The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බලි බැලීම, පේරාදෙණිය වැඳීම සහ නැරඹුම් කාමය - (ආචාර්ය ප්‍රදීප් එන් වීරසිංහ)

T

The Leader Desk

July 3, 2023 • 4:56 AM

බලි බැලීම, පේරාදෙණිය වැඳීම සහ නැරඹුම් කාමය - (ආචාර්ය ප්‍රදීප් එන් වීරසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුහුණු පොතේ ‍“ප්‍රදර්ශන කාම” උත්තේජනය විසින් සාම්ප්‍රදායික “වන්දනා කාමයට” සමාන්තරව “නැරඹුම් කාමය” උඩරැටියන් සතු කර ඇති බව පෙනේ.
  • අතීතයේ “බලි” සහ “තොරණ” බලන්නට යාමේ පුරුද්දට මුහුණු පොතේ “ප්‍රදර්ශන කාමය” විසින් ලබා දුන් උත්තේජය නිසා ‍ප්‍රභාකරන්ගේ සොහොනද, ජනපති මන්දිරය ද, නෙළුම් කුළුණ ද, ගෝල්ෆේස් පිටිය ද පේරාදෙණිය සරසවිය ද කාලයෙන් කාලයට නරඹන්නන් බුරුතු පිටින් ඇද ගන්නා බර්මියුඩා බවට පත්ව තිබේ.
  • එහෙත් ලාංකිකයන්ගේ නැරඹුම් අරමුණ වන්නේ නැරඹුම් ස්ථානය පසුබිමේ තබාගෙන සෙල්ෆියක් ගසා හැකි ඉක්මනින් මුහුණු පොතට අප්ලෝඩ් කර ඒ trend එකේ කොටස්කරුවෙකු බවට තමන් ද පත්වූ බව ලෝකෙට පෙන්වීමය.
  • ඉන්පසු ඔවුහු මුහුණු පොතට ඇතුළු වෙමින් සහ පිටවෙමින් like ගණන් කරමින් පැන්ටසි ලෝකෙකට ඇතුලු වෙනු පෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මුහුණු පොතේ ‍“ප්‍රදර්ශන කාම” උත්තේජනය විසින් සාම්ප්‍රදායික “වන්දනා කාමයට” සමාන්තරව “නැරඹුම් කාමය” උඩරැටියන් සතු කර ඇති බව පෙනේ.

ඉඳහිට  පොල් මල් ගසාගත්  බස්රථ සහ පුටු තබා ගත්  අත් ටැක්ටර් දකින්න ලැබුණ ද දැන් නිවාඩු දින වල වැඩිපුරම දකින්න ලැබෙන්නේ දුරකථනයට විරිත්තමින් බලි බලන්නට යන නඩය. මේ නඩ පස්සේ දුවන රූපවාහිනී කැමරාකරුවෝ ද, යූටියුබ්කරුවෝ ද නැරඹුම් භූමි, ගොඩනැගිලි, වීදි නරඹන්නන්ගෙන් පුරවති.

president house

අතීතයේ “බලි” සහ “තොරණ” බලන්නට යාමේ පුරුද්දට මුහුණු පොතේ “ප්‍රදර්ශන කාමය” විසින් ලබා දුන් උත්තේජය නිසා ‍ප්‍රභාකරන්ගේ සොහොනද, ජනපති මන්දිරය ද, නෙළුම් කුළුණ ද, ගෝල්ෆේස් පිටිය ද පේරාදෙණිය සරසවිය ද කාලයෙන් කාලයට නරඹන්නන් බුරුතු පිටින් ඇද ගන්නා බර්මියුඩා බවට පත්ව තිබේ.

යුරෝපීය වැසියන් තම වසරේ කාලසටහනේ සෑහෙන කාලයක් රට තොට ඇවිදින්නට වෙන් කරනු ලබයි. ඒකාකාරී කාර්යබහුල ජීවිතය වෙනුවට “වෙනස”, “සැහැල්ලුව”, “විනෝදය”, “අපූර්වත්වය”, “විඳීම”, “තිගැස්ම”, ආදේශ කර ගැනීම එම ගමන්වල අරමුණු අතර වෙනවා.

අපිත් උඹල වගේම කුණුවෙනවා බං....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)

එහෙත් ලාංකිකයන්ගේ නැරඹුම් අරමුණ වන්නේ නැරඹුම් ස්ථානය පසුබිමේ තබාගෙන සෙල්ෆියක් ගසා හැකි ඉක්මනින් මුහුණු පොතට අප්ලෝඩ් කර ඒ trend එකේ කොටස්කරුවෙකු බවට තමන් ද පත්වූ බව ලෝකෙට පෙන්වීමය. ඉන්පසු ඔවුහු මුහුණු පොතට ඇතුළු වෙමින් සහ පිටවෙමින් like ගණන් කරමින් පැන්ටසි ලෝකෙකට ඇතුලු වෙනු පෙනේ.

357727927 1328470644773878 7365218756577942451 nනැරඹුම් බිමේ සෙල්ෆිය හැරෙන්නට නැරඹුම අතරතුර විඳගත් “අත්දැකීමක්”, “අපූර්වත්වයක්” , “විනෝදයක්” පිළිබඳ මතක කිසිවක් ඒ නැරඹීමෙන් ඉතිරි නොවේ. තමාට හෝ අනෙකාට “අහිමි වූ”, “ මගහැරුනු” දෙයක් තමා හිමිකර ගත් බව ලෝකෙට පෙන්වීම සමකාලීන ලාංකික සැහැල්ලුකාර වැසියන්ගේ ෆැන්ටසිය බවට පත්ව ඇත.

වැසියන් යුධ ස්මාරක නරඹන්නට යන්නෙත්, ගෝල්ෆේස් අරගල භූමියට යන්නෙත්, නෙළුම් කුලුනේ නගින්නෙත්, ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකයට බසින්නේත්, වීදි කඩේකින් රාත්‍රී ආහාරය ගන්නෙත්, තමන්ගේ දරුවා පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කරන්නේත්, පේරාදෙණිය සරසවියට ගොස් ඔංචිලි පදින්නේත්, දන්සල් දමන්නේත් ප්‍රදර්ශනකාමී උමතුවට ය. මුහුණු පොතට සෙල්ෆි දමන්නටය.  



උදාහරණයක් විදිහට පේරාදෙණිය trend ට්‍රෙන්ඩ් එකේ නැරඹුම්කරුවන් උනන්දු වුණේ එහි ඇති පොත්ගුල, කලාගාර, පර්යේෂණාගාර, දේශනාගාර, ජෛව විවිධත්වය, උද්‍යාන අලංකාර අනන්‍යතා සහ ගෘහ නිර්මාණ ශිල්පයේ අනන්‍යතා හෝ ශාස්ත්‍රීය සම්ප්‍රදායන් ගැන නොවේ. එහිදී ඔවුන්ට හමුවූ එකම දේ සෙල්ෆිය. selfie හැඩ වැඩි කරන අලුත්ම මෘදුකාංගයය. පොප්කෝන්යය. ice creamය.

විකල්පය කොතනද? - ආචාර්ය ප්‍රදීප් එන්' වීරසිංහ(ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
කොළඹ විශ්වවිද්‍යාලය.

pnweera@yahoo.com


සබැඳි ලිපි :
අපිත් උඹල වගේම කුණුවෙනවා බං....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...