The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජනාධිපතිවරණයක් වෙනුවට ජනමත විචාරණයක් එයිද? - (ප්‍රජා)

T

The Leader Desk

June 23, 2023 • 5:56 PM

ජනාධිපතිවරණයක් වෙනුවට ජනමත විචාරණයක් එයිද? - (ප්‍රජා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ බව බොහෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ට තේරෙන්නේ නැත.
  • ඇත්තම කියනවා නම් එක්සත් ජාතික පක්ෂය කියා එකක් ඇත්තේ ද නැත.
  • තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි සිතාගෙන සිරිකොත වටේ කැරකෙමින් අතන මෙතන ඇති තනතුරුවලට තමන් පත් කර ගන්නා ආකාරය ගැන කතා කරමින් කාලය ගෙවන එක්සත් ජාතික පාක්ෂිකයන් ඇත්තෙන්ම කරන්නේ රනිල්ට ද හානියකි.
  • තම මාසික ‘චේතනාව’ (වැටුපට ඔහු පාවිච්චි කරන වචනය) නොගන්නා බව කියන නවීන් දිසානායක වැනි අයට ආණ්ඩුකාරකම් දීම ද හානිකරය.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ බව බොහෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ට තේරෙන්නේ නැත. ඇත්තම කියනවා නම් එක්සත් ජාතික පක්ෂය කියා එකක් ඇත්තේ ද නැත.

තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි සිතාගෙන සිරිකොත වටේ කැරකෙමින් අතන මෙතන ඇති තනතුරුවලට තමන් පත් කර ගන්නා ආකාරය ගැන කතා කරමින් කාලය ගෙවන එක්සත් ජාතික පාක්ෂිකයන් ඇත්තෙන්ම කරන්නේ රනිල්ට ද හානියකි.

මේ වන විට රනිල්ට කළ හැකි ලොකුම හානිය කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී වජිර අබේවර්ධනයි. තම මාසික ‘චේතනාව’ (වැටුපට ඔහු පාවිච්චි කරන වචනය) නොගන්නා බව කියන නවීන් දිසානායක වැනි අයට ආණ්ඩුකාරකම් දීම ද හානිකරය. මේ තනතුරු කාට හෝ දිය යුතු නිසා එක අතකට කමක් නැත.

රනිල් වටා සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් අතරින් දේශපාලනය තේරෙන බවක් පෙනෙන්නේ සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් වැනි අතළොස්සකට පමණි. අනෙක් බොහෝ අය ඇත්තටම පවත්නා තත්වය විග්‍රහ කර නොගැනීම නිසා රනිල්ට වල කපමින් සිටින බව පෙනේ.


ලංකාවේ ධනේශ්වර ක්‍රමය පරිවර්තනය කර රැකගැනීමේ හැකියාව ඇත්තේ රනිල් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැනි තවත් පක්ෂවලින් එක් වන අවබෝධයකින් යුත් සන්ධානයකටය. තනි තනි පක්ෂවලට කළ හැකි කැකිරි ගෙඩියක් නැති අතර එක්සත් ජාතික පක්ෂයට නම් කළ හැකි හොඳම දේ හානියක් නොකර සිටින එකය. එය සමාන කළ හැක්කේ සැරව ගෙඩියක් වැනි දෙයකටය.



ලංකාවේ මේ මොහොත වනාහි ඉතා සීරුවෙන් තරණය කළ යුතු දේශපාලනික අවස්ථාවකි. ධනවාදය පරිවර්තනය වුවහොත් ලංකාවට පැවැත්මක් ඇත. ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදය යනු ජවිපෙත් නොදන්නා දෙයකි. සමගි ජන බලවේගයේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යොමුව ඇත්තේ අරාජිකවාදය දෙසටය.

ජනාධිපති රනිල් ජනාධිපතිවරණය වෙනුවට ජනමත විචාරණයක් පවත්වනු ඇතිය යන ප්‍රබන්ධය නිර්මාණය කිරීමට හේතු වී තිබෙන්නේ වජිර අබේවර්ධනගේ කට කැඩිච්ච මෝඩ කතාවකි. ඔහු ඇත්තෙන්ම එවැන්නක් කියන්නේ නැති වුවත්, කරන්නේ අනවශ්‍ය කතාවකි. ජනරජය කෙරෙහි අවිශ්වාසය ඇති කිරීම සඳහා ඔහුගේ කතාව පාවිච්චි කිරීමට අරාජිකවාදී බලවේගවලට හැකියාව ලැබී තිබේ.



ජනාධිපතිවරණය අභියෝගයක් ලෙස භාරගෙන පුළුල් සන්ධානයක් ඔස්සේ ජවිපෙ මාක්ස්වාදයට හා සජබ/පෙසප අරාජිකවාදයට එරෙහිව පුළුල් පෙරමුණක් නිර්මාණය කරගත යුතුය. එසේ නොකළහොත් ජනරජයේ පැවැත්මම දරුණු අර්බුදයකට ලක්වේ. මැතිවරණ වෙනුවට ජනමත විචාරණ කිසි සේත්ම විකල්පයක් නොවේ. එහෙත්, කොමියුනිස්ට්වාදීන් හා අරාජිකවාදීන් රැවටීමට නම් එවැනි කතා නරකත් නැත. මේ මොහොත වනාහි සම්ප්‍රදායික පක්ෂ දේශපාලන රාමුව තුළ සිට කළමනාකරණය කරගත හැකි අවස්ථාවක් නොවේ.



(praja.lk)

 

 

  




JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...