The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නිරයේ විවේක කාලයේදී විඳින තාවකාලික සුවය අබියස හිඳ - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

May 30, 2023 • 10:54 AM

නිරයේ විවේක කාලයේදී විඳින තාවකාලික සුවය අබියස හිඳ - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහජයෙන්ම මිනිසා තුළ පවත්නා තිරිසන් ගති පාලනය කිරීම සඳහා වු කාර්යභාරයේදී මිනිසා විසින්ම ස්ථාපිත කරගන්නා ලද නීති සමුදායකින් මේ මුළු ලොවම පාලනය වේ.
  • ඒ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය යටතේ පවත්නා නීති සර්ව සාධාරණ යුක්ති සහගත නීති ලෙස පිළිගනු ලැබේ.
  • නාමිකව ප්‍රජාතන්ත්‍රවාදි වුවත් ආර්ථීක විෂමතාවන්ගෙන් ඒ ප්‍රජාතන්ත්‍රවාදි සමාජය පිරි ඉතිරි යන්නේ නම් එවිට දරිද්‍රතාවෙන් පෙළෙන පීඩිත ජනතාව පාලකයින්ට එරෙහිව නැගී සිටිනු ඇත.
  • රටක ආර්ථීක විෂමතාව සීඝ්‍රයෙන් ඉහළ ගොස්, ඇති නැති පරතරය වඩාත් පුළුල්වන්නේ නම් එවිට ප්‍රජාතාන්ත්‍රවාදයේ පුවරුව හැලී යනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

සහජයෙන්ම මිනිසා තුළ පවත්නා තිරිසන් ගති පාලනය කිරීම සඳහා වු කාර්යභාරයේදී මිනිසා විසින්ම ස්ථාපිත කරගන්නා ලද නීති සමුදායකින් මේ මුළු ලොවම පාලනය වේ.

මිනිසා වාසය කරන දේශ දේශාන්තරයන් පාලනය කර ගැනීම පිණිස මිනිසා විසින්ම ගොඩනගා ගන්නා ලද දේශපාලන ක්‍රම යටතේ සකස් කරගන්නා ලද නීති මගින් ලෝක සම්මතයට අනුව වර්ගීකරණය කරගනු ලැබූ වැරදි වලට දඬුවම් දීම සඳහා ත්, වැරදි සිදුවීම පාලනය කිරීම සඳහාත් රටකට, දේශයකට නීති අවශ්‍යය.

ලෝකයේ පවත්නා පාලන ක්‍රමවලින් හොඳම පාලන ක්‍රමය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය යටතේ පවත්නා නීති සර්ව සාධාරණ යුක්ති සහගත නීති ලෙස පිළිගනු ලැබේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමයන් යටතේ වුව රටක දුප්පත්කම දරිද්‍රතාව සීඝ්‍රයෙන් ඉහළ යන්නේ නම් එවිට රටවැසියන් අතරින් සැලකියයුතු සංඛ්‍යාවක් නීති විරෝධි ක්‍රියාකාරකම්වල නිරත වන්නාහ.

නාමිකව ප්‍රජාතන්ත්‍රවාදි වුවත් ආර්ථීක විෂමතාවන්ගෙන් ඒ ප්‍රජාතන්ත්‍රවාදි සමාජය පිරි ඉතිරි යන්නේ නම් එවිට දරිද්‍රතාවෙන් පෙළෙන පීඩිත ජනතාව පාලකයින්ට එරෙහිව නැගී සිටිනු ඇත.

slpjw

රටක ආර්ථීක විෂමතාව සීඝ්‍රයෙන් ඉහළ ගොස්, ඇති නැති පරතරය වඩාත් පුළුල්වන්නේ නම් එවිට ප්‍රජාතාන්ත්‍රවාදයේ පුවරුව හැලී යනු ඇත. රටක ඇති නැති පරතරයට වගකිව යුත්තේ ඒ රටේ ජනතාව නොවේ. පාලකයින්ය. එවැනි පාලකයින් ජනතා බලයන් ඉවත් කළ සිදුවීම් අපේ රටට වලංගු නොවන්නේ යැයි කිව නොහැකිය.

රටේ නීතිය ඇති හැකි බලපුළුවන්කාරකමින් අග තැන්පත් වුවනට දේශපාලනඥයින්ට වාසි සහගත අයුරින් ක්‍රියාත්මක වන්නේ නම් රටේ නීතිය සර්ව සාධාරණ යුක්ති සහගත නොවන්නාසේම ඒ රට 'නීතියේ පාලනයෙන්' වියුක්ත වන්නේය.

නීතියේ පාලනයෙන් වියුක්ත වන රටක මහා පරිමාණයේ දූෂණ, අක්‍රමිකතා, වංචා, සොරකම් බහුල වන්නේ නම් ඊට සාපේක්ෂව මිනිස් ඝාතන, සාහසික අපරාධ රැල්ලක්ද නීතියෙන් වියුක්ත පාලනය සහිත සමාජය තුළ හමායනු ඇත.

අද අපේ රටේ පාසල් දරුවන් සිය ගුරුවරුන්ට තිරිසන් ලෙස පහර දෙන තත්ත්වයක් නිර්මාණ වී තිබේ. එසේම ලාබාල දැරියෝ දූෂණය කර මරා දමන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. බදුබර ඉවසාගත නොහී විද්වතුන් රට හැර යති. ''හිටියට වැඩිය දැන් හොඳයි '' කියා ඇතැමුන් පැවසුවද දැන් එළැඹ ඇත්තේ නිරයේ විවේක කාලය මිස සුඛිත මුදිත බවේ ද්වාරය විවරවීමක් නම් නොවේ.

සුපුරුදු ආකාරයට අවුරුදු 75 ක් තිස්සේ පවත්වාගෙන ගිය ආර්ථීක ප්‍රතිපත්තිවල විෂමබව සමාජ ආර්ථීක සාධාරණත්වයෙන්, නීතියේ පාලනයෙන් බැහැර වෙමින් ඉවක් බවක් නැතිව රටට අයිති ජනතාවට අයිති පොදු සම්පත් දේපල පිටරැටියන්ට විකිණීම හරහා යටිමැඩි ගැසීම පරිසරය විනාශ කිරීම හරහා වනගත සතුන් මිනිස් ජනාවාස ආක්‍රමණය කිරීම ආදියෙන් පිරි ඉතිරි යන ලාංකිය සමාජය අතිශය ඛේදනීය ආකාරයෙන් මහා අගාධයට ඇදී යමින් තිබේ.

මහා පරිමාණයේ සොරකම්වලට චූදිතයින් ලෙස සමාජය විසින් පිළිගනු ලබන දේශපාලන බලයේ ආධිපත්‍යය දරන්නවුන් 'නීතියේ පාලනයෙන් තොරව නැතිනම්' ,"Rule of Law" සංකල්පයෙන් බැහැරව හිතූ හිතූ ලෙස මුළු රටම වෙන්දේසි කරණයට ලක්කිරීම තුළ පාලකයින්ගේ අමනෝඥ ක්‍රියාකාරකම්වලට අභියෝග කරන්නන් දැඩි මර්දනයන් පාගාදැමීම එක දිගටම සිදුවෙමින් පවතී.

fortuneindia 2022 02 860be097 302a 4e41 8a7f f394c7bb4c7d Gold prices
රත්තරන් බිස්කට් සහ සුහුරු දුරකථන සමග රේගුවට හසු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දඩ මුදල ගෙවා දමා පාර්ලිමේන්තුවට පැමිණ ජනක රත්නායකට එරෙහි සම්බන්ධ විවාදයට සහභාගි වී ඡන්දය පාවිච්චි කිරීමටද හැකියාව ලැබීමෙන් සනාථ වන්නේ කුමක්ද?

මේ රටේ නිතීයේ පාලනයෙන් ගිලිහුනු දේශපාලන ක්‍රමයකින් වියුක්ත නොවු බව නොවේද ඉන් හැඟී යන්නේ?

මහා පරිමාණයේ ව්‍යාපාරකයින්ගේ කෝටි ගණන්වු ණය බොල්ණය බවට පත් කිරීමක් ගැන නිදහස ජනතා සභාවේ මන්ත්‍රී වරයෙකු පසුගියදා රූපවාහිනි විවාදයකදී හෙළිදරව් කරණු ලැබීය. රුපියල් කෝටි ගණනක් වූ රාජ්‍ය බැංකුවලින් ලබාගත් ණය බොල්ණය බවට පත් කරමින් ඔවුන් මුදාහරින්නවුන් අනිත් පැත්තෙන් සාමාන්‍ය ජනතාව බැංකුවලින් ලබාගන්නා ලද ණයවලට එරෙහිව නීති මගින් කටයුතු කරණු ලැබීම 'නීතියේ පාලනය' ද?

අද අපේ රට පත්ව ඇත්තේ ගිනිකඳු අයිස් කඳු යැයි සිතා විනෝද වන දේශපාලන බලයෙන් මත් වූවන්ගේ රාජ්‍යයක් බවටයි. අයුක්තියට අසාධාරණයට බදු බරට එරෙහිව පාරට බසින්නට තබා පීඩනයට එරෙහිව පාරට බසින ජනතාවට උරුම වී ඇත්තේ කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයි.

prot

රට පාලනය කරන ඇත්තන්ගේ අභිලාෂ මහ පොළොවෙන් දුරස් බව මනඃකල්පිත ලෝකයක් හා බැඳී පවතින්නකි.

පසුගියදා මහජන උපයෝගිතා කොමිෂමේ සභාපති ජනක රත්නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ බහුතර ඡන්දයෙන් ඉවත් කර රාජ්‍ය පාලනය නාමිකව පමණක් ස්වාධින කොමිෂන් සභාව පවත්වාගෙන යමින් අනෙකුත් කොමිෂන් සභාවවලට ද යම් අනතුරු ඇඟවීමක් කර ඇත්තේ යැයි නිගමනය කිරීම අපහසු නැත. 

ගිනිකඳු මත හිඳ බාල් නැටිමේ කලාව ප්‍රගුණ කර ඇති වත්මන් ආණ්ඩුවේ බලපුළුවන්කාරයින් වෙතින් නීතියේ පාලනය පැතීමද ආමනෝඥ බව මෙහිලා සඳහන් කළ යුතුය.


mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...