The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පරණ මැදවච්චිය ඉස්කෝලේ ඔබ එනතුරු බලා සිටී!

T

The Leader Desk

June 25, 2023 • 1:48 PM

පරණ මැදවච්චිය ඉස්කෝලේ ඔබ එනතුරු බලා සිටී! 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අති දුෂ්කර කලාපයක් වන ත්‍රිකුණාමලය උතුර කලාපයේ මහසෙන්පුර පිහිටි පරණමැදවච්චිය විද්‍යාලය පවත්වාගෙනයාමට බරපතල දුෂ්කරතා රැසක් මතුව ඇතැයි වාර්තාවේ.
  • උන්වහන්සේ තවදුරටත් මෙසේ ද සඳහන් කළහ.
  • නමුත් ලංකාවේ මෙවනි පාසලුත් තියෙන කියල හුඟදෙනෙක් දන්නේ නැතුව ඇති.
  • '' '' ළමයින් 200ක් පමණ ඉගෙන ගන්න කැමත්තෙන් සිටියත් පවතින දුෂ්කරතා නිසා මේවනවිට පාසලේ සිටින්නේ ළමයින් 80 කට ආසන්න පිරිසක්.
අකුරු ප්‍රමාණය (Font Size):



ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අති දුෂ්කර කලාපයක් වන ත්‍රිකුණාමලය උතුර කලාපයේ මහසෙන්පුර පිහිටි පරණමැදවච්චිය විද්‍යාලය පවත්වාගෙනයාමට බරපතල දුෂ්කරතා රැසක් මතුව ඇතැයි වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ පුජ්‍ය බලපිටියේ රතනානන්ද හිමියන්, එම විදුහලේ ඉගෙනුම ලබන සිදු දරුවන්ට සහනයක් වන්නයි ඉල්ලා සිටියහ.

උන්වහන්සේ තවදුරටත් මෙසේ ද සඳහන් කළහ.

'' අධ්‍යාපන ඇමතිතුමා කියන්නේ සියල්ල සම්පුර්ණයි කියලා. නමුත් ලංකාවේ මෙවනි පාසලුත් තියෙන කියල හුඟදෙනෙක් දන්නේ නැතුව ඇති. නැගෙනහිර පළාතට අයත් මේ පාසල නැගෙනහිර පලාත් සභාව යටතේ තිබෙන පාසලක්.. උතුරු නැගෙනහිර පලාත් වල තියෙන සිංහල පාසල් වලට පලාත් සභාවෙන් ආධාරත් නැ. මධ්‍යම රජයේ ආධාරත් නැ. මම මේ ගැන අධ්‍යාපන ඇමතිතුමාට ජනාධිපති තුමාට දැන්වූවත් ප්‍රතිපල නැ.''



'' පුරා තිස් වසරක් යුද්ධය නිසා බැට කැ ගම්වාසින් පවුල් පිටින් ගම අතහැර ගිය නිසා තමයි පාසල මේ තත්ත්වයට පත්ව තියන්නේ. හේන් ගොවි තැන ජීවීකාව කරගත් මේ ගම්වාසීන්ගේ දරුවන් ගේ සිහින සෑබැ කරන්නට අපිට පුලුවන් සහයෝගය ලබා දෙමු. ''



'' ළමයින් 200ක් පමණ ඉගෙන ගන්න කැමත්තෙන් සිටියත් පවතින දුෂ්කරතා නිසා මේවනවිට පාසලේ සිටින්නේ ළමයින් 80 කට ආසන්න පිරිසක්. ගමන් පහසුකම් පවා අතිශය දුෂ්කරයි. මේ පාසල් වලට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි වගේ කියලයි අපට පෙනී යන්නේ. මේ පාසලේ දරුවන් ගේ හා ගම්වාසින් කෙරෙහි අනුකම්පා කර මේ පාසලට අවශ්‍ය කරන දේවල් සපයා දෙන්න '' උන්වහන්සේ ඉල්ලා සිටියහ.

Madawachchiya Mahasenpura 8

Madawachchiya Mahasenpura 6

Madawachchiya Mahasenpura 12

 

විදුහල්පතිගෙන් ලිපියක් ...

''පරණ මැදවච්චිය පාසල එදා සහ අද'' යන තේමාව යටතේ විදුහල්පති විසින් යොමුකර ඇති ලිපියක් පුජ්‍ය බලපිටියේ රතනානන්ද හිමියන් විසින් අප වෙත යොමුකර ඇත.

එහි මෙසේ සඳහන් වේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අති දුෂ්කර කලාපයක් වන ත්‍රිකුණාමලය  උතුර කලාපයට ත්‍රී/ත්‍රීඋ/ පරණමැදවච්චිය විද්‍යාලය 1949.05.04 වන දින සුවහසක් දරුවන්ගේ නැන පහන් දල්වන්නට ආරම්භය සනිටුහන් කර ඇත.

දශක ගණනාවක් යුද්ධයේ බිහිසුණු, බියකරු සෙවනැලිත් සමග 1-11 ශ්‍රේණි දක්වා අකුරු කල පාසල 2009 වර්ෂය වන විට 1-5 ශ්‍රේණි දක්වා සිසුන් හා ගුරුවරුන් සීමා විය. ගම්වාසීන් පවුල් පිටින් ගෙවල් දොරවල් හැරයාමත් පිට පළාත් වලින් ගුරුවරුන් සේවය සඳහා නොපැමිණීමත් මෙයට හේතු විය.



දරුවන්ට පාසල් ඒමට පොදු ප්‍රවාහන සේවයක් නොමැත

රට සාමකාමී තත්වයට පත්විමත් සමග ජනතාව නැවත පදිංචියට පැමිණීම සිදු විය. දැඩි ආර්ථික දුෂ්කරතා මැද හේන් ගොවිතැන ජීවිකාව කරගනිමින් ජීවත්වන මේ ගම්වාසීන්ට ජීවන වියදම ඉහල යාම දරුවන් වෙනත් පාසැලක් කරා රැගෙන යාමට දැඩි බාදාවක් විය. 6-11 ශ්‍රේණි පැවැත්වෙන පාසලක් වෙත දරුවන් රැගෙන යාමට පොදු ප්‍රවාහන මාධ්‍යයක් නොමැත.

පෙ.ව. 6.15ට පුල්මුඩේ සිට අනුරාධපුරයට පෞද්ගලික බස් රථයක් පිටත් වන අතර, නැවත එය ප.ව. 3.30ට පමණ පාසල අසලින් පුල්මුඩේ දක්වා ධාවනය වෙයි. 6 ශ්‍රේණියෙන් ඉහළ දරුවන් සඳහා ආසන්නයේ ඇති පාසලට කිලෝමීටර් 07ක් පමණ පෞද්ගලික ප්‍රවාහන ක්‍රමයක් භාවිතා කරමින් යා යුතුය.

මේ දැඩි දුෂ්කරතාවය හේතුවෙන් දෙමාපියන්ගේ දැඩි ඉල්ලීම මත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාගේ හා පළාත් අධ්‍යාපන ලේකම්තුමාගේ කාරුණික හදවත් හේතුවෙන් මේ පාසල තුල 6-11 ශ්‍රේණි නැවත ආරම්භ කිරීමට අවසර හිමිවිය. දින ගණනාවක් ගුරුවරුන් දෙමාපියන් වෙහෙස මහන්සි වී මැටි ගසා දරුවන්ගේ හිසට සෙවනක් සකස් කර ගැනීමට හැකි විය.

2023 වර්ෂයේ 6,7,8, ශ්‍රේණි යළි ආරම්භ කර ගැනීමට හැකි විය. දැනට මේ ශ්‍රේණි වල සිසුන් 23ක් අධ්‍යාපනය හදාරති. ඩෙස් හා පුටු පහසුකම් නොමැති එක ගුරු මේසයක් වටා පුටු තබාගෙන අනාගත වැඩ ලෝකයට මුහුණ දීමට සැරසෙති.

{gallery}MAHASENPURA SCHOOL{/gallery}

මේ දරුවන් සඳහා අධ්‍යාපනය ලබා දීමට ස්වේච්ඡාවෙන් ගුරුවරුන් සිවු දෙනෙකු අපහසුතා මධ්‍යයේ දිනකට කිලෝමීටර් 30ක පමණ දුර ගෙවා ගෙන පැමිණෙයි. මුදලට යටවෙන සමාජයක් තුළ කිසිදු දීමනාවක් නොලැබ දරුවන්ගේ අනාගතය ගොඩ නැගීමට වෙර දරයි. ඔබතුමන්ලාගේ කාරුණික අවධානය යොමු කර මේ ගුරුවරුන් සඳහා මාසික කිසියම් දීමනාවක් ලබා දීමට කටයුතු සලසා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.



උපකරණවල හිඟයක්

දැනට සිසුන් 80ක් පමණ අධ්‍යාපනය ලබන මෙම පාසලට දැඩි ලෙස පහත උපකරණවල හිඟයක් පවතියි.

පරිඝණක
ක්‍රීඩා උපකරණ
ඩෙස් පුටු
පුස්තකාල පහසුකම්
කබඩ්

Smart TV


Madawachchiya Mahasenpura 10Madawachchiya Mahasenpura 9

 

 වැඩිදුරටත් විස්තර සඳහා අමතන්න :
 පුජ්‍ය බලපිටියේ රතනානන්ද හිමි
+94 77 153 4785

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...