත හැකිවීමය. එහෙයින් මේවා දේශපාලන වැඩසටහන් සේම ප්‍රහසන නොහොත් විකට වැඩසටහන් ලෙසද සැලකිව හැකිය.

 

image 9131703bde''විනෝද සමය'' ඉදිරිපත් කළ අමාරිස් අයියලාගෙන් පසු මෙරට හොඳ හාස්‍ය වැඩසටහන්වල අඩුවක් පවතින බව කවුරුත් පිළිගනිති. එසේ හෙයින් දේශපාලනඥයන් අතුරින් හෝ කවටයන් බිහිවී විකට වැඩසටහන් ඉදිරිපත් කරනවා නම් එය ජනතාවගේ මනාපයට හේතු වනවා ඇත. එහෙත් ගැටලුව වන්නේ පරණ අමාරිස්ලා වෙනුවට දැන් දේශපාලන පිටියෙන් මතුවන අමාරුකාරයන් හොඳ විහිළු නොදැන සිටීමය. ඔවුහුද රට හිනස්සති. එහෙත් ඉන් සිදුවන්නේ ජනතාවගේ ඇස් රතු වීමය.

අතීතයේ සිටි රජවරුන්ගේ සිටම මේ රටේ පාලකයෝ ජනතාවට විහිළු සැපයූහ. බොහෝ විට ඒ තමන් කවටයන් බව නොදැනුවත්වමය. ටේලර්ගේ ලණුව කා මහමඟ නිරුවතින් ගිය රජ්ජුරුවන්ගේ කතාවද ඊට නිදසුනකි. අපේ මහාවංශයේම සඳහන් වන පරිදි යසලාලක තිස්ස රජතුමා යස පාඩමක් ඉගෙනගත්තේ දොරටුපාලයා වූ සුභ සමඟ අනවශ්‍ය විහිළුවක් කිරීමට යාමෙනි. ඉන් රජුගේ බෙල්ල ගිය අතර සුභයා රජ වූයේය. ඒ දොරටුපාලයාගේ ජාන ඇත්තෝ ඉතිහාසය පුරාම වරින්වර සිරි ලංකාවේ රජකම් කළෝය.

සෙලෙන්ස්කිගේ එක්සත් ජනපද සංචාරය තත්පර 90කින්
යුක්රේනියාවේ ජනපති වූයේද එරට ජනප්‍රියව සිටි විකට රංගන ශිල්පියකු වූ සෙලෙන්ස්කිය. රටක් පාලනය යනු විහිළුවක් නොවන බව ඔහුට වැඩිකල් නොයාම තේරුම් ගියේය. දැන් මුළු රටම යුද පිටියකි. සිනාව එරටින් පලා ගොසිනි. සෙලෙන්ස්කි දැන් සිටින්නේ යසලාලක තිස්සගේ තත්ත්වයෙහිය. ''පුටින්'' කඩුවද අතැතිව ලෝක කරළියෙහි සුභගේ චරිතය රඟපාමින් සිටී.

විවේකී මොහොතක, රූපවාහිනියේ වැඩසටහන් ඒ මේ අත පෙරළමින් සිටි මට අහම්බෙන් මෙන් දේශපාලන සංවාද වැඩසටහනක් ඇස ගැසුණි. එහි නම මට මතක නැතත් පොදුවේ මෙම වැඩසටහන් ''තකට - තක'', ''බොරුවට බොරුව'', ''වරිනාදම්'' වැනි නමකින් හැඳින්විය හැකිය.

එම වැඩසටහන තුළින් ''පොලිටිකල් ගේම් කාරයන්'' ගැන කතාකරනු මට ඇසුණි. එහෙයින් මොහොතක් අසා සිටියෙමි.

මුලින්ම ''ගේම්'' (Game) යන ඉංග්‍රීසි වචනය අර්ථ නිරූපණය කරගත යුතුය. ක්‍රීඩාව, වංචාව, දඩයම, ප්‍රයෝගය, සූදුව වැනි අරුත් රුසක් එහි ඇත.

poliical
අද අපගේ වහරට එක්වී ඇති ''ගේම ඉල්ලනවා'', ''ගේමක් දෙනවා'', ''මාර ගේම් එක'', ''ගේමට සෙට් වෙනවා'' වැනි යෙදුම්වලින් අදහස් වන්නේ ඒ ඒ තැනට සුදුසු අරුත් බව ඔබ දනී.

 

අර වැඩසටහනේදී කියැවුණු පරිදි දේශපාලනයේද ගේම් ඇතුවා පමණක් නොව ගේම් නොදී බලයට පත්වීමටද අසීරු ය. එහෙයින් මොන ගේමක් දී හෝ බලයට පත්විය යුතුය. වැඩසටහනේදී කතා කළ දේශපාලනඥයාගේ අදහස වූයේ, එහි අවසාන ප්‍රතිඵලය ජනතාවට සේවය කිරීම බව ය. එහෙත් බලයට පත්වීමෙන් පසු ජනතාවට දෙන ''ගේම්'' ගැන එහි කියැවුණේ නැත. (මගේ මතකයට අනුවය)

 

''ගේම්'' යන වදනෙහි කෙළිය, සෙල්ලම යන අරුත්ද ඇත. ඒ අනුව ගත් කළ, කුමක් හෝ ගේමක් දී බලයට එන උදවිය ඉන්පසු ජනතාවට කෙළීමද දක්නට ඇත. නැතහොත් ඔවුහු ජනතාව සෙල්ලමට ගනිති. ඒ සෙල්ලම, බළලා සහ මීයාගේ සෙල්ලමට සමානය. අවසන් වන්නේ මීයා ''ලෙල්ලම්'' වීමෙනි.

එක්තරා දේශපාලනඥයෙක් එවරස්ට් කන්ද තරණයට ගියේය. ඔහුගේ කණ්ඩායමේ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්  සහ නීතිඥයෙක් ද සිටියහ.

අතරමගදී හිම කන්දක් කඩා වැටී ඒ සිවුදෙනම කඹයක එල්ලී සිටින්නට වූහ. බර වැඩි නිසා කඹයද කැඩෙන්නට ආසන්න විය.

''කවුරු හරි කඹය අතඇරියොත් හොඳයි. නැත්තං වෙන්නෙ ඔක්කොටම මැරෙන්ඩ.'' දේශපාලනඥයා කීය.

rope
''මට නං බෑ. මං මිනිස්සු සුවපත් කරන්න ඉන්න කෙනෙක්.'' වෛද්‍යවරයා කීය.

''මමත් මිනිස්සුන්ට සේවය කරන්න ඉන්න කෙනෙක්. මට නං බෑ මැරෙන්ඩ.'' ඉංජිනේරුවා කීය.

''මම ආපහු නොගියොත් මගේ ක්ලයන්ට්ස්ලා නිරපරාදෙ හිරේ යයි. මටත් බෑ කඹේ අතාරින්න.'' නීතීඥයාද පසු බෑවේය.

''මම දේශපාලනයට ආවේ ජනතාව වෙනුවෙන් ජීවිතය වුණත් පූජා කරනවා කියල පොරොන්දු වෙලා. දැන් ඒකට අවස්ථාව උදාවෙලා.''
දේශපාලනඥයා හැඟීම්බරව කීවේය.

සතුටට පත් අනෙක් තිදෙනා අත්පොළසන් ගසන්නට ගත්හ. දේශපාලනඥයා පහත බලමින් මෙසේ කීය.

''අනේ මෙහෙමත් උගත්තු. අහසින් ගිය ඉබ්බගෙ කතාවවත් අහල නෑනේ.''

දේශපාලනයේ ගේම්වල හැටි ඔන්න ඔහොමය.


Kapila Kumara Kalinga(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...