The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජනවක හා රණරජ - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

June 3, 2023 • 5:16 AM

 ජනවක හා රණරජ - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි කොටසක් වශයෙන් මට ඒ ආයතනයේ සියලු ලිපි ගොනු පිරික්සීමට අවස්ථාව ලැබිණි.
  • එහි ලියා තිබුණේ චම්පික රණවක ඇතුළු කිහිපදෙනෙක් ජනතා මිතුරෝ නමින් නව සංවිධානයක් පිහිටවන බවත් එහි සමාරම්භක රැස්වීමට හිතවත් කිහිප දෙනෙක් සමග හැකිනම් එන ලෙස ය.
  • ඒ, වසර 1993 හෝ 94 විය හැක.
  • එලෙස ගත් කල බන්දුල රණවකගේ ප්‍රධාන ඩිප්ලොමැතික නියෝජිතවරයා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි කොටසක් වශයෙන් මට ඒ ආයතනයේ සියලු ලිපි ගොනු පිරික්සීමට අවස්ථාව ලැබිණි. පරණ ලිපිගොනු පෙරළීම මගේ විනෝදාංශයකි.  ඒ, වැඩේට අනදාල වුවත් ඉතාමත් ම වැදගත් රසවත් අතුරු තොරතුරු හමු වීම නිසා ය.

ලිපිගොනුවක් මා එසේ පෙරළමින් සිටියදී, එහි තිබූ ඇක්සයිස් පොතකින් ඉරා යමක් ලියන ලද කොළයක් වැටී සුළඟට විසි විණ. එය අතින් ලියන ලද ලිපියකි. එහි ලියා තිබුණේ චම්පික රණවක ඇතුළු කිහිපදෙනෙක් ජනතා මිතුරෝ නමින් නව සංවිධානයක් පිහිටවන බවත් එහි සමාරම්භක රැස්වීමට හිතවත් කිහිප දෙනෙක් සමග හැකිනම් එන ලෙස ය. ලිපිය අත්සන් කර තිබුණේ බන්දුල චන්ද්‍රසේකර ය. ඒ, වසර 1993 හෝ 94 විය හැක.

348662748 214381958040744 8815544923684862028 n

 ඊටත් පෙර සිට ම, මා බන්දුල දැන හඳුන ගත්තේ, උග්‍ර වාමාංශිකයෙකු වූ බොහෝ කලක් බ්‍රිතාන්‍යයේ පදිංචි ව සිටි උපාලි කුරේ හරහා ය. කුරේ මීට වසර කිහිපයකට පෙර මිය ගිය අතර, ඔහු ලංකාවේ සිටින කාලයේ මාක්ස්වාදී විප්ලවවාදී පක්ෂයේ නායකයා විය. ඊට අමතර ව බාලා තම්පෝගේ නායකත්වයෙන් පැවැති සී.එම්.යූ වෘත්තීය සමිතියේ ද පුරෝගාමී මානව අයිතිවාසිකම් පිළිබඳ පුරෝගාමී සංවිධානයක වූ, ජාතීන් අතර යුක්තිය හා සමානතාව පිළබඳ ව්‍යාපාරයේ (මර්ජ් සංවිධානයේ) ආරම්භක සාමාජිකයෙකි විය. බන්දුල දිගට ම රණවක සමග සිටි අතර, ඔහුගේ විශේෂ ලක්ෂණයක් සහ හැකියාවක් වූයේ, තම දේශපාලන පක්ෂයේ හෝ කණ්ඩායමේ අදහස්වලට වඩා වෙනස් අදහස් දරන අය සමඟ විවෘත ව සහ සුහද ව ගනුදෙනු කිරීම ය. එලෙස ගත් කල බන්දුල රණවකගේ ප්‍රධාන ඩිප්ලොමැතික නියෝජිතවරයා ය.

මීට සති දෙකකට පමණ පෙර බන්දුල, තම දිගු කාලීන සගයා වන චම්පික රණවකගේ නායකත්වයෙන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ සමාරම්භක උළෙලට සහභාගි වන ලෙස  මට ආරාධනයක් එවා තිබිණ.  

 රටෙහි මා මේ දිනවල නොමැති නිසා භෞතික ව එම අවස්ථාවට සහභාගී වීම කළ නොහැකි දෙයක් බව හැඟුනත්, මට රණවක. චන්ද්‍රසේකර හා තවත් අයගේ නායකත්වයෙන් මීට වසර දෙකකට පමණ පෙර දියත් කළ දේශපාලන ව්‍යාපාරයේ සමාරම්භක රැස්වීම මතක් වී මට අමිහිරි අත්දැකීමක් සිහිපත් විය. ඒ හතලිස් තුනේ සේනාංකයේ සමාරම්භක උත්සවය යි. මට මතක හැටියට එය පැවැත්වූයේ ගාලු මුවදොර හෝටලයේ ය. ඒ කොවිඩ් සමය යි. ඒ නිසා භෞතික සහභාගීත්වය සීමා කර, සූම් හා ෆේස්බුක් ලයිව් ස්ට්‍රීමයක් සංවිධානය කළේ ලංකාවේ පමණක් නොව ඉන් පිටත සිටින අයගේත් සහභාගිත්වය ලබා ගනු පිණිස ය.

මා සම්භන්ද වූයේ සූම් හරහා ය. ෆේස්බුක් ලයිව් ස්ට්‍රීමය මෙන් නොව,  සූම් හරහා එක්වීමේදී, අපගේ මයික්‍රපෝනය නිහඩ (මියුට්) කර නොතිබුණහොත්, අන් සියල්ලන්ට ම ඒ කෙනාගේ කටහඬ හෝ නිවසේ සද්ද බද්ද අනෙක් සියලු දෙනාට ඇසේ.

348634419 932043224748935 102975806449930394 n

43 සේනාංකය පිහිටුවීමේදී සැලකිය යුතු කුතුහලයක් හා 'බිල්ඩපයක්" (build-up) සමාජයේ දක්නට ලැබිණ. මා උනන්දුවෙන් සහභාගී වන්නට යන මේ අවස්තාව කුමක ද යී කුමිස්තේරු කරනට ආවේ මා බිරිඳ ය. ලාංකීය නොවන ඈට සිංහල නොතේරේ. ඒ නිසා මා බිරිඳට කෙටියෙන් රණවක ගැනත් ඔහුගේ දේශපාලන නැමියාවන් හා ව්‍යාපෘති ගැනත් කීවේ දරුණු උපහාසයක් හා විවේචනයක් මුසු කර ය.  ඉන් සැනැසුණු බිරිඳ හුම් කියා කාමරයේ පිටත් වෙන විට ම මගේ මොබයිලයට කෙටි පණිවිඩයක් පතිත විය. එය එවා තිබුණේ ආචාර්ය රාම් මානික්කලිංගම් ය. "යෝදයෝ, උඹ කතා කරන සේරම අපි හැමෝට ම ඇහෙනවා; වහා ම මියුට් කරපං" යන රාම්ගේ පණිවිඩය මා දකින විට හානිය සිදු වී අවසාන ය.      

 රණවක මට මුලින් අභිමුක වූයේ අප සරසවි සිසුන් ලෙස (වෙනස් බැච හා වෙනස් සරසවි) සිටින සමයේ ය. බොරැල්ලේ එලියට් පෙදෙසේ, වෛද්‍ය රාජා විජේතුංගගේ නායකත්වයෙන් පවත්වාගෙන ගිය පුරෝගාමී පරිසර සංවිධානයක වූ ඔස්ලෙන් (ජීවිතය හා පරිසරය සුරකීමේ සංවිධානය) හරහා ය මා බොහෝ විට රණවක කතා කරනු දැක ඇත්තේ. ඔහු සමග සමීප ව සිටි අනෙකා වූයේ, රණවකගේ ඉංජිනේරු බැචයෙක් වූ අසෝක අබේගුනවර්ධන ය. මේ දෙදෙනා ම අනූවේ දශකයේ මුල සිට ම බලශක්ති අර්බුදය හා පරිසර හානිය ගැන කතා කළේ එම විෂයන් දැන් මෙන් විලාසිතාවන් හා ආදායම් මාර්ග වන්නට බොහෝ කලකට පෙර ය.


ඔස්ලෙන් ඇන්ජීයෝ සීමාවෙන් මිදී රණවක ජනතා මිතුරෝ දියත් කළේ ජානක ප්‍රියන්ත බණ්ඩාර (එකල කොළඹ සරසවි සිසු හා දැන් මියන්මාරයේ ශ්‍රී ලාංකීය තානාපති) හා අතුරලියේ රතන හිමි (අමතර හැඳින්වීමක් අනවැසි ය) සමග ය.  එකල පේරාදෙණි සිසුවෙකු හා කවියෙකු හා පසු ව ඉංග්‍රීසි පුවත් පත් කර්තෘවරයෙකු හා ගෝටාභය සමයේ  හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක වූ මාලින්ද සෙනෙවිරත්න ද ජනතා මිතුරෝ මූල කණ්ඩායමේ සිටි බව ඔහුගේ බ්ලොගයේ කියැවේ. කලක් යත් ම මේ පිරිස, අබේගුණවර්ධන ද ඇතුළු ව, රණවකගෙන් ඈත් වූ බවක් මට මතු පිටින් පෙනිණ. 

  91369022 14435186 1776802142601296 774407610358570884 o
ඉන් පසු ව රණවකගේ මූලිකත්වයෙන් ඇරැඹුණු සිහල උරුමය හා ජාතික හෙළ උරුමය ආදියේ සිටි රණවකට වඩා වයසින් දෙටු තිලක් කරුණාරත්න හා එස්.එල් ගුණසේකර හා හිමිවරුන් කිහිප නමක් ද ද එම ව්‍යාපෘතිවලින් ඈත් වූ බවක් පෙනිණ. මේ හැරයාම් හා ඈත්වීම් අතර කැපී පෙණෙන මෑතකාලීන සිදු වීම වූයේ අනුරුද්ධ ප්‍රදීප් කර්ණසුරියගේ ප්‍රකාශය ය.

හැරයෑම් හා ඈත් වීම් (මේවා ආදාළ පුද්ගලයින් හෝ රණවක විසින් කළ දේ විය හැක) මෙන් ම නව එකතු වීම් ද දැක ගත හැක. කරුණාරත්න පරණවිතාන හා ශිරාල් ලක්තිලක ඉන් ප්‍රධාන වේ. මගේ මතුපිට කියැවීම අනුව, හර්ෂ ද සිල්වා ද රණවකගේ, අඩු ම වශයෙන්, 'වෙල්-විෂර්' කෙනෙකි. සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ වත්මන් නායකත්වය හා එහි බුද්ධි මණ්ඩල ප්‍රමුඛයින් ද රණවක පිලිබඳ තම හදවතේ කොනක මුදු බවක් නඩත්තු කරන බව පෙණේ.

මට නම් වැදගත් වන්නේ මේ පුද්ගල මට්ටමේ හැර යාම්, ඈත් වීම් හා එකතු වීම් නොවේ. ඊට හේතුව වන්නේ රණවකගේ දේශපාලන නායකත්ව විභවයට තමන්ගේ ම වූ පක්ෂයක් හෝ අනුගාමිකයින් රැලක් සිටීම උදව්වක් වූවත්, තීරණාත්මක නොවී ම ය. 
 
 
 මට වැදගත් වන්නේ රණවක විසින් ම හැර ගිය හා ඈත් වූ අගතිගාමී (මගේ කෝණයෙන්) දේශපාලන මතවාද හා ව්‍යාපෘති ය. ඒවා සමහර විට විකිනෙන්නේ නැති, පත්තු වෙන්නේ නැති හෝ කල් ඉකුත් වූ පසු අහක් කරන දේ ද විය හැක. ඊට කම් නැත. සිතා මතා හෝ ඉබේ ඉන් හරණය වූ රණවක පුළුල් දේශපාලන අපේක්ෂාවක කොටසක් බවට වේ. කෙනෙකුට මෙය පරිණත වීමක් ලෙස ද ගිණිය හැකි ය.
 348620822 284696570662814 6205470526176998059 n
 
රණවක මෑත කාලීන ව යාවත්කාලීන කර ගත් ආර්ථික-දේශපාලන අර්ථ නිරූපන, ආස්ථාන හා ප්‍රවේශ ද මා දකින්නේ රැල්ලට හදා වඩා ගත් ඒවා නොව යම් පරිවර්ථනීය වෙනසක් උදෙසා දායක විය හැකි අදහස් හා වැඩ පිළිවෙලක කොටසක් ලෙසිණි. 
 
රැල්ලේ නායකයා ලෙස වරෙක මතුවෙන තව විටෙක අතුරුදහන් වෙන අනුර කුමාර, මේ දේශපාලන මොහොතේ හිස් දාංගලයක් පමණක් වන්නේත් රණවක බරැති ඩොන්ගලයක් වන්නේත් ඒ නිසා විය හැක. කෙටියෙන් කියතොත්, පක්ෂයක් ඇති ව හෝ නැති ව හෝ ඕනෑ ම දේශපාලන මොහොතකට අර්ථාන්විත ව හා ඵලදායි ලෙස එක්වීමේ 'ප්ලග්-ඇන්ඩ්-ප්ලේ' මට්ටමක පරිචයක් හා විභවයක් රණවක මේ වන විට වර්ධනය කර ගෙන ඇත.
 
***********************************
පසුවදන
Leader හි පළවන මගේ කොලමේ නිත්‍ය පාඨකයකු වන, ඉතාලියේ වසන ලාංකිකයකු (ඔහු තම කීමට කැමැති නැත) මා විසින් මඟහැර ඇති ඉතා වැදගත් කරුණක් ගෙන හැර පෑවේ, ඔන්ලයින් වර්ශනය අන්තර්ජාලයට මුදා හැරීමත් සමගම ය. ඒ ජනතා මිතුරෝහි රණවක සමග සිටි මුල්පෙළේ ක්‍රියාකාරිකයෙකු වූ චන්දන ගීගනගේ ගැන ය. ගීගනගේ රණවක සමග සමඟ සිරබත් කෑ බව ද, පසුකාලයක දී ගම්පහ රතුපස්වල කර්මාන්ත ශාලාවක ප්‍රධානියකු ලෙස වැඩ කළ බව ද පාඨකයා මා හට දැනුම් අතර මේ ඌනපූරණය සැපයීම ගැන මම ඔහුට ස්තුතිවන්ත වෙමි.


Udan fernando
 
 
 

(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com


(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )
 
Anida
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...