The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'නතාෂා සංදර්ශනය' තවත් ස්ටෑන්ඩ් අප් කොමඩියක් - (ඉසකී)

T

The Leader Desk

May 31, 2023 • 12:02 PM

'නතාෂා සංදර්ශනය' තවත් ස්ටෑන්ඩ් අප් කොමඩියක් - (ඉසකී)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බෘනෝලා- හසලකලා සමග නතාෂා ද රඟමින් ඉන්නේ පිටපතකට බවට කනින් -කොනින් කයි -කතන්දර ඇසෙමින් තිබේ.
  • ඒවා මුවන්පැලැස්ස, මොණරතැන්න වැනි රේඩියෝ ඩ්‍රාමා වලට වඩා වෙනස් නොවන බව බැලූ බැල්මට පෙනෙතත්, එහෙත් එහි යටිපෙළක් වේදැයි විමසා බලන්නට කිසිවෙක් ඉදිරිපත් නොවන බව හැඟේ.
  • මුහුණු, වෙස් මුහුණු බවට අනුවර්ථනය වෙමින්, වෙස් මුහුණු, මුහුණු ලෙස දර්ශනය වෙද්දී, කොයික -කුමකින් වෙන්කොට හඳුනා ගන්න දැයි යන උභතෝකොටිකය තුළ මා අතරමo වන්නෙමි.
  • ඇන්දුවේ උන්ද, අන්දුනේ අපිද නොඑසේනම් අපි සැවොම මෙලෙස රඟන්නේ අපට කවුරුන් හෝ විසින් අන්දන ලද සීතාම්බර සළු ඇඟලා ගෙනදැයි සැයකක් හා සාoකාවක් හිතේ මතුවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

බෘනෝලා- හසලකලා සමග නතාෂා ද රඟමින් ඉන්නේ පිටපතකට බවට කනින් -කොනින් කයි -කතන්දර ඇසෙමින් තිබේ. ඒවා මුවන්පැලැස්ස, මොණරතැන්න වැනි රේඩියෝ ඩ්‍රාමා වලට වඩා වෙනස් නොවන බව බැලූ බැල්මට පෙනෙතත්, එහෙත් එහි යටිපෙළක් වේදැයි විමසා බලන්නට කිසිවෙක් ඉදිරිපත් නොවන බව හැඟේ.

මුහුණු, වෙස් මුහුණු බවට අනුවර්ථනය වෙමින්, වෙස් මුහුණු, මුහුණු ලෙස දර්ශනය වෙද්දී, කොයික -කුමකින් වෙන්කොට හඳුනා ගන්න දැයි යන උභතෝකොටිකය තුළ මා අතරමo වන්නෙමි.

ඇන්දුවේ උන්ද, අන්දුනේ අපිද නොඑසේනම් අපි සැවොම මෙලෙස රඟන්නේ අපට කවුරුන් හෝ විසින් අන්දන ලද සීතාම්බර සළු ඇඟලා ගෙනදැයි සැයකක් හා සාoකාවක් හිතේ මතුවේ.

මෙය නිරාකරණය කරගැනීමේ අටියෙන්, මගේ කැඩපත අබියසට ගොස් එහි දිස්වෙන මගේ සැබෑ ප්‍රතිබිම්භය දකින්නට මා ගත් උත්සාහය ඉන්ද්‍රජාලික යථාර්තයක්‌ බවට පත්වූයේ, කැඩපත තුලින් මට - මා නොපෙනී, ඒ වෙනුවට වික්‍රමසිංහලා සමග රාජපක්ෂලා මා දෙස විරිත්තාගෙන බලා සිටිනු දැකීමෙනි.

මම තිගැස්සුනෙමි. එහෙත් බිය නොවූයෙමි. යලි කැඩපත දෙස බැලුවෙමි.
 
oil painting depressing painting nicola samori wallpaper thumb
එවිට, විවිධ විකාරරූපී දර්ශන මා හිස තුළ මැවෙන්නට වූයේ කැඩපතේ ප්‍රතිබිම්භගත රූපයන් යටපත් කරමිනි. ඒ තුලින් හිස්ටරික /hysteric අවකාෂයකට මා අලුගෝසුවන් රෑනක් විසින් ඇදගෙන යන හැඟීමක් මා ජීවමාන ලෙස අත්දකින්නට වත්ම , කැඩපත පොළොවෙ ගසා බිඳිනු හැර මට කළහැකි අන් යමක් නොවීය.

කෑලි කෑලි බිඳී විසිරුණු කැඩපත දෙස මා හැඟීමකින් තොරව බලා සිටියදී, නතාෂා ඒ කන්නාඩි කැබලි තුලින් ධූමයක් සේ මතුව විත්, මා පසුකර ඈතට ඇදුනේ මා වෙත සරදම් සිනාවක් පාමින් බව මට සිතේ.

මම තුෂ්නිම්භූතව ඈ දෙස බලා සිටියේ, කැඩපත බිඳී විසිරුණු පොළොව මත ඈ දෙපා තබා ලැසි ගමනින් යන්නේ කෙසේදැයි වටහා ගත නොහැකිවය. ඇගේ දෙපා යට එකඳු ලේ පැල්ලමක් හෝ නොවීම මගේ බලවත් විමතියට හේතුව වේ.

ඒ නතාෂාමද? මගෙන්ම මා ප්‍රශ්න කලෙමි. එහෙත් මට වැරදුනා විය නොහැක. ඒ ලොකු රවුම් ඇස්‌ තුළ නටන "ඇහේ බබා" අන් කිසිවෙකුගේ බබෙක් නොව, නතාෂාගේ ම බව මම විස්වාස කරමි.

නතාෂා දර්ශන පථයෙන් නොපෙනී ගිය පසු මා, මා දෙස බැලුවේ, කැඩපතක් තුලින් නොව, කේශාන්තයේ සිට පාදාන්තය තෙක් මගේම නිරුවත් දෑසිනි.
මගේ සිරුර පුරා තැන තැන ලේ බින්දු කිහිපයක් තැවරී ඇති බව මා විසින් නිරීක්ෂණය කිරීමෙන්, ඒවා වහ -වහා පිසදමන්නට මා වෑයම් කලේ සියුම් ලැජ්ජාවකිනි.

සිතින් හිතන්නේ නැතිව බොක්කෙන් හිතන්නට යාම වරදක් දැයි මා ඒ මොහොතේ, මගෙන්ම ප්‍රශ්න කලෙමි.
 
එහෙත්, සoදර්ශනය වේදිකාව මත තවමත් රඟ දෙයි. ශාෆ්ටර් ගේ මළකඳ ගොඩ ගත්තද, නතාෂා තවමත් වළදමන්නට කිසිවෙකු සුදානම් වන බවක් නොපෙනේ. ඒ නිසා, මා අනවශ්‍ය කැළඹීමක් ඇතිකරගත නොයුතු බවට මගේ වම් කෝෂිකාව හඬ නගනු මට ඇසෙන්නට විය. ග්‍රෑම් 284.7 බර මගේ හදවත, ඒ මොහොතේ දිය යට ගිල්වූ රබර් බෝලයක් සේ සැහැල්ලුවෙන් උඩට මතුවී ආවේ හෘද සාක්ෂියේ බර, හදවතේ බර මැනීමේදී කිසිසේත් අදාළ නොවන බව තහවුරු කරමිනි.
 
මම සන්සුන් වුනෙමි.

1271695 HSC00001 7එකවරම, මගේ අවධානය බිඳ දමමින් " ටීo ටීo ටීo ටීo ටීo ටීo ටීo ටීo....." ගා පසෙක තිබූ මගේ අයි පෑඩයට මෙසේන්ජර් පණිවුඩ පෝලිමක් ගලා එන්නට වීමෙන්, මා අයි පෑඩයේ තිරය වෙත නෙත් යොමු කලෙමි.

" ඕයි.. තමුසේ ඔය නතාෂා වෙනුවෙන් පෙනී ඉන්න එක කරන්නේ ".........." ( ටීක් ) ගෙන් කොමිස් අරන්ද? "

" ඇත්තටම ඔයා හරි brave මේ වගේ වෙලාවක ඒ කෙල්ල වෙනුවෙන් හඬ නගපු එක "

" මම දැක්කා චින්තගේ fb wall එකේ ඔයාගේ post එකක්. මොනවා උනත් හරි සතුටුයි ඔයා චින්තන ධර්මදාස, සුජිත් අක්කරවත්ත වගේ අය එක්ක ලොක්කට බකප් එකක් දෙන එකට "

" මම හිතුවා ඕහේ ඔලුවක් තියෙන ගෑනියෙක් කියලා අර නතාෂලා වගේ කුලියට අඬන අම්මණ්ඩිලා අතරේ. බලාගෙන ගියහම මේ සේරම උo දේශපාලන කික්කියෝ... "

" අනේ ඉනෝ... ඔයා වගේ කෙනෙක් ඇයි අර නතාෂා වගේ හාල් කෑලි ඩිෆෙන්ඩ් කරන්න යන්නේ? මොන තරම් නරකද ඒ ගර්ල් බුදු හාමුදුරුවන්ට කරපු අපහාසේ... "

ටීo ටීo... ගාමින් තව තවත් වැළ නොකැඩී ගලා එන මෙසේන්ජර් පණිවිඩ දිහා නොබලාම, මම අයි පෑඩයේ තිරය වහා අඳුරු කලෙමි.

බැලු බැලු හැම අත, බිඳී විසිරුණු කැඩපතේ කෑලි විසිරී තිබෙනු මට පෙනේ. එය මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු මහා ජන ගඟක් මැද බෝම්බයක් පුපුරා ගත් දර්ශනයක් සිහි ගන්වයි. මම අවට සිසාරා දෑස යොමු කලේ නතාෂා ළඟ පාතකවත් සිටිනු දැකීමේ රිසියෙනි. ඒත්, ඈ පෙනෙන මානෙක නොමැති බව පමණක් මට අවබෝධ වූ පසු, මා දැස් විඩාපත් වලට පුoචි විරාමයක් ලබා දෙන්නට, දැස් පියා ගතිමි.

අසීමිත නිශ්ෂබ්දතාවයක් මා අවට පැතිරී ඇත. එය ඩෙසිබල් 9.4 කටත් වඩා අඩු පරිමාවක නිශ්ෂබ්දතත්වයකි.

මොහොතකට මා වෙලාගත් භයoකාර නිශ්ෂබ්දතාවය ක්‍ෂණයෙන් සුනු විසුනු කරමින්, අසල්වැසියෙක් ගුවන් විදුලි එෆ් එම් චැනලයක් සුසර කරනු ඇසෙත්ම, කසුන් කල්හාරගේ හඬ අවට සිසාරා දෝoකර නoවන්නට වීය.

" නතාෂා.... ඇවිදින් ගියා... ? "
සියල්ල අමතක කොට, මම ගීතය රස වින්දෙමි.

මා මෙන්ම නතාෂා නිසා ඔලුව විකල්ව හිඳිනා ඔබ සැමගේ මනෝ භ්‍රාන්තිය සමනය කිරීම පිණිස, මා ඒ සොෆ්ට් රොක් ශානරික ගීතය මෙහි අලවන්නේ හුදී ජන පහන් සoවේගය පිණිසම  බව කරුණාවෙන් සලකන්න! .

2019 රයිගම් සම්මාන : සමස්ත සම්මානනීය නාලිකාව ජාතික රූපවාහිනිය සම්මානනීය  මාධ්‍ය වැඩසටහන් නාලිකාව සිරස ටීවී(ඉනෝකා සත්‍යංගනී කිර්තිනන්ද - ඉසකී)
චිත්‍රපට අධ්‍යක්ෂිකා සහ
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික

enokaasathyangani@gmail.com


(ඉසකී ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 
,


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...