The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පොහොට්ටුවේ අමනාපය හමුවේ රනිල් - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

June 15, 2023 • 4:57 PM

පොහොට්ටුවේ අමනාපය හමුවේ රනිල් - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'ඩිස්රායෙලි'මෙම ප්‍රකාශය සිදු කළේ මීට බොහෝ කලෙකට පෙර බැවින් එදා මෙදා තුර එම ප්‍රකාශයේ සත්‍යතාවය මනාව ස්ඵුට වන නිසාම එම ප්‍රකාශය වර්තමානයටද ගැලපෙන ප්‍රකාශයක් බව අවිවාදිතය.
  • දේශපාලනය කරන්නේ ජනතාවට රටට ජාතියට ආගමට සේවය කරන්නට යැයි යමෙකු ප්‍රකාශ කරනවා නම් එම ප්‍රකාශය නිරනුමානවම වෘෂභයකුගේ මුවගින් පිටවූවක් බව නිගමනය කරමින් බැහැර කරලීම බුද්ධිමතෙකුගෙන් මිස එවන් වෘෂභයකු වෙතින් සිදුවන්නක් නොවන බව මෙහිලා අවධාරණය කළ යුතුයි.
  • ලෝකයේ සියළු රටවල් අතහැර ශ්‍රී ලංකාව පමණක් නිදසුනකට ගෙන සංවාදශීලි වුවත් එම ප්‍රකාශය මුළු ලොවටම වඩා ගැලපෙන්නේ ශ්‍රී ලංකාවටම බැව් බුද්ධිමතුන් තීරණය කරන්නේය.
  • අපේ රටේ දේශපාලනඥයින් සිතන්නේ මේ රටේ ජනතාව මුග්ධයින් ලෙස නම් ඒ ඔවුන්ට වැරදිලා යැයි මා කියමි.
අකුරු ප්‍රමාණය (Font Size):


'ඩිස්රායෙලි'මෙම ප්‍රකාශය සිදු කළේ මීට බොහෝ කලෙකට පෙර බැවින් එදා මෙදා තුර එම ප්‍රකාශයේ සත්‍යතාවය මනාව ස්ඵුට වන නිසාම එම ප්‍රකාශය වර්තමානයටද ගැලපෙන ප්‍රකාශයක් බව අවිවාදිතය.



දේශපාලනය කරන්නේ ජනතාවට රටට ජාතියට ආගමට සේවය කරන්නට යැයි යමෙකු ප්‍රකාශ කරනවා නම් එම ප්‍රකාශය නිරනුමානවම වෘෂභයකුගේ මුවගින් පිටවූවක් බව නිගමනය කරමින් බැහැර කරලීම බුද්ධිමතෙකුගෙන් මිස එවන් වෘෂභයකු වෙතින් සිදුවන්නක් නොවන බව මෙහිලා අවධාරණය කළ යුතුයි.



ලෝකයේ සියළු රටවල් අතහැර ශ්‍රී ලංකාව පමණක් නිදසුනකට ගෙන සංවාදශීලි වුවත් එම ප්‍රකාශය මුළු ලොවටම වඩා ගැලපෙන්නේ ශ්‍රී ලංකාවටම බැව් බුද්ධිමතුන් තීරණය කරන්නේය.

අපේ රටේ දේශපාලනඥයින් සිතන්නේ මේ රටේ ජනතාව මුග්ධයින් ලෙස නම් ඒ ඔවුන්ට වැරදිලා යැයි මා කියමි.

මක්නිසාදයත් එවන් මුග්ධ බවක් ජනතාව තුළ තිබුණේ නම් එය වියැකී ගොස් ඒ මුග්ධ බව මත ආධිපත්‍යය දරා සිටින්නේ ප්‍රඥාව යැයි ද මා කියා සිටිමි.

මේ ලිපියට නිමිත්ත නම්, වත්මන් ජනපතිවරයා සහ ආණ්ඩු අතර පවතින සීතල යුද්ධයම මිස අන්දෙයන් නොවේ. ඒ සීතල යුද්ධයට හේතුවු සාධකය බවට පත්ව ඇත්තේ සිය සුඛ විහරණය පතා ලැබිය යුතු බලාධිකාරය හිමිවන තානාත්තර මෙතෙක් නොලැබී තිබීමය. මුදල් හා වස්තු සම්පත් හරහා ලබාගැනීමට තිඛෙන පසිඳුරන් පිනවීමේ සිහිනමය චින්තාව තමන් විසින්ම පත් කරන ලද්දාවූ ජනපතිවරයා විසින්ම හුදු සිහිනමය චින්තාවකට සීමා කර තිබීම නිසාවෙන් ඔහු කෙරෙහි පවත්නා නොමනාපය නිසාම එය ඔහු සහ තමන් අතර වූ සීතල යුද්ධයක් බවට පත්කර ගැනීමට තානාන්තර අහිමි වූවන්ගේ දේශපාලන නඩයට සිදුව ඇත.

එම සීතල යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් තනතුරු නොලද්දාවූ ආණ්ඩු පක්ෂයේ නැතහොත් පොහොට්ටු කඳවුරේ ජ්‍යෙෂ්ඨයින් ජනපතිගේ කැඳවීම පවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත්ව තිබේ.

මෙය මෙසේ සිදුවන්නේ ඇයි ?



දේශපාලන පෙරළියක් සිදුවීමේ ලකුණු පමණක් පෙන්නුම් කරමින් නිම වූ 'අරගලය'ට පෙර රිසිසේ ජනතාව සතු සම්පත් භුක්ති විඳිමින් සුරසැප විඳින ලද්දවුන්ට එම වරප්‍රසාද අහිමිවීම මත තමන් විසින්ම තමන්ගේ ගැලවුමට පත්කර ගත්තාවු එකම ගැලවුම් කරුවා වෙතින්ම ප්‍රතික්ෂේප වීම කරමි විස්සෝපයක් තවත් තිබේ.



'අරගලයේ තාපය'ට හසුව සිය සුවදායක දිවිය අහිමිවන්නට ගිය කල්හි තම ගැලවුම පිණිස තෝරාගත් ගැලවුම්කරුවා තමන්ට අහිමි වී ගිය සුවදිවිය යළිත් තමන් වෙත ප්‍රදානය නොකිරීමේ හේතුව මත පොහොට්ටුවේජ්‍යෙෂ්ඨයින් සිය කනස්සල්ල පළකරන්නේ එම ගැලවුම්කරුවාගේ කඳවුරට ද පිටුපාමිනි.

මාධ්‍ය තුළින් මෙම ඇත්ත හෙළිදරව් නොකරණු ලැබුවද ජනතාව ඒ බව නොදැන සිටින්නේ යැයි සිතන්නේ නම් එය මුළාවකි.

වත්මන් ජනපති අහඹු ලෙස ලද ජනපති පදවි ප්‍රාප්තිය හරහා ස්වකීය එක්සත් ජාතික පක්ෂය අලූත්වැඩියා කරමින් සිටියි. ඔහු සියළුම වැදගත් තනතුරුවලට පත් කරණු ලබන්නේ එ.ජා.ප ප්‍රබලයින්මය. පසුගියදා සබරගමුව පළාත් සභාවට ආණ්ඩුකාරවරයා ලෙස නවීන් දිසානායක පත් කිරීමෙන් නොරිස්සුම වර්ධනය වන්නේ තනතුරු අහිමි පොහොට්ටු කඳවුරේ ජ්‍යෙෂ්ඨයන් තුළය.

සිය උපදේශකරුවන් ලෙස සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් වැන්නන් පත් කර ගැනීම හරහා වත්මන් ජනපති යළිත් එ.ජා.ප. ය නැගිට්ටවීම සඳහා පියවර ගනිමින් සිටියි.



සිය ආණ්ඩුවේ අවසාන කාලය තුළදි වත් කුමක් හෝ දෙයක් ලබාගැනීමේ චේතනාවෙන් පසුවන පොහොට්ටු ජ්‍යෙෂ්ඨයෝ අද දවසේ පසුවන්නේ අතිශය කළකිරීමෙනි.

එහෙත් පොහොට්ටු කඳවුරට වත්මන් ජනපති රනිල් හැර අන් සරණක් නැත. මිදි තිත්තවුවත් කෑ යුතුම බැවින් කනවා මිස කළ හැකි අන් දෙයක් නැත.

 

වත්මන් ජනපතිට එක පෑන් පහරින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයකට යා හැකිය. ඔහු එසේ නොකරන්නේ, මේ පරාජිත මානසිකත්වයෙන් යුතු තනතුරු නොලද්දක් වෙතින්ම තමන්ගේ තනතුර තවත් ශක්තිමත් කරගැනීම අවශ්‍යම කාරණය වන බැවිනි.

පොහොට්ටු කඳවුරේ එක් කොටසකට ඉදිරි ජනපතිවරණයකදී පොදු අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ තෝරාගැනීම මිස අන් විකල්පයක් නැත. එම කඳවුරේම තවත් කොටසක් රාජපක්ෂවරයෙකු හෝ රාජපක්ෂ කඳවුරට පක්ෂපාති අයෙකු පොදු අපේක්ෂකා ලෙස තෝරා ගැනීමට ඉඩ ඇතත් මේ වනවිට රාජපක්ෂ කඳවුරේ ජනප්‍රිය රාජපක්ෂ කෙනෙකු නැති බැවින් තමන්ට පක්ෂපාති පොදු අපේක්ෂකයකු සොයමින් සිටියි.

රනිල් ජනපති සහ පොහොට්ටු කඳවුරේ තනතුරු නොලද්දවුන් අතර පවත්නා සීතල යුද්ධයේ වාසියද මේ වනවිට හිමිකර ගනිමින් සිටින්නේ සමගිජන බලවේගයයි. සජිත් ප්‍රේමදාසයි. ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවද මේ වනවිට සමගිජන බලවේගය හා සන්ධාන ගත වීමට සාමෙන් පෙනී යන්නේ එයයි.

ඒ අතරතුර ඉල්ලන ඕනෑම දෙයක් දී උතුරේ දෙමළ පක්ෂ සහ මුස්ලිම් පක්ෂ තමන් වෙත නතුකර ගැනීම සඳහා රනිල් සුදානම් වන බවක් පෙනෙන්නට තිබීමෙන් පෙනී යන්නේ යළිත් වරක් එය පැරණි දේශප්‍රේමි කඳවුර ශක්තිමත් කර වීමේ පියවරක් ලෙසින් බවද?

විමල් - වාසු ප්‍රමුඛ උත්තර සහාගය කල් මරමින් සිටින්නේ රනිල්ගේ වෑයම පරාජය කිරීම සඳහා දේශප්‍රේමි කඳවුර ශක්තිමත් කිරීමටයි. එතැනදි රාජපක්ෂ කඳවුර සුවඳ පැනින් නහවා යළිත් ශක්තිමත් කිරීමට මේ ඊනියා දේශප්‍රේමි කඳවුරකට හැකිවේද?

කෙසේ වුවද දැන් බඹරය වැල්ලේ වුවද කැරකෙන තත්ත්වයක් සජිත්ට පහසුවෙන්ම උදාකරන්නේ යැයි සිතීමද උගහටය.


mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com


 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...