The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වැඩිවුණ වේගයෙන් භාණ්ඩ මිල යළි අඩු වෙන්නැත්තේ ඇයි? - (සම්පත් දිසානායක)

T

The Leader Desk

June 16, 2023 • 5:21 AM

වැඩිවුණ වේගයෙන් භාණ්ඩ මිල යළි අඩු වෙන්නැත්තේ ඇයි? - (සම්පත් දිසානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන් එවැනි මිල අඩුවීමක් අපේක්ෂා කළද ඒවායේ කැපීපෙන අඩුවීමක් දක්නට නැතැයි, පාරිභෝගිකයෝ පෙන්වා දෙති.
  • වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ වෙළෙඳපොල යාන්ත්‍රණය බිඳවැටීම මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු නොවීමට හේතුවී ඇති බවය.
  • මේවන විට ඉන්ධන හා ගෑස් පොලිම් නතර වී ඇත.
  • ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ, ආහාර ද්‍රව්‍ය, ගොඩනැගිලි ඉදි කිරිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 300 කට ආසන්න භාණ්ඩ සංඛ්‍යාවක ආනයන සීමා ඒ යටතේ ඉවත් කෙරුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

තමන් එවැනි මිල අඩුවීමක් අපේක්ෂා කළද ඒවායේ කැපීපෙන අඩුවීමක් දක්නට නැතැයි, පාරිභෝගිකයෝ පෙන්වා දෙති.

වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ වෙළෙඳපොල යාන්ත්‍රණය බිඳවැටීම මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු නොවීමට හේතුවී ඇති බවය.

ශ්‍රී ලංකාව දැනට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) ණය වැඩසටහනකට අනුව යමින් සිටියි. මේවන විට ඉන්ධන හා ගෑස් පොලිම් නතර වී ඇත. විදුලි කප්පාදුවද අවසන්ය. භාණ්ඩ රැසකට පනවා තිබූ ආනයන සීමා ඉවත් කිරීමට ද මුදල් අමාත්‍යංශය පසුගියදා පියවර ගත්තේය.

ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ, ආහාර ද්‍රව්‍ය, ගොඩනැගිලි ඉදි කිරිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 300 කට ආසන්න භාණ්ඩ සංඛ්‍යාවක ආනයන සීමා ඒ යටතේ ඉවත් කෙරුණි.

import restrictions 2023.07.10

“නියාමන වැඩ පිළිවෙලක් නැහැ”

රජය ලබා දෙන මේ සහන සැබවින්ම පාරිභෝගික ජනතාවට නොලැබෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ ජාතික සංවිධායක අසේල සම්පත් බීබීසී සිංහල වෙත පැවසීය.

“ඇත්තටම ඉන්ධන මිල, ගෑස් මිල අඩුවීම තුළ ඒවායෙන් ලබා ගන්නා සේවාවන්වල මිල අඩුවීමක් සිදුවෙලා නැහැ. ඒකට නියාමනය කරන වැඩ පිළිවෙලක් රජය සතුව නැහැ. මේ රජය විතරක් නෙමේ කොයි රජය වුණාත් නියාමන වැඩ පිළිවෙලක් නැහැ. මේ රටේ ආහාර පාන සහ අනෙකුත් භාණ්ඩවල මිල නියාමනයට නිශ්චිත යාන්ත්‍රණයක් නැහැ.”

 

ඔහු අවධාරණය කළේ, “කොච්චර සහන දෙනවා කිව්වත්, ඒ සහනය මිනිස්සුන්ට ගන්න විදිහක් නැහැ. ඒ සම්බන්ධව සොයා බලන්න විදිමත් යාන්ත්‍රයක් , ජාතික ප්‍රතිපත්තියක් ඒ මොනවත් නැති නිසා තමයි අද කළුකඩ මාෆියාවක් නිර්මාණය වෙලා රජය ලබා දෙන සහන ජනතාවට නෙමේ තනිකරම කඩකාරයෝ තමා ගන්නේ”.



අසේල සම්පත් පැවසුවේ, පාරිභෝක අධිකාරිය නවීණ ලෝකයට ගැලපෙන පරිදි ශක්තිමත් කළ යුතු බවය.

ඔහු විමසා සිටියේ “ඉන්ධන එක මිලකට දෙන්න පුළුවන් නම්, දුම්වැටිය එක මිලකට දෙන්න පුළුවන් නම්, මත්පැන් බෝතලය එක මිලකට දෙන්න පුළුවන් නම්, ඇයි අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක්වත් හඳුනා ගෙන ඒක මිලකට මහජනතාවට දෙන්න බැරි”

 

“දැන් ප්ලෙන්ටියක් පනහයි හැටැයි. රුපියල් 30කට දෙන්න පුළුවන් නේ. කොස්ට් එක වෙන්නේ රුපියල් 10යි. පාන් භාගයයි පරිප්පු එකකයි, රුපියල් 150කට දෙන්න පුළුවන්නේ, එළවළු කෑම එකක් රුපියල් 150කට දෙන්න පුළුවන්.” ආපන ශාලා හිමියන්ගේ සංගමය පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලා සිටින්නේ මෙම ආහාර මිල ගණන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලෙසය.


bakery 1

පාරිභෝගික කටයුතු අධිකාරියට අනුව දැනට පාලන මිලක් ක්‍රියාත්මක වන්නේ බිත්තර සහ සහල් සඳහා පමණි.

මීට අමතරව ඩෙංගු සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා අයකරන ගාස්තු සම්බන්ධයෙන් පාලන මිලක් නියම කර තිබේ.

සෙසු භාණ්ඩ වර්ග සඳහා පාලන මිලක් ක්‍රියාත්මක නොවන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේය.

පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ පාන් මිල රුපියල් 150 දක්වා මේවන විට අඩුවී ඇති බවය. පසුගිය වසර තුළදී ග්‍රෑම් 450ක, පාන් ගෙඩියක මිල රුපියල් 300 පමණ දක්වා ඉහළ ගියේය.

පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ, පෙර පැවති මිල ගණන්වලට සෙසු භාණ්ඩ මිල අඩුවීම සඳහා බැංකු පොලී අනුපාත අඩුවීම , ඩොලරය ශක්තිමක් වීම , බදු යන සාධක බලපාන බවය.

“වෙළෙඳපොල යාන්ත්‍රණය බිඳවැටිලා”

image a9ef08f54aවයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසුවේ, "ලංකාවේ වෙළෙඳපොල යාන්ත්‍රණය කඩා වැටිලානේ තියෙන්නේ. මොනවා කලත් වැඩක් නැහැ, මාර්කට් මැකනිසම් එක හදන්නේ නැත්නම්. මාර්කට් ඩේටා තියෙන්න ඕනේ. ප්‍රශ්නය තමා රජයට තොරතුරු නැහැ නේ. ලංකාවේ වෙළෙඳපොලේ තවම ලියාපදිංචි නොකළ වාහන කොච්චර තියෙනවද කියලාවත් ආණ්ඩුව දන්නේ නැහැ. තොරතුරු පද්ධතියක් නැති තාක්කල් වෙළෙන්දන්ට පුළුවන් කෙටි කාලීනව ලාභ ගන්න.”

මහාචාර්යවරයා පෙන්වා දුන්නේ, “ඩොලර් එක අද වැඩිවුණොත් හෙට ඉදලා කිරිපිටි වැඩි වෙනවා. ඩොලර් එක අඩු වෙනකොට කිරිපිටි අඩුවෙන්නේ තව මාස දෙකකින්. තුනකින්. එතකොට මිනිස්සුන්ට අමතකයි.”

“වෙළෙඳපොල යාන්ත්‍රණය හදන්න ඕනේ. පාරිභෝගික කටයුතු අධිකාරිය වගේම, ආයතන හැම එකකම ඔය තියෙන යාන්ත්‍රණ සියල්ල ඔයිට වඩා කාර්යක්ෂම වෙන්න ඕනේ. නැත්නම් ඉතින් ඒකේ වාසිය කවදාවත් පාරිභෝගිකයාට ලැබෙන්නේ නැහැ”

IMAGE 1685702544

 

amalaමහාචාර්ය අමලා ද සිල්වාකොළඹ විශ්වවිද්‍යාලයයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අමලා ද සිල්වා පෙන්වා දුන්නේ, වෙළෙඳුන් අතර පවතින තරගය තුළින් එහි වාසිය පාරිභෝගිකයින් වෙත ලැබෙනු ඇති බවයි. “වැඩිමිලට ගෙනාපු තොග තමා තියෙන්නේ කියන එක තමා කියන්නේ වෙළෙන්දෝ. මිල අඩු කරන්න උනන්දු වෙන්නේ නැහැ. ඒ ගොල්ලන්ගේ ලාභය වැඩි වෙන නිසා. වෙළෙන්දෝ අතර තරගයක් පවතිනවා නම් ඒකේ ලාභය පාරිභෝගිකයින් වෙත ලැබෙනවා.” මහාචාර්යවරිය පැවසුවාය.

රුපියල ශක්තිමත්

ශ්‍රී ලංකා රුපියල 2023 වසරේ මැයි මස 31 වැනිදා වන විට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 22.9%කින් අතිප්‍රමාණය වී තිබේ. යූරෝවලට සාපේක්ෂව 22.3%කින්, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව 19.4%කින්, ජපන් යෙන්වලට සාපක්ෂව 29.6%කින් සහ ඉන්දීය රුපියලට සාපේක්ෂව 22.8%කින් රුපියල අතිප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

dol

විදෙස්ගතව සිටින ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ ද 2022 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මේ වසරේ එම මාසය තුළදී ඩොලර් මිලියන 454 දක්වා ඉහළ ගොස් තිබේ. 2022 වසරේ අප්‍රේල් මාසයේදී එය ඩොලර් මිලියන 249ක් විය. මහ බැංකුවේ දත්තවලට අනුව පසුගිය අප්‍රේල් 31 වැනිදා වන විට මෙරට සතු නිල විදෙස් සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8කි. එය මේවන විට තවදුරටත් ඉහළ යමින් තිබේ.

ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුවීම ආර්ථිකයට බලපාන්නේ කොහොම ද ?

2021 වසර සහ 2022 වසරේ මුල් කාල පරිච්ඡේදය තුළ මෙරට ප්‍රතිපත්ති පොලී අනුපාත සහ බැංකු පොලී අනුපාත පහළ අගයක පැවතුණි. 2022 වසරේ ඇතිවු ආර්ථික අර්බුදය හමුවේ අප්‍රේල් මාසයෙන් පසු ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමිණි. ඒ උද්ධමනය පාලනය කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙසය.

මහාචාර්ය අමලා ද සිල්වා පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකුව මෑතකදී ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකිරීමට සාපෙක්ෂව වාණිජ බැංකුවල පොලී අනුපාත අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි. එමගින් නිෂ්පාදන පිරිවැය තවදුරටත් අඩු කර ගැනීමට හැකිවනු ඇතැයි ඇය පැවසුවාය.

තුන්වන කාර්තුවේදී උද්ධමනය තනි අගයකට

 

මෙරට ආර්ථික ප්‍රකෘතිය සහ ගෝලීය දැක්ම - (දිනේෂ් වීරක්කොඩි)

ශ්‍රී ලංකා මහ බැංකුව ද පවසන්නේ මෑත කාලීනව දක්නට ලද විනිමය අනුපාතිකයේ විශාල අතිප්‍රමාණය වීම සම්පූර්ණයෙන් වෙළෙඳපොළ වෙත සම්ප්‍රේශනය වීම මිල මට්ටම තුළින් තවමත් පිළිබිඹු නොවන බවයි.

ආනයන භාණ්ඩ මිල ගණන් ඉදිරි කාලයේ දී තවදුරටත් පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉදිරි මාස කිහිපය තුළ දී උද්ධමනය තවදුරටත් පහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

 

ඒ අනුව නවතම පුරෝකථනවලට අනුව 2023 වසරේ තුන්වන කාර්තුවේ මුල් කාලයේ දී මතුපිට උද්ධමනය තනි අගයක මට්ටමට ළඟා වනු ඇතැයි මහබැංකුව පවසයි. මැදි කාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායි වනු ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

 

(සම්පත් දිසානායක)
බීබීසී සිංහල
Twitter, @SampathDissa

(BBC සිංහල සේවය)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...