The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කලියුගය සහ බූමරංගය - (මහිම සුජිව ගමගේ)

T

The Leader Desk

June 14, 2023 • 6:03 PM

 කලියුගය සහ බූමරංගය - (මහිම සුජිව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහුගේ ඒ කියමනට අනුව ඉතිහාසය කියන්නේ ''තවත් කෙනෙකු තුළ වූ සටහනක වැදගත්කම සොයාගත හැකි එක් යුගයක වාර්තාවකි.'' ඉතිහාසය හාරා අවුස්සන්න ගියෝතින් ප්‍රහසනයට තුඩු දෙන බොහෝ කයි කතන්දර ඕනෑ තරම් හොයා ගන්න පුළුවන්.
  • මීට අවුරුදු 09 කට කලින් 2014 අයිති වෙන්නෙත් ඉතිහාසයට නම්, අපූරු පොත් පිංචක් අපට හම්බ වෙනවා.
  • ඒ 'කලි යුගය' පිටු 28 ක පොත් පිංචක්.
  • ඒ පොත 2014 දී ප්‍රකාශයට පත් කළ පොතක්.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහුගේ ඒ කියමනට අනුව ඉතිහාසය කියන්නේ ''තවත් කෙනෙකු තුළ වූ සටහනක වැදගත්කම සොයාගත හැකි එක් යුගයක වාර්තාවකි.''

ඉතිහාසය හාරා අවුස්සන්න ගියෝතින් ප්‍රහසනයට තුඩු දෙන බොහෝ කයි කතන්දර ඕනෑ තරම් හොයා ගන්න පුළුවන්.

මීට අවුරුදු 09 කට කලින් 2014 අයිති වෙන්නෙත් ඉතිහාසයට නම්, අපූරු පොත් පිංචක් අපට හම්බ වෙනවා. ඒ පොත ගැන 'සියත' ටෙලිවැකියේ නිර්මාතෘ ලාල් හේමන්ත මාවලගේ මාධ්‍ය සහෘදයා පසුගිය දවසක මතක්
කර තිබුනා. ඒ පොතේ නම 'කලියුගය' ඒත් ඒක මාටින් වික්‍රමසිංහ මහත්තයගෙ කලියුගය නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ 'කලියුගය'.                

 ඒ 'කලි යුගය'  පිටු 28 ක පොත් පිංචක්. ඒ පොත 2014 දී ප්‍රකාශයට පත් කළ පොතක්. ඒ පොතේ තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා වත්මන් ජනපතිතුමා ''වෛතුල්‍යවාදය'' ගැන අදහස් රාශියක්. ඒ අදහස් රාශියෙන් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ ඒ කඳවුර නිර්දය ලෙස විවේචනයට ලක්කර තිඛෙනවා.

එම විවේචනයට අනුව ඒ කඳවුරේ ඇත්තන් සමාන කරලා තියෙන්නේ 'වෛතුල්‍යවාදින්' හැටියටද කියන ප්‍රශ්නයට උත්තර සැපයී තිඛෙනවා.

Sri Lankas unpopular new president names unpopular politician as new PM

 ජාති, ආගම් බේදයෙන් බලයට පත්විමත් බලය රඳවා ගැනීමටත් රාජපක්ෂ කඳවුරේ රාජපක්ෂ රෙජිමයේ අයවළුන් සෑම විටම සැදී පැහැදී සිටින ආකාරය පිළිබඳව යළිත් ඉතිහාසයට අනිති 2014 වර්ෂයේදී කළ 'කලියුගය' පොතින් විවරණය වෙනවා. ඒ කාලයේ රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහත්යාලව දැඩිලෙස විවේචනය කර තිඛෙනවා. එදා එහෙම කර්කශ විදියට විවේචනය කරපු රනිල් වික්‍රමසිංහ මහත්මයා අද ජනපති ධුරයට පත්වන්නේ ඒ වෛතුල්‍යවාදීන්ගේ කඳවුරේ ආණ්ඩුවේ නායකයා විදියට.

 
එදා ජාතිවාදය, ආගම්වාදය අවුස්සපු බොහෝ දෙනෙක් නියෝජනය වුණේ රාජපක්ෂ කඳවුර පැත්තෙන්. ජාතිවාදියකු නොවන රනිල් වික්‍රමසිංහ මහත්මයා එදා ජනාධිපති නොවේ. එදා ඔහු සිටියේ විපක්ෂය පැත්තේ. බලයේ හිටියේ රාජපක්ෂලා.

2015 යහපාලනයට පාර කැපෙන්නට මේ 'කලියුගය' පොත බොහෝ දුරට ඉවහල් වෙන්න ඇති.

අද මොකද වෙලා තියෙන්නේ? එදා ඒ 'කලියුගය' පොත අදටත් වලංගුද? ඒ වලංගුවීම නිවැරදි යැයි පිළිගන්නේ නම් රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපති තුමා අද සිටිය යුත්තේ කොතැනද?

කලින් කලට පරස්පර අදහස් ප්‍රකාශ කිරීම අපේ රටේ බොහෝ දේශපාලනඥයින්ගේ සිරිතක් කන්න හිතුනම කබරගොයාත් තලගොයාවන්නේ ඒ සිරිතට අනුවයි.
'වෛතුල්‍යවාදයන්' සැබෑ බෞද්ධ දර්ශනය නියෝජනය වන්නේ නැහැ. සහමුලින්ම ඊට පාදක වන්නේ අවස්ථාවාදයේ පැතිකඩක්. ඇත්තෙන්ම එය ථෙරවාදයට පටහැනියි.

vnQeRrTfHJsvsWq 800x450 noPad

 ඒ කාලේ ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ වේගවත් අදහස් ප්‍රකාශ කරමින් මුස්ලිම් ප්‍රජාව සතු අනන්‍යතාවට අභියෝග කළේ 'හලාල්' ඉස්ලාමිය පිලිවෙත අපේ රට තුළ භාවිතා වීම දැඩිව විවේචනයට ලක්කරමින්. ඉන් වාසි සහගත අවස්ථාවන් උදාවුණේ රාජපක්ෂ කඳවුරට.

වික්‍රමසිංහ මහත්මයාගේ 'කලියුගය' පොත් පිංච ඊට එරෙහිව ලියුවක් බව පෙනෙන්නට තිඛෙනවා.

ඒත් අද රනිල් වික්‍රමසිංහ මහත්මයා ආර්ථීක අර්බුදයෙන් රට ගොඩ දාගන්න තෝරා ගන්නෙත් රාජපක්ෂ කඳවුරෙන්මයි. ඇත්තම කිවුවොත් අද පොහොට්ටු ආණ්ඩුවේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයායි.

එදා දැඩිලෙසම රාජපක්ෂ රෙජිමය විවේචනය කළ රනිල් වික්‍රමසිංහ මහත්තයා අද ජනාධිපති බවට පත්වෙලා වැල්පාලමෙන් ගොඩකරවන්න හදන්නෙත් මේ රාජපක්ෂ කඳවුරේ ඇත්තන්ම නේද? කියන ප්‍රශ්නය අහන්න වෙනවා. වෛතුල්‍යවාදයේ බූමරංගය ඉතිහාසය විසින්ම හරවලා එවන්නේ එතුමාගේම පැත්තටම නේද කියලා අහන කෙනෙකුට මෙහෙමත් කියන්න පුළුවන්.

'එදා එහෙම කිවුව වික්‍රමසිංහ මහත්තයා අද ඉන්නෙත් එයාලා එක්කම නේද?'

mahima sujeewa gamage
(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...