The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ටයිටැනික් සබ්මැරීනය: පොහොසත් වීමේ දෛවෝපගත බව - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

June 23, 2023 • 4:51 AM

ටයිටැනික් සබ්මැරීනය: පොහොසත් වීමේ දෛවෝපගත බව - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ප්‍රංශ නාවික කිමිදුම් විශේෂඥයෙක් වන පෝල් හෙන්රි නාජියොලේ, බ්‍රිතාන්‍ය බිලියනපතියෙක් වන හාමිෂ් හාඩින් සහ බ්‍රිතාන්‍ය - පකිස්තාන බිලියනපතියෙක් වන ශාෂාඩා දාවුඩ් සහ ඔහුගේ පුතු සුලේමන් මේ දෛවෝපගත යාත්‍රාවේ සිට තිබෙනවා.
  • ටයිටැනික් ආසන්නයටම ගොස් ඇති ඔවුන්ගේ සබ්මර්සිබලය අධික පීඩනය නිසා ඇතුළට පුපුරා යන්න ඇතැයි සැක කරන ඇමෙරිකන් සමුද්‍ර ආරක්ෂක බලකාය තත්පරයකින් මිලි දශමයකටත් වඩා අඩු කාලයකින් ඔවුන් මිය යන්නට ඇතැයි සැක කරනවා.
  • ඒ නිසා ඔවුන් මියයනවා යන අත්දැකීමවත් ඔවුන්ට දැනෙන්නට නැතුව ඇති.
  • ටයිටැනික් යාත්‍රාවේ කපිතාන් විසින් පෙන්නුම් කළ හිතුවක්කාරී බව ම මේ කුඩා ටයිටන් යාත්‍රාව ද පෙන්නුම් කර ඇති බව ජේමිස් කැමරන් පවසනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

හිටපු ප්‍රංශ නාවික කිමිදුම් විශේෂඥයෙක් වන පෝල් හෙන්රි නාජියොලේ, බ්‍රිතාන්‍ය බිලියනපතියෙක් වන හාමිෂ් හාඩින් සහ බ්‍රිතාන්‍ය - පකිස්තාන බිලියනපතියෙක් වන ශාෂාඩා දාවුඩ් සහ ඔහුගේ පුතු සුලේමන් මේ දෛවෝපගත යාත්‍රාවේ සිට තිබෙනවා.

MissingSubmersible v02 DG 1687301254715 hpEmbed 4x5 992

ටයිටැනික් ආසන්නයටම ගොස් ඇති ඔවුන්ගේ සබ්මර්සිබලය අධික පීඩනය නිසා ඇතුළට පුපුරා යන්න ඇතැයි සැක කරන ඇමෙරිකන් සමුද්‍ර ආරක්ෂක බලකාය තත්පරයකින් මිලි දශමයකටත් වඩා අඩු කාලයකින් ඔවුන් මිය යන්නට ඇතැයි සැක කරනවා. ඒ නිසා ඔවුන් මියයනවා යන අත්දැකීමවත් ඔවුන්ට දැනෙන්නට නැතුව ඇති.

ලෝකය පුරා රූපවාහිනී නාලිකා, වෙබ් අඩවි සහ සාමාන්‍ය මිනිසුන් මේ පස් දෙනාගේ මරණය පිළිබදව ශෝක වෙනවා. ඒ ශෝක වන්නන් අතර අතිශයින් ජනප්‍රිය පසුගිය සියවසේ චිත්‍රපටයක් වන ටයිටැනික් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් ද වනවා.

ටයිටැනික් යාත්‍රාවේ කපිතාන් විසින් පෙන්නුම් කළ හිතුවක්කාරී බව ම මේ කුඩා ටයිටන් යාත්‍රාව ද පෙන්නුම් කර ඇති බව ජේමිස් කැමරන් පවසනවා. එනම් අනතුරු ඇඟවීම් බොහොමයක් තිබියදීත් ඒ ගැන සැළකිලිමත් නොවී තමන්ගේ හිතුමතයට ගමන් කිරීම මේ විනාශයන්ට මුල ලෙස ඔහු පෙන්වා දෙනවා.

මේ නිසා සෙල්ලක්කාර සල්ලිකාරයින්ගේ නාන්න තිබෙන සල්ලි විසිකර ආතල් ගැනීම වෙනුවෙන් ශෝක නොවීමට ගෝලීය වාමාංශිකයින් එක්සත්ව තීරණයක් ගෙන තිබෙනවා.

ඒ වෙනුවට ඔවුන් අසන්නේ අර යාත්‍රාවක් පෙරලී අතුරුදහන් වූ සිය ගණනක් මිනිස්සු ගැන කිසිදු දෙයක් ගෝලීය ජනමාධ්‍ය කතා නොකරන්නේ ඇයි යන්නයි.

ලංකාවේ නම් පර්ල් නැවේ වන්දිය නොගත්තේ ඇයි ද කතා නොකර මේ කොහේද යන සබ්මර්සිබලයක් ගැන කතා කරන්නේ ඇයිද යන්න ඉස්මතු කෙරෙනවා.  

ටයිටැනික් සබ්මැරීනය: ඔක්සිජන් ඉතිරිව ඇත්තේ පැය කීපයකට පමණයි

එක් අතකට මේ මියයන්නේ OceanGate සමාගමේ හිමිකරු. අනික් අය වගේම මේ අනතුරුදායක යාත්‍රාවේ ඔහු ද ගමන්කර තිබෙනවා. අන් අය වගේම ඔහු විසින්ද ජීවිත අවදානම අරන් තිබෙනවා.

අනික් හැමෝම රටේ ලෝකයේ නමක් දිනාගත්ත මිනිස්සු. දක්ෂ මිනිස්සු. මීට කලින් පවා ජීවිත අවදානමක් ගත්ත මිනිස්සු. උදාහරණයක් හැටියට ප්‍රංශ ජාතික පෝල් හෙන්රි නාජියොලේ කියන්නේ මීට කලින් 1987 සිදුවෙච්ච ටයිටැනික් ගවේෂණ සංචාරයට එකතු වෙච්ච කෙනෙක්.

ඔවුන් විසින් කරපු ගවේෂණය එක්ක අපි ටයිටැනික් චිත්‍රපටය රසවින්දා. ඒ ගැන කතාකළා. ආදරය ගැන අලුත් අර්ථකතන කියෙව්වා. පංති භේදය ගැන වෙනස් විදියක දේවල් දැනගත්ත. සෙලීන් ඩියෝන් ගේ සිංදු ඇහුවා. ඒවා බිහිවුණේ ප්‍රාග්ධනයක් එක්ක.

බුකිය

මේ අළුත් සිදුවීම ගැනත් චිත්‍රපටි හැදෙයි. සිංදු ලියවෙයි. අපේ මතකය අලුත් වෙයි. ලෝකය ගැන මිනිස් පැවැත්ම ගැන අලුත් අර්ථකතන එයි. ලෝකය වෙනස් වෙයි.

ලෝකය වෙනස් උනේ අලුත් ෆැන්ටසි එක්ක අලුත් ගමනක් ගිය මිනිස්සු එක්ක. පොහොසත්වීම කියන්නේ එක්තරා මරණීය බවක් ගැබ්වෙච්ච දෙයක්. ඒ පොහොසත් බව විසින් මිනිස්සු වෙනස් ෆැන්ටසි වෙත යොමු කරනවා. සමහර ෆැන්ටසි විපරීතයි. පොහොසත් කෙනෙකුට විතරයි ඒ සමහර විපරීත ෆැන්ටසි අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසයි ඒ අත්පත්කර ගැනීම් වලට පියාපත් ලැබෙන්නේ.

මේ ටයිටැනික් සංචාරය එක්තරා පුද්ගල උමතු ක්‍රියාවක්. පරාජයක්. හැබැයි වික්‍රමාන්විත පරාජයක්. ගවේෂනාත්මක පරාජයක්. පර්යේෂණාත්මක පරාජයක්. ඒ නිසාම තමයි ඒකට අත්තටු ලැබුණේ. ඒ නිසාම තමයි ඒක අමතක නොවන දෙයක් වෙන්නෙත්.

පිස්සන්ට විතරයි පුළුවන් මේ යුගයේ පවත්නා සීමාවන් අභියෝගයට ලක්කරන්න.

OceanGate දෛවෝපගත යාත්‍රාවේ සිටි හැමෝම සමාදානයේ සැතපෙන්න!


හදවත ලොකුනම් ඉන්න නිමේෂයත් ඇති...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


සබැඳි ලිපි :

හිතුවක්කාරයින්ගේ ටයිටැනික් සිහිනය....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ආදරය ජයගනු ඇත... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)




JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...