The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පෙර+හන්+කඩේ : කලූට බඩ ගිනීලු - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

June 14, 2023 • 12:01 PM

පෙර+හන්+කඩේ : කලූට බඩ ගිනීලු - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පූසි ගෙදර කාගෙත් සුරතලා ය.
  • අම්මාගේ කතාවට ප්‍රතික්‍රියා දැක්වූ අප්පච්චි පොඩි දුව වඩාගෙන ගෙට ඇතුල් විය.
  • “ඒක ඉතින් දන්නේ බඩගිනි හැදුණ අයනේ.
  • “පල්ලෙහා ගෙදර ආන්ටි කළු පූසාට කැට් ෆුඩ් ගෙනත් දෙන්නේ නැතිව ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පූසි ගෙදර කාගෙත් සුරතලා ය. පූසි අත ගාන්න, වඩා ගන්න, සුරතල් කරන්න ගෙදර කවුරුත් කැමති ය. ගෙදරට අමුත්තන් ආ විට පූසිගේ හුරතල් ගැන කතා කිරීම කතික තරගයක් වැනි ය. එහෙත් පූසිගේ කැත කුණු අදින වැඩේදී ඒ කිසිවෙකු පෙනී නො සිටිති. ඒ හැම විටෙකම ගෙදර අප්පච්චි කිසිදු කෙඳිරිගෑමකින් තොරව තම කාර්ය ඉටු කරනු දැකිය හැකි ය.

“කැත නැද්ද අප්පච්චි පූසිගේ  කැත කුණු අස් අස් කරනු දකින පොඩි එකී අසන්නීය. ඒ ප්‍රශ්නය පොඩිදුව අසන හැම විටෙකම අප්පච්චි පළමුව සිනාසෙයි. දෙවනුව මෙසේ කියයි.


“මං ඔයාගෙත් අප්පච්චි. පූසිගෙත් අප්පච්චි.

“මට නම් කැතයි අප්පච්චි.

“ඇයි කැත. අප්පච්චි පෙරළා අසන විට පොඩි දුව මෙසේ කියන්නීය.
 
fatherdaughter

“අම්මා කියන්නේ ඒ ජරාව දිහා බලන්නත් කැතයි කියලා.

“එතකොට පුංචි බබාලාගේ කක්කා අත ගාන්නෙ කවු ද? අප්පච්චි නැවත පෙරළා අසයි.

“අම්මලානේ පොඩිදුව අත්දැකිමේන් උත්තර දෙයි.
 
“ඉතින් පුතේ මෙයාගේ අම්මා නෑනේ. ඒ හින්දා මම එයාට ආදරෙයි. යමක් තේරම් ගත්තා සේ කිසිවක් නොතේරෙන පොඩි දුව එතනින් ඉවත්ව  ගියා ය. සුළු මොහොතකින් පොඩිදුව නැවත අප්පච්චි වෙත ආවා ය.
khdsd“අම්මා ඉක්මනට එන්ට කියනවා. අප්පච්චිගේ අත අල්ලාගත් පොඩිදුව අම්මා රැඳී සිටි ගෙය පිටුපස බැල්කනිය වෙත ගියාය.

“අර බලන්න. අම්මා පහත මිදුලේ යමක් පෙන්වා සිටියාය.
 
“දෙයියනේ එය දුටු පියා දෑස් අතින් වසා ගත්තේය. කිසිවක් නොදුටු පොඩිදුවට මෙය තරමක ගැටළුවක් විය.

“මොකක්ද මටත් පෙන්වන්නකෝ..  අප්පච්චි ඇයට පහත මිදුලේ සිදුවන යමක් පෙන්වා සිටියේය.

“අල්ලපු ගෙදර කළු පූස් මොනවද කනවා. පොඩිදුව සිනාසෙමින් කීවාය.

“එයා කන්නේ අප්පච්චි විසි කළ අපේ පූසිගේ වමනේ. සිද්ධිය එසේ විස්තර කළේ අම්මාය. එය ඇසූ කුඩා දැරියගේ ප්‍රතික්‍රියාව කුමක්දැයි ඇයගේ පියා විමසිලිමත් විය. නිතර දොඩමළුවන පොඩිදුව කිසිවක් කීවේ නැත.

“සංසාරේ මේ මොකද වෙන්නේ දෙයියනේ. එසේ කී අම්මා දෙවුර හකුලා එතනින් යන්ට ගියාය. තිරිසන්නු එහෙම තමයි. අම්මාගේ කතාවට ප්‍රතික්‍රියා දැක්වූ අප්පච්චි පොඩි දුව වඩාගෙන ගෙට ඇතුල් විය.

“ඉතින් එයාට කැත නැද්ද අප්පච්චි  පොඩිදුව ඇසුවාය.
 
“පුතේ කැත කියන එක එක එක විදියයි.අපේ පූසිගේ වමනේ මට කැත නැහැ. ඔයාලට කැතයි.
e3a10b22c9a63438a0b98e56b950a249
 
“මට නොවෙයි අම්මාට එහෙම.

“ඔව් ඔයාට තේරෙන්නේ නැහැ. ඔයා පුංචි නිසා.

“ඇයි අප්පච්චිට කැත නැත්තේ

“මං පුස්ගේ අප්පච්චි හින්දා.

“එතකොට අපේ පූසි අප්පච්චිගේ දුව ද?

“නෑ මං එයාගේ අප්පච්චි විතරයි.

“එතකොට අල්ලපු ගෙදර පූසි අර වමනේ කෑවේ කැත නැති හින්දා ද?

“නෑ පුතේ එයාට බඩගිනි නිසා. පොඩිදුව තරමක් වෙලා බලා සිටියාය.

“එතකොට බඩගිනි හැදුනාම කැත නැති වෙනවා ද?

“ඒක ඉතින් දන්නේ බඩගිනි හැදුණ අයනේ.

“පල්ලෙහා ගෙදර ආන්ටි කළු පූසාට කැට් ෆුඩ් ගෙනත් දෙන්නේ නැතිව ඇති. ඒකනේ එයා අපෙ පූසි වමනෙ කරපු කැට් ෆුඩ් හරි කන්නේ ? ඒ ඇය කල්පනා කරන හැටිය. හරි වුනත් වැරදි වුනත්  ඇය හිතෙන විදියට බාධා කළ යුතු නැත. ඒ තුළ ඇත්තේ වැඩිහියෙකු පවා අවබෝධ කරගත යුතු සත්‍යයකි. පොඩිදුව තවම මොන්ටිසෝරි හෝ නොයන්නිය. හෝඩි පොත හෝ නොකියවූ ඇය මේ ප්‍රශ්න කරන්නේ රටක් උත්තර සෙවිය යුතු ප්‍රශ්න බවට සැක නැත.
 
starving people

බඩගින්න කැත සහ පිළිකුල, යන වචන විග්‍රහයේදි විෂයානුබද්ධ වීමෙන් පලක් නැත.  කුඩා ළමයාටත් දැනෙන කැත, පිළිකුල, බඩගින්න ආදි වචන වලට ඍජු තේරුම් නැත. ඒ වචන ජීවිතය සමග වෙනස් අර්ථ ගන්නා බවට ඉහත කී සිද්ධිය සරල උදාහරණයකි. බඩගින්නට තේරුම් බොහෝ ය. වෙළඳ දැන්වීම්වල කියැවෙන පොඩි බඩගින්න චමත්කාරයකි. එහි අඟවන්නේ පාලුව අතර දැනෙන යම් හිස් බවත් මිස කුසට දැනෙන බඩගින්නක් නොවේ. බඩගින්න යනු ඕනැ දෙයක් කැතක් ඇස් පියාගෙන කෑ හැකි තත්වයකි. වංසක්කාර බමුණෙකු කුල හිනයෙකුගේ ඉඳුල් කෑ බවක් ජාතක පොතේ දැක්වේ.
 
කැත යන භාවය ගැන පොඩි දුව අවස්ථා දෙකකදී දෙ ආාකරයකින් ප්‍රශ්න කරන්නීය. පළමුව ඇය අප්පච්චිට කැත නැතිදැයි අසන්නීය. දෙවනුව බඩගිනි හැදුනාම කැත හිතෙන්නේ නැතිදැයි අසන්නීය. සිප බඳ කොමලතින් මුව මී පොවා පියා වැනි භාවාත්මක නිමේෂයකදී  කැත යන භාවය අර්ථ නිරුක්ති රහිත සුළඟක් බවට පත්වේ. ඉහත සිද්ධියේ අප්පච්චිට ගෙදර පූසිගේ කැත කුණු අදින්න කැතක් නැත. හේතුව ඒ අප්පච්චි ගෙදර පූසිගේ අප්පච්චි නිසාය. එහෙත් ගෙදර පූසි ඒ අප්පච්චිගේ දරුවෙකු නොවේ. අම්මලා දුවලාගේ කැත කුණු අතගාති. ඒ කැත කුණු තමන් වැදූ දුවලාගේ නිසා ය. අම්මලාට දුවලාගේ කැත කුණු ගැන පිළිකුලක් නැත්තේ මමත්වය නිසාය. අප්පච්චිට ගෙදර පූසි ගැන පිළිකුලක් නැත්තේ මමත්වය නිසා නොවේ. කරුණාව නිසාය. කරුණාව යනු නිරාමිෂ භාවයකි.
cat black and white photography 18
 
සිද්ධිය වූ දවස අවසානයෙහි අර අප්පච්චිිට මේ සිද්ධිය දිනපොතේ සටහනක් ලෙස මෙසේ එක් කළේය.  

“කළු පූස් වමනය සහිත කැට්ෆුඩ් කනු දැක මට ඇඬුම් ආවේය. මම මුදලක් වැය කොට ගෙදර සුරතලාට කැට් ෆුඩ් ගෙනත් කවමි. ගෙදර පූස් සමහර විට කෑ දේ වමනය කරයි. එය විසි කළ විට කළු පූස් කනවා කියන්නේ ඒ සතාට කිසිවෙකු ඇල්මක් ආදරයක් නැති බවය. මගේ සත්ව කරුණාව මට ප්‍රශ්නයකි. ගෙදර පූස් සහ කළු පූස් දෙදෙනාම සතුන් වෙති. පොඩි දුව තවම දන්නේ කළු පූස්ගේ බඩගින්න ගැන පමණකි. බුද්ධාගමේ දානයට දෙන වටිනාකම වෙළඳ දැන්වීමේ පොඩි බඩගින්න වාගේ එකකි. එහෙත් සතුන්ගේ බඩගින්නට එය පිළියමක් නොවේ.  
 
 
chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පෙර+හන්+කඩේ : කලූට බඩ ගිනීලු - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න) | The Leader