The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජනාධිපති වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්! (චින්තන ධර්මදාස)

T

The Leader Desk

May 28, 2023 • 9:36 AM

ජනාධිපති වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්! (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන්නේ නම් මැනවි යැයි සිතන ප්‍රකාශයක්.
  • අනෙක් ආගම්වලට සිදු කරන ප්‍රචන්ඩත්වයන්, ප්‍රකෝප කිරීම් වළක්වන්නයි.
  • කිසිසේත්ම ප්‍රකාශනයේ නිදහස ‍හෝ නිර්මාණකරුවෙකුගේ නිදහස සීමා කිරීම, ඔවුන්ට දඩුවම් කිරීම මේ පණතේ අපේක්ෂාව නෙමෙයි.
  • නමුත් අපේ රටේ මේ පණත අවභාවිතා වෙන බව පේනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන්නේ නම් මැනවි යැයි සිතන ප්‍රකාශයක්.

‘මේ අවස්ථාවෙ බුදු දහමට අපහාස කළා කියල මාධ්‍යවල වාර්තා වෙන ප්‍රවෘත්ති ගැන යමක් කියන්න ඕන.

 

shutterstock 68191054 400x400බුදු දහම එහෙම කවුරුවත් විසින් කරන අපහාසයකින් බිඳ වැටෙන දහමක් නෙමෙයි. ඒක බෞද්ධ අපි හැමෝම තේරුම් ගන්න ඕන. බුදු දහම කියන්නෙ මිනිස් නිදහසට ප්‍රමුඛතාවය දුන් දහමක්. බටහිරයන්ට කලින් අපි නිදහස ගැන ඉගෙන ගත්තෙ බුදු දහමෙන්. ඉතින් බුදු දහමට අපහාස කළා කියල මෙහෙම මිනිස්සු හිරේ දාන්න ගියොත් ඒක තමයි බුදු දහමට ඉතිරි වෙන ලොකුම අපහාසය වෙන්නෙ. කවදා හරි දවසක ඉතිහාසයේ කියයි බුදු දහමට අපහාස කිරීම නිසා මේ තරම් සංඛ්‍යාවක් ලේඛකයන්, නිර්මාණකරුවන් සිරගත කළා කියල.

බටහිර විද්‍යාඥයන් තමන් කළ සොයාගැනීම් ආගමික විශ්වාසයන්ට පටහැණි නිසා මරා දමන ලද අඳුරු ඉතිහාසයක් ගැන අපි දන්නවා. අපිට උවමනා නෑ බුදු දහම ඒ වගේ ප්‍රචණ්ඩත්වයකට උදව් දෙන දහමක් විදිහට ඉතිහාසයේ ලියන්න.

ICCPR

ICCPR පණත හඳුන්වා දුන්නේ ආගමික සහජීවනය වෙනුවෙනුයි. අනෙක් ආගම්වලට  සිදු කරන ප්‍රචන්ඩත්වයන්, ප්‍රකෝප කිරීම් වළක්වන්නයි. කිසිසේත්ම ප්‍රකාශනයේ නිදහස ‍හෝ නිර්මාණකරුවෙකුගේ නිදහස සීමා කිරීම, ඔවුන්ට දඩුවම් කිරීම මේ පණතේ අපේක්ෂාව නෙමෙයි. නමුත් අපේ රටේ මේ පණත අවභාවිතා වෙන බව පේනවා.

මේ නිසා මේ අවස්ථාවෙ මා කියා සිටින්නෙ බුදු දහමේ ආරක්ෂාව ගැන වගකීම රජය විදිහට අපි බාරගන්නවා. ඒ ගැන අනවශ්‍ය කලබල වීම් ඇති කරගෙන නැවත ආගමික ගැටුමකට තත්වය නිර්මාණය කරන්න එපා. අපි පහුකරන්නෙ ඉතාම අසීරු ආර්ථික අවධියක් බව මතක තියාගන්න. නිර්මාණකරුවන්ට ඒ අයගෙ නිදහස දෙන්න. අලුත් අදහස්වලට ඉපදෙන්න දෙන්න. තරුණයන්ට තරුණියන්ට විහිලු කරන්න දෙන්න. මේ රට බෞද්ධ රටක් වීමේ ආඩම්බරය තියෙන්නෙ එතකොටයි. මිනිස්සු දෙයක් කතා කරපු පමණින් හිරේ දාන රටක් බෞද්ධ රටක් විදිහට ලෝකෙ දකින්නෙ නෑ.’


Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
 #godayamu

vyadhadeva@gmail.com


(උපුටා ගැනීම -
Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...