The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අන්තෝ ජටා බහි ජටා දේශපාලනය - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

June 5, 2023 • 4:39 PM

අන්තෝ ජටා බහි ජටා දේශපාලනය - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'විරසකය' යන වදන එළිපිට නොපෙනෙන තාක් එය ගිනිකන්දක් තුළ කැකෑරෙන ලාවා මෙන් ගොජ දමමින් තිබේයැයි යන කියමන මා කොහෙන් හෝ අසා ඇත්තෙමි.
  • මා මුලින් කී ආකාරයට මතුපිටින් මිතුදම ගොජදමමින් තිබියදී ඇතුලතින් 'විරසකය' ගොජ දමමින් තිඛෙන්නට ඇති බව පසක් වුයේ ගිනිකන්දක ලාවා මතුපිටට එන්නාසේ 'විරසකය' ප්‍රසූතවීමේදීය.
  • එය කාලය විසින් විසඳන ප්‍රශ්නයක් බවට පත්ව ඇත.
  • කෙසේ වුවද මියැදෙමින් තිබූ දේශපාලන බලාධිකාරය යම්තාක් දුරකට සුවපත් කර රාජපක‍ෂ කඳවුරේ ඇත්තන් ගොඩ දැම්මේ රනිල් වික්‍රමසිංහයන්ය.
අකුරු ප්‍රමාණය (Font Size):



'විරසකය' යන වදන එළිපිට නොපෙනෙන තාක් එය ගිනිකන්දක් තුළ කැකෑරෙන ලාවා මෙන් ගොජ දමමින් තිබේයැයි යන කියමන මා කොහෙන් හෝ අසා ඇත්තෙමි.

''කලකදි වහලූ කලෙකදි රහ වෙනවාලූ'' යන උපහාරණය දේශපාලන ලෝකයේ නිරන්තරයෙන් ගලපාගත හැකි උපහරණයකි.

දේශපාලනයේදී සදාකාලික සතුරොත් නැත. සදාකාලික මිතුරන්ද නැත යන කියමන දේශපාලනඥයින් සිය වාසියට හරවා ගන්නා ලද කියමන සැබෑවක් නොව ඊටත් එහා ගියා අවස්ථාවාදී කියමනකි.

කලෙකට ඉහතදී වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ ජනපති නොවේ. ඔහුගේ තනි මැතිසබා අසුන මොහොතකට අමතක කරමු. ඔහු ඉන් පෙර යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා විය. එවකට ජනපති මෛත්‍රීපාල සිරිසේනයෝය.

ඒ දෙදෙනාම රාජපක‍ෂ කඳවුරට එරෙහිව යහ පාලනය ගොඩනගා ගත්තේය. මා මුලින් කී ආකාරයට මතුපිටින් මිතුදම ගොජදමමින් තිබියදී ඇතුලතින් 'විරසකය' ගොජ දමමින් තිඛෙන්නට ඇති බව පසක් වුයේ ගිනිකන්දක ලාවා මතුපිටට එන්නාසේ 'විරසකය' ප්‍රසූතවීමේදීය.

sedtfwet

තම එදිරිවාදි පසමිතුරු රාජපක්ෂ කඳවුර යළිත් බලයට ගෙන ආ සිරිසේනයෝ අධිකරණ තීන්දුවෙන් පැරදී යළිත් රනිල් වික්‍රමසිංහයන්ට අගමැතිකම දුන්නේය.

මේ කාලය තුළදි රාජපක්ෂ කඳවුර ක්‍රියාකළේ රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් 'තීෆ් ඔෆ් බැග්ඩදඩ්˜ ශෛලියට අනුගතවය. රනිල් වික්‍රමසිංහයෝම 'හොරා' යැයි සිය පිරිස සමග කෑගැසුවේ පාර්ලිමේන්තුවේදිය. යළිත් දෛවයේ සරදමක මහත. රාජපක්ෂ කඳවුර වැටෙන විටදී එයට මුක්කු ගසා ගෝඨා ජනාධිපති ධුරයත් අතහැර දමා ගිය වාසි සහගත අවස්ථාවේ රනිල් වික්‍රමසිංහයන් ජනපති පදවි ප්‍රාප්ත වුයේය. දැන් රාජපක්ෂ කඳවුරේ එකම ගැලවුම්කරුවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාය. රාජපක‍ෂ කඳවුර සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අතර පවතින්නේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ අතර පැවතුනු සීතල යුද්ධයද? එය කාලය විසින් විසඳන ප්‍රශ්නයක් බවට පත්ව ඇත.

zdsfwer

කෙසේ වුවද මියැදෙමින් තිබූ දේශපාලන බලාධිකාරය යම්තාක් දුරකට සුවපත් කර රාජපක‍ෂ කඳවුරේ ඇත්තන් ගොඩ දැම්මේ රනිල් වික්‍රමසිංහයන්ය. දැන් සුවපත්වු වටපිටාව තුළ යළිත් බලයේ විවිධාංග සතු අධිකාරය තමන් සතු කර ගැනීම සඳහා රාජපක්ෂ කඳවුරේ ඇතැමුන් උත්සාහ කරමින් තිඛෙනු පෙනෙයි.

අතින් අතට ඒ උත්සාහය ගැන වගේ වගක් නැතිව තමන් කරගෙන ආ රාජකාරිය එක දිගටම තමන්ට ඕනෑ හැටියට කරගෙන යන්නට වික්‍රමසිංහ ජනාධිපතිවරයා එක පැත්තකින් කටයුතු කරගෙන යන අතරේ අනිත් පැත්තෙන් තම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරගනිමින් සිටින්නේය. ඊට සාපේක්ෂව නියත වශයෙන්ම සිදුවිය යුතු පොහොට්ටු පක්ෂයේ පිරිහීමට බලපාන ජනතා අමනාපය දෝරෙ ගලමින් පවතින නිසා පොහොට්ටුවේ ඇතැම් අයවළුන් එක්සත් ජාතික පක්ෂයට පිනුම් ගසන්නට සැරසෙන බවක් පෙනෙන්නට තිබේ.

මේ මොහොත වනවිට පොහොට්ටු ශක්තිමත් කිරීම සඳහා එජාපයෙන්වත්, සමගිජන බලවේගයෙන්වත්, කිසිවකු පොහොට්ටුවට නොයන්නේ ගිලෙමින් තිඛෙන නැවකට පනින්නට කිසිවකු මනාප නොවන හෙයිනි. රාජපක්ෂවරුන්ට අතිශයින්ම ලැදි දිවි හිමියෙන් රාජපක්ෂවරු අතහැර නොයන අයවළුන් හැරෙන්නට අන් කිසිවකු පොහොට්ටුව තුළ රැඳෙන්නට අමනාප හෙයින් ඔවුන්ගේ එකම පිළිසරණවන්නේ රනිල් වික්‍රමසිංහයන්ය. එහෙත් ඔහු කිසිවිටෙක අසාදුලේඛන නොවූවන් තම පක්ෂයට බඳවා ගැනීමට නොරිසි තත්ත්වයක් තුළදි අවසාන වශයෙන් ඇමැති ධුර හත අටක්වත් ඉල්ලා සිටිමින් පවතින්නේය යන ආරංචියද බැහැර කළ නොහැක්කකි.

වත්මන් ජනාධිපතිවරයා අසාදුලේඛන ගත පොහොට්ටුවේ මැතිවරුන්ට ඇමැති ධුර පිරිනැමිමට කිසිවිටෙක පියවර නොගැනීම තුළ ඒ පොහොට්ටු ජ්‍යෙෂ්ඨයෝ  වත්මන් ජනපති හා විරසකයෙන් පසුවන බවක් ඔවුන් පවසන දෑ තුළින් ගම්‍යමාන වේ.

ඔවුන් කිසිවිටෙකවත් රනිල් වික්‍රමසිංහයන් බලයෙන් පහකිරීමට සිතන්නේවත් නැත්තේ ඔවුන්ට මේ අවස්ථාව තුළ රනිල් හැර ශක්තිමත් විකල්ප නායකත්වයක් නොතිඛෙන හෙයිනි.

fhdry

අනිත් අතට එය හොඳින් දන්නා රනිල් වික්‍රමසිංහය දැන් තියාම ජනාධිපතිවරණයට ඉදිරිපත් වී මහජන ඡන්දයෙන් තේරි පත්වීමේ ඔහුගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට ක්‍රියා කරනු ඇත. රාජපක්ෂ කඳවුරේ ඇතැමුන් රනිල් ජනාධිපති ධුරයට තරඟ කරනවාට එතරම් කැමැත්තක් නොදක්වයි. එහෙත් තමන්ගේ ගැලවීම පිණිස ඔහුට කැමැත්තක් දක්වන්නන්ද සිටිති.

කෙසේ වෙතත් අවසාන විග්‍රහයේදී සඳහන් කළ හැක්කේ රාජපක්ෂ කඳවුරේ ප්‍රබල මැති ඇමතිවරු සමහරක් වත්මන් ජනපතිගේ පිළිවෙතකට නොරිසි ආකල්පයක් දැක්වීමයි. විශේෂයෙන්ම රාජ්‍ය සම්පත් දිගට හරහට විකිණීම නාමිකව හෝ පොහොට්ටු පක්ෂයේ පිළිවෙත නොවන බව පොහොට්ටු පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පරිශිලනය කරන කවරෙකුට හෝ දැකගත හැකිවනු ඇත.

එබැවින් මේ පරස්පරය තුළ ජනතාවට මුහුණදිමේ හැකියාවක් නැති පොහොට්ටුවේ අය තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කසල බඳුනකට දමා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තමන්ගේම ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස පිළිගැනිම කාලෝචිතය.

කෙසේවුවද ඉතිහාසයේ කිසිදිනෙක දේශපාලන මිතුරු සන්ථවයක් දිගුකාලිනව පැවැත නොආ බව සඳහන් කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේය.


mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...