The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

එදා 'බීන්' මෙදා 'සර්' - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

June 24, 2023 • 3:33 PM

එදා 'බීන්' මෙදා 'සර්' - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය තමන් ගන්නාවු තීරණයේ කාරණාවකි.
  • රංගනයේ ව්‍යාජ බව තීන්දු කරන්නේ කාලය විසිනි.
  • රනිල් වික්‍රමසිංහට එරෙහි කඳවුරේ ඇත්තන් ප්‍රභාකරන් ලවා උතුරේ නැගෙනහිරේ ඡන්ද දැමීම වළක්වාලුයේ මහා දොළ පිදේනියක් දීමෙන් යැයි යන කතාවට එකල අත්තටු ලැබුනේය.
  • රාජපක්ෂ කඳවුරේ පුර්ණ ආශිර්වාදයෙන් ඒ ආකාරයටම රනිල් 'බීන්' බවට පත් කරණු ලැබීය.
අකුරු ප්‍රමාණය (Font Size):

එය තමන් ගන්නාවු තීරණයේ කාරණාවකි. එය අවස්ථාව එනතුරු බලා සිටිනා දෙයක්ද නොවේ. එය මුදුන් පමුණුවාගත යුතු දෙයකි.'' - ඩබ්ලිව්.ජේ. බ්‍රයන්


දෛවය විටෙක සරදම් කරයි. දෛවයේ සරදමට ලක්වන්නේ ප්‍රහසනයක රඟන්නාවු නළුවෝය., නිළියෝය. ප්‍රේක්ෂකයින් ඇන්දවීම සඳහා වේදිකාව මත රඟ දෙන ඔවුහු රඟන්නාවු රංගනය හුදු රංගනයක්ම බැව් ප්‍රේක්ෂකයෝ දන්නේය.

මා හිතන විදියට ජනතාව ගොනාට අන්දවන දේශපාලන කරළියේ රඟදෙන රඟන්නෝ අතරින් මුළු ලෝකයේම අංක එකට ඉන්නේ අපේ රටේ දේශපාලනඥයෝය. රංගනයේ ව්‍යාජ බව තීන්දු කරන්නේ කාලය විසිනි.

2005 ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා මහින්ද රාජපක්ෂය. ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහය. රනිල් වික්‍රමසිංහට එරෙහි කඳවුරේ ඇත්තන් ප්‍රභාකරන් ලවා උතුරේ නැගෙනහිරේ ඡන්ද දැමීම වළක්වාලුයේ මහා දොළ පිදේනියක් දීමෙන් යැයි යන කතාවට එකල අත්තටු ලැබුනේය.

කෙසේ හෝ උතුරේ සහ නැගෙනහිරේ ඡන්ද දැමීම වළක්වාලුයේ ප්‍රභාකරන්ය. ඒ ඡන්ද ගොඩ වැටුනා නම් දිනන්නේ රනිල්ය. රටේ වාසනාවට සහ ප්‍රභාකරන්ගේ අවාසනාවට ඒ ඡන්ද ගොඩ වැටුනේ නැත. වැටුනානම් ප්‍රභා තවමත් ජීවතුන් අතර සිටින්නට බැරි නැත. ඊළාම් කොඩිය උතුරේ ලෙලදෙන්නට ඉඩ තිබුණේය. කෙසේ හෝ මහින්ද දිනුවේය.

මහින්ද දිනවීම සදහා මංගල සමරවීර අමුතු ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියේය. එහිදී රනිල්ගේ මුහුණත් 'මිස්ටර් බීන්ගේ' මුහුණත් එකවිට මුද්‍රණය කරමින් නිර්මාණය කළ පෝස්ටරයකින් රනිල් බීන්ට ඇන්දවීමට මංගල සමත් විය. රාජපක්ෂ කඳවුරේ පුර්ණ ආශිර්වාදයෙන් ඒ ආකාරයටම රනිල් 'බීන්' බවට පත් කරණු ලැබීය.

එකල මුහුණට මුහුණලා සටන් වැදුනේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂයයි. එවකට බලයේ සිටි බුලත් කොරටුවේ ඇත්තන්ගේ ආශිර්වාදයන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සංවිධායකයින්ට අම්බානකට නෙලනු ලැබීය. එහෙම නෙලූවේ බලය චන්ද්‍රිකා අත තිබුණු හින්දාය.

රනිල් ගේ ජයග්‍රහණය වෙනුවෙන් රාජපක්ෂලාගෙන් ගුටි කෑවේ කැපුවත් කොළ යැයි කියා ගන්නා නොම්බර එකේ යූ ඇන් පී කාරයින්ය.

මහජන ඡන්දයන් දිනන්නට රනිල්ට තිබූ ඉඩකඩ මහින්දලාගේ කඳවුර වළක්වාලුයේ ප්‍රභාට අල්ලස් දීමෙන් යැයි කියන කතාව එකල ජනප්‍රිය ආරංචියක් විය.



දැන් එදා රනිල් පරාජය කළ මහින්දලාගේ ආණ්ඩුවේ ජනාපධිතිවරයා රනිල්ය. රනිල් ජනාධිපති ධූරයට පත්කළේ මහින්දලාය. මොන අපබ්‍රංසයක් ද ? මේ එදා රට පාවා දෙන ද්‍රෝහියා ලෙස මහින්දලාව හංවඩු ගැසූ රනිල් වර්තමානයේ මහින්දලාගේ ගැලවුම්කාරයා වේ යැයි මහින්දලාට එදා හිතුනේ නැත. එදා මහින්දගේ දේශපාලන සතුරා රනිල්ය. අද මහින්දගේ දේශපාලන මිතුරා රනිල්ය.



ඊළගට 2015 යහපාලනයේ දී රාජපක්ෂ කඳවුර පරාජය කළ මෛත්‍රී - රනිල් කඳවුර රාජපක්ෂලාගේ කඳවුරේ පැටිකිරිය හෙලිකරමින් පට්ට ගැසූ අයුරු කාටත් අමතක නැත.

එදා අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුව අමු අමුවේ කොල්ලකා සිංගප්පූරුවට පළා ගිය අතර අර්ජුන් මෙහාට ගෙනාවේද රනිල්ය. ඒ නිසාම රාජපක්ෂ කඳවුරේ ඇත්තේ නිර්දය ලෙස පාර්ලිමේන්තුව තුලදී රනිල්ට ''බැංකුහොරා'' ,   ''බැංකු හොරා'' කියමින් කෑගැසූ අතර එසේ කෑගැසු දිනේෂ් ගුණවර්ධන අද රනිල්ගේ ආණ්ඩුවේ අගමැතිය.

දෛවය මොනතරම් නිර්දය ලෙස මොවුන්ට සරදම්කරනවාද? එදා අම්බානකට රනිල්ට බැටදුන් මහින්දානන්දලා ජොන්ස්ටන්ලා රාජපක්ෂලා අද ඒ බැට ගිලිමින් ප්‍රශංසා වමාර එදා බීන් අද සර් වෙලාය.

'කොරෝනා' වසංගතය සහ ආර්ථීක අර්බුදය එක්ක මතුවූ අරගලයත් එක්ක ගෝඨා ජනපතිට ජනපති ධූරය දමා යන්නට සිද්ධ වූ අතර අගමැති මහින්දට අගමැතිකම දමා යන්නට සිද්ධ වුනේය. හිස්වූ ජනාධිපතිධූරයට වරෙක මිස්ටර් බින් යැයි බැංකු හොරායැයි කියමින් රනිල්ට පරිභව කළ ඇත්තන්ම ඔහුව පත්කරගෙන ඇත.

ජනතා අරගලයෙන් මතුවූ ජනතා වෛරයන් යාන්තම් ගලවා ගත් රාජපක්ෂලාගේම ආශිර්වාදයෙන් රනිල් රනපති වී රට පාලනය කරන්නේය.

රාජපක්ෂලාගේ ගැලවුකම්රුවානෝ රනිල්යන් එම තුද නොව ඉදිරි මැතිවරණ වලදී රාජපක්ෂලාගේ පොහොට්ටු කඳවුරත් එක්සත් ජාතික පක්ෂයත් සන්ධානගත වී ජනතාවට කොකා පෙන්නන්නට යන්නේලු.

මේ දෙගොල්ලන්ම එදා ඛෙදී ගහමරා ගත්තම ඒ අනුව ගමේ  පොහොට්ටු - අලිකාරයෝද ඛෙදී මරා ගත්තෝය. දැන් මේ දෙගොල්ලම මෙදා එකට එකතුවී කරට අත දමාගෙන හවුලේ එකගෙයි කන්නට හදනවිට අර එදා ඛෙදී ගහ මරාගත්ත අලි- පොහොට්ටු කාර ගමේ ඇත්තන්ද ඔවුන්ගේ මහ එවුන් අනුව යන්නේ යැයි සිතීම නම් මුළාවකි.

අද පොහොට්ටුවට හෝ අලියාට ගමේ තැනක් නැත. හැමදාම ජනතාව ගොනාට අන්දවන්න බැරි බව මේ දෙගොල්ලෝම දැන දැනත් කරන්නට හදන්නේ ආයිත් සැරයක් ජනතාවගේ නහයට නාස් ලනුව දමන්නටය.

දැන් මේ දෙගොල්ලෝම එක වල්ලේ බව ජනතාව දනිති.


mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

එදා 'බීන්' මෙදා 'සර්' - (මහිම සුජීව ගමගේ) | The Leader