The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සමෘද්ධිය හෙවත් අත පය තියාගෙන නිකං කෑමේ දේශපාලනය - (රජිත් කීර්ති තෙන්නකෝන්)

T

The Leader Desk

June 29, 2023 • 9:23 AM

සමෘද්ධිය හෙවත් අත පය තියාගෙන නිකං කෑමේ දේශපාලනය - (රජිත් කීර්ති තෙන්නකෝන්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සැබෑ දිළින්දන්ට සහන මුදල වැඩි කර නුසුදුස්සන් ඉවත් කිරීමට ගනු ලබන සෑම උත්සාහයකට නැවත නැවත විරෝධය පළ විය.
  • ,000 ක දිළිඳු සහන දීමනාව ලබන පිරිස ලක්ෂ 12 කි.
  • ඔවුහු දැන් පස්වනක් ප්‍රීතියට පත්ව ඇත.
  • සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ඉදිරිපිටම උද්ඝෝෂණ සිදු කරන්නේ මේ ලක්ෂ 12 ට අයත් නොවන මේ දක්වා සමෘද්ධි ලැබූ ලක්ෂ 8 කි.
අකුරු ප්‍රමාණය (Font Size):

සැබෑ දිළින්දන්ට සහන මුදල වැඩි කර  නුසුදුස්සන් ඉවත් කිරීමට ගනු ලබන සෑම උත්සාහයකට නැවත නැවත විරෝධය පළ විය. අසාර්ථක විය.  

ජූනි මාසයේ සිට රු. 8,500 සහ රු. 15,000 ක දිළිඳු සහන දීමනාව ලබන පිරිස ලක්ෂ  12 කි.  එය අද ලැබෙන මුදල මෙන් තුන් ගුණයකි. ඔවුහු දැන් පස්වනක් ප්‍රීතියට පත්ව ඇත.

සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ඉදිරිපිටම උද්ඝෝෂණ සිදු කරන්නේ මේ ලක්ෂ 12 ට අයත් නොවන මේ දක්වා සමෘද්ධි ලැබූ ලක්ෂ 8 කි. එයින්, තවත් ලක්ෂ 4 කට රු. 5000 බැගින් 2024 මාර්තු දක්වා ලැබේ. එය ඔවුන් අද ලබන මුදලට වැඩි ගණනකි. ඔවුහු ද උද්ඝෝෂණයට එක්වන්නේ සදාකාලිකව තමන්ට සහන දෙන ලෙස ඉල්ලමිනි.

මේ වසරේ අග දක්වා රු. 2,500 බැගින් ලැබීමට නියමිත පිරිස ලක්ෂ  4 කි.  

අස්වැසුමේ සහන ලැබීම වසර 3 කින් අවසන් වන්නේය. විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වැඩි කළ සහනය සදාකාලිකව ලබා ගැනීමයි.     

මේ සියළු දෙනා සතුටු කරන්නට අවශ්‍ය නම් රජයට අයිස්ක්‍රීම් විකිණිය යුතු නැත. දැන් දෙන සමෘද්ධි දීමනාව වැඩි නොකර, ලක්ෂ 35 කට එම මුදල බෙදා දී, අවශ්‍ය නම් තමන්ගේ ඡන්ද ගොඩ ද වැඩි කර ගත හැකිය. ජනතාට වක්‍ර බදු ගසා උපයා ගන්නා මුදලින් අත පය යහතින් ඇති පිරිසකට දීම ‘දිළිඳු සහන‘ නොවේ. එය අල්ලසකි.

සටහන - සහන ලැබෙන ආබාධිතයින්, රෝගීන් ගේ ලැයිස්තුව තව සතියක් ඇතුලත ප්‍රසිද්ධ කිරීමට නියමිත ය. ආසන්න වශයෙන් තවත් ලක්ෂ 3 ඉක්මවූ පිරිසකට එමගින් සහන ලැබෙනු ඇත.

SriLankaSlumCo


ඉද හිට උද්ඝෝෂණයේ දී දකින්නට ලැබෙන, මෙයට පෙර සමෘද්ධි නොලැබුණු, මෙවර ද සහන ලැබී නැති පිරිසක් ද වෙති. රටේ අන්ත අසරණ, හිසට වහලක් නැති, රෝගී, වයෝවෘද මේ පිරිස සැබෑ ලෙසම සහන ලැබිය යුතු අයයි. මේ පිරිස ලක්ෂ 5 කට ආසන්නය.    

අර්බුදය ඇරඹෙන්නේ හොරට සමෘද්ධි ගත් පිරිස කපා දැමීමත් සමඟය.  

අද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කරන බහුතරය (එනම් සමෘද්ධි ලාභීන්ගෙන් 51%) ක් ම වසර 15 කට වඩා සමෘද්ධි ලැබූ පිරිස ය.  තමන්ට මේ දක්වා මාසික දීමනාව මෙන් තුන් ගුණයක් වෙනත් පිරිසකට ලැබී, තමන්ට නොලැබීමත් එයට හේතුවයි. (සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙන් 35% ක්ම වසර 25කට වැඩි කාලයක සහන ලබා ඇත.)  වසර 25 ක් සහන ලැබීමෙන් පසුවත් ඔවුන්ගේ දිළිඳුකම තුරන් වී නැති නම් පැහැදිලි ලෙසම සමෘද්ධිය වැඩසටහන අසාර්ථකය.  

මේ දක්වා සමෘද්ධි රු. 3000  ක (සාමාන්‍ය අගය) ගෙවන්නට රටේ බදු මුදල් රු. 35,000 ක් වැය වන බවයි. සමෘද්ධිය යනු දීමනාව පමණක් නොවේ.  තවත් ලොකු දේශපාලන පැකේජ් එකකි.

සමෘද්ධිය දේශපාලන වැඩසටහනකි. මාසික වැටුප් ලබන සේවකයන් 30,000 ක් තෝරා ගත්තේ දේශපාලන පදනමකිනි. ඔවුන් දිගටම එක් එක් පක්ෂයට දේශපාලනය කළ, රැස්වීම්වලට සෙනග රැගෙන ආ පිරිස බවට ඇති චෝදනාව බැහැර කළ නොහැකිය. ගමේ සමෘද්ධි ලාභීන් තෝරාගනු ලැබූවේ මේ නිලධාරි පිරිස විසිනි. එහිදි බොහෝ තැන්වල ප්‍රමුඛත්වය ලැබුණේ දේශපාලනයට බව බැහැර කළ නොහැකි සත්‍යයකි. 

9ab8fa7a6c7a3e1b502ee5721926ea31 XL

ජූලි මාසයේ දී ලක්ෂ 20ටක සමෘද්ධි සහන ලැබේ. එයින් ලක්ෂ 4 කට රු. 15,000 ක් ද, ලක්ෂ 8 කට රු. 8,500 බැගින් ද, තවත් ලක්ෂ 4 කට රු. 5,000 බැගින් ද ලැබෙන්නේය. සරළවම, සහනාධාර මුදල දෙතුන් ගුණයකින් වැඩිවී ඇත. ඒ අනුව, සමෘද්ධි ලබන පිරිස අස්වැසුම නිසා ක්ෂණිකව අඩු වන්නේ නැත.

දුප්පත් නැතත් තනි පුජකවරුන්, විහාරස්ථාන, අනාථ නිවාස, වැඩිහිටි සහ දුප්පත් නොවන විශාල පිරිසකට සමෘද්ධි ගෙවීම් ද ප්‍රදානය කෙරිණි. ඔවුන් බහුතරය මේ උද්ඝෝෂණයන් ගේ නියමුවන් ය. සමෘද්ධි ලාභීන් බහුතරය ඕනෑම රැස්වීමකට, උද්ඝෝෂණයකට දක්කා ගෙන යාමේ ඉතිහාසයක්, ව්‍යවහාරයක් ඉතිහාසය පුරාම තිබුණි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලව වැඩේ මේ උද්ඝෝෂණ කප්පිත්තන්ගේ වැඩ කි. ලංකාවේ දැවැන්තම දේශපාලන ව්‍යාපාරය නැතිනම් සමෘද්ධි බලකාය -- රට හොල්ලන උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදු කරමින් සිටී! සමෘද්ධි ලාභීන් දේශපාලන ව්‍යාපාරයන්ට හුලං ගැසීමට අති දක්ෂයන්ය.

සමෘද්ධි ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් කිරීම හේතුවෙන් මේ වන විට විරෝධතා 5,045 ක් සහ අභියාචනා 6383,232 ක් ලැබි ඇත. නියමිත කාලය අවසන් වන විට ලක්ෂ 10 කට වැඩි අභියාචනා ලැබෙනු ඇත!

අස්වැසුමේ මුදල් ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට යැවීම තුලින් මේ දේශපාලන බැදීම කඩා බිද වැටීම සිදුවන්නේ ය. දුප්පත්කම හා දේශපාලන වහල්භාවය අතර දම්වැල කඩා දැමීම යුගයේ අවශ්‍යතාවයකි.  

සහන වැඩි කිරීම

aswasuma 24රජය අස්වැසුම මගින් සමෘද්ධි සහනය දෙතුන් ගුණයකින් වැඩි කර ඇත. රජයට අවශ්‍ය නම්, කිසිදු විරෝධයකට ලක් නොවී රු. 15,000 බැගින් ලක්ෂ  4 කට ලබාදීම වෙනුවට රු. 4500 බැගින් ඒ  ලක්ෂ 13 කට බෙදිය හැකිය.  රු. 8,500 යෝජිත ක්‍රමය වෙනුවට රු. 3,000 බැගින් තුන් ගුණයකට (ලක්ෂ 24 කට) සල්ලි බෙදිය හැකිය. මේ නොමිලේ සල්ලි බෙදන ප්‍රමාණය ලක්ෂ 36 ක් දක්වා යෝජිත පවත්නා අරමුදල් මගින් කළමනාකරණය කළ හැකිය. එවිට විරෝධය  සමනය වේ. (සමහරවිට ඡන්ද ද වැඩි කර ගත හැකි වනු ඇත)  නමුත්, කිසිදා දිළිඳු බව නම් නැති වන්නේ නැත. අන්ත අසරණයින් තවදුරටත් දේශපාලන වහළුන් වනු මිස ඔවුන්ට සහනයක් නොලැබෙන්නේය.

සමෘද්ධි ලබන අති බහුතරයක් අවු. 18 – 60 වයස් සීමාවේ එලදායී රැකියාවක නිතර විය හැකි පුද්ගලයින් වෙති.  

රජය ලක්ෂ 35 කට නිකං සල්ලි බෙදා දේශපාලන වාසියක් ගැනීම වෙනුවට, ඉදිරි මැතිවරණයක තීරණාත්මක සාධකයක් බවට ‘සමෘද්ධි බලකාය‘ පත් කර ගනිමින් නිකං සෙල්ලි බෙදිල්ල නැවැත්වීමට උත්සහ දරයි. දුප්පත්කම නඩත්තු කිරීම වලක්වන්නට උත්සහ දරයි.

sri lanka

අස්වැසුම සැබෑ ප්‍රශ්නය, සහන හිමි විය යුතු නමුත් වත්මන් ලැයිස්තුවට ද ඇතුලත් නොවන විශාල පිරිස සම්බන්ධයෙනි. රට හමුවේ ඇති අභියෝගය මේ විදුලිය නැති, අතු පැලක, වැසිකිලියක් නැති, අධ්‍යාපනයක් ද, රෝග ආබාධ ද සහිත පිරිසට සෙත සැලසීම ය.  තනි තනි පුද්ගලයින් සොයා අසාධාරණයක් සිදුව ඇති නම් ඔවුනට සහන දිය යුතුය. 

එසේ නොවන්නේ නම්, සිදුවන මහා අනර්ථය දැන් වසර 10 ක් නැත්තම් 25 ක් සමෘද්ධිය ලැබූ නුසුදුස්සන් ගෙන් කොටසකටම දිගටම,  අද ලැබෙන ගානට වඩා තුන් ගුණයක් ජූලි මාසයේ සිට ලැබීම ය. මේ සහන ලැබිය යුතුම පිරිසට එය අහිමිවීම ය.

බඩු සල්ලි බෙදන දේශපාලනය අවසන් කළ යුතුය! බඩු බෙදිල්ල, සල්ලි බෙදිල්ල ට දුප්පත්කම නැති කළ නොහැකිය.  එය කාලයෙන් කාලයට දේශපාලනඥයින්ට ඡන්ද ගොඩවල් එක් කිරීමේ ව්‍යාපෘති පමණී.


Rajith(රජිත් කීර්ති තෙන්නකෝන්)
ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු)

rajith_tennakoon@yahoo.com


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...