The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : වයසෙ වැරැද්ද

T

The Leader Desk

July 2, 2023 • 10:07 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : වයසෙ වැරැද්ද

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්වරම ෆයිටර් ජෙට් වර්ගයේ ගුවන් යානයක් පැයට කි.මී.
  • එපා වෙනව ඇති නේද ඔහොම යනකොට...'' එයාර් බස් නියමුවාගෙන් පිළිතුරක් නොලැබුණි.
  • මගීන් 350 ක් පමණ ගමන් ගත් එම දැවැන්ත ගුවන් යානය කිසිදු වෙනසකින් තොරව සුපුරුදු වේගයෙන්ම ඉදිරියට ඇදී ගියේය.
  • මගීන් රුසක් නිරුපද්‍රිතව ගමනාන්තයට ගෙන යාමේ වගකීම තමන් සතු බවද එය දැන සිටියේය .
අකුරු ප්‍රමාණය (Font Size):



එක්වරම ෆයිටර් ජෙට් වර්ගයේ ගුවන් යානයක් පැයට කි.මී. 2000 ක පමණ වේගයෙන් ගමන් කරමින් 'එයාර් බසය' පසුකර යාමට ආසන්න විය.

''ගාටමින්'' ගමන් ගන්නා විශාල මගී යානය දුටු තරුණ ජෙට් නියමුවා මඳක් වේගය අඩු කර එයාර් බස් නියමුවාට රේඩියෝ ඇමතුමක් දුන්නේය.

''හලෝ එයාර් බස්... එපා වෙනව ඇති නේද ඔහොම යනකොට...''

එයාර් බස් නියමුවාගෙන් පිළිතුරක් නොලැබුණි. නැවත කතා කළ ජෙට් නියමුවා මෙසේ කීය.

''ඔන්න බලාගන්න අපේ වැඩ''

ඉන්පසු ජෙට් යානය මුහුදු මට්ටමට පහළ යමින්ද නැවත ඉහළ එමින්ද එයාර් බසය වටා කැරකෙමින්ද දෙපැත්තට පෙරළෙමින්ද ශිල්ප දක්වන්නට විය.

''බොහොම ලස්සනයි...'' විශ්‍රාම යන වයසේ පසුවූ එයාර් බස් නියමුවා තැන්පත් ස්වරයෙන් කීය. ''ඔන්න එහෙනම් අපෙ වැඩත් බලාගන්න...''

ඉන්පසු ජෙට් නියමුවා කුතුහලයෙන් යුතුව එයාර් බසය දෙස බලා සිටින්නට විය.

මගීන් 350 ක් පමණ ගමන් ගත් එම දැවැන්ත ගුවන් යානය කිසිදු වෙනසකින් තොරව සුපුරුදු වේගයෙන්ම ඉදිරියට ඇදී ගියේය.

විනාඩි කිහිපයක් බලා සිටි ජෙට් නියමුවා උපහාසාත්මක ස්වරයෙන් මෙසේ ඇසීය.

''හලෝ එයාර් බස්.. මොකද වෙන්නේ.. කෝ වැඩ..?''

c98be3688c30fe872270bc83fc652203

එවිට එයාර් බස් නියමුවා මඳ සිනාවකින් යුතුව මෙසේ පැවසීය.

''මම සීට් එකෙන් නැගිටලා කකුලෙ හිරි ඇරගත්තා. ඊටපස්සෙ වොෂ් රෑම් එකට ගියා. ඊටත් පස්සෙ ෆ්ලයිට් එක පිටිපස්සට ගිහින් කේක් කෑල්ලක් කාලා කෝපි එකක් බිව්වා. දැන් මේ ආපහු ඉඳගත්ත විතරයි.''

නිරුත්තර වූ ජෙට් නියමුවා එයාර් බසය දෙස බැලුවේය. එය පෙර සේම ගමන් කරමින් තිබුණි.

මෙය මහළු විය පිළිබඳ ආදර්ශමත් පණිවිඩයක් දෙන කතාවකි.

''තරුණ ජෙට් යානය''ට තිබූ ජවය, වේගය, ''මහළු එයාර් බසය''ට තිබුණේ නැත. එහෙත් එය සෙමින් සෙමින් කලබලයක් නැතුව ඉදිරිය ඇදුණේය. මගීන් රුසක් නිරුපද්‍රිතව ගමනාන්තයට ගෙන යාමේ වගකීම තමන් සතු බවද එය දැන සිටියේය.

මහළු විය ද එයාර් බසයක් වැනිය.

එය බොහෝ දුර ගමන් කර ඇත. බොහෝ දෙනකුට පිහිට වී ඇත.

Group of Senior Friends Taking Picture
දැන් ඉතින් ඉතිරි දුර ද කල්පනාවෙන්, සෙමින්, විවේක ගනිමින් ගමන් කළ යුතුය.

''Old is Gold'' යනුවෙන් ඉංග්‍රීසි කියමනක් ඇත. ඉන් අදහස් වන්නේ මහළු විය රන් මෙන් වටිනා බවය. මහළු වියට ''Age of Gold'' යනුවෙන් පවසන්නේද ඒ අරුතිනි.

දේශපාලනඥයන් සම්බන්ධයෙන්ද ''මහළු විය ස්වර්ණමයය'' යන අදහස ගැලපෙයි. ජීවිත කාලයෙන් හරි අඩකටත් වඩා දේශපාලනයේ යෙදෙන ඔවුන් තම ඉලක්ක වෙත ළඟා වෙන්නේ මහළු වියේදීය. අගමැති, ජනපති පදවි දරන බොහෝ දෙනා වයස 60 – 70 පැනපු උදවියය.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට දැන් වයස 80 කි. ඔහු මේ ළඟදි වේදිකාවක් මතදී පය පැකිලී බිම වැටුණේය. ඊට පෙරද ඒ හා සමාන අකරතැබ්බයකට මුහුණ පෑවේය. බයිඩන්ගේ වැටීම ගැන බොහෝ මත පළ වුණත් බොහෝ මාධ්‍යකරුවන් පැවසුවේ ''වැටි වැටී නැගිටීම'' දේශපාලනඥයන්ගේ ස්වභාවය බවය.



'කව්බෝයි' චිත්‍රපටවල රඟපෑ නළුවකු වූ රොනල්ඩ් රේගන් ද ජනාධිපති ධූරයෙන් ඉවත් වන විට වයස 77 කි. එකල එක් කාටූනයක පළ වූයේ කව්බෝයි තොප්පිය දමාගෙන පිස්තෝලයද අතට ගෙන අශ්වයා වෙත ගමන් කරන රේගන්ගේ රෑපයකි.

''අපි ආපහු වැඩ පටන්ගමු.''

රේගන් අශ්වයාට කියයි.

එවිට අශ්වයා මෙසේ පවසයි.

''බොහොම හොඳයි. ඒත් සේරටම කලින් ඔය තොප්පිය හරි පැත්තට දාගන්න.''

මහළු වියේදී අමතක වීම්, අත්වැරදීම් බොහෝ සිදුවෙයි. විශ්‍රාමික රේගන්ටද එය පොදුය. අශ්වයා ඉඟි කළේ එය විය හැකිය. (තවත් දශක දෙකක් ජීවත් වූ රේගන් මියගියේ වයස 93 දීය.)

දේශපාලනයට වයස් සීමාවක් නැත. හැට පැන්නත් වඳුරාට බිමින් ගමන් නැතැයි කියන්නාක් මෙන් ජනතාව ඉඩ දෙන්නේ නම් දේශපාලනඥයා ද අවසන් හුස්ම තෙක්ම ''පුටුවේ'' සිටීමට කැමතිය.

මහින්දගේ අභියෝගය සහ සුහන්දිරන්ගේ මැදිහත්වීම -නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ජේ.ආර්. ජයවර්ධන, සිරි ලංකාවේ සිටි වයස්ගතම ජනාධිපතිය. ''ජේ.ආර්. මරමු'' යැයි සඳහන් පෝස්ටර් රට පුරාම ඇලවුණත් කිසිවකුට ඔහු මරන්නට ලැබුණේ නැත. ''ප්‍රේමදාස මරමු'' යැයි කිසිවකු කිව්වේ නැතත්, ප්‍රභාකරන් ඔහු මහ පාරේ මරා දැමුවේය.

එක් රුස්වීමකදී ජේ.ආර්. ගේ ප්‍රතිවාදී දේශපාලන නායකයෙක් ''ජේ.ආර්. ට ඇඳක මැරෙන්න ඉඩ තියන්නෙ නෑ'' යැයි කීය. ඒ බව සැලවූ ජේ.ආර්. මෙසේ කීය.

''මම මැරෙන හැටි මම දන්නවා. ඒ මහත්තුරුන්ට පරිස්සම් වෙන්ඩ කියන්ඩ.''

එය එසේම සිදුවිය. අර ප්‍රතිවාදී නායකයා වෙඩි කා මිය ගියේය. ජේ.ආර්. වයස 90 දී සැප ඇඳක මිය ගියේය. මේවා දෛවයේ සරදම්ය.

හිටපු ඇමැතිවරයෙක් අසූ හැවිරිදිව සිටියදීත් තම බිරිඳට ''ඩාලින්, ඩියර්, වස්තුව, සුදූ'' යනාදී ආදර වදනින් ඇමතීමට පුරුදුව සිටියේය. එක් දිනක් ඇමැති හමුවීමට ආ මාධ්‍යවේදියෙක් ඔහු තම බිරිඳ අමතන ප්‍රේමණීය වදන් අසා මහත් සතුටට පත්ව මෙසේ කීය.

old sa
''ඔබතුමා බොහොම ආදර්ශමත් ස්වාමි පුරුෂයෙක්. මෙච්චර වයසට ගිහිල්ලත් නෝනට කතා කරන්නෙ බොහොම ආදරෙන්.''

''මොන පිස්සුද අයිසේ, මට දැන් අවුරුද්දක ඉඳන් අපේ නෝනගෙ නම මතක් වෙන්නෙ නෑ.''


Kapila Kumara Kalinga(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...