The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සජිත් ප්‍රේමදාසට ; හේමා මගහැරී එලීනා හමුවීම

T

The Leader Desk

June 20, 2023 • 6:39 PM

සජිත් ප්‍රේමදාසට ; හේමා මගහැරී එලීනා හමුවීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ය සන්නස් පත්‍රයක් මගින් පසුගියදා පිරිනැමුනා එය පිරිනැමීමට හේතුව හෝ ඉන් ලැබෙන දේ පිළිබඳව මට කුතුහලයක් නෑ.
  • මේ යුගයේ එවැනි සම්මාන, සහතික හෝ සන්නස් පත්‍ර පිළිබඳව ලාංකීය සමාජය තුල ඇත්තේ දෘෂ්ටිවාදී තෙරපුමක් පමණයි.
  • සියල්ල මුදල් මත තීරණය කෙරෙන යුගයක තමන්ගේ ව්‍යාපාරය මීට වඩා වටින බව අනිවාර්‍යයෙන්ම ජලනි දන්නවා ඇති.
  • ඒක හොද දෙයක්.නමුත් ඔහුගේ පියාත් ලංකාවේ විධායක ජනාධිපති වෙනවිට ඔහුගේ මවත් ලංකාවේ “පලමු කාන්තාව” වන බවත්,ඇය කරන ලද සමාජ සේවා කටයුතු පිළිබඳව කතා නොකිරීමත් තුල සගවන යමක් තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ය සන්නස් පත්‍රයක් මගින් පසුගියදා පිරිනැමුනා

එය පිරිනැමීමට හේතුව හෝ ඉන් ලැබෙන දේ පිළිබඳව මට කුතුහලයක් නෑ.



මේ යුගයේ එවැනි සම්මාන, සහතික හෝ සන්නස් පත්‍ර පිළිබඳව ලාංකීය සමාජය තුල ඇත්තේ දෘෂ්ටිවාදී තෙරපුමක් පමණයි. සියල්ල මුදල් මත තීරණය කෙරෙන යුගයක තමන්ගේ ව්‍යාපාරය මීට වඩා වටින බව අනිවාර්‍යයෙන්ම ජලනි දන්නවා ඇති.



නමුත් මේ උත්සවයේ සජිත් ප්‍රේමදාස විසින් පවත්වන කතාවේදී ඔහු එලීනා ජයවර්ධන (ජේ.ආර්.ගේ බිරිද)පිළිබඳවත් ඇය කල සමාජ සේවය පිළිබඳවත් ඇගයීමක් කරනවා.

ඒක හොද දෙයක්.නමුත් ඔහුගේ පියාත් ලංකාවේ විධායක ජනාධිපති වෙනවිට ඔහුගේ මවත් ලංකාවේ “පලමු කාන්තාව” වන බවත්,ඇය කරන ලද සමාජ සේවා කටයුතු පිළිබඳව කතා නොකිරීමත් තුල සගවන යමක් තිබෙනවා.

ලංකාවේ ප්‍රථම ජනාධිපති ආර්යාව එලීනා වනවිට එහි දෙවන තැන හිමිවන්නේ හේමා ට.ඩී.බී. විජේතුංගගේ බිරිද පිළිබඳව වැඩිදෙයක් නැහැ.මහින්ද රාජපක්ෂ ජනාධිපති වන විට ශිරන්ති ප්‍රථම කාන්තාව වනවා. මෛත්‍රි යුගයේදී ජයන්ති ප්‍රථම කාන්තාව වනවිට අයෝමා ගෝඨාභය පාලන යුගයේත්,වර්තමානයේ රනිල්ගේ කාලයේ මෛත්‍රිත් සිටිනවා.



මේ සෑම යුගයකම “ප්‍රථම කාන්තාව” පිළිබඳව යම්,යම් මත සමාජය තුල මතුවෙනවා.ඒවා බොහෝ විට මතුවන්නේ ඇගේ හැසිරීම කියන සාධකය පදනම් කරගෙන.

මේ සියලුම ප්‍රථම කාන්තාවන් අතර අතිශයින්ම ගෞරවයට පාත්‍ර වූයේ එලීනා වන විට, අතිශයින්ම නින්දාවට හා විවේචනයට භාජනය වූවේ හේමා හා ශිරන්ති.

විශාල අශ්ලීල කතා තොගයක් සමග ඔවුන් රගපෑ භූමිකා සමාජයක් ලෙස බැහැර කරන ලද චරිත ඔවුන්ට හිමිවුනා. සජිත්ට හේමා අමතක වී එලීනාව මතක් වීම පිළිබඳව දෘශ්‍යමානය අපිට හෙළි කරන්නේ එය යි. නමුත් ඊට එහාගිය අවිඥානික කලාපයක්ද මේ තුල තිබෙනවා.



ජේ.ආර්. සහ එලීනා දෙදෙනාම ඉහල පංති වලින් පැමිනෙන්නන්.ඔවුන්ගේ පවුල් පසුබිම්, අධ්‍යාපනය, දේපල මෙන්ම කුලයද ලංකාව තුල අධිනිශ්චය වූවක්. ප්‍රේමදාස එන්නේ පහල පංතියෙන්, ඒ විතරක් නෙමෙයි හේමා එන්නේත් පහල පංතියෙන්.ඔවුන්ගේ අතීත උරුමයන් තුල පාරම්බෑ හැකි කිසිවක් නෑ. ප්‍රේමදාස පියා හා මව සිහිවීම පිනිස උදාගම් හදනකොට මහින්ද සොහොන් කොත් හදල,කෞතුකාගාර පවා හදන්නේ මේ නොමැති උරුමයක් තහවුරු කරන්න



ජේ.ආර්. සිය පිය උරුමය කිසිම ලෙසකින් තහවුරු කරන්න උත්සාහ කරන්නේ නෑ (රනිලුත් එහෙමයි). තමන්ට පියාගෙන් ලද “නම” රනිල්ට හෝ ජේ.ආර්.ට නැවත,නැවත සිහිකිරීමට අවශ්‍ය නෑ.

සිය අනන්‍යතාවය නිවැරදිව ලකුනු වුනාම ඒක නැවත, නැවත කැඳවීමට අවශ්‍ය නොවෙනවා වගේම, ඒක නොලැබුනාමත් නැවත, නැවත එය කැඳවීම අවශ්‍ය වෙනවා.



මෙතනදි සජිත් කරන්නේ තමන්ගේ උරුමය වෙනුවට කුලියට ගන්නා දෙයකින් තමන්ව වසාගන්නා එක. රනිල්ව තමන්ගේ අනෙකා කරගෙන දේශපාලනය කරන සජිත්ට සංගතබාවය ලැබෙන්නේ හේමාගෙන් නෙමෙයි එලීනා ගෙන්.



තමන්ට නියෝජනය කරන්න නොහැකි ඉහල මධ්‍යම පංතිය එයා ඉංග්‍රීසි වලින් වහන්න හදන එක ඇතුලේ එයා ජෝක් වෙනකොට මෙතනදිත් වෙන්නේ ඒකමයි.

එලිනා සිය පංතිමය උරුමයෙන් ලැබිච්ච හුගක් දේවල් අප්‍රසිද්ධියේ දෙනකොට හේමා කරේ එකතු කරපු එක.



සජිත්ට අවිඥානිකව එලීනාව මතක් වෙන්නේ සිය පංති පදනම සඟවා ඉහල පංතිමය නියෝජනයක් කෙරෙහි සිය ආශාව සගවන්න බැරි නිසා. දුප්පත් මිනිස්සු වෙනුවෙන් බෙලිකඩා ගන්න දැගලුවට සජිත්ලගේ ආශාව තියෙන්නේ වෝඩ් ප්ලේස් එක තුල මිසක් කෙසෙල්වත්තේ නෙමෙයි. මිනිස්සු වෙනුවෙන් දේශපාලනය කරනවනම් තමන්ගේ හිස් කම වහන්න වෝඩ්ප්ලේස් යන්න ඕන නෑ. ඒක පිළි අරගෙන එන්න



දේශපාලනය කියන්නේ පංති සටන් වල ඉතිහාසයක් නම් (මාක්ස්) සජිත් පෙන්වන්නේ පිලිපීනයේ මාකෝස්ගේ ලංකා රූපකය.

 (carbonnews.lk)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සජිත් ප්‍රේමදාසට ; හේමා මගහැරී එලීනා හමුවීම | The Leader