The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජීවිතයේ නර්තනය ආරම්භ කරන්න - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

June 4, 2023 • 6:13 AM

ජීවිතයේ නර්තනය ආරම්භ කරන්න - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර දෙදහස් පන්සිය ගණනකට පසුවත්, විද්‍යාවේ සහ තාක්ෂණයේ ආගමනයට පසුවත්, තවත් ගෝලීය ආගම් ගණනක තරඟකාරී බව සමඟත්, බුද්ධාගමට අදටත් ලෝකයේ කෙලින් හිටගැනීමේ ශක්තිය ලැබුණේ පෙරදිග දියුණු වූ ඉහත බෞද්ධ ශාකා දෙක නිසා කියල කියන්න පුළුවන්.
  • විශේෂයෙන් විද්‍යාව ඉදිරියේ දී ඔවුන් ඔවුන්ගේ අවබෝධය ප්‍රකාශකරන්න සෙන් ගුරුවරු සෑහෙන අපහොසත්කමක් දැක්වුවා.
  • විශේෂයෙන් සෙන් මනෝවිද්‍යාව සහ දර්ශනය සෙන් උපුටන ඇතුලෙම මැකිලා ගියා.
  • ඒ සුවිශේෂ පැවැත්ම ඇතුලට පැවැත්මේ ගැඹුරුම අර්ථයෙන් චාරිකාවක් යන එක තමයි සෙන් ධර්මයෙන් කියවෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

වසර දෙදහස් පන්සිය ගණනකට පසුවත්, විද්‍යාවේ සහ තාක්ෂණයේ ආගමනයට පසුවත්, තවත් ගෝලීය ආගම් ගණනක තරඟකාරී බව සමඟත්, බුද්ධාගමට අදටත් ලෝකයේ කෙලින් හිටගැනීමේ ශක්තිය ලැබුණේ පෙරදිග දියුණු වූ ඉහත බෞද්ධ ශාකා දෙක නිසා කියල කියන්න පුළුවන්.

Featured Blog Image Zen beyond Mindfulness SH

සාමාන්‍ය බුද්ධාගම (general Buddhism) හැම කෙනෙකුටම යම් පමණකින් අවබෝධකර ගැනීමේ පහසුව තිබුණත් දීර්ඝ ඉතිහාසයක් සහ සම්භාව්‍ය පසුබිමක් තියන චීන සෙන් ප්‍රවේශය අප නොසිතන ගැඹුරක් කරා මිනිසුන් රැගෙන යනවා. ඒක ගොඩක් අමාරුයි.

සෙන් බුද්ධාගමේ පරිචායකයින් (practitioners) විසින් තම ප්‍රායෝගික බෞද්ධ ගවේෂණයේදී විශාල අවබෝධයක් ලැබුවා උණත් එය අන් අයට අවබෝධකර දෙන තැනට එනකොට සෙන් ධර්මයට එතරම් සාධාරණයක් ඔවුන් අතින් සිදුවුණේ නැහැ කියන්න පුළුවන්. කොහොමත් අන් අයට අවබෝධකර දීමේ ගැටළුවක් බුද්ධාගමේ මුල් අවස්ථාවේ ඉඳලම තිබ්බ. විශේෂයෙන් විද්‍යාව ඉදිරියේ දී ඔවුන් ඔවුන්ගේ අවබෝධය ප්‍රකාශකරන්න සෙන් ගුරුවරු සෑහෙන අපහොසත්කමක් දැක්වුවා.

ඒ නිසා සෙන් මාස්ටර්ල කිව්ව දෙයක් උපුටන එකෙන් ඔබ්බට සෙන් දර්ශනය නූතන ලෝකයේ ගමන්කළේ නැහැ. විශේෂයෙන් සෙන් මනෝවිද්‍යාව සහ දර්ශනය සෙන් උපුටන ඇතුලෙම මැකිලා ගියා. ඒක අපරාදයක්.

කොහොමත් සාමාන්‍ය හේතුව සහ තර්කය එක්ක (common reasoning and logic) බුද්ධ දේශනාවේ හරයට ලඟාවෙන්න අමාරුයි. ඒක හැමෝම තේරුම්ගන්න.

අපි හැමෝටම අපේම වූ පැවැත්මක් තියනවා. එය සුවිශේෂයි. ඒ සුවිශේෂ පැවැත්ම ඇතුලට පැවැත්මේ ගැඹුරුම අර්ථයෙන් චාරිකාවක් යන එක තමයි සෙන් ධර්මයෙන් කියවෙන්නේ. මේ චාරිකාව ඇතුලේ සිදුවෙන එකම දෙය තමයි යම් බන්ධනයක ඉඳල එක්තරා නිදහසක් කරා මිනිස් පැවැත්ම ගමන්කරන එක (from bondage to freedom).

zen

පැවැත්මේ උල්පතෙන් ඇත්තටම දිය දෝතක් බොන්න ඔබට පුළුවන් උනොත් අපිට පුළුවන් බුදුන් දේශනා කළ දුකින් මිදීමේ ආරම්භය සොයාගන්න. අප තුල තියන සියලු ශක්තීන් ආපසු මේ අප අවට තියන ශක්ති ප්‍රභවයන් වෙතම මුදාහරින්න. ඉන් පස්සේ ඒ ශක්තිය අපව එක එක දිශාවලට පොළඹවන එක වලක්වාගන්න.

අප තුල තියන මේ අසාමාන්‍ය ශක්ති ප්‍රභවය හඳුනාගෙන ඒ ශක්තිය අපව උමතු මාර්ගවල ගමන් කරවන එකෙන් මුදවාගන්න සෙන් දහමට පුළුවන්. අපට හිතාගන්නවත් බැරි මේ ශක්ති ප්‍රභවයන් විනාශකාරී දේවල්වලට යොමුකරන්නේ නැතුව යහපත් ක්‍රියා වෙනුවෙන් පමණක් යොදවන්න සෙන් හදාරන්නෙකුට පුළුවන්. පැවැත්මේ ශක්තිය (life energy) හරි විදියට කළමනාකරණය කරගන්න ඕනි අධ්‍යාත්මික හැකියාව සොයාගත්ත අපට මෙතැනදී සංතෘෂ්ටිය කියන දේ මුණගැසෙනවා (happiness). ඒ සතුට එක්ක තමයි නිදහස එන්නේ (freedom).

අපට මෙතක් ඇරිලා නොතිබ්බ තුන්වන ඇසක් (third-eye) මෙතනදී විවර වෙනවා. අවිද්‍යාව කියන නොසැලකිලිමත් බව විතැන් වෙලා ජීවිතයේ ඇත්ත වටිනාකම, ඇත්ත වැදගත්කම මෙන්න මේ මොහොතේ ඉඳන් අපිට තේරුම් යනවා. අශුභවාදී දේවල් ඉවත් වෙලා ශුභවාදී උත්ප්‍රේරණක් එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙනවා.
 
Dark and light colored stone in zen garden
 
''සදාකාලික ඇත'' (Everlasting Yea) කියලවත් ''සදාකාලික නැත'' (Everlasting No) කියලවත් දෙයක් ඇත්ත මිනිස් පැවැත්මේ නැහැ කියල වටහා ගන්න මේ එක්ක ඔබට පුළුවන් වෙනවා.
 
ඒ වගේ අවබෝධයක් ජීවිතයේ අපරිමිත ශක්තිය එක්ක මුසුකරගෙන දැන් ඔබට පුළුවන් ජීවිතයේ නර්තනය ආරම්භ කරන්න....


Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජීවිතයේ නර්තනය ආරම්භ කරන්න - (ආචාර්ය මහේෂ් හපුගොඩ) | The Leader