The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අස්සයා පැන්නාට පසු ඉස්තාලය වැසීම - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

May 31, 2023 • 10:07 AM

අස්සයා පැන්නාට පසු ඉස්තාලය වැසීම - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුළු ලෝක ඉතිහාසයම යුද්ධ පිලිබඳ ඉතිහාසයක් ඒ යුද්ධ අතරින් වැඩිහරියක්ම ආගමික යුද්ධ.
  • කිසිම ආගමික ශාස්තෘවරයෙක් තවත් ආගමික ශාස්තෘවරයෙක් තවත් ආගමික ශාස්තෘවරයෙකුව පහත් කොට සලකලා නැහැ.'' ලෝක දේශපාලනය තුළ පමණක් නෙමෙයි අපේ රටේ දේශපාලනය තුළත් ආගමික කැළඹිලි ආගමික ගැටුම් ඇති කරවන්න මුල්වෙලා තියෙන්නේ ආගමික කයිවාරු සහ ආගමික කෙරුවාවල් විතරමයි.
  • ජාතිය සහ භාෂාව පිලිබඳ ගැටුමක් මහා යුද්ධයක් බවට පත්වෙලා අවුරුදු 30 ක්ම අපි කාපු පරිප්පුව මතක අපිට තවත් ඒ වගේ මොඩල් එකක් නම් ඕනෙම නැහැ.
  • පුදුමේ කියන්නේ රටේ ආර්ථීක අර්බුදයක් ඇති වෙලා මුළු රටක්ම ආර්ථීක අවපාතයකට ඇදි යද්දි කොහේදෝ ඉන්න මී හරකෙක් තප්පුලලා මොකක් හරි ලේ හැලෙන සෙප්පඩ විජ්ජාවක් පටලවනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මුළු ලෝක ඉතිහාසයම යුද්ධ පිලිබඳ ඉතිහාසයක් ඒ යුද්ධ අතරින් වැඩිහරියක්ම ආගමික යුද්ධ. ජනවර්ග අතර ගැටළුවකට වඩා ආගමික යුද්ධ එහි ස්වභාවයෙන්ම දරුණුයි.

ආගමික ශාස්තෘෘවරුන් සිය ධර්ම දේශනා තුළින් දේශනා කරලා තියෙන්නේ අවිහිංසාවාදය, ඒ කිසිම ශාස්තෘවරයෙක් දේශනා කරලා නැහැ. ''අනිත් ආගම්වලට වැඩිය මගේ ආගම ශ්‍රේෂ්ඨයි, සත්‍යයයි කියලා, මගේ දහම ශ්‍රේෂ්ඨයි, සත්‍යයයි කියලා. කිසිම ආගමික ශාස්තෘවරයෙක් තවත් ආගමික ශාස්තෘවරයෙක් තවත් ආගමික ශාස්තෘවරයෙකුව පහත් කොට සලකලා නැහැ.''

ලෝක දේශපාලනය තුළ පමණක් නෙමෙයි අපේ රටේ දේශපාලනය තුළත් ආගමික කැළඹිලි ආගමික ගැටුම් ඇති කරවන්න මුල්වෙලා තියෙන්නේ ආගමික කයිවාරු සහ ආගමික කෙරුවාවල් විතරමයි.

 63313470 007207483 1

ජාතිය සහ භාෂාව පිලිබඳ ගැටුමක් මහා යුද්ධයක් බවට පත්වෙලා අවුරුදු 30 ක්ම අපි කාපු පරිප්පුව මතක අපිට තවත් ඒ වගේ මොඩල් එකක් නම් ඕනෙම නැහැ.

පුදුමේ කියන්නේ රටේ ආර්ථීක අර්බුදයක් ඇති වෙලා මුළු රටක්ම ආර්ථීක අවපාතයකට ඇදි යද්දි කොහේදෝ ඉන්න මී හරකෙක් තප්පුලලා මොකක් හරි ලේ හැලෙන සෙප්පඩ විජ්ජාවක් පටලවනවා. ඒත් මීහරක් නාම්ඛෙක් තප්පුලෑවා කියලා ආගමික කෙහෙවලූ පටලවාගන්න තරම් අලූත් පරම්පරාව නම් මෝඩ නැහැ.

ඒත් ඒ අතර මෝඩ හරක් කිහිප දෙනෙක් හිටියම හොඳටම ඇති.

එදා වඳ කොත්තු, බයිලාව ගහලා දොස්තර ෂාපි කෙනෙක් පටලවගෙන නටන්න ගියා නාඩගමේ තවත් පාට් එකක් තමයි ''පාස්ටර් ජෙරම්'' ගේ සිද්දිය. ආගම්වලට අපහාස කරලා මෝඩ දේශනා කරපු මේ දේවගැති උන්නැහේ ඇවිස්සුවේ කවුද රටින් පැනලා යන්න උදව් කළේ කවුද කියන එක කවදාවත් හොයාගන්න බැරි උනාට මොකද රටේ බුද්ධිමත් ජනතාවට උත්තරේ හොයාගන්න අමාරුවෙන එකක් නැහැ.

නඩු නැති හැට ගණනක් පාස්කු ප්‍රහාරයට සැකපිට නැවතත් රිමාන්ඩ්

කාලයක් මුස්ලිම් ජනතාවට විරුද්ධව ඥානසාරලා කියපු මෝඩ කථාවල ප්‍රතිඵල නෙලා ගන්න බලාගෙන හිටියෙ පාලකයො මිසක් වෙන කවුරුවත් නෙමෙයි. එදා පාස්කු කේස් එකත් ඒ වගේම වෙන්න ඇති කියලා ජනතාව දන්නවා ඇති.

දැන් ආයෙමත් විනාසෙකට පාස්ටර් ජෙරම්ගේ කට ඇරුණා. බුද්ධාගමට, ඉස්ලාම් ආගමට, හින්දු ආගමට අපහාස කරමින් දේශනා පවත්වපු 'පාස්ටර් ජෙරම්' අල්ලන්න ඉස්සරවෙලා පැනලා ගියා. අශ්වයා පැන්නට පස්සේ ඉස්තාලේ වැහුවා වගේ වැඩක්.

හැබැයි ආරක්ෂක උත්තමයො කියන්නේ නම් එනකොට අල්ලගන්නවා කියලාලූ. මේවට මොන මුඛයෙන් හිනාවෙන්නද මන්දා....

කට ඊසොප්ගේ වුනාට අත වෙනකාගෙදෝ කියනවානේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ වෙන කවුද කියන එකයි.

ත්‍රීකුණාමලේ තායි හාමුදුරුවරුන්ගේ පාගමනට එරෙහිව උතුරේ ගෙජ්න්ද්‍රන්ලා කරන්නෙත් ඕකමයි. දැන් රටකරවන ඇත්තන්නට මාර ගැටුම් තිබහක් තියෙන්නේ. තොපිලා ඔක්කොම මරා ගනිල්ලා අපි හකීම්ලා එක්ක තොණ්ඩමන්ලා එක්ක නිදිවැදගෙන සුවසේ ඉන්නම් කියලා හිතන අප්පුච්චලත් මේ සීන් එකේ ඇති.

සංහිඳියාවට එරෙහිවන දෙබිඩි දේශපාලන චරිත හඳුනාගනිමු -(සුජීව ගමගේ)

ඒත් සිංහල - දෙමළ - මුස්ලිම් - බෞද්ධ - හින්දු - කතෝලික මුස්ලිම් ජනතාව ඉන්න ඕන අවදියෙන් සහ සමගියෙන්.

ආගමික අන්තවාදය, ආගමික මුලධර්මවාදය අද මුළු ලෝකෙටම පිළිලයක් වෙලා. මොන මුලධර්මෙන් පටන් ගත්තත් කෙලවර වෙන්නේ ත්‍රස්තවාදයෙන්, යුද වාදයෙන්. අපේ රටේ ආර්ථීක ප්‍රශ්නවලට නිට්ටාවට සුවවෙන්න ඛෙහෙත් මේ රටේ වෙද්දු ළඟ නැහැ. විකුණන එකයි ෆන් ගන්න එකයි ඇරෙන්න මේ ගොල්ලන්ට වෙන ආතල් නැහැ. ඉතිං කෙලවෙන සයිස් එකක් එනකොට කුරුසෙ ඛෙල්ල එල්ලගෙන ඉන්න ජෝශප් ධීවරයයි. ධර්ම චක්කරේ ඛෙල්ලෙ එල්ලන් ඉන්න පින්සිරිවයි හප්පන්න හදනවා.

ඒත් මහ එවුන් මොන ආගමේ ජාතියේ හිටියත් උන් එකෙක්වත් එකාට එකා පාට් දාගෙන ඒ පවුල්වලින් කසාද බැදගෙන ආතල් එකේ ඉන්නවා.

උඹලා ගහගෙන මැරියල්ලා, අපි ඔක්කොම රජවරු කියලා හිතාගෙන තමයි පාලයො හැමදාමත් මේ සෙල්ලම කෙරුවේ.

ක්‍රිස්තියානි ජෙරම්ලා ආවා වගේ බෞද්ධ ජෙරම්ලත් අනාගතයේ බිහිවුනොත් පුදුම වෙන්න එපා. මේක තමයි ඒගොල්ලන්ගේ සිස්ටම් එක. ඒක චේන්ජ් කරන්න ඒගොල්ලෝ කවදාවත් ඉඩ දෙන්නෙ නැහැ.

ඇල්බට් අයින්ස්ටයින් කියන මේ වචන ටිකත් අහලා ඉන්නකෝ.....

''විද්‍යාවෙන් තොර ආගම 'කොර'යි. ආගමෙන් තොර විද්‍යාව 'අන්ධයි'.''


mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...