The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වයිස්රෝයි දුම්රියෙන් උඩරට ගිය රාජ්‍ය තාන්ත්‍රිකයින්

T

The Leader Desk

July 7, 2023 • 5:47 PM

වයිස්රෝයි දුම්රියෙන් උඩරට ගිය රාජ්‍ය තාන්ත්‍රිකයින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ( Viceroy Special ) දුම්රියෙන් මනස්කාන්ත ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්ට 38 වසරකට පසු අවස්ථාවක් උදාවිය.
  • මෙම ඇල්ල ඔඩිසි චාරිකාව සංවිධාන කර තිබුණේ, ශ්‍රී ලංකාවේ නිදහස මෙන්ම, රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන්ට 75 වසරක් සපිරීම සනිටුහන් කරමින්ය.
  • ඇල්ල ඔඩිසී දුම්රිය සංචාරය සඳහා විදෙස් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 27 දෙනෙකු එක්වෙයි සංචාරයට එක්වූ විදෙස් තානාපතිවරු කවුද ?
  • ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල ප්‍රධානීන්ට අමතරව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අක්තපත්‍ර බාර දුන් නවදිල්ලියේ සිට මෙරට රාජකාරියේ නිරත විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් 09 දෙනකු ද සංචාරයට එක්ව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

( Viceroy Special ) දුම්රියෙන් මනස්කාන්ත ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්ට 38 වසරකට පසු අවස්ථාවක් උදාවිය.

මෙම ඇල්ල ඔඩිසි චාරිකාව සංවිධාන කර තිබුණේ, ශ්‍රී ලංකාවේ නිදහස මෙන්ම, රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන්ට 75 වසරක් සපිරීම සනිටුහන් කරමින්ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහයෝගයෙන් සංචාරය සංවිධානය කර තිබුණි.

iulovf

ඇල්ල ඔඩිසී දුම්රිය සංචාරය සඳහා විදෙස් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 27 දෙනෙකු එක්වෙයි


සංචාරයට එක්වූ විදෙස් තානාපතිවරු කවුද ?

ඇල්ල ඔඩිසී දුම්රිය සංචාරය සඳහා විදෙස් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 27 දෙනෙකු එක්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කළේය.

fgrt

කොළඹ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග්, ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ප්‍රංශ තානාපති ජීන්-ෆ්‍රන්සුවා පැක්ටෙට්, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටේපන්ස්, ට්‍රිනිඩැඩ් සහ ටුබැගෝ ජනරජයේ මහ කොමසාරිස් ආචාර්ය රොජර් ගෝපෝල්, ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චයිබි, බෙල්ජියම් තානාපති යර් වැන්ඩර්හසෙල්ට්, පේරු ජනරජයේ තානාපති ජැවියර් මැනුවෙල් පොලිනිච් වෙලාර්ද් ඒ අතර වූ බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල ප්‍රධානීන්ට අමතරව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අක්තපත්‍ර බාර දුන් නවදිල්ලියේ සිට මෙරට රාජකාරියේ නිරත විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් 09 දෙනකු ද සංචාරයට එක්ව තිබේ.

frteee


ජුලි මස 01 වෙනිදා සිට ජුලි මස 03 වෙනිදා දක්වා සිදුකෙරුණු මෙම සංචාරය ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ශ්‍රී ලංකාවේ කල්පවත්නා සබඳතා තවදුරටත් පිළිඹිබු කිරීමක් ලෙස සැලකෙයි.

drtt44සංචාරයට එක්වු කොළඹ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග්

 

xgedd

සංචාරයට එක්වු කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක සමග..



සංචාරය කළේ කොහොද?

චාරිකාවේ නිරත විදෙස් රාජ්‍යතාන්ත්‍රික ප්‍රධානීන්ට ශාන්ත ක්ලෙයාර් ඇල්ල, ජෛව විවිධත්වයෙන් යුත් නකල්ස් කඳුවැටිය සහ ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය පිහිටි පට්ටිපොල, 20 වන සියවසේ විශ්මය ජනක ඉදිකිරීමක් වන ඇල්ල ආරුක්කු නවයේ පාලම සහ දෙමෝදර දුම්රිය ගැටය දැක බලා ගැනීමට ද අවස්ථාව උදාවිය.

e4rrtකොළඹ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් සමග දෙමෝදර ආරුක්කු නමයේ පාලම අසලදී සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටින දූත මණ්ඩල ප්‍රධානීන් පේද්‍රෝ තේ වතුයායෙදී ලෝකප්‍රකට “ සිලෝන් ටී” තේ හී රස බැලීමට ද මෙම විදේශ දුත මණ්ඩල ප්‍රධානීන්ට අවස්ථාව හිමි වුණි.


xdger3පේද්‍රෝ තේ වතුයායෙදී ලෝකප්‍රකට “ සිලෝන් ටී” තේ හී රස බැලීමට ද මෙම විදේශ දුත මණ්ඩල ප්‍රධානීන්ට අවස්ථාව හිමි වුණි.



දූත මණ්ඩල ප්‍රධානීන් නුවරඑළිය ජනාධිපති නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද හමුවී සුහද පිළිසඳරක නිරතවිය.


38 වසරකට පසු විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් උඩරට ට රැගෙන ගිය වයිස්රෝයි දුම්රිය

වයිස්රෝයි ස්පෙෂල් දුම්රිය සිය මුලික ගමන ලෙස මීට වසර 38 කට පෙර එනම් 1985 වර්ෂයේ දී මෙරට සේවයේ නියුතු දුත මණ්ඩල නිලධාරීන් රැගෙන කොළඹ සිට මහනුවර බලා සංචාරයක නියැළුණු බව හිටපු විදේශ සේවා නිලධාරියෙකු වන අරුණ කුලතුංග බීබීසී සිංහල වෙත පැවසීය.

" මේකේ අතීත කතාවකුත් තියනවා. වයිස්රෝයි ස්පෙෂල් දුම්රියෙ මුලික ගමන සිදුකළේ 1985 දී. මේකේ මුලික ගමන ගියේ විදේශ දුත මණ්ඩල රාජ්‍යතාන්ත්‍රිකයින් පිරිසක්. මම එදා ඒ ගමනට මාධ්‍යවේදියෙක් ලෙස එක්වුණා."

"එදා ගමන ගියේ කොළඹ සිට මහනුවර බලා. ඒක දවසක සංචාරයක්." ඔහු පැවසුවේ ය.

dfsr3වයිස්රෝයි ස්පෙෂල් දුම්රිය


අතීත යුගයේ භාවිතා කළ දුම්රිය සංඥා ක්‍රියාවලියක් සහ තවමත් මෙරට දුම්රිය මාර්ගවල ඉතා සූක්ෂම ලෙස පිළිපදින සංඥා ටැබ්ලට් පද්ධතිය නැරඹීමටද ඔවුන්ට අවස්ථාව සැළසුණි.

ghdrr


කදිරගාමර් - මංගල ඇමතිවරුන්ගෙන් පසු අපට අත්හැරුණු වගකීම

ශ්‍රී ලංකාවේ සේවයේ නියුතු විදේශ මණ්ඩල දූත පිරිස් සඳහා මෙවැනි සංචාර ලංකාව තුළ අඛණ්ඩව සිදුනොවුන ද මෙවැනි කටයුතු සිදුකිරිම ඉතා වැදගත් යැයි ඔහු පැවසුවේය.

"ඕකට කියන්නේ පබ්ලික් ඩිප්‍ලෝමසි කියලා. ලක්ෂ්මන් කදිරගාමර් සහ මංගල සමරවීර ලංකාවේ හිටපු විදේශ අමාත්‍යවරුන්ගේ කාල සීමාවේ ඇරෙන්න පබ්ලික් ඩිප්‍ලෝමසි කියන එකට කිසිම කෙනෙක් වැඩ කරලා නැහැ."

"එතකොට ඒකට හේතු දෙකක් තිබෙනවා. එකක් තමයි දේශපාලනික වශයෙන් අපි එච්චර දියුණුවක් වෙලා තිබුනේ නැහැ. විදේශ ඇමතිවරුන්ගේ මේ වගේ පබ්ලික් ඩිප්‍ලෝමසි එකට යන්න. අනිත් එක් තමයි පබ්ලික් ඩිප්‍ලෝමසි කියන එකට යන්න අපේ බියුරෝ එකේ ගොඩක් අය කැමති නෑ. ඇයි ඒ අයට වැඩ වැඩි වෙනවානේ."

"ඔන්න ඔය කාරණා දෙක හින්දා අපි පබ්ලික් ඩිප්‍ලෝමසි කියන එක වර්ධනය කරලා නැහැ ලංකාවේ."

"මේ වගේ එකක් වෙන එක ඇත්තටම පබ්ලික් ඩිප්‍ලෝමසි කියන එකට හොඳ දෙයක් කියලා මම දකිනවා. "

"අපි ඩිප්‍ලෝමැටික් කට්ටිය එක්ක ලියුම් විතරක් යවලා වැඩ කරන්නේ නැතුව, කට්ටිය එකතු කරන් විනෝදයක් ලබන ගමන් කොළඹින් පිට මෙහෙම රටක් තියනවා කියලා ඒ අයට පෙන්වන්න පුළුවන්." ඔහු පැවසුවේ ය.

xgwrදූත මණ්ඩල ප්‍රධානීන් නුවරඑළිය ජනාධිපති නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද හමුවී සුහද පිළිසඳරක නිරත විය



විදේශ රාජතාන්ත්‍රිකයින් සමග ඇති කර ගන්නා සහයෝගය වැදගත්

බහු දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකාව මෙරට රාජතාන්ත්‍රික සේවයේ නියුතු දුත මණ්ඩල නිලධාරීන් සමග හොඳ සම්බන්ධතාවයක් ගොඩ නැගීම ඉතා වැදගත් බවත් මෙවැනි සංචාරයන් ඊට මනාව උපකාරී වන බවත් හිටපු විදේශ සේවා නිලධාරියෙකු වන අරුණ කුලතුංග වැඩිදුරටත් පැවසුවේ ය.

ඔහු පැවසුවේ මෙම චාරිකාව මගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට මෙන්ම රාජතාන්ත්‍රික වශයෙන් ද නව සහයෝගිතාවයක් ඇති වන බවය.

(BBC සිංහල සේවය) 

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වයිස්රෝයි දුම්රියෙන් උඩරට ගිය රාජ්‍ය තාන්ත්‍රිකයින් | The Leader