The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බල්සාක් කැෆේ : අරූරන්ගෙන් කොල්ලකෑ දහ හතර වසර - (මංජුල වෙඩිවර්ධන)

T

The Leader Desk

June 23, 2023 • 9:55 AM

බල්සාක් කැෆේ : අරූරන්ගෙන් කොල්ලකෑ දහ හතර වසර - (මංජුල වෙඩිවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වපුරමින් තැන තැන ගිය සුදුවෑන් රථයකින් පැහැර ගත්තේ ය.
  • සිවලිංගම් අරූරන් නිදහස ලබා එදින, කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි.
  • තීන්දු ප්‍රකාරව, විත්තිකරුට එරෙහිව ගොනු කර තිබූ පංච මහා චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් ඔහු නිදොස් කොට නිදහස් කරන බව මහාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රකාශ කෙරුණි.
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි සිවලිංගිම් අරූරන්, සහකාර පොලිස් අධිකාරී සිසිල් ද සිල්වාට ලබා දී ඇතැයි කියන ‘පාපොච්චාරණය’ ස්වෙච්ඡාවෙන් කරන ලද්දක් නොවන බව අධිකරණය තීන්දු කළ බව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

වපුරමින් තැන තැන ගිය සුදුවෑන් රථයකින් පැහැර ගත්තේ ය. ඔහුගේ ජීවිතයේ සිව්වැනි දශකය මුළුමනින්ම ඔහුට අහිමි කරන ලදි. විද්වත් අධිකරණය විසින් ඔහු ‘නිර්දෝශී කොට නිදහස්’ කරනු ලබන්නේ ජීවිතයේ පස්වැනි දශකයේ මුල්භාගයේදී ය. ඒ ඉකුත් මැයි 16වැනි දා ය.

 

IMG 9389

සිවලිංගම් අරූරන් නිදහස ලබා

එදින, කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි. තීන්දු ප්‍රකාරව, විත්තිකරුට එරෙහිව ගොනු කර තිබූ පංච මහා චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් ඔහු නිදොස් කොට නිදහස් කරන බව මහාධිකරණ විනිසුරුවරයා විසින්  ප්‍රකාශ කෙරුණි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි සිවලිංගිම් අරූරන්, සහකාර පොලිස් අධිකාරී සිසිල් ද සිල්වාට ලබා දී ඇතැයි කියන ‘පාපොච්චාරණය’ ස්වෙච්ඡාවෙන් කරන ලද්දක් නොවන බව අධිකරණය තීන්දු කළ බව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ ය. ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ එම පාපොච්චාරණය සිය අධිකරණය ප්‍රතික්ෂේප කරන බවයි.

ඒ අනුව එකී පාපොච්චාරණය, එක් අතකින් අධිකරණය විසින් ප්‍රතික්ෂේපිත ව්‍යාජ පොලිස් ලියවිල්ලකි. තවත් අතකින් හිතාමතාම අධිකරණය නොමඟ යැවූ පොලිස් ලියවිල්ලකි. පොලීසිය විසින් චේතාන්විතව ම, අධිකරණය නොමඟ යවා ඇතැයි විග්‍රහ කර ගත හැකිවන තීන්දුවක් ප්‍රකාශයට පත්ව තිබියදී, එකී පොලිසියට එරෙහිව ගත හැකි අධිකරණ ක්‍රියාමර්ග කවරේදැයි විෂයෙහි ප්‍රාමාණිකයන් සමාජය ආමන්ත්‍රණය කර පැහැදිලි කළ යුතු ය. එය සිද්ධ වන බවක් නොපෙනේ. මේ මංකොල්ල කා ඇත්තේ නිර්දෝෂී මිනිසකුගේ සමස්ථ තාරුණ්‍යයි.

ගෝඨා ඝාතන තැත නම් ප්‍රබන්දයේ හෝ වෙනත් ‘ත්‍රස්ත’ ප්‍රබන්දයක සැකකරුවකු කිරීම සඳහාම මිස, කිසියම් සංසිද්ධියකට අදාලව කාලාන්තරයක් ලුහුබැඳ, ජංගම දුරකථන ඈ වූ සන්නිවේදන මෙවලම් ඔස්සේ කරුණු රැස්කර අදාල සංසිද්ධියට ඔහුගේ ඇති සම්බන්දය යම්තාක් දුරකට හෝ තහවුරු කරගෙන ඇත්නම්, ඔහු නිල වශයෙන් අත්අඩංගුවට ගන්නවා මිස, සුදු වෑන් රථයකින් පැහැර ගන්නට උවමනාවක් නැත. නමුත් මෙකී අපරාධ රාජ්‍ය තුළ ‘ත්‍රස්තවාදය’ ලෙස නම් කළ විෂයේදී ‘රාජ්‍ය ත්‍රස්තවාදය’ විසින් සිදු කෙරෙන්නේ කිසිවකු පැහැරගෙන රඳවාගෙන ඔහු කිසියම් ප්‍රබන්දයක වින්දිතයකු බවට පත් කිරීම ය.

1684235264 Sivalingam Aruran 6
මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණය අසලදී සුදු වෑන් රියකින් සිවලිංගම් අරූරන් පැහැර ගැනෙද්දී ඔහු ඉන්ජිනේරු උපධිධාරියෙකි. පශ්චාත් උපාධිය පිණිස පේරාදෙණිය සරසවියේ ලියාපදිංචිව සිය අධ්‍යන කටයුතු අරඹා තිබිණ. පිත්තල හන්දියේ ප්‍රබන්දයට ඔහුගේ කිසිඳු මළ ඉළව් සම්බන්දයක් නැති වුව ඔහුගේ අධ්‍යාපන පදනම එවන් ප්‍රබන්දයක විශ්වාසය ගොඩනංවා ගැනීමට සාධනීය බලපෑමක් ඇති කරයි.

බෝම්බ සංසිද්ධියක පසුබිමේ සිටි ‘උගත් දෙමළා’ ගණකාධීකාරීවරයකු හෝ නීතිඥවරයාකු හෝ උපරිම ලෙස ගත් කල වෛද්‍යවරයකු හෝ වනවාට වඩා ඉංජිනේරුවරයකු වීම ප්‍රබන්දය විශ්වාසනීයත්වට ළං කිරීමට විශාල පදනමක් හදයි. මන්දයත් ඔහුගේ ඥාන තාක්ෂණය පිපිරුම් විෂය හා සම්බන්ද කිරීමට පහසු බැවිනි. යුද ප්‍රමෝධිත සිංහල සමාජයට තලු මරන්නට හැකි රසයක් ඉන් ජනිත කළ හැකි ය. ‘’අර පිත්තල හන්දියේ අපෙ ගෝඨා සර්ට බෝම්බෙ සෙට් කරපු පර දෙමළා මොරටුවෙ ඉගෙන ගත්තු ඉංජිනේරුවෙක්’’. ආයෙ සමාජයෙන් නම් කිසිදු සැක සංඛාවක් මතු නොවේ. වසර 14ක් නොව, මුළු මහත් සංසාරය පුරාවම ඔහු සිරගත කර තිබුණ ද, ඔහුගේ ජීවිතය නීච නින්දිත ලෙස මංකොල්ල කෑව ද බුදු පහන තියා දවස අරඹන, යුද ප්‍රමෝදිත ‘කිරිබත් සිංහල සිත්’ සසල වන්නේ නැත.

image cb0038f7dc

පිත්තල හන්දියේ බෝම්බය

2006 දෙසැම්බර් 1දා පුපුරා ගිය පිත්තල හන්දියේ බෝම්බයට කිසිඳු සම්බන්දයක් පෙන්විය නොහැකි අරූරන් පැහැර ගැනෙන්නේ, ජනසංහාරක යුද්ධය , ‘යුද උන්මාදයක්’ බවට පත් වෙමින් තිබෙන අවදියක ය. සැබැවින් ම ඒ, මනුෂ්‍ය ඝාතනයන්ගේ අංක ක්‍රිකට් තරගයක ලකුණු ගණින්නා සේ ගණින්නට පාදඩ ජනමාධ්‍ය ජනතාවට පෙර පුහුණුවීම් කරමින් සිටි අවදියකි, අවසාන දෙමළ සංහාරයේ, යුදකාමී දවස් කෙමෙන් උදාවෙමින් තිබෙන අවදියකි; ගෝඨාවන්ගේ ප්‍රතිරූපය යළි සංවාදයට ගෙන ඔහු කෙරෙහි වන සිම්පතිය රඳවා ගත යුතු අවදියකි; ආරක්ෂක ලේකම් ලෙස සිටි ගෝඨා අති නීච ලෙස වියරු ලෙස හැසිරෙමින් සිටි අවදියකි; ජනමාධ්‍යවේදීන් මරා දමමින්, පැහැර ගනිමින්, ඔවුන්ට ප්‍රසිද්ධියේ තර්ජනය කරමින් සිටි අවදියකි; දැන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගමක් නගරයක් ගාණෙ කැට තියන මහා දේශපාලන වීරයන් රාජපක්ෂ සාටකය අස්සේ රිංගා රෙද්දේ රී ගත් අවදියකි.

black January Free Media Movement 2

එම භීම සමයේ, ගෝඨාට එරෙහිව විවෘතව සටන් පාඨ කියමින්, පාරේ සටන් සිදුකළේ ජනමාධ්‍ය සංවිධාන පමණකි. මන්දයත් එය, පෙර කීවා සේ ම, මහා ලොකු නම්-ගම් ඇති දේශපාලන පක්ෂ සහ චරිත මංකොල්ලකාරී ද අපරාධකාරී ද මිනීමරුවන්ගේ දෑත් ශක්තිමත් කරමින් සිටි අවදියකි.  

මෙකී භීම සමයේ පැහැර ගත් අරූරන් කොටහේන පොලීසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ 2009 ජූනි 25වැනිදා ය. ඒ ඔහු විසින් කෙරුණා යැයි කියවුණු පාපොච්චාරණයක් ද සමඟිනි. ඔහු නිදොස් කොට නිදහස් කෙරුණේ එකී පාපොච්චාරණය සාවද්‍යය වූත් බලහත්කාරීවූත් එකක් යැයි අධිකරණයේ ගැඹුරු අධ්‍යනයකින් පසු නිවේදනය කරමිනි. සිවලිංගම් අරූරන්ගේ බලහත්කාරී පාපොච්චාරණය ගෙන ඇත්තේ උප පොලිස් පරීක්ෂක අතුල ය. 
 
නමුත් පාපොච්චාරණයක් අධිකරණය හමුවේ වලංගුව වන්නේ සැකකරුවකුගේ පාපොච්චාරණයක්, ඉහළ පොලිස් නිලයක් යටතේ ලැබුණහොත් පමණකි. අනාගතයේ කිසියම් ම හෝ දිනෙක, ඉහළ අධිකරණය මඟින් එය ප්‍රතික්ෂේප වනු ඇති හීනෙකින් වතු නොසිතූ නියෝජ්‍ය පොලිස් අධිකාරී සිසිල් ද සිල්වා පපොච්චාරණය තමන් සිදුකළ බව කියමින් එහි වගකීම බාරගත්තේ ය.
 
නිදහස්ව ආ අරූරන් ‘ලංකා ෆයිල්ස්’ යූ ට්‍යුබ් නාලිකාව සමඟ ‘තේරෙන සිංහලෙන්’ ඔහුට සිදු කළ දේ පවසයි. ඔහුට අනුව පැහැරගැනීමෙන් පසු සංසිද්ධියේ ආරම්භය මෙසේ ය. රාජ්‍ය අපරාධකාරීත්වයේ ඍජු හවුල්කාර නින්දිත පොලීසිය, පාපොච්චාරණය නිර්මාණය කර ගනු පිණිස ඔහුට නොනවතින් ප්‍රහාරයක් එල්ල කරයි. පොලු වලින් පහර දෙයි. අතපයට ය. ඇඟ පතට ය. ඉක්බිති එල්ලා පහර දෙයි. පසුකරමින් තිබුණේ ජේ.එම්.ඉඕ.ට හෝ අධිකරණයට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය නොවූ අවදියකි. අයිතීන් මුක්ත ජීවන අවදියකි. ඔහු බලන්නට අවසර තිබුණේ අයි.සී. ආර්. සී.යේ ඩන්කන් ෆෝඩ්ට පමණි. කෙළක් සිද්ධි අතරේ එකක් වන මෙය ඩන්කනුවන්ට විශේෂයක් නොවන්නට ඉඩ ඇත.
 
 
දස වධ දීමෙන් ඉතිබිති, දස බලධාරි පොලීසිය විසින් අරූරන්ගේ පොච්චාරණය තමන් කැමති ලෙස ලියැවී, 2009 ජුනි මාසයේ කොටහේන පොලීසිය මඟින් එය අධිකරණයට ඉදිරිපත් කරන ලදි. පාරක් පාරක් ගාණේ ‘දෙමළ ලේ සුවඳැති’ කිරිබත් පිසුණු මොහොතක සිවලිංගම් අරූරන්ගේ සිද්ධිය ජනමාධ්‍යය මෝය කටින් පොල් ලෙල්ලක් ගියා වැනි සිද්ධියක් විය. අරූරන් ගැන අවධානය එන්නට පටන් ගත්තේ ඔහු දෙවැනි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි කර ගැනීමෙන් ඉක්බිතිව ය.
 
i 221030
 
රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ අරූරන්
 
කිරිබත් කෑවුන්ට ඒ බැව් අමතක කර දමා ‘ස්ටේටස්’ දැම්ම හැකි තරම් කාලයක් ගතවි තිබිණ. ‘ප්‍රබන්දක්කාර අරූරන් යනු ප්‍රබන්දයක වින්දිතයකි’ යැයි අප මෙම කොලමේ ලීවෙමු. තාක්ෂණික විෂයම මිස කිසිඳු ප්‍රබන්ද සාහිත්‍ය කෘතියක් කියවන්නට පවා ඇල්මක් නොතිබු දෙමළ තරුණයෙක් මේ වන විට පරිනත ලේඛකයකු බවට පත් ව ඇත. ඒ නොනැසෙන ධෛර්යය, ආත්මශක්තිය උත්පත්තියේ පටන්ම ජීවන පරිසරයෙන්ම උරුම වූ  පීඩිත දෙමළ සමාජය නියෝජනය කළ නිසාවෙන් මිස, වෙනත් සිංහල බිබික්කමක් නිසා නොවේ.
14 වසරක් තිස්සේ ඔහුගෙන් අහිමි කළ ජිවිතයට සිංහල සමාජය ගෙවන වන්දිය කුමක් ද?

එකී වන්දිගෙවීම වනාහී, සිංහලට පරිවර්තනය වන්නට නියමිත අරූරන්ගේ පොත් කියවා ඉන් ‘දුක්බර ලෙස සතුටුවී’ ඒ ගැන ලියන ‘දුක්බර ස්ටේටස්’ මගින් ‘ලයික්ස්’ ‘හාට්ස්’ උත්පාදකරගෙන, ඒ සිම්පතිය පවා තමන් තුළට ඇද ගන්නා කාලකණ්ණි ක්‍රියාවලියක් විතර ද?

 
Manjula wediwardhana(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී

mwediwardena@gmail.com

(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත -  2023 ජූනි 25)


Anida





JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...