The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඩැනියල් එල්ස්බ්ර්ග් රහස් එළිකර්න්නන්ගේ සාන්තුවරයා සමුගනී

T

The Leader Desk

June 25, 2023 • 5:25 AM

ඩැනියල් එල්ස්බ්ර්ග් රහස් එළිකර්න්නන්ගේ සාන්තුවරයා සමුගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තොරතුරු හෙළදරව් කරන්නන් ගේ සාන්තුවරයා ලෙස හැඳින්වූ ( the patron saint of whistleblowers) ඩැනියෙල් එල්ස්බර්ග් පසුගිය ජුනි 16 වනදා 92 හැවිරිදි වියේදී ජීවිතයෙන් සමු ගත්තේය.
  • දී හාවඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන ඔහු ඉන් මූලික උපාධිය හදාරා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ද අධ්‍යාපනය ලැබීය.
  • සිට 1957දක්වා ඇමරිකානු මැරීන් හමුදාවේ ලුතිනන්වරයකු ලෙස සේවය කරන ඔහු රාන්ඩ් කෝපරේෂන්හි න්‍යෂ්ටික දත්ත විශ්ලේෂකයෙකු ලෙස ද සේවය කලේය .
  • වසරේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගන්නා ඔහු ඇමෙරිකානු ආරක්ෂක ලේකම් රොබර්ට් මැක්නමරා (Robert mcnamara) යටතේ ජාත්‍යන්තර ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක වරයෙකු ලෙස පෙන්ටගන්යෙත්, දකුණු වියට්නාමයෙත් සේවය කරනු ලැබිය.
අකුරු ප්‍රමාණය (Font Size):

තොරතුරු හෙළදරව් කරන්නන් ගේ  සාන්තුවරයා ලෙස හැඳින්වූ ( the patron saint of whistleblowers) ඩැනියෙල් එල්ස්බර්ග් පසුගිය ජුනි 16 වනදා 92 හැවිරිදි වියේදී ජීවිතයෙන් සමු ගත්තේය.

1952 දී හාවඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන ඔහු ඉන් මූලික උපාධිය හදාරා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ද අධ්‍යාපනය ලැබීය. 1954 සිට 1957දක්වා ඇමරිකානු මැරීන් හමුදාවේ ලුතිනන්වරයකු  ලෙස සේවය කරන ඔහු රාන්ඩ් කෝපරේෂන්හි න්‍යෂ්ටික දත්ත විශ්ලේෂකයෙකු ලෙස ද සේවය කලේය .  

1962 වසරේ  හාවර්ඩ් විශ්ව විද්‍යාලයේන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගන්නා ඔහු ඇමෙරිකානු ආරක්ෂක ලේකම් රොබර්ට් මැක්නමරා   (Robert mcnamara) යටතේ ජාත්‍යන්තර ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක වරයෙකු ලෙස පෙන්ටගන්යෙත්, දකුණු වියට්නාමයෙත් සේවය කරනු ලැබිය.

මෙහිදී ඔහු ඉතා සූක්ෂමව රැස්කරගන්නා සංවේදී තොරතුරු පිටු හත් දහසක් පමණ වන ලේඛන වලින් කොටසක් 1971 ජුනි 13 සිට දින පහළොවක් මුළුල්ලේ නිවුයෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ කරන ලදී. රජය මගින් නිව්යෝක් ටයිම්ස් පුවත්පතට එරෙහිව වාරණ නියෝගයක් ඉල්ලා සිටි අතර ඉන්පසුව මෙම තොරතුරු  දැඩි අවදානමක් රැගෙන වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ පළ කරන ලදී. මෙම සිදුවීම සම්බන්ධයෙන් විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙකු වන ස්ටීවන් ස්පිල්බර්ග් ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශිත වූ ද පෝස්ට් ( the post) සිනමා පටය 2017 දී අධ්‍යක්ෂණය කළේය.

daniel ellsberg pentagon papers


අනවශ්‍ය ලෙස ප්‍රංශය වියට්නාමයෙන් ඉවත් වූ පසු ඇමරිකා එක්සත් ජනපදය යුද්ධයකට පිවිසෙන ආකාරය මෙම තොරතුරු මගින් හෙළිදරවු වූ ජනාධිපතිවරු හතර දෙනෙකුගේ ක්‍රියා හෙළිදරව් විය. ඒ අතුරු දකුණු වියට්නාම් අගමැතිවරයෙක් වූ ඩීන් ඩියම් ඝාතනය කිරීම, උතුරු  වියට්නාමයේ සාමාන්‍ය ජනයාට  හා පරිමාණ බෝම්බ ප්‍රහාරයෙන් එල්ල කිරීම් පිලිබඳ තොරතුරු ද විය.

මේ තත්ත්වය විශාල වශයෙන් යුධ විරෝධී මතවාදයක් ඇති වීමටත් හේතුවිය. එමෙන්ම 1958දී තායිවාන චීන යුද ගැටුම් තත්වය හමුවේ ඇමරිකා එක්සත් ජනපදය ශැන්හයි ඇතුළු මහජන චීන සමූහාණ්ඩුවේ ‍ප්‍රදේශ වලට ‍න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වී සිටි අයුරුද ඉන්පසුව සෝවියට් සමූහාණ්ඩුව  විසින් ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් එයට මුහුණ දෙන ආකාරය පිළිබඳ තොරතුරු ද හෙළිදරව් වූ කරුණු අතර විය.

ඔහුව සිරගත කිරීම සඳහා ඇමරිකානු මධ්‍යම පොලිසිය ඔත්තු බැලීමේ පනත ( Espionage Act of 1917) යටතේ  වසර 115 ක පමණ දීර්ඝ සිර දඬුවම් ලබා දීමට හැකි ආකාරයේ චෝදනා ගොනු කරමින් නඩු පැවරුවත් ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය 1973 දී ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුව  මගින් පුරවැසි අයිතියත් මාධ්‍ය නිදහසත් තහවුරු විය.

1975දී ඇමරිකානුවන් සමාජවාදයට එරෙහි ව සිදු කළ වියට්නාම් යුද්ධය පරාජයට පත් වන විට වියට්නාම ජාතිකයන් මිලියන තුනකට අධික ප්‍රමාණයක් සහ ඇමෙරිකානු සෙබලුන් 58000 ක් ද මියගොස් සිටියහ.



විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජේ, එඩ්වර්ඩ් ස්නෝර්ඩන් වැන්නන් ඩැනියෙල් එල්ස්බර්ග් ගේ ආදර්ශය අනුව ඔහුටත් වඩා වැඩි දුෂ්කරතාවලට මුහුණ දෙමින් තොරතුරු හෙළිදරව් කිරීමේ කාර්යභාරය ( whistleblower ) සිදු කරමින් සිටිම අපගේ මාධ්‍යවේදීන්ටත් වොෂින්ටන් පෝස්ට් වැනි මාධ්‍ය හිමිකරුවන්ගේ ක්‍රියාකාරීත්වය අපගේ මාධ්‍ය හිමිකරුවන්ට  අනුගමනය කළ හැකි වේ නම් මෙයට වඩා යහපත් සමාජයක්  මෙරට තුළ බිහිවනු ඇත.



සටහන :
නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර
නිදහස් ලේඛක
prasadrharischandra@gmail.com

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඩැනියල් එල්ස්බ්ර්ග් රහස් එළිකර්න්නන්ගේ සාන්තුවරයා සමුගනී | The Leader