The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විසි එක් වන සියවසේ යාත්‍රාව

T

The Leader Desk

June 23, 2023 • 5:12 AM

විසි එක් වන සියවසේ යාත්‍රාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (submersible) එක්තරා ආකාරයකින් 'විසිඑක් වන සියවසේ යාත්‍රාව' විය හැකිය.
  • ටයිටැනික් වෙත ලෝක අවධානය යොමුවූවේ යම් ආකාරයකට ද ඒ ආකාරයටම මේ කුඩා යාත්‍රාව වෙතද ගෝලීය මිනිස් අවධානය යොමුවෙමින් ඇත.
  • ටයිටැනික් යාත්‍රාව දෛවෝපගත වූවේ යම්සේද එසේම මේ යාත්‍රාවද මිනිස් මතකය තුළ තවත් එක් ක්ෂිතියක් වනු ඇත.
  • මහා ටයිටැනික් නැව අමරණීය වූවේ යම්සේද මේ කුඩා සුකුරුත්තමද ලෝකයේ අමරණීය වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

(submersible) එක්තරා ආකාරයකින් 'විසිඑක් වන සියවසේ යාත්‍රාව' විය හැකිය.

ටයිටැනික් වෙත ලෝක අවධානය යොමුවූවේ යම් ආකාරයකට ද ඒ ආකාරයටම මේ කුඩා යාත්‍රාව වෙතද ගෝලීය මිනිස් අවධානය යොමුවෙමින් ඇත. ටයිටැනික් යාත්‍රාව දෛවෝපගත වූවේ යම්සේද එසේම මේ යාත්‍රාවද මිනිස් මතකය තුළ තවත් එක් ක්ෂිතියක් වනු ඇත.

මහා ටයිටැනික් නැව අමරණීය වූවේ යම්සේද මේ කුඩා සුකුරුත්තමද ලෝකයේ අමරණීය වනු ඇත. මේ කුඩා සුකුරුත්තමේ සිරවී මුහුදු පතුළට ගිය මිනිසුන් පස්දෙනාද ටයිටැනික් චරිත තරම්ම අමරණීය වනු ඇත.

මෙතැනින් මිනිසුන් නොනවතිනු ඇත. මේ පරාජයෙන් සහ දෛවෝපගත සිදුවීමෙන් පාඩම් ඉගෙනගෙන ඔවුන් මීට වඩා දියුණු සහ සංකීර්ණ යාත්‍රාවක් තනනු ඇත. ඒ යාත්‍රාව විසින් මිනිසා මුහුදු පතුළ වෙත නිරුපද්‍රිතව ගෙනයනු ඇත. අනාගතයේ එක්තරා දිනයක මිනිසුන් සමුද්‍ර පතුලේ සංචාරය කිරීම සාමාන්‍ය දෙයක් වනු ඇත.

බටහිර ජාතීන් හැමදාම කළ පරිද්දෙන්ම ඔවුන්ගේ අතපසුවීම් වලින් ඉගෙනගනු ඇත. ඉගෙනගෙන ලෝකය සහ ස්වභාවධර්මය ජයගැනීමට තවදුරටත් උත්සාහ කරනු ඇත. අඳුර පරදා ආලෝකය වෙත යමින් ඉතිහාසය නිර්මාණය කරනු ඇත.

Hading 2023
ඒ උත්සාහයන් විසින් තවතවත් අර්බුද ජනනය කරනු ඇත. ඒ වෙනුවෙන් පිළිතුරු ද ඔවුන් විසින්ම සොයාගනු ඇත.

මේ හැම තැනකම ජයග්‍රහණයන් සහ පරාජයන් එක ලෙසම පවතිනු ඇත.

ඒ සියල්ල එසේ වෙද්දී අපි හැමදාම බටහිරට බනිමින්, උන්ගේ වැඩවලට දෙස් දෙවොල් තබමින්, උන් දෙන දෙයක් කමින් ජීවත්වනු ඇත.


හදවත ලොකුනම් ඉන්න නිමේෂයත් ඇති...- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


සබැඳි ලිපි :

ටයිටැනික් සබ්මැරීනය: පොහොසත් වීමේ දෛවෝපගත බව - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

හිතුවක්කාරයින්ගේ ටයිටැනික් සිහිනය....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ආදරය ජයගනු ඇත... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)




JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...